Showing posts with label Life of Gaba. Show all posts
Showing posts with label Life of Gaba. Show all posts

Sunday, June 5, 2022

Mutton Rolls

Me and my wife went for a movie yesterday. We decided to take a walk to the cinema because we don't own a car. There were some buses at that time but the weather was good and we love long walks so we decided to use the good old "two stroke engine" ( means walking on two feet ). There is a Sri Lankan restaurant on the way to the cinema that makes a mean mutton roll.We've had it through delivery but never visited the place, so we decided to drop in and get some mutton rolls to eat on our way. Being an expereinced cowboy I always keep a lighter and a bottle of water in my pockets, and given that the movie we were going to watch was "Dr Strange", I knew I had to summon some sorcery to survive that 2 hours and 6 minutes including the post credit scene. I think it was divine intervention that they had a herb store next to the mutton rolls place so while my wife went in to order mutton rolls, I got mine fried in the parking lot. It was taking a while for my wife to come out and I was getting lost in the void, so I decided to walk in to the Sri Lankan restaraunt to check on my wife ( and the mutton rolls ). Immediately when I opened the door and walked in it felt like I walked into a Thosei Kadei in Wellawatta.The whole place was smelling of spices, rubber mats on the white tiled floor, all the works. The place was run by a Jaffna Tamil elderly couple and they were chatting with wifie when I walked in. "This is my husband" she said and the first thing the akka ( lady ) of the kadei asked me was "aah smoking ah??". I don't know whether she was reffering to the wet grass smell coming from me or the smoke that was filling up the place with all the frying. They also make a mean Brinjal curry so I conveyed my compliments to the chef, turns out that all the dishes are made by akka herself. Then naturally, I went on to have a chat with the gentleman of the couple. Through the haze, I was wondering what should I call him? Aiya, Sir, Mudalali, or be adventurous and go for "Anna". But I am a very dry mofo these days so I decided to drop all the emotional shit and just call him "brother". Now again, I was initially thinking of writing this as an emotional post full of references to the War, Sinhala - Tamil relationship in Sri Lanka and all those other good stuff. But like I said before, these days I am emotionally dry as the mutton roll in Rolex hotel Wellawatta ( Rolex is a great joint but they have horrible mutton rolls ). Also, it was the classic Sinhala- Tamil homie situation where he doesn't speak Sinhala, I don't speak Tamil, and we both speak horrible English. On top of that I was baked like a croissant so communication wasn't exactly clear. But what I did understand from him, was two things. 1 - he wants the Rajapakshas to go home #goHomeGota. 2 - He was very happy about the Sri Lankan young generation who he said "young guys on the field know about everything, more than our generation". It made me very happy to hear an elderly homie like him speaking very highly of the youngsters. We were motoring along in our hatharabeeri conversation and he very kindly said "I can make coffee if you have time". But sadly, we had to go watch Dr Strange. I told him we have to catch the movie so he said "aah movie aah, go to movie with THIS!" and gave me two packets of chips on the house. He also had given my wife a bottle of water earlier after hearing that we walked all the way. We said our good byes, grabbed the freshly fried mutton rolls wrapped in a paper bag, opened the door, and went from spice smelling small room to the North American outdoors with a mild spring-summer breeze flowing across. And The mutton rolls, bro they were delicious.



Friday, June 5, 2020

සිල්වා අංකල්

කැම්පස් එකේ ඉද්දී සිගරට් එකක් ගන්න තිබ්බ ලඟම තැන තමයි රහීමා එක. ඒත් එතනටත් සෑහෙන දුරක් පයින් යන්න ඕනේ නිසා ගොඩක් අය පුරුදු වෙලා හිටියේ සිල්වා අංකල් ගෙන් සිගරට් ගන්න. රහීමා එකට වඩා රැපියල් දෙකයි වැඩි. ඇත්තටම අපේ සෙට් එකට නම් අංකල්ව සෙට් වුණේ දුම්පානය නිසා තමයි. සමහර දවස් වලට අංකල් රෑට දෙකක් දාගෙන ඇවිත් හෙන ආතල් දෙනවා, අංකල් කැන්ටිමේ කෑම බෙදන තැන හිටියොත් අපිට ඔය පොඩි පොඩි ෂාේටීස් කෑලි, වැඩිපුර ප්ලෙන්ටියක් එහෙම දෙනවා. බිව්ව වෙලාවටයි ෆෝම් වෙච්ච වෙලාවටයි ඇරෙන්න අංකල් හෙන නිශ්ශබ්ද චරිතයක් මට මතක විදියට. සුභ ගමන් අංකල්, අපායෙදි හම්බවුනොත් සිගරට් එකක් ගහමු..

ඡායාරූපය මගේ නොවේ

යතුර

ඔන්න අපි කට්ටිය වෙඩිමකට සෙට් වෙලා, ඒ අස්සේ කාර් පාර්ක් එකේ වාහනේ නවත්තපු පුරු පුරුවා උගේ යතුර ඇතුලට දාලා වාහනේ ලොක් කරගෙන. වෙඩිම ඇතුලේ හිටපු අපිට කෝල් කරලා දැන් මූ අහනවා යතුර එලියට ගන්න විදියක් ගැන.


අපි : "අඩෝ මාර සීන් එක නේ , දැන් කොහොමද යතුර එලියට ගන්නේ ?"


එතකොට අපේ ඇඹලයා අහපි දවසේ පැනය


ඇඹලයා : "ඒ බන් දැන් එතකොට.. පුරු පුරුවා ඉන්නේ වාහනේ එළියේද ඇතුළෙද??"


අපි: @$^#^@#@(&#(@*&#@)(#

Tuesday, February 25, 2020

හුස්ම

මම සාමාන්‍යයෙන් හෙන සද්දෙට හුස්ම ගන්නවා. විශේෂයෙන්ම ෆර්ස්ට් එකේ සෙකන්ඩ් එකේ දාලා කන්දක් වගේ අදිනකොට. මගේ හුස්ම එතරම් බර මගේ පපුවේ නුඹ ඉන්නා නිසාවත් මොන හුත්තක් වත් හින්දා නෙමෙයි , මම හිතන්නේ ඒ මම උපන්දා සිට බතලයෙක් වෙච්ච නිසා සහ ජෙනරලි Unhealthy පොරක් වීම නිසා වෙන්න ඕනේ. කොහොමහරි මගේ මේ ගැබුරු හුස්ම අද ඊයක ආපු එකක් නෙමෙයි මම මතක ඇති කාලෙක ඉඳන් එහෙම තමයි. කොටින්ම මම වැඩපලේ පඩි නගිද්දී මම එන්න කලින් කොල්ලෝ දැනගන්නවා මං එනවා කියලා. අර රෙස්ලින් මැච් වල මිනිහා එන්න කලින් සින්දුව දානවා වගේ මං එන්න කලින් කම්මලේ මයිනහම අදිනවා වගේ ඇහෙනවා මම හුස්ම ගන්න සද්දේ! සිරාවට හුත්තෝ මම නිකන් ඇදුම හැදිච්ච darth vader වගේ වෙලාවකට 😩

මිනිස්සු ජීවත් වෙලා ඉන්නේ හුස්ම ගැනිල්ල නිසා වුණත් මගේ මේ ගොරෝද්දේ හුස්ම ගැනිල්ල නිසා අද මම තව පොඩ්ඩෙන් මැරුම් කනවා.

අපේ ගෙවල් ළඟ තියෙනවා පොඩි ෂෝර්ට් කට් පාරක්. ඒක ගෙවල් සෙට් එකක් මැද්දෙන් වැටිච්ච හෙනම පටු පාරක්. වටේටම තාප්ප වලින් වට වෙලා නිකන් වංක ගිරියක පාරක් වගේ හෙන පාලුයි මූසලයි. ඔන්න ඉතින් ඔය පාරේ අද මම එනවා , හවස් වෙලා, එක අතක මහරගමින් ගත්ත ඉස්සෝ වඩේ පාර්සලෙකුත් එල්ලගෙන. කෙල්ලෙකුත් යනවා මට පොඩ්ඩක් ඉස්සරහින්, කුඩේකුත් ඉහලගෙන. පාරේ පොඩි කන්දක් වගේ නැග්මකුත් තියෙන නිසා මමත් ඔන්න දුම දාගෙන “හෝස් හෝස්” ගාගෙන කන්ද නගිනවා වාෂ්ප ඇන්ජිමක් වගේ! ඔන්න ටික ටික දැන් මම අර කෙල්ලට ලං වෙනවා.. මම මහගිරි දඹේ නගින පුල්ලි ගොනා වගේ සෙම දාගෙන කන්ද අදිනකොට අප්පට සිරි , මේකි එක පාරටම දඩස් ගාලා හැරිලා බැලුවේ නැතැයි පිටිපස්ස !

