Monday, February 10, 2020

සිංහ බා

ටීවී එකේ සිංහබාහු නාට්ටියේ සිංහ බා සින්දුව ගියා දැන්. මට ඒක අහනකොට හිතිච්ච දෙයක් තමයි මම සිංහ “බ්‍රා” කියලා බ්‍රා බ්‍රෑන්ඩ් එකක් නිෂ්පාදනය කලොත් , මට ඒකෙ කැම්පේන් එකට මේ සින්දුව ලේසියෙන්ම ගන්න පුළුවන් නේද කියන එක.

ඔන්න දැන් කැම්පේන් එක යන්නේ මෙහෙමයි. සිංහබ්‍රා වෙළඳ සන්නාමයේ mascot නැත්තම් බ්‍රෑන්ඩ් එක නියෝජනය කරන ප්‍රධාන චරිතය තමයි MMA ෆයිටර් කෙනෙක් වගේ ස්ට්‍රොන්ග් ගෑණු ළමයෙක් , මොකෝ මගේ බ්‍රෑන්ඩ් එක ආමන්ත්‍රණය කරන්නේ ස්ට්‍රොන්ග් වුමන්ලට විතරයි. මම ඒ චරිතයට දාන නම තමයි “සුප්පා-වුමන්” ( සිංහයාගේ වයිෆ් වන සුප්පා දේවිට කරන ගෞරවයක් වශයෙන් ).

මම මේකට හදන පලවෙනි ඇඩ් එක යන්නේ මෙහෙමයි.

ඔන්න දැන් සිංහබාහුයි සිංහ-සීවලියි සුප්පා දේවියි ඉන්නවා ලෙන අස්සට වෙලා පාඩුවේ වැඩක් පලක් කරගෙන, සිංහයා ගෙදර නෑ පොර දඩයමේ ගිහිං.

(පිටිපස්සෙන් එක පාරටම සිංහබා ගීතයේ මියුසික් එක වාදනය වෙනවා)

දඩ බඩාන් ගාගෙන ගල් බිඳෙන සද්දයක් ඇහෙනවා එක පාරටම ! ගුහාවේ ඉන්න සිංහ පවුලේ තුන් දෙනාම එක පාරට බලනවා ලෙන් දොර දිහාවට. ඊට පස්සේ ස්ලෝ...ව් මෝෂන් පෙන්නනවා ලෙන් දොරේ ගල් ටික කඩාගෙන , කැඩිච්ච ගලක් උඩ කකුලකුත් තියාගෙන, කුළු ගෙඩියක් ප්‍රෞඩ විදියට උස්සගෙන , කමිසයක් සහ ගල් ශෝර්ටකින් සැරසුණු සුප්පා-වුමන් ලෙන ඇතුලට ඇවිත් ඉන්න හැටි.
සුප්පා-වුමන් කුළු ගෙඩිය හෙන ගැම්මෙන් උඩට උස්සලා

“ගල් ලෙන් බිඳලා....” කියලා ගායනා කරනවා. දැන් මෙතන ඉඳන් සින්දුවෙන් යන්නේ..

ඊට පස්සේ “ලෙන් දොර ඇරලා......” කියාගෙන කුළුගෙඩිය විසික් කරලා , අත් දෙකෙන්ම එයා ඇඳන් ඉන්න කමිසේ දෙපැත්තට ඇදලා ඉරාගෙන..

“සිංහ-බ්‍රා..”

“සිංහ-බ්‍රා..”

“ඕ.......සිංහ-බ්‍රා..........” කියලා බෙරිහන් දිදී එයා කමිසෙට යටින් ආඩම්බරයෙන් ඇඳගෙන ඉන්න සිංහබ්‍රා එක කට්ටියටම පෙන්නනවා !

ඊට පස්සේ ඔන්න වොයිස් ඕවර් එක යනවා.. ඒ අතරේ පෙන්නනවා සිංහ සීවලී ඇන්ඩ් සුප්පාදේවි සුප්පා-වුමන් ලඟට එන හැටි. සුප්පා-වුමන් එයාලටත් කළු පාට ට්‍රැවලින් බෑග් එකක දාගෙන ආපු අලුත්ම සිංහබ්‍රා ඩිසයින්ස් ටිකක් පෙන්නනවා. ඒ දෙන්නත් හෙනට ඉම්ප්රෙස් වෙලා වගේ බ්‍රා ටික බලනව. ඒ අතරේ ඔන්න වොයිස් ඕවර් එක යනවා

“ඔබේ ආත්ම විශ්වාසය තව දුරටත් ලෙනකට හිර කරලා තියාගන්න එපා. නිදහස සිර කල ගල් ලෙන බිඳින්න , අදම අඳින්න

“සිංහ-බ්‍රා......” ( ඒ ටික ගායක කණ්ඩායම singing voice එකෙන් කියන්නේ )

“... එය සිංහබාහුගේ අත් මෙන් ශක්තිමත්ව ඔබේ පියවුරු වලට සහය දෙයි...”

“කොළ පාටින් තියෙනවද??” සිංහ සීවලී සුප්පා-වුමන් ගෙන් අසයි..

“ඕනේ පාටකින් , ඕනේ සයිස් එකකින් තියෙනවා” සුප්පා-වුමන් ලස්සනට හිනා වෙලා කියයි :)

(ගායක කණ්ඩායම singing voice එකෙන් ) “සිංහ බ්‍රා......”

සුප්පා-වුමන් , සිංහ සීවලී සහ සුප්පා දේවි තිදෙනාම කැමරාවට

“ඔබත් අදම අඳින්න!”

THE END!


4 comments:

  1. Rasawath post eka.Mechchara mahansi wela liwwama comment ekak noda kohomada?

    ReplyDelete
    Replies
    1. බොහොම ඉස්තුතියි සරත් මහත්තයා :) මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා

      Delete
  2. උඹ මේක බුකියෙ දැම්ම නම් හොඳට අහගන්න තිබ්බ

    රවින්ද්‍ර

    ReplyDelete
  3. උඹ මේක බුකියෙ දැම්ම නම් හොඳට අහගන්න තිබ්බ

    රවින්ද්‍ර

    ReplyDelete