Thursday, February 6, 2020

හරස් පාර

පාරේ යනකොට මේ වගේ කාලකන්ණි විදියට යන එවුන් ඔබටත් හමු වෙලා තියෙනවද ?

මම මේ වගේ කාලකන්ණි ගැන කාලෙක ඉඳන් වයිරෙන් හිටියත් අදත් මේ වගේ එකෙක් තව පොඩ්ඩෙන් මම ගිය වීල් එකේ හැපිලා වලකජ්ජ ගහන්න ගියා නිසා මේක දාන්න හිතුනා. දැන් අපි one way ප්‍රධාන පාරක යනවා කියල හිතන්නකෝ , උදාහරණෙකට ගාලු පාරේ වගේ. ඔන්න ඔහොම යනකොට පාරේ එක පැත්තකින් ප්‍රධාන පාරට එකතු වෙන අතුරු පාරක් තියෙනවා. ඔය අතුරු පාරෙන් ප්‍රධාන පාරට එක් පින්වත් පුතණුවෙක් තමන්ගේ වාහනේ දානවා. ( වැඩි දුර පැහැදිලි කරගැනීම උදෙසා මම පහලින් ඇදපු රූප සටහන බලන්න ). දැන් මේ පින්වත් පුතාට යන්න ඕනේ කම තියෙන්නේ හරියටම ඌ ප්‍රධාන පාරට දාපු තැනට පොඩ්..ඩක් ඉස්සරහින් , පාරේ අනිත් පැත්තේ තියෙන තවත් අතුරු පාරකට.. හරි , වැඩේ අමාරුයි , මටත් තේරෙනවා මොකෝ අපිටත් ඉතින් පාරේ යනකොට ඔය වගේ දැමිලි දාන්න වෙලා තියෙනවා නේ.. ඒත් , සමහර පින්වත් පුතාලා ඉන්නවා , උන් කරන්නේ මොකද්ද දන්නවද ? වැදගත් මොලේ තියෙන මිනිහෙක් වගේ පොඩ්ඩක් සිග්නල් එක දාගෙන ඉඳලා පාරේ යන අනිත් එවුන් ගෙන් ශේප් එකේ ඉඩ අරගෙන අර පාරට දාන්නේ නැතුව, හෙන ගහන්න වගේ එක පාරටම පාර හරහා දානවා හරියට නිකන් චෙස් බෝර්ඩ් එකේ බිෂොප් යනවා වගේ ! නැත්තම් කකුළුවෙක් හැමිනෙන්න යනවා වගේ ! ප්‍රධාන පාරේ අහිංසක විදියට යන උන් ඔක්කොම පුක විකාගෙන බ්‍රේක් ගහගෙන , ගිණි විජ්ජුම්බරයක් කරගන්න ඕනේ අරූ හෙනහුරා වගේ පාර හරහා යනකන් ! මම අහන්නේ හරිද යකෝ මේ වැඩේ ? අදත් තව පොඩ්ඩෙන් මම ආපු වීල් එකේ ඔය වගේ හරස් පකයෙක් හැප්පෙනවා..


ඔවා දෙනු පර හට - තමා සම්මතයේ පිහිටා සිට කියලා කිව්වට මට නම් කියන්න තියෙන්නේ "ඔවා දාන්න එපා පාර හරහට - දැම්මොත් දෙනවා පුකට" කියලා තමයි !


No comments:

Post a Comment