මම කොහොමත් සෑහෙන්න වේගෙන් තමයි ඇවිදින්නේ සාමාන්‍යයෙන්. ඉතින් හිතහන්කෝ , මම කුළු මීමා වගේ කෙළගෙන , හුම්මානේ වතුර ගහන්න වගේ “හූස් හූස්” ගාලා ගොරෝද්දේ ඇද ඇද , මී හරකා චිත්‍ර පටියේ ලින්ටන් සේමගේ වගේ අරකිගේ දිහාවට සීග්‍රයෙන් සේන්දු වෙනකොට ඒ අසරණීට කොහොම දැනෙන්න ඇත්ද?? ගොඩ්සිලා පස්සෙන් එලෝනවා වගේ තමයි ආයේ ඉතිං !

මේකි ඒකට බය වෙච්ච පාරට කුඩේ එහෙම්ම විසික් කරලා... “බචාවෝ බචාවෝ...” කියාගෙන කෑගහලා දුවලා , මමත් එක පාරට කොන්ෆියුස් වෙලා පස්සේ සීන් එක මීටර් වෙලා මේකිගේ පස්සෙන් ඒත් හති හල හලම දුවන ගමන් “අනේ නම්කි නවතින්න.. මම අපචාරකාරයෙක් නෙමෙයි.. මට ස්වාසනාබාදයක් තියෙනවා ඕයි...” කියාගෙන දුවලා හෙන ගිණි විජ්ජුම්බරයක් වෙන්න කලින් මගේ වෙලාවටම ඒ වෙලාවේ පාරේ එහා පැත්තෙන් මතු වුනා මගේ හිත මිතුරු දනුෂ්ක අයියා 😌

අයියා මාත් එක්ක කතා කරන්න සෙට් වෙච්ච නිසා අර අනතුර එහෙම්ම පහව ගියා.. කෙල්ලටත් මීටර් වුනා මම මේ අසරණ ගම් වැසියෙක් කියලා..

වෙලාවට අයියා ආවේ.. නැත්තම් මට අර කෙල්ලගෙන් කුඩ පාරක් කාලා ඒකිගේ තාත්තගෙන් මන්න පාරකුත් කාලා තමයි මහරගමින් ගෙනාපු ඉස්සෝ වඩේ ටික කන්න වෙන්නේ !

cardio කරන්න ඕනේ හුත්තෝ..



Monday, February 24, 2020

කෝපාග්නිය 1 : පෙට්‍රල්

අද උදේ පාන්දර පාරට බැස්ස වෙලාවේ ඉඳලම දිගටම සෙට් වුණේ වලිම නිසා මගේ වලි ඉතිහාසය ගැන අද ලියන්න හිතුනා. මගේ වලි ඉතිහාසේ හැබැයි එහෙම ලොකුවට ලියන්න දෙයක් නෑ මොකෝ මම සාමාන්‍යයෙන් වැඩිය වලි දාගන්න යන්නේ නැති නිසා. කොටින්ම මම ඉස්කෝලේ යන කාලෙත් කිසිම වලියකට මූල බීජය වෙලා නෑ ( වෙන එවුන්ගේ රෙද්දවල් වලට ගිහිං නම් අම්බානට ගුටි කාලා තියෙනවා , ඒවා ඉස්සරහට කියන්නම් ). හැබැයි මගේ ප්‍රධානම චරිත ලක්ෂණයක් තමයි මගේ අධික කෝපය. කොන්ට්‍රෝල් කර ගත නොහැකි කෝපය. සහ මම කට වහගෙන ඉන්නේ නැති එක. ඉතින් ඔය හේතු නිසා මම යන යන තැන් වල පොඩි පොඩි වලි පුලිඟු ඇති කරගන්නවා වැඩියි. හැබැයි ගොඩක් සනික කෝපය තියෙන එවුන්ට වගේ මටත් ඒ කෝපය ලොකු වෙලාවක් අල්ලලා හිටින්නේ නෑ. ගොඩක් වෙලාවට විනාඩි පහක් වගේ ඇතුලත මගේ මල සමනය වෙනවා. මම හිතන්නේ මං දාගන්න කේස් කවදාවත් දුර දිග යන්නේ නැත්තෙත් ඒකයි. ගොඩක් වෙලාවට මගේ මල සමනය වුනාම මම ගහපු බැනපු එවුන්ගෙනුත් මම ම පස්සෙන් ගිහිං සමාව ඉල්ලලා තමයි වැඩේ අහවර වෙන්නේ. ඒක නිසා වයිර බැඳගන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි පුතෝ මට මල පැන්නම නම් ඒ වෙලාවට මගේ මොලේ කෙලින්ම ඕෆ් වෙනවා ! තනිකර සතෙක් වගේ තමයි ඒ වෙලාවට හැසිරෙන්නේ. 

මමත් ඉතින් රහත් වෙලා නෑ නේ. කැරීම ego එකක් සහ මහන්තත්තයක් තියෙනවා මට.ඉතින් මගේ මල ඉතිහාසයෙන් ගූ පොදක් අද  මම කියන්නම්.

ඔන්න එක දවසක් උදේ මම කැම්පස් යන්න පිටත් වුණා. මගේ කලින් කතා වලත් කිව්වා වගේ ඒ කාලේ මගේ නිල වාහනය වුණේ තාත්තා මට අරන් දීපු සුසුකි dr125 ට්‍රේල් බයික් එක. (බයික් එකේ කරපු තව වීරක්‍රියාවක් කලින් ලිව්වා ඒක පලවෙනි කොමෙන්ට් එකේ දාන්නම් කැමති අයට කියවන්න). එදා කොහොමහරි කැම්පස් එකේ උදේම ප්‍රසන්ටේෂන් එකක් තිබ්බ දවසක්. දන්නවනේ ඉතින් අපේ වැඩ, අන්තිම මොහොතේ තමයි ඕකට යන්න ගෙදරින් පිටත් වුණේ. පරක්කු වෙලා තිබ්බ නිසා ඔන්න ගිනි පුක් මෝඩ් එක ඔන් කරගෙනම තමයි බයික් එක පාරට දැම්මේ. ගමන් පටන් අරන් වැඩි දුරක් යන්න කලින් තෙල් තත්වේ පොඩ්ඩක් අඩු වෙලා තිබ්බ නිසා කලබලේම ගෙවල් ළඟ ෂෙඩ් එකට ඇල්ලුවා බයික් එක. 

එතැනදී මගේ අතින් ඇත්තටම පොඩි බලු වැඩක් වුණා. කලබලේ නිසා මම බයික් එක ෂෙඩ් එකට දැම්මේ මට ඉස්සරහින් ගියපු බස් එකක් ඕවර්ටෙක් කරලා සනිකව ඌව කපාගෙන ! මට ඩ්‍රයිවින් කියා දීපු අපේ තාත්තා මම L බෝර්ඩ් කාලේ මට අම්බානට බැනලා තියෙනවා ඔහොම පාරේ යනවට. කොහෙද ඉතින් කලබල අල්ලපනල්ලේ මටත් ඒක වැඩි ගානක් නැතුව ගිහිං , තනිකර ඈස්හෝල් විදියට තමයි මම බයික් එක පාර හරහා දැම්මේ. මම දාපු විදිය ගැන අදහසක් ගන්න මේ පහල රූප සටහන බලන්නකෝ.



( බලහන්කො ඉතින් මේ වගේම රූප සටහනක් ඇඳලා මේ වගේ පාරේ යන එවුන්ට මම කලින් දවසක බැන්නා , ඒ වුණාට මොකෝ බලන් ගියාම මමත් වැඩි වෙනසක් නෑ :P )

කොහොමහරි ඉතින් ඔන්න මම දැන් බයික් එක මේ  ආකාරයට ෂෙඩ් එකට අල්ලලා ඔන්න පෝලිමේ ඉන්නවා තෙල් ගහගන්න. ටිකක් දිග පෝලිමකුත් තිබ්බා. මට සිරාවටම හාන් කවිසයක ගානක් නෑ මම අර දාපු කැරි දැමිල්ල ගැන. ඔහොම පෝලිමේ ඉන්නකොට මෙන්න එක පාරටම කොහෙන්ද මන්දා එකෙක් ඇවිත්..

