Wednesday, November 4, 2015

18 සන්නිය

පපඩම් වගේ පිපෙන 
ලදරම් හිතේ පැලවුන 
මනරම් හීන ඇස් පනාපිට 
ටකරම් වගේ මලකඩ කනකොට 
අසමෝදගම් බිව්වට හොඳ නොවන 
කල මෝඩකම් බඩ  දඟලනකොට 
පන්දම් කටින් අරගෙන නටන 
වන්නම් තියෙන තොයිලය පට්ට ආතල්