Wednesday, February 5, 2020

දොරමඩලාව

වර්ෂ 2100 දී දොරමඩලාව වැඩසටහන:

මේ වනවිට තාක්ෂණය සැහෙන්න දියුණු වී මිනිසුන් අමරණීය වී ඇත. හසන්ත මහත්තයා සහ ජේ ආර් පී සූරියප්පෙරුම මහතා මිනිස් අවයව සහ රොබෝ අවයව දෙකම එකතු වී සෑදුනු cyborg ලා විදියට වැඩසටහටන තවමත් සම්බන්ධ වෙති.

හසන්ත : "අද අපේ මාතෘකාව.. අපේ ජනකවි වල සැඟවුණු ඉපැරිණි තාක්ෂණය.. මේ ගැන අදහස් දක්වන්න අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා..අපේ සූරියප්පෙරුම මහත්තයා..."

සූරියප්පෙරුම මහතා : "බලන්න හසන්ත මහත්තයෝ අපේ පුරාණ මුතුන් මිත්තන්ගේ හපන්කම් අපේ ජනකවි වලින් පිළිබිඹු වෙනවා.. එදිනෙදා ජීවිතේදී ආපු ප්‍රශ්න ගැටළු විසඳ ගන්න පාවිච්චි කරපු උපක්‍රම අපිට කියල දෙනවා මේ කවි වලින්..."
"දැන් බලන්න හසන්ත මහත්තයෝ උදාහරණෙකට මේ කවිය.. මේක ඇවිත් මේ අපේ මුතුන් මිත්තෝ කෘෂිකාර්මික කටයුතු වල නියැලෙද්දී කියපු කවියක්.. දැන් ඔය නොයෙක් බව භෝග තියෙනකොට , ඒවාට සත්තු එනවනේ ගෙඩි කන්න ඈ? ඒ වගේ සත්තු ආපුවම , උන්ව එලවන්න පාවිච්චි කරපු අපූරු උපක්‍රමයක් තමයි මේ කවියෙන් කියවෙන්නේ.. ඔන්න බලන්න මහත්තයෝ කවිය මන් කියලා පෙන්නන්නම්..
ඇහැම්....."

"අඹ ගහ මුදුනේ.. ටකේ බඳින්නේ.."

"බලන්න හසන්ත මහන්තයෝ දැන් අඹ ගහ මුදුනේම තමයි ටකේ බඳින්නේ ,මොකෝ මැද්දෙන් බැන්දොත් වැඩක් නෑ... සත්තු බය වෙන්නේ නෑ නේ..දැන් ඔහොම ටකේ බැන්දට විතරක් මදි ,ටකේ සද්ද කරන්නේ කොහොමද ? ඔන්න අහන්නකො මහත්තයෝ ඊළඟ පදේ.."

"ටකේ ලනුව ගෙන.. පකේ බඳින්නේ.."

"ඔන්න දැක්ක නේද හසන්ත මහත්තයෝ අපේ පැරැන්නන්ගේ හපන්කම් ! ටකේ ලනුව වෙන කොහෙවත් නෙමෙයි බඳින්නේ පකේ බඳින්නේ පකේ.. දැන් මහත්තය කල්පනා කරනවා ඇති නේ ඇයි මේ පකේම ඕක බඳින්නේ කියල.. ඔන්න අහන්න මහත්තයෝ ඊළඟ පදේ..."

"ජාමෙන් ජාමෙට.. පක නැගිටින්නේ..."

" දැන් බලන්න හසන්ත මහත්තයෝ ඕක අතේ හරි වෙන කොහේ හරි බැඳගත්තනම් , ඕක හැමදිස්සෙම හොල්ල හොල්ලා ඉන්න එපයි මල කරදරයක් නේ ඕක ! එහෙම නෙමෙයි අපේ පැරැන්නෝ කල්පනා කලේ කිසිම අනවශ්‍ය මහන්සියක් නැතුව , ස්වයන්ක්‍රීයව මේක වැඩ කරවන්න.ඔන්න බලන්න හසන්ත මහත්තයෝ පුරාණ තාක්ෂණයේ බල මහිමය.."

"පක නැගිටින කොට.. ටකේ වදින්නේ !"
"ඕකට තමයි හසන්ත මහත්තයෝ කියන්නේ ල ල ල ල ලා කියල ! "

හසන්ත : "ඕන් බලන්නකෝ ඒකෙත් හැටි ඇහ්!"
[ දොරමඩලාව තේමා ගීතය වාදනය වේ ]



පලි : ගොන් ආතල් එකක් මිස අපහාසයක් නොවේ , සිරා ගැනීමෙන් වලකින්න

No comments:

Post a Comment