"මොකද්ද හු*% අර දාපු දැමිල්ල???" කියලා මගේ ලඟට ඇවිත් බෙරිහන් දීපි !

"කොහෙද හු%$ගේ පුතෝ දැම්මේ... අම්මට හු*%^$ උඹේ.."

"තව පොඩ්ඩෙන් හැප්පෙනවා.."

"මැරෙන්නද ප% හදන්නේ???"

"වේ%$ගේ පුතා.."

බලනකොට බස් එකේ කොන්දා බස් එක නවත්තලා බැහැලා ඇවිත් මට බනින්නම. මූ දැන් අපේ අම්මා මතක් කර කරම මට බනිනවා. 

හරි දැන් උඹලා හින්දි ෆිල්ම් , දෙමල ෆිල්ම් එහෙම බලලා තියෙනවනම් ඔන්න මේ අවස්ථාවේදී තමයි සන්සුන් වීරයාට මල පනින්නේ , හා නැද්ද ? ඒ කිව්වේ ඔක්කොම බැනුම් සන්සුන්ව අහගෙන ඉඳලා අම්මව මතක් කලාම එක පාරට රජිනි කාන්ත් වගේ ෆෝර්ම් වෙලා වීරයා දුෂ්ටයාට ගහනවා. ඕකනේ සාමාන්‍යයෙන් කතා වල වෙන්නේ ? හැබැයි පුතේ මේ කතාවේ මට එහෙම මල පැන්නේ නෑ අරූ අච්චර අම්මා මතක් කර කර මට බනිද්දීත්. මොකෝ වැරැද්ද මගේ නේ..

මම සිරාවටම වැරදි දෙයක් කලේ අර විදියට පාර හරහා දාලා. ඉතින් මට වැරැද්ද කරලා තව කියවන්නත් බෑ නේ. ඉතින් එක නිසා කොන්දා මට එච්චර අම්මා මතක් කරද්දීත් මම කට වහන් හිටියා අව්ලක් නෑ මගේ නේ වැරැද්ද කියලා.

ඒ ඔක්කොමත් හරි. ඔන්න දැන් මූ මට අම්මා මතක් කරලා බැනලා බැනලා ඉවර වුණා. ඉවර වෙලා මූ අහනවා..

"මොකද උඹ බලන්නේ?? මොකද උඹ බලන්නේ ආ කැ%යා ????" කියලා !

ඔන්න හරියටම ඒ මොහොතේ තමයි පින්වතුනි පින්වත් ගැබා පුතණුවන්ට මුගේ අම්මට හුකවන්න තරම් මලක් ආවේස වුණේ !!!

වෙන මොකක්වත් හින්දා නෙමෙයි , මේ පරයා යකෝ මට සද්දේ දැම්මේ අපේම ගෙවල් පහල ඉඳන් !මගේ ප්‍රාන්තේ ඉඳන් ! වටේම තියෙන්නේ මගේ යාලුවන්ගේ කඩ , අඳුරන මිනිස්සු හැමතැනම ! ඒ මොක නැතත් ඌ මට ගහලා ගියත් උට මාව  හොයාගන්න බෑ , හැබැයි බස් ස්ටෑන්ඩ් එකට ගියා නම් මට ඌව හොයාගන්න පුළුවන් ! ඒ නැතත් ඌ දවසට හතර පස් පාරක් අපේ ප්‍රාන්තේ හරහා උගේ බස් එක එලෝගෙන යන්න ඕනේ ! ඒ ඔක්කොම බැලුවම යකෝ මට ඕනේ නම් මුට හුකෝලා මලෝලා මැල්ලුමක් කරලා ගන්න පුළුවන් !

එච්චර තියාගෙනත් මම වැරැද්ද වුණේ මගේ අතින් නිසා, මූ අච්චර අපේ අම්මට බනිද්දීත් කට පියන් , මූ මගෙන් අහනව .... "මොකද බලන්නේ ? මොකද බලන්නේ ?" කියල !
ආයේ ඉතින් වෙන මුකුත් නෑ , දැට්ස් ඉට් මදෆකා කියලා මම ගැහුවා බයික් එකේ ස්ටෑන්ඩ් එක!

ගහලා බිමට බැස්සා. අතේ තිබ්බේ තෙල් ගහන්න ගලෝ ගත්තු මූඩිය ! ආයේ ඉන්දියන් කසි කබල් වගේ නෙමෙයි පුතේ හොඳ ජපන් පරණ යකඩ මූඩියක්. කෙලින්ම මූඩිය අතට අරන් ඒකෙන්ම කෙලලා ඇරියා කැරියගේ හොම්බටම ! 

මම මෙච්චර වෙලා කට වහන් හිටපු නිසා එක පාරටම ආපු ප්‍රහාරය පොරව සර්ප්‍රයිස් කළා. මමත් ඉතින් එතනින් නොනැවතී කොන්දට කෙළගෙන කෙළගෙන ගියා! මූත් දැන් මට ගහනවා ! හැබැයි පට්ට ආතල් එක කියන්නේ මම ඉන්නේ ෆුල් ෆේස් හෙල්මට් එක දාගෙන නේ .. ඉතින් ඌ ගහන ඒවා වැදෙන්නේ මට නෙමෙයි හෙල්මට් එකට ! උටම තමයි ඒකෙනුත් රිදෙන්නේ ( පව් හුත්තෝ 😂 ). කොහොමහරි ඔන්න දැන් අපි දෙන්නම කෙලගන්නවා පූසෝ දෙන්නෙක් වගේ.

එතකොටම බස් එකේ ඩ්‍රයිවරුත් බැහැලා ආවා ඒයි ඒයි ගාගෙන. මේ වෙලාව වෙනකොට මගේ අර මරුවා ආවේස වෙලා හිටියේ. ඩ්‍රයිවර් නෙමෙයි බස් එකේම උන් බැහැලා ආවත් මුන්ව මරාගෙන මැරෙන මෝඩ් එකේ තමයි මම හිටියේ. එතකොටම හැබැයි ෂෙඩ් එකේ මැනේජරුයි තව වැඩ කරන එවුන් ටිකකුයි ඇවිත් වලිය බ්රේක් අප් කළා.. ( මගෙත් වෙලාවට , මොරාල් එකට ඔක්කොටොම ගහන්න ගියාට මොකෝ මම බ්රූස් ලී යෑ :P )

"ඒ ඒ  අපේ කස්ටමර්ස්ලට කරදර කරන්න එපා.. යනවා යනවා" කියලා ඔන්න දැන් ෂෙඩ් එකේ උනුත් මගේ පැත්ත අරගෙන. ඩ්‍රයිවර්ටයි කොන්දටයි කරන්න දෙයක් නෑ දැන්. උන් දෙන්නා පසු බැස්සා.

හැම කතාවේම වීරයා දුෂ්ටයන්ට නිකන් ගහලා විතරක් එන්නේ නෑ නේ. පන්ච් ලයින් එකක් දීලා පොඩි ඇඩ් එකකුත් දීලා තමයි බැස්ටිය නිමා කරන්නේ. රජිනි කාන්ත් වුණත් එහෙම නේ. ඔන්න ඔක්කොම දැන් මගේ පැත්තට කැරකෙන වෙලාවේ , මේක තමයි මගේ වෙලාව රඟන්න.

මම කෙලින්ම අර කොන්දා ඉස්සරහටම ගිහිං හිට ගත්තා. ගිහිං මෙච්චර වෙලා මම දාගෙන හිටපු හෙල්මට් එක ගැලෙව්වා. ගලවලා අතින් මගේ මූණ උට පෙන්නලා මෙහෙම කිව්වා

"කැරියා මගේ මූණ බලාගනින්.. මමත් පන්නිපිටියේ තමයි.."

