Tuesday, July 2, 2019

සරම

මේ දවස් ටිකේ මගේ කතා මෝල් එක ෆෝර්ම් වෙලා තියෙන එකේ අපේ කොල්ලෝ සෙට් එක ගැන තව කතාවක් කියන්න හිතුනා. මේක අපේ කැම්පස් සෙට් එකත් එක්ක වෙච්ච සිද්ධියක්.


මීට අවුරුදු පහකට විතර කලින් අපේ කැම්පස් එකේ “අයිස්ලන්ඩ්” සෙට් එක ට්‍රිප් එකක් යන්න තීරණේ කළා. “අයිස්ලන්ඩ්” කියන්නේ අපේ කොල්ලෝ සෙට් එකට අපි දාගත්ත නම. කැම්පස් යන කාලේ වැරදිලාවත් ලෙක්චර් එකක් පැත්ත පළාතේ නොගිහින් අයිස් ගගහා හිටපු නිසා තමයි මේ නම අපි අපිටම දාගත්තේ. සුළු පටු සෙට් එකක් නෙමෙයි මේ සෙට් එකේ හිටියා කොල්ලෝ 20ක් 30ක් විතර. ඉතින් අපි ට්‍රිප් ගියේ පොඩි බස් වල, වෑන් එකක් මදි.


ඔන්න ඉතින් මේ පාර ට්‍රිප් එක යන්න තීරණය කලේ වෙනකොහෙටවත් නෙමෙයි නුවරඑලියට. අපි ගිහින් නැවතුණේ බැංකුවේ හොලිඩේ බංගලාවක. අපේ සෙට් එකේ චුයියා ගේ තාත්තා බැංකුවේ වැඩ කරපු නිසා අපිට ඒක ලාබෙට හම්බුනා. අපරාදේ කියන්න බෑ ගෙවපු ගානේ හැටියට සුපිරි පොට් එක. පාට පාට ලයිට් දාලා , පොඩි බාර් එකක් එහෙම ලස්සනට හදලා , බොන්න කියාපු තැන!


අපිත් ඉතින් පලවෙනි දවසේ රාත්‍රී බීමට පෙර බයිට් එකට ගන්නත් එක්ක පොඩි බාබකියු පාරක් දාන්න තීරණේ කළා. අපි කව්රුත් ඊට කලින් බාබකූ දාලා තිබ්බේ නෑ. හැබැයි අපි හිතුවේ වැඩේ වැඩි අමාරුවක් වෙන එකක් නෑ කියලා.. මොන ! අඟුරු ටික අවුලොගන්නම හැට පැයක් ගියා ! මම කිව්වනේ අපි කවුරුත් මීට කලින් බාබකූ දාලා තිබ්බේ නෑ කියල, හැබැයි බාබකු සාත්තරේ තැපෑලෙන් ඉගෙන ගත්ත කවුරු හරි අපේ සෙට් එකේ එකෙක් කිව්වා මුලින්ම පොල් කටු අඟුරු හදලා ඒකෙන් තමයි චාකොල් එක අවුලෝගන්න ඕනේ කියලා. අපිත් ඉතින් නුවරඑළියේ හීතල එළිමහනේ, පොල් කටු අඟුරු උදුන උඩ අතුරලා , ඊට උඩින් චාකොල් දාලා හුලන් ගැහුවා පුක ඉරාන.. ගහනවා ගහනවා පැය දෙකක් විතර හුලන් ගහනවා... අපේ හුලන් ගැහිල්ලට ඇවිලෙන ගිණි දළු තත්පරයක් දෙකක් අපිට පෙන්න ඇවිලිලා අපි “හුරේ” ගාලා උඩ පැනලා පහ දාලා සතුට සමරනකොටම නිවිලා යනවා! අපි ඉතින් එකිනෙකා බදාගෙන අඩලා ආයෙත් මාරුවෙන් මාරුවට හුලන් ගහන්න ගන්නවා.. දහය වසරේ ඉස්කෝලේ ස්පෝට් මීට් කාලෙට පිට්ටනියට වෙලා කෙල්ලන්ගේ ගවුම් හුළඟට උඩ යනකන් බලන් හිටියට පස්සේ එදා තමයි මම හුළඟක් එනකන් මෙච්චර බලාපොරොත්තුවෙන් හිටපු එකම දවස!


කොහොමෙන් කොහොමහරි අපි හුලන් ගහලා ගහලා ගින්න අවුලොගත්තා කියමුකෝ.. මම හිතන්නේ මුලින්ම ගින්දර හොයාගත්ත ආදී මානවයටවත් එන්නේ නැතුව ඇති එච්චර සතුටක් ගින්න ඇවිලෙන්න පටන් ගත්තම.. අපිත් ඉතින් ශේප් එකේ මස් කෑලි එකෙන් එක පුච්චන්න ගත්තා..


“ඒ තව චාකොල් ටිකක් දාහන්..”


එකෙක් චාකොල් ගෝනියට අත දාලා අඟුරු කැට අහුරක් ගත්තා..


“ඒ.. මේ මොකද්ද බං මේ කපුරු කැටයක් වගේ එකක් තියෙන්නේ මේකේ??”