( සභාවෙන් විසිල් පාර සහ ඔල්වරසන් !!! )

ගැම්මට එහෙම කිව්වට මොකෝ මමත් පන්නිපිට්යේ අඳුරන මරුසියෙක් නෑ , මම ඉතින් නර්ඩ් ඩයල් එක නේ. හැබැයි අරූ නම් බය වුනා ඒකට දොබෙන් යන්න :D :D. ඔන්න ඔහොමයි ඒ කතාව ඉවර වුණේ. ගැබා 1 - කොන්දා 0

Sunday, February 23, 2020

සිගරට්

සිගරට් කියන්නේ කොලු ජන ජීවිතය එක්ක තදින්ම බැදිච්ච දෙයක් , එච්චර හොඳ දෙයක් නොවුණට. ගොඩක් පිරිමි ළමයි වස විස වලට අත් පොත් තියන්නේ ඉස්කෝලේ යන කාලේ ගෙදරට හොරෙන් සිගරට් එකක් බීලා තමයි , ගොඩක් වෙලාවට ඒ කුතුහලේට වෙන මොකටවත් වඩා. මම නම් හැබැයි ඉස්කෝලේ යන කාලේ කවදාවත් සිගරට් බීලා නෑ. නිකන් ටෙස්ට් කරන්න එහෙන් මෙහෙන් ඇදලා බැලුවට පුරුද්දක් විදියට සිගරට් බොන්න පටන් ගැනුනේ 2009 වගේ , ඒ ඒ ලෙවල් කරලා ඉවර වෙලා රිසල්ට්ස් එනකල් හිටපු කාලේ.

මට කලින් ගොඩක් දෙනා මේ ගැන ලියලා තියෙනවා ඒ තමයි සිගරට් බොන එක හා බැඳිච්ච වෙනම සංස්කෘතිය ගැන. එකක් දෙකක් කිව්වොත් , සාමාන්‍යයෙන් සිගරට් පැකට් එකක් ගත්තම ඒක කඩපු ගමන්ම කරන්නේ එක සිගරට් එකක් එලියට අරගෙන අනිත් පැත්ත හරවලා ඇතුලට ඔබන එක. ඒකට කියන්නේ "ලකී සිගරට් එක" කියලා , ඒක තමයි අන්තිමට ගහන්නේ. ආයේ තව ගොඩක් අය අතර තියෙන පුරුද්දක් තමයි එක ගිණි කූරෙන් සිගරට් තුනක් පත්තු නොකරන එක. ඒක අසුභයි කියලා තමයි කියන්නේ. ඔය තුන පත්තු නොකිරීම කියන චාරිත්‍රය දේව වචනයක් වගේ රකින කොල්ලෝ ඉන්නවා දුම් ගැන්සි වල. "හෝව් හෝව් තුන තුන ඕයි.." කියාගෙන කෑගහගෙන පැනලා ගිනි කූර නිවලා , තුන් වෙනි සාපෙන් කොල්ලෝ බේරගන්න ලයිෆ් ගාර්ඩ් ලා ඉන්නවා :). මේ තුන පත්තු නොකිරීමේ පුරාණ චාරිත්‍රය ආවේ කොහොමද කියලා කව්රුත් හරියට දන්නේ නැති වුණත් , මම අහපු එක කතාවක හැටියට නම් මේක ඇවිත් තියෙන්නේ යුද්ධ කාලේ සොල්දාදුවෝ තුන් දෙනෙක් සිගරට් එකක් බොන්න ගිහිං තුන් වෙනියට සිගරට් එක පත්තු කරන්න ගිය සොල්දාදුවාට අර ගිනි කූරු එලිය අල්ලලා ස්නයිපර් පාරක් වැදිච්ච නිසා.

ගොඩක් ආයතන වල සිගරට් බොන්න කට්ටිය සෙට් වෙන වෙනම විශේෂ ස්පොට් එකක් තියෙනවා නේ. මම ගියපු කොළඹ කැම්පස් එකේ විද්‍යා පීඨයේ සිගරට් බොන තැනට කිව්වේ දුම් කාමරේ කියලා. ඒකට උඩ බැච් එකේ අයියලා දාල තිබ්බ නම තමයි "ශිෂ්‍ය බට සංගමය" :D. මෙන්තොල් සිගරට් එන්න කලින් ගෝල්ලීප් එකේ සිද්ධාලේප ගාලා අපිම හදාගත්තු මෙන්තොල් සිගරට් පානය කිරීම වැනි වැදගත් විද්‍යාත්මක පරීක්ෂණ මමයි නානයි අකමුකයි සෙට් වෙලා කලේ ඔය දුම් කාමරේ තමයි. මට නම් දුම්පානය කිරීමේ ලස්සනම දේ තමයි දුම් බොන්න සෙට් වෙලාම අඳුරගන්න මිනිස්සු ටික ! ගොඩක් වෙලාවට අපි යාළුවො කියලා ආස්රේ කරන්නේ අපිට ටිකක් සමාන ගති තියෙන එවුන් නේ. හැබැයි සිගරට් බොන්න ගියාම එහෙම නෑ , නානා ප්‍රකාර එක එක සමාජ ස්තර වල බාල මහලු එක එක විදියේ පොරවල් සෙට් වෙනවා. එහෙම සෙට් වෙලා එක එක ටොපික් කතා කරන්න සෙට් වෙනවා. කොහොමත් දුම් බොද්දි මිනිස්සු ටිකක් relax වෙන නිසා එතන මැවෙන්නේ වෙනම සමාගමයක්. දැන්නම් මම වැඩිය කතා බහට අකමැති වුණාට නාබර තරුණ කාලේ මම ඔය දුම් සහෝදරත්වයට මාර ලව්. එහෙම දුම් බොන්න ගිහිං අඳුනගත්ත සමහර චරිත අදටත් යාළුවො. කැම්පස් යන කාලේ එහෙම අඳුන ගත්ත එකෙක් තමයි අල්ලපු ෆැකල්ටියේ කැසිල්ලා. උගෙයි මගෙයි මිත්‍රත්වයේ පදනම වුණේ ගොල්ලීප් එක. තව ඔය වගේ දුම් බොන්න ගිහිල්ලම මිතුරු වෙච්ච stranger කෙනෙක් හිටියා අපේ ගෙවල් ළඟ. මම ඉස්සර වැඩ ඇරිලා එනගමන් අනිවා මානෙල් එකට ( දැන් පන්නිපිටියේ කීල්ස් එක තියෙන තැන ) ගිහිං බටයක් ගහලා තමයි ගෙදර යන්නේ. ගොඩක් වෙලාවට මම මානෙල් එකට යන්නේ හවස 6ට වගේ , ඉස්සර ඒ වෙලාවටම එතනට එනවා ළඟ කඩේක වැඩ කරන වයසක අංකල් කෙනෙක්. අංකල්ට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා ඒත් මං එයාට කිවේ අයියා කියලා. අපි දෙන්න අඳුන ගත්තෙම එක වෙලාවට සිගරට් බොන්න ඇවිත් මිස වෙන මොකක් වත් නිසා නෙමෙයි. හැමදාම ඉතින් සිගරට් එක ගහන ගමන් පවුල් වල විස්තර , රටේ තොටේ විස්තර ඔක්කොම කතා වෙනවා අපි දෙන්නා. ඒවා හරි අමුතු මිත්‍රත්ව. NIBM එක ළඟ රන්ජි කඩේ සහ ආමි කඩේ , රහීමා එක, වැල්ලවත්තේ බොස් කඩේ ඇතුළු තව ගොඩක් තැන් වල ඔය වගේ දුම් මතක රැඳිලා තියෙනවා.

සිගරට් ගැන කියනකොට මට මුලින්ම මතක් වෙන තව කෙනෙක් තමයි මගේ තාත්තා. තාත්තා නම් සිරාවටම පුදුම සිගරට් බීමක් බිව්වේ ඉස්සර. දැන් නම් අඩු කරලා දවසට තුනයි බොන්නේ. ඉස්සර නම් පැකට් තුනක් හරි දුන්නොත් බොයි :P. සිගරට් ගැන එක එක විහිලුත් ඉස්සර තාත්තා කියනවා. මට මතකයි එක සැරයක් කව්රු හරි කිව්ව "සිගරට් බ්ව්වම පිළිකා හැදෙනවා ඔය පැකට් එකෙත් ගහලා තියෙන්නේ" කියලා. ඒත් අපේ තාත්තට අනුව නම් පැකට් එකේ ගහලා තියෙන්නේ "සිගරට් බීම පිළිකා ඇති කල හැක" කියලා , අනිවා "ඇති වෙනවා" කියලා නෙමෙයි. ඒ නිසා ඒක වෙන්නත් හැක , නොවෙන්නත් හැක කියලා අපේ තාත්තා හැක හැක ගාලා හිනා වෙනවා ඉස්සර :D. තව ඔය වගේ ෆේමස් ජෝක් එකක් තියෙනවා ඒක නම් කිව්වේ තාත්තා නෙමෙයි මම ගියපු කොමර්ස් ක්ලාස් එකේ මිස්. ඉස්සර සිගරට් පැකට් වල ගහලා තිබ්බලු "පා. ආ. ප" කියලා. ඒ කියන්නේ "පාරිභෝගික ආරක්ෂක පනත" කියන එක ලු. ඒත් මිනිස්සු ඒක අර්ථ දැක්වුවේ "පානය. ආහාරයට. පසුව" කියලලු , කැරි ජෝක් එක යකෝ ඒක මට අදටත් මතක් වෙනකොට හිනා යනවා :D

තාත්තගෙයි මගෙයි බේබදු අතීතය ගැන වෙනම පොතක් ලියන්න පුළුවන් වුණත් අපි දෙන්නා මුලින්ම සිගරට් එකක් ගහපු දවස විතරක් අදට කියන්නම්. ඔන්න අපේ යාළුවො සෙට් එක දවසක් ට්‍රිප් එකක් ගියා අපේ වත්තට , ඒ කාලේ තාත්තට තිබ්බ මිට්සුබිශී 4dr5 ජීප් එකේ අපි දහයක් විතර පැක් වෙලා ගියේ. ( ඒ ට්‍රිප් එක තමයි මගේ ජීවිතේ ගිය එපික්ම ට්‍රිප් එක , ඒක ගැන පස්සේ ලියන්නම්කො ). මම තමයි එදා ඩ්‍රයිවර් ජොබ් එක කලේ. තාත්තා ඉස්සරහ සීට් එකේ, කොල්ලෝ ටික පිටිපස්සේ. අපේ තාත්තා කොල්ලන්ටත් වඩා ආතල් ඩයල් එක. වෙන ළමයි නම් තාත්තලට හොරෙන් නේ බොන්නේ. ඒකට අපේ තාත්තා ගෙදරින් ගමන පටන් ගත්තු ගමන්ම කියපි "අපේ කාලේ නම් පලවෙනි බෝතලේ කඩන්නේ කන්ද උඩමයි" කියලා ! කන්ද උඩ කිව්වේ අපි ඉන්න පාරෙන් ප්‍රධාන පාරට වැටෙන්න දාන පාරට , ගෙදර ඉඳලා මීටර් සීයක් වත් නෑ :P. අපේ එවුනුත් ඉතින් ඒ ගැම්මෙන් තාත්තව ඩිසපොයින්ට් කරන්න බැරි හින්දා පිටිපන ආමි පන්සලට පඬුරු දාලා වැඳලා කරලා අහවර වෙලා ගොඩගමින් බයිට් අරගෙන ජීප් එකේ පිටිපස්සේ තියාගෙන බීම පටන් ගත්තා. කොල්ලෝ ටික පිටිපස්සේ ගහනවා , ඉස්සරහ සීට් එකේ මගේ එහා පැත්තේ ඉඳන් තාත්තත් ගහනවා. බොනවා හිනා වෙනවා , කට්ටියම ෆන් ගන්නවා. මම විතරක් මුන් ඔක්කොම බොන හැටි බල බල ගොන් බිජ්ජා වගේ වාහනේ එලෝනවා හූල්ල හූල්ල. ඔන්න අවිස්සාවේල්ල හරියට විතර එනකොට මගේ රතු කට්ට පැන්නා. ඇයි යකෝ මම ඩ්‍රයිවර් වැඩේ කරන්නයි මුන්ට ආතල් ගන්නයි ඒවා හරියන්නේ නෑ නේ !


ජරාස් ගාලා වාහනේ නැවැත්තුව පාරේ අයිනට කරලා. "බරාස්" ගාලා ඇද්දා හෑන්ඩ් බ්රේක් එක.

"තාත්තේ!"

"මට දෙයක් කියන්න තියෙනවා!"

මම හිතට හයිය අරං සිංහ නාද කළා..

"ආ කියපන් පුතේ.." තාත්තත් ජෝක් ටෝන් එකෙන් කිව්වා. කොල්ලෝ ටිකත් දැන් බලන් ඉන්නවා මොකද්ද මේ වෙන්න යන්නේ කියලා..

"තාත්තේ මම සිගරට් බොනවා"

තාත්තා "ආ එහෙමද.."

මම "ඔව් තාත්තේ , අරක්කු බිවම විතරයි හැබැයි.."

තාත්තා "ඈ යකෝ ඒ කියන්නේ උඹ අරක්කුත් බොනවද???"

"ඔව් තාත්තේ පාර්ටියකට වගේ ගියාම බොනවා.." මම ඔලුව කස කස කිව්වා

එතකොට තාත්තා අහපි "ආ දැන් උඹට පාර්ටි ද??" කියලා . කොල්ලෝ ඔක්කොම හූ කිය කිය හිනා වුණේ :D

ඊට පස්සේ තාත්තම මට සිගරට් එකක් ඇදලා දුන්නා පත්තු කරගනින් කියලා. එදා තමයි මම තාත්තා ඉස්සරහ පලවෙනි පාරට සිගරට් එකක් බිව්වේ. සිගරට් එක ටිකක් බීලා මම ආයෙත් වාහනේ පාරට දාලා ගමන පටන් ගත්තා , මම බීපු සිගරට් එක තාත්තගේ අතට දුන්නා. මේ වෙනකොට තාත්තටයි අපේ උන්ටයි ලාවට වැදිලා තිබ්බේ. මම බාගෙට ගහපු සිගරට් කොටේ අතට ගත්තු තාත්තා ඒක අදින ගමන් මෙහෙම කිව්වා..

"පුතා ගහපු කොටේ ගහනකොට මාර සනීපයක් තියෙන්නේ..."


මම මේ විහිලුවට නෙමෙයි කියන්නේ , ඒක මාර බොන්ඩින්ග් මෝමන්ට් එකක්. මම හැම කොල්ලටම කියන්නේ , උඹ බොනවානම් , උඹේ තාත්තත් බොනවානම් , දෙන්නම එකට බීලා බලහන් , එක සිගරට් එක ෂෙයාර් කරගෙන බලහන් , ඒකෙ මාරම ආතල් එකක් තියෙන්නේ බං :).

හරි දැන් මාව පොඩ්ඩක් හැගීම්බර වීගෙන එන නිසා නැවතත් පෝස්ට් එකේ මාතෘකාවට එන්නම් කෝ , අපි දැන් කතා කලේ සිගරට් ගැන නේ. ඔය සිගරට් පෙට්ටියෙත් එක එක සෙල්ලම් තියෙනවා. උදාහරෙනකට ගෝල්ලීප් පෙට්ටියේ "hero" කියලා ගහලා තියෙනවා එක තැනක , ඒක සෙවීම, ගෝල්ලීප් පෙට්ටියේ කාන්තා රූපය සෙවීම වගේ. මේ සෙල්ලම් දෙකටම උත්තර මම මේ දාල තියෙන ෆොටෝ දෙක බැලුවානම් පෙනෙයි.




ඊට අමතරව ඉතින් සාක සාර පානය කරන කොල්ලන්ට හිස් ගෝල්ලීප් පෙට්ටියක් කියන්නේ තනිකරම සම්පත් ආකරයක් තමයි. නාබිය කපාගැනීම ඉඳලා පේපර් නැති වෙලාවට කොලයක් ගලවාගැනීම දක්වා සියලුම පහසුකම් හිස් ගෝල්ලීප් පෙට්ටියකින් සලසා ගන්න පුළුවන් නේ. කොළ ගලෝන එක ගැන කිව්වොත් මම ඔය ගෝල්ලීප් පැකට් එකෙන් කොලය ගලවාගැනීමෙහි ලා expert කෙනෙක්. හංසයා දියෙන් කිරි වෙන් කරන්නේ කෙසේද මට ඊට වඩා හොඳට ගෝල්ලීප් එකේ ෆොයිල් කොළයෙන් දුහුල් කොලය වෙන් කරන්න පුළුවන්. ඒක නිසා හුදී ජන පහන් සංවේගය තකා මගේ කොළ ගලවා ගැනීමේ technique එකත් මෙතන කියන්නම්. මේක ඉතින් මම තනියම හොයාගත්ත එකක් නෙමෙයි සමාජෙන් තමයි මමත් අහුලා ගත්තේ.

පියවර 1: ගෝල්ලීප් පෙට්ටියේ කොලේ තමයි ගලවන්න ලේසි , ස්විච් පැකට් එකේ වගේ අමාරුයි. එම නිසා ප්‍රථමයෙන්ම ගෝල්ලීප් පැකට් එකක් සොයා ගන්න.