ඌ අඟුරු අහුරත් එක්ක අහුවෙලා අතට ආපු මොකද්ද මන්දා කැටයක් වගේ එකක් පෙන්නුවා...


“කෝ මෙහෙ දීයන් බලන්න..” අපි උගේ අතින් කැටේ අරගෙන ඒකෙ ගහලා තිබ්බ ලේබලේ කියෙව්වා..


ඒක කියෙව්වට පස්සේ තමයි යාලුවේ අපිටත් ගින්නට පැනලා මැරෙන්න හිතුනේ !


ඒකෙ සිංහලෙන්ම ගහලා තිබ්බා ලොකුවට “Fire Starter” කියලා !!!!


අපි ඔලුවේ ඉසකේ ඇදගෙන ගලෝගෙන ඒවා කන ගමන් හොටු පෙර පෙර ඇඩුවා දුකටත් එක්ක...


***********************************************


කොහොමහරි ඉතින් දාහක් දුක් විඳලා හරි අපි මස් ටික පුච්චගත්තා. හැබැයි අපේ කොල්ලන්ට වැඩිය මස් කන්න හම්බවුනේ නෑ මොකෝ බාබකු සෙක්ෂන් එකේ වැඩට දාලා හිටියේ මම ඇතුළු කැරි බඩජාරියෝ සෙට් එකක් ! අපි ඉතින් කාපු කට්ටටත් හිලව් වෙන්න කියලා බාන බාන මස් කෑලි වලින් සීයට හැත්තෑවක් විතර හොරෙන් කෑවා 😜


මස් ටික පුච්චගෙන ඉවර වෙලා අපි රාත්‍රී ප්‍රිය සලාදය පටන් ගත්තා.. මම කිව්වේ අපි හිටපු තැන ලස්සන පොඩි බාර් එකක් තිබ්බා කියලා.. ඒක නිසා එතන බොන එක අමුතුම ආතල් අත්දැකීමක් වුණා ( මම එතන ගහපු ගති පොටෝ එකක් පහල තියෙනවා 😎 )




එදා හැබැයි මම වැඩිය රෑ වෙනකන් බිව්වේ නෑ.. කලින් නිදාගන්න ගියා.. ඇඟේ මහන්සියට හලෝ වෙන මොකටවත් නෙමෙයි ahahahaha 😜. ඇත්තටම කිව්වොත් මම කලින්ම සළු වුණා..මම කොහොමත් වැඩිය බොන්න පුළුවන් එකෙක් නෙමෙයි.. අපේ කොල්ලෝ ටික මාව ඇඳකට දාලා මගේ එහා පැත්තේ ඇඳට සෙට් වුනේ අබ්දුල් මලික් ශාලී හෙවත් ශෑලියා.. ඌ හාල්ෆ් මැලේ මාත් හාල්ෆ් මැලේ ඒක හින්ද ද මන්දා අපි දෙන්නා බොක්ක..


ශෑලියා කියන්නේ එච්චර ලොකු ඇඟ පතක් තිබ්බ කොල්ලෙක් නෙමෙයි.. ඌ පොඩි මිනිහා.. මම ඉතින් ඒ කාලෙත් දැන් වගේ තමයි.. අලියෙක් වගේ සයිස් කිලෝ සීයට කිට්ටු වෙන්න බර ! මගෙයි උගෙයි සයිස් දෙක ගැන රෆ් එස්ටිමෙට් එකක් දෙන්න උපමාවක් කිව්වොත් , මම කිඹුලා ටී ෂර්ට් එකක් ඇඳපු මිනිහෙක් නම් ඌ තමයි මගේ අතේ ගහල ඉන්න කිඹුලා !


මම එක පාරට රෑ දෙගොඩහ ජාමේ ඇහැරිලා කබරයා දාන්න..( මට මීටර් නෑ මම මේ ශෑලියා කියපුවා කියන්නේ ). මම ඉතින් එහෙම්ම වෙරි මාර ගාතේ උගේ ඇඟ උඩින් රෝල් වෙලා ගිහිල්ලා හරියට නිකන් පාර තලන ගල් රෝලක් ගියා වගේ ! ශෑලියා නිකන් ලේලන්ඩ් බස් එකට අහුවෙච්ච කොස් ඇටේ වගේ “හුක්” ගාලා තැලිලා ඇහැරිලා ! ඌ ඒ තැලිච්ච තැලිල්ලට බය වෙච්ච පාරට අපේ ඇඳෙන් වහාම අස් වෙලා ගිහින් බිම නිදාගෙන.. ඔන්න ඔහොමයි අපි සිංහල මුස්ලිම් සහජීවනේ ඇති කලේ ! 😁





හරි දැන් මේ පෝස්ට් එකේ ටයිටල් එක දැම්මේ “සරම” කියලනේ.. දැන් ඔයාලා බලනවා ඇති කෝ මේ කතාවේ සරමක් නෑ නේ කියලා.. සරමේ සිද්දිය කියලා පෝස්ට් එක නිමා කරන්නම්..