පියවර 2: රත්තරන් පාට කොලය පැකට් එකෙන් ගලවාගන්න. හැබැයි සමහර වෙලාවට ඒක පැකට් එකට පොඩ්ඩක් ඇලිලා වගේ තියෙන්න පුළුවන්. එහෙම වුනොත් ඒක එලියට ගන්නකොට ඉරෙනවා. ඒක නිසා පරිස්සම් වෙන්න.

පියවර 3: කොලය හොඳින් වතුරෙන් තෙමාගන්න.

පියවර 4: මේක තමයි වැදගත්ම පියවර , මේක මට කියා දීපු කොල්ලව මෙතන ටැග් කරන්න බෑ හැබැයි උට බුදු බව අත්වෙනවා මේ කියලා දීපු සිල්පෙට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි තෙමාගත්ත කොලේ ඉරෙන්නේ නැතුව වෙන් කරගන්න එක. මෙන්න ඒකට ක්‍රමේ. දැන් ඔබ තෙමාගත් කොලය දෙකට නවන්න. ඉන්පසු නැවතත් දෙකට නමන්න. ආයෙත් දෙකට නමන්න. ඔය වගේ කොලය සාමාන්‍යයෙන් පොඩි ප්‍රමාණයකට එනකන් නවන්න.

පියවර 5: ඉහත නමාගත් කොලය හොඳට මිරිකන්න. මේකෙන් වතුර ඉවත් වෙලා කොලය ඉරීමට ඇති සම්භාවිතාව අඩු වෙනවා, හරි ලේසියි.

පියවර 6: දැන් ඔබට තියෙන්නේ නැවතත් කොලය දිග ඇරගෙන , කොනක් පොඩ්ඩක් පාදාගෙන වෙන් කරගන්න විතරයි. පියවර 4 සහ 5 හරියට කළා නම් මේ වෙනකොට ඕක ගැලවිලා එන්න ඕනේ මලක් වගේ ! ඉන් පසුව සුදුසු heat source එකක් භාවිත කර කොලය වේලාගන්න ඔබට පුළුවන්.

ඔන්න ඕක තමයි ගැබාගේ perfect technique එක , ඊළඟ පාර ට්‍රයි කරලා මට කියන්නකෝ :).

සිගරට් ගැන තියෙන තියරි කිව්වොත් තවත් එක තියරියක් කිව්වා දවසක් මගේ මිතුරු තට්ට ඉශාන් සර්. ඒ තමයි "අන්තිම සිගරට් එක නිසා තමයි කොල්ලෝ මැරෙන්නේ" කියන එක. ඒ කිව්වේ ගොඩක් වෙලාවට කොල්ලෝ බොන්න සෙට් වුනාම සිගරට් මදි වෙලා ගේන්න යනවනේ , කොච්චර ගෙනාවත් සිගරට් කවදාවත් ඇති වෙන්නේ නෑ නේ. අර අපේ කොටා කියනවා වගේ "උඹලා කොහෙවත් අහලා තියෙනවද සිගරට් ඉතුරු වෙලා නරක් වෙලා විසික් කළා කියලා?" නෑ නේ. ඒක නිසා ගොඩක් වෙලාවට හොඳට වැදිලා ඉන්න වෙලාවට තමයි ඔන්න තව සිගරට් ඕනේ වෙන්නේ. ඉස්සර ඉතින් අපිට දැන් වගේ වාහන නෑ නේ , බයික් වල තමයි කොල්ලෝ ගමන. ඉතින් ඒ නිසා ඔය අන්තිම සිගරට් එක ගේන්න ගොඩක් වෙලාවට කොල්ලෙක් යන්නේ බයික් එකක , හොඳට බීලත් එක්ක. ඉතින් ඌ එහෙම ගිහිං එක්කෝ ඇක්සිඩන්ට් වෙන්න , නැත්තම් පොලිසියට අහු වෙන්න , එහෙමත් නැත්තම් කඩේට ගිහිං බීමතේ මොකෙක් එක්ක හරි වලියක් දාගන්න හරි තියෙන චාන්ස් එක වැඩියි. ඒ නිසා තමයි අන්තිම සිගරට් එක මරු කැඳවයි කියලා ඉශානයා කිව්වේ. ඒක හරි කතාව.

දැන් මෙහෙම කියවන්න ගියොත් මේ පෝස්ට් එක ඉවර වෙන්නේ නැති නිසා, මගේ වර්තමාන සිගරට් බීම ගැන කියලා පෝස්ට් එක නිමා කරන්නම්කො. මම ඇත්තටම කවදාවත් චෙන් ස්මෝකර් ලෙවල් එකට සිගරට් බිව්වේ නෑ. වැඩියම බීපු කාලෙත් දවසට ඕනේ නම් 4,5ක් ගහන්න ඇති. බිව්වමනම් හැබැයි ගහනවා පුතේ අම්බානට , ඒ වෙලාවට නම් 100ක් තිබ්බත් බොනවා. හැබැයි සාමාන්‍ය දවස් වලට හතර පහ තමයි උපරිම. ඔය සමහර අයට තියෙන්නේ සිගරට් එකක් නැතුව බොග බාගන්න බැරි කම? මටත් අන්න ඒක තිබ්බා කාලයක්ම. ඒක හැබැයි ඇබ්බැහියකට වඩා ආතල් එකක් වෙලා තිබ්බේ මට. ඒ කිවේ හවසට වැඩ ඇරිලා ගෙදර ඇවිත් , හොඳවයින් ටී එකක් හදාගෙන බීලා , ලැට් එකට ගිහිං දුමක් දාන ගමන් බොග බාන එක දවසේ තියෙන most relaxing moment එක වෙලා තිබ්බේ මට ඉස්සර. ඒක හරියට භාවනාවක් වගේ. කොච්චරද කියනවනම් මම ඔය ගැන කවියකුත් ලිව්වා. හැබැයි මේ අවුරුද්දේ ඉඳන් මම ඇත්තටම නොබොන වෙලාවට සිගරට් බොන එක නැවැත්තුවා. දැන් මම සිගරට් බොන්නේ බොනකොට විතරයි. මට එහෙම කරන්න හිතුනේ වැඩිමනක්ම මගේ දත් ටික අම්බානට සවුත්තු වෙච්ච නිසා කහට බැඳිලා. හැබැයි සිගරට් බොන එක අඩු කලත් හරි දැන්නම් මගේ ඇඟට මාර වෙනසක් දැනෙනවා.

මම සිගරට් බොන කාලේ ගැහුවේ ගෝල්ලීප් විතරයි. කොල්ලෝ කොච්චර ස්විච් බිව්වත් මට ඉස්සර ස්විච් පේන්න බෑ , ස්විච් බොන්නේ පොන්නයෝ කියන එක තමයි මගේ මතය වුණේ :P. ඒත් දැන් මේ සිගරට් බීම අඩු කලාට පස්සේ මට ගෝල්ලීප් බොන්න බැරි වෙලා කියහන්කෝ. දෛවයේ සරදම කියන්නේ දැන් මමත් බොන්නේ ස්විච් විතරයි. මේ ළඟදී නිකන් ආසාවට බීලා බලන්න ගෝල්ලීප් එකක් ගත්තා. පොල් කොලයක් පත්තු කළා වගේ කියහන්කෝ දැනුනේ. බාගයක් බීලා විසික් කළා සිගරට් එක මගේ ජීවිතේ පලවෙනි පාරට :P , ෆිල්ටරෙත් උගුරු දෙක තුනක් ඇදපු බ්‍රිස්ටල් කැප්ටන් විතරක් නෙමෙයි බීඩිත් ගහපු මට වෙච්ච දෙයක් :). හැබැයි ඒක හොඳ දෙයක් විදියට මට නම් හිතෙන්නේ. රෑ හොඳට ගහලා දුම දාලා ගෙදර ආවම පස්සේ දවසේ උදේ දැනෙන්නේ නිකන් පපුවේ මකුළු දැලක් බැඳලා වගේ. ඕක සිගරට් බොන කාලේ තේරුනේ නෑ , දැන් තමයි පොඩ්ඩ පොඩ්ඩ තේරෙන්නේ :). මම හිතන්නේ දැන් මගේ ඇඟ පොඩ්ඩක් හොඳ ළමයෙක් වෙලා.

මගේ සිගරට් වත ඔහොමයි ඉතින්. පෝස්ට් එක අවසාන කරන්න කියන්න තියෙන්නේ මේ පෝස්ට් එක දැම්මේ සිගරට් බොන එක උත්කර්ෂයට නංවන්න වත් සිගරට් බොන්න එපා කියන්නවත් නෙමෙයි. බොනවානම් බීහල්ලා මට පුකද ? හැබැයි එකක් මතක තියාගනිල්ලා , "දුම් බීම පිළිකා ඇති කල ,හැක" :) හැක හැක. අපි ගියා !

Monday, February 17, 2020

අසරණයන්ට පිහිට වෙමු

ඔන්න නෝනයි මමයි හැන්දෑවේ වෝක් එකක් දාලා ගෙදර පැත්තට ඇවිදගෙන එනවා. එනකොට අසරණ ත්‍රීවීල් අයියා කෙනෙක් වීල් එක කැඩිලා තනියම තල්ලු කරනවා. හරි අමාරුවෙන් තල්ලු කලේ කන්ද වගේ පොඩ්ඩක් තිබ්බ නිසා. මමත් වියායාම කරලා ෆුල් ඇක්ටිව් මෝඩ් එකේ නේ ඉන්නේ , ඉතින් පැනලා ඉදිරිපත් වුණා අයියට වීල් එක තල්ලු කරන්න..

"ඉන්න අයියේ මම උදව් කරන්නම්.."

"අනේ මහත්තයෝ ලොකු උදව්වක්.."

"හරි අල්ලමු අල්ලමු හා.."

මමත් ඉතින් අනේපිඩු සිටුතුමා වගේ පැන පැන දෙනවා

"මහත්තයෝ දැන් ඇති මට ඉතුරු ටික තනියම පුළුවන්.."

"අයියට කොහෙටද යන්න ඕනේ ?"

"මේක මහත්තයෝ අර වහලා තියෙන ගරාජ් එකට අල්ලගත්ත නම්..."

"අයියෝ ඕක මොකද්ද අයියේ , අල්ලමු අල්ලමු හා ඔන්න.."

"අනේ මහත්තයෝ කොහොමද ඉස්තුති කරන්නද මන්දා මේ උදව්වට.."

මම අයියට පිටට තට්ටුවකුත් දාලා "අයියෝ අයියේ ඕක මොකද්ද , අපි ගියා එහෙනම් ඈ බුදු සරණයි.. ජය වේවා.."

"බුදු සරණයි මහත්තයෝ.. බුදු සරණයි..."

ඔන්න වීල් එක ගරාජ් එකට අල්ලලා අපි දැන් ආපහු එනවා ගෙවල් පැත්තට.

මම ( හෙන උජාරුවෙන් ) "කොහොමද බබා මගේ වැඩ ?? මේ පන්නිපිටිය පැත්තේ ගැබා කියන්නේ ඉතින් සුපර් මෑන් වගේ තමයි.. අසරණයන්ට උදව්..."

මෙච්චර වෙලා මගෙයි වීල් අයියගෙයි සැන්ඩෝ වීල් නාඩගම බලාගෙන පස්සෙන් ආපු අපේ හාමිනේ එතකොටම කටහඬ අවදි කළා..

"මේ.. ඔයාට ෂුවර් ද ඔය වීල් එක ඔය මිනිහගේමයි කියලා ?? උගේ පෙනුමේ හැටියට නම් එහෙම පාටක් පේන්න නෑ..."

එතකොට තමයි යකෝ මටත් මීටර් වුණේ මම අවිඥානිකව හොරකමකට දායක වුනා වෙන්නත් පුළුවන් නේද කියලා !! ගෑණු මොලේ හැඳි මිටේ කිව්වට මොකෝ මෙදා පොටේ නම් ගෑණි හරි. අපරාදේ ඕයි මම ගෙදර ගිහිං වීල් එක තල්ලු කරපු එක හොඳ වැඩ පොතෙත් ලියන්නයි හිටියේ 😩


Thursday, February 6, 2020

ගැබාස් තියරිස් සහ ගිෆ්ට් වවුචර්ස්

මම සාමාන්‍යයෙන් කරන හැම වැඩේටම තියරි දාලා ඒ වැඩේ optimum විදියට කරන්න ට්‍රයි කරන මිනිහෙක්. ඔෆිස් එකේ වැඩක් කලත් , සාමාන්‍ය ජීවිතේ වැඩක් කලත් එච්චරයි. බස් එකේ යනකොට සීට් එකක් හොයා ගැනීමේ සරල algorithms ඉඳලා , කෝච්චියේ යන උන්ගේ මෝල වැඩියි වැනි controversial තියරි දක්වා මගේ ප්‍රවාද විහිදෙනවා ( කෝච්චියේ යන උන්ගේ මෝල් අමාරු වැඩි වෙන්න හේතුව ඒක පැද්දී පැද්දී යන නිසා කියන එක තමයි මගේ පිළිගැනීම ). ( බොරු නම් බලහල්ලා කෝච්චියේ යන උන්ගේ තමයි කොටු පනින සීන් වැඩිම ).

මගේ මේ තියරි දැමිල්ල නිසා රාජ්‍ය අංශයේ වැඩක් කරගන්න ගියාම එහෙම මට ගොඩක් ලේසි වෙලා තියෙනවා. හැබැයි ඉතින් පෞද්ගලික අංශයේ තැනකින් නැත්තම් පෞද්ගලික කඩේකින් වගේ වැඩක් කරගන්න ගියාම මම මෙහෙම තියරි පාවිච්චි කරනවා අඩුයි. මොකද සාමාන්‍යයෙන් පෞද්ගලික තැන් වල ලොකු අහේනියක් නැතුව අපේ වැඩේ කරලා දෙන නිසා. හැබැයි මේ ලඟදි මට එක ළඟ වෙච්ච සීන් දෙකක් නිසා කඩේකින් බඩුවක් ගන්න යනකොට පිළිපදින්න ඕනේ තියරියකුත් මම අලුතෙන් ඔන්න මගේ තියරි පොතට එකතු කරගත්තා. ඒ තමයි "ගිෆ්ට් වවුචර් එකක් ගන්න යන්න කලින් කඩේට කෝල් එකක් දෙන්න" කියන එක. මොකෝ apparently ගොඩක් කඩවල් වල හැමතැනම ශාකා තිබ්බට හැම ශාකාවෙම ගිෆ්ට් වවුචර් නෑ.

මට දැන් මේ සිද්ධිය ලඟදි දෙපාරක්ම වුණා. පලවෙනි පාර වුණේ ෆිට්නස් අයිලන්ඩ් කියන ඇක්සර්සයිස් බඩු භාණ්ඩ කඩෙන් වවුචර් එකක් ගන්න ගිහිං , මම පුක ඉරාගෙන කඩේට ගියාම මුන් කියපි වවුචර් තියෙන්නේ ඔන්ලයින් ගන්න විතරයි ලු ( අම්මලට හුකන්න ).

ඊට පස්සේ අදත් ඒකෙම දෙවෙනි පාර්ට් එක වුණා P.G මාටින් එකෙන් ගිෆ්ට් වවුචරයක් ගන්න ගිහිං යාලුවෙක්ට දෙන්න. ( වරක් "ඒ අර සූටින් මාටින් එකෙන් බෑග් එකක් අරන් දෙමු බාන්" කියලා කියාපු එකෙකුත් අපේ හිටියා මට දැන් මතක නෑ ඒ කවුද කියලා ) . අද මම ඩර්ඩන්ස් එක පැත්තට ගියා පොඩි වැඩකට , ඒ ගියාම තමයි අපේ එකෙක් මට කිවේ P.G මාටින් එකෙන් වවුචරයක් අරන් වරෙන් කියලා රට යන කොල්ලෙක්ට තෑග්ගක් දෙන්න. මම මේ ටිකේ කැරීම හිඟන මෝඩ් එකේ ඉන්නේ , ඉතින් ඒක නිසා වීල් එකක නොයා සල්ලි ඉතුරු කරගන්න මම පයින්ම කැම්පස් එක ගාවට ඇවිත් බස් එකේ නැගලා , තිබිරිගස්යායේ සූටින් මාටින් එකට ගියා වවුචරේ ගන්න. ගියාම මුන් කියපි "වවුචර් තියෙන්නේ "කොල්පිටි" ( "කොල්පිටි" අම්මගේ රෙද්ද හුකෑස් , ඇයි යකෝ මුන්ට කොල්ලුපිටිය කියන්න බැරි ) බ්‍රාන්ච් එකේ විතරයි සර්" කියලා. මම ඇහුවා කොහෙද තියෙන්නේ කියලා "කොල්පිටි" බ්‍රාන්ච් එක , කඩේ අයියා කිව්වා "කෙලී ෆෙල්ඩර්" එක එහාපැත්තෙ කියලා! "කෙලීට සීයයි නම් මට පන්සීයයි , ඉඳා උපාසකම්මේ දාහතයි පනහක්" කියලා මට හිතෙන් කියවුනේ මම මේ දැන් මෙතනට ආවේ ඒ ඉසව්වේ ඉඳලා හින්දා ! යකෝ ඩර්ඩන්ස් ඉඳන් පයින් යන දුර කෙලී ෆෙල්ඩර් එකට ! මදැයි සල්ලි ඉතුරු කරගන්න පයින් ආවා කියලා අඩ අඩ මම හිතේ දුකටත් එක්ක ෆකිට් කියලා වීල් එකකට් අත දාලා නැග්ගා , නැගලා වීල් අයියට කියලා කෙලී ෆෙල්ඩර් එක ලඟින් බැස්සා.