ඔන්න ඉතින් එදා රෑ මම කලින් ක්‍රීඩාගාරයට ගිහින් ශෑලියාගේ පිච් එක තැලුවට අපේ අනිත් උන් රෑ වෙනකන් බිබී තමයි ඉඳල තියෙන්නේ.. අපේ සෙට් එකේ ඉන්න ප්‍රධානම චරිතයක් තමයි අපි කාගේත් සුරතලා සහ හිතවතා වන ඩොටා.. ඌ ගැන මෙහෙම කියලා හරියන්නේ නෑ හිටහන් අලුත් ඡේදෙකින් පටන් ගන්න.


අපේ සෙට් එකේ ඉන්න ප්‍රධානම චරිතයක් තමයි අපි කාගේත් සුරතලා සහ හිතවතා වන ඩොටා.. අපි කව්රුත් උට ආදරේට කිව්වේ “ගෝරිල්ලා” කියලා.. එච්චරට හුරුබුහුටි කොලු පොඩ්ඩ වැඩිය නෑ අඩි හයාමාරක් විතර උසයි ටොන් දෙකක් විතර බර ඇති ! කින්ග් කොන්ග් ගේ ඉස්පිරිතාලේදී නැති වෙච්ච නිවුන් සහෝදරයා වගේ.


ඩොටා ගැන කතා කියනවනම් පොතක් ලියත හැකි , එච්චරට ආතල් බුවා. කොහොමහරි මේ කියන දවසේ අපේ නොසන්ඩාල කොල්ලෝ රැල මේ අහිංසක ඩොටා ට කෝචෝක් එකට මුගේ සරම ගලෝලා හංගලා ! මට කියන්න අමතක වුණා නේ , ඩොටත් ඇවිත් කුඩු වෙන්න ගහන එකෙක් තමයි.. ඒ නැතත් ඉතින් අපිට කොහොමත් ලජ්ජා බයක් නෑ නේ.. ඉතින් සරම ගැලෙව්වා කියලා ලොකු අව්ලක් නෑ කාටවත්..


කොහොමහරි ඔන්න ඉතින් දැන් නිදාගන්න වෙලාවත් ලංවෙලා.. කොල්ලෝ ටික ඩොටාගේ හංගපු සරම ආයෙත් ගෙනල්ල දුන්නලු “ආ ඇඳගනින්” කියලා.. එතකොට තමයි ඔන්න පට්ටම සීන් එක වෙලා තියෙන්නේ..


මම කලින් කිව්වනේ අපි බීපු තැන පාට පාට ලයිට් දාලා තිබ්බේ කියලා.. නිල් පාට වගේ ලයිට් එකකින් කාමරේ කොටසක් වැහිලා තිබ්බේ.. මම මේ කියන සෙටින්ග් එක ගැන හොඳ අදහසක් ගන්න මේ පහලින් ඇති පොටෝ එක බලනු මැනවි..




ඉතින් ඔය වගේ එළියක් තමයි අපි බීපු කාමරේ කොටසක තිබ්බේ.. ඔය කියන නිල් පාට කොටසට ඇවිත් කොල්ලෙක් ඩොටා ට සරම දුන්න ලු.. .


ඩොටා බීලා පුකනාස් වෙන්න..


කොල්ලා : “ඒ ඩොටා මේ සරම ගනින්..”


ඩොටා : “ඔය මගේ සරම නෙමෙයි”


කොල්ලා : “මේ තොගේ සරම තමයි යකෝ මේක ගනින්, තොගේ බිජ්ජ දැකලම එපා වෙලා අපිට දැන්..”


ඩොටා : “ඔය මගේ සරම නෙමෙයි යකු...”


කොල්ලා : (මල පැන) “මේ තොගේ සරම තමයි හු*තෝ ගනින් මේක !”


ඩොටා : (also මල පැන) “ඔය මගේ සරම නෙමෙයි!!!!!!!!!”


මූ දැන් මේ සරම උගේ නෙමෙයිම කියනවලු කොච්චර කිව්වත්...


කොල්ලා : ( වික්ෂිප්ත වී ) “ඇයි මේක උඹේ නෙමෙයි කියන්නේ???”


එතකොට තමයි ඩොටා දවසේ කතාව කිව්වේ..


“මගේ සරම දුඹුරු පාටයි.. මේක නිල් පාටයි.. මේක මගේ සරම නෙමෙයි!!!!”


ඩොටා ඇඳන් ආපු සරම දුඹුරු පාට එකක්.. දැන් උගේ සරම ගලවන වෙලාවේ උට වැදිලා තිබ්බේ නෑ නේ.. ඉතින් උගේ ඔලුවේ තියෙන්නේ සරම දුඹුරු පාටයි කියලා.. හැබැයි දැන් මුට සරම පෙන්නේ නිල් පාටට අර ලයිට් එක නිසා.. ඒක නිසා මූ පිළිගන්නේ නෑ මේ උගේ සරමමයි කියලා !!


කොහොමහරි ඕකට අපි පහුවදා හිනා වෙච්ච තරමට නුවරඑලිය ටවුම අඩි පහක් විතර පොළොවට ගිලා බැස්සා කියල තමයි පත්තරේ තිබ්බේ!

No comments:

Post a Comment