බැහැලා ඔන්න දැන් P.G මාටින් එක කොහෙද කියලා බැලුවම ඒක නෑ කියහන්කෝ ! කෙලී ට එහා පැත්තේ මාටින් නෑ ! හැබැයි මට බුදු ෂුවර් කඩේ අයියා මට කිව්වා කියලා කෙලීට එහා පැත්තේ තමයි මාටින් ඉන්නේ කියලා. කිරි අප්පට කෙලී කිව්වලු, කෙලී ඉන්නවා දැන් මාටින් නෑ !!

පස්සේ කඩේ අයියගේ අම්මා මතක් කරලා ගූගලේ ඔන් කරගත්තම තමයි දැක්කේ තව මීටර් දෙසිය පනහක් විතර ඉස්සරහින් P.G මාටින් එක තියෙනවා කියලා. ඒක එහා පැත්තේ කෙලියක් ඉන්නවද කියලා බැලුවම තමයි දැක්කේ , ඒක එහා පැත්තේ තියෙන්නේ G-Flock එකක් !

කොහෙද ඉතින් මගේ තියරි දාන , generalize කරන මොලේට G-Flock එකයි කෙලී ෆෙල්ඩර් එකයි දෙකම එකයි නෙව ! ඒක නිසා තමයි මට දෙක පැටලිලා තියෙන්නේ ! අරූ එකත් එකටම හරියට කියන්න ඇති G-Flock එහා පැත්තේ කියලා ඒත් මගේ වලත්ත මොලේට් ඒක ඇහුනේ කෙලී ෆෙල්ඩර් වගේ.

ඒකට හේතුව තමයි මම ඔය දෙකේම ෆේස්බුක් පේජ් වලට ලයික් දාලා තියාගෙන ඉන්නේ ඒවායින් දාන කෙල්ලන්ගේ ගල් වල ෆොටෝ බලන්න. නැත්තම් ඉතින් මම කෙලී ෆෙල්ඩර් එකේ පේජ් එක බැලුවා කියලා එකෙන් ගවුම් අරන් අදින්නද හුත්තෝ!! ඕක නිසා තමයි මට දෙක පැටලුනේ!

කොහොමහරි දෙයියන්ගේ පිහිටෙන් මම අන්තිමට කඩේ හොයාගෙන වවුචරේ ගත්තා. මගේ තියරි පොතටත් අලුතෙන් තියරි දෙකක් එකතු කරගත්තා.

1. Always call before you go to buy gift vouchers
2. කෙල්ලන්ගේ පොටෝ දාන ඇඳුම් කඩ සියල්ල එක නොවේ

දී එන්ඩ්.

පලි - හැමෝම කියනවා කෙලී ෆෙල්ඩර් නම්කි ලස්සනයි කියලා G-Flock අක්කට වඩා , ඒත් මට නම් G-Flock අක්කා තමයි සදා සුන්දර




Tuesday, February 4, 2020

වස් වදිනු වස්

ඊයේ මම රෑ දහයට විතර කීල්ස් එකට ගියේ අපේ පූස් තඩියට අසනීප වීම නිසා උට බෙහෙත් වගයක් ගන්න. මම ගියේ ගෙදරට අඳින හඩු පිජාමා සරම පිටින්ම නිසා බිරිඳ කීල්ස් ෆාමසියට ගිහිං එනකන් මම කාර් එකට වෙලා හිටියා. ඔහොම ඉන්නකොට දැකපු දෙයක් තමයි කාර් පාර්ක් එකේ අයිටම් වගයක් උස්සගත්ත අංකල් කෙනෙක්, අයිටම් වගයක් කිව්වේ විකුනන්න ගෙනාපු අත්කම් බඩු වගයක්. පෙනිච්ච විදියට නම් පොල් කටු , ලී වගේ දේවල් වලින් හදපු. සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කව්රුත් එහෙම ආවට ගියාට ගන්නේ නැති නිසා මිනිහා හරිම හෙල්ප්ලස් විදියට වටේ කැරකි කැරකි හිටපු ස්වභාවයක් තමයි පේන්න තිබ්බේ. මමත් ටිකක් වෙලා බලන් ඉඳලා සරමත් දෙපොට ගහගෙන කාර් එකෙන් එලියට බැහැලා ගියා මොකද්ද මේ සිද්ධිය කියලා බලන්න. මොකෝ මොනවා වුණත් නිකන් හිඟා කන උන්ට මම සත පහක්වත් දෙන්නේ නෑ සාමාන්‍යයෙන් ( ඌ සිරාවටම අසරණ එකෙක් කියල හිතුනොත් ඇරෙන්න ). ඒත් මොකක් හරි ශිල්පයක් කරලා සල්ලි කීයක් හරි හොයාගන්න ට්‍රයි කරන උන්ට මම සාමාන්‍යයෙන් සලකනවා පුළුවන් විදියට. ඒ නිසා මං ගිහිං පොරත් එක්ක චැටක් දැම්මා මොකෝ සීන් එක කියලා. අංකලුත් ඉතින් සුපුරුදු පරිදි එයාගේ කතාන්දරය කිව්වා. අංකල් විකුනන්න ගෙනල්ලා තිබුනේ පොල් කටු සහ ලී වලින් හදපු බුදු පිළිම සහ තව පොඩි පොඩි අත්කම් වගයක්. එයා කියපු විදියට එයා මියුරල් ආර්ටිස්ට් කෙනෙක් ලු. තව සිමෙන්ති වලින් පිළිම එහෙම හදපු කෙනෙක් ලු. ඒත් දැන් ඒවායෙන් ආදායමක් නැති නිසාලු මේවා හදාගෙන විකුනන්න ආවේ. එයාගේ කතාවේ වැඩි මනක් මම එක කණකින් අහලා අනිත් කනෙන් එලියට දැම්මා. ඒ මගේ මහන්තත්ත කම නිසා සහ ගොඩක් වෙලාවට ඔය වගේ කතා මම ඕනේ තරම් අහලා තියෙන නිසා. හැබැයි මිනිහා කියපු එක දෙයක් මට මාර විදියට හිතට වැදුනා.

"මම මියුරල් ආර්ටිස්ට් කෙනෙක් මහත්තයෝ. තව සිමෙන්ති වලින් දේව පිළිම එහෙමත් හැදුවා. ඒවායේ වස් වැදිලා තමයි මට මෙහෙම වුණේ.." කියලා අංකල් එයාගේ එක අතක් මට පෙන්නුවා . එතකොට තමයි මට මීටර් වුණේ එයාගේ එක අතක් ලී. ලී අතක්.

"දේව පිළිම හදපු නිසා සරීරයේ මස් දියවේවි යනවා මහත්තයෝ" එයා කිව්වා..

මම අතේ තිබ්බ රුපියල් සීයක් අංකල්ට දීලා ආපහු කාර් එකට එන්න ආවා.

කාර් එකේ වාඩි වෙලා දොරවහගෙන මම කල්පනා කලේ "අංකල් හදපු සිමෙන්ති පිළිමේ හරහා මිනිස්සු දෙයියට වඳිනවා. හැබැයි පිළිමේ හදපු අංකල්ගේ අත දෙයියෝ කුණු කරවලා දාලා. යකෝ මූ මහා හුකන දෙයියෙක් නේ!" කියන එක.

හැබැයි මේ සිතුවිල්ල හිතලා විනාඩි පහක් යන්න කලින් දෙයියෝ සිරාවටම මිනිස්සුන්ට වස් වද්දන්වාද කියලත් මට සැකයක් ඇති වුණා. ඒ මම සිතුවිලි සාගරේ කිමිදිලා ඉන්න අතරේ මගේ එහා පැත්තේ කාර් එක පාර්ක් කරපු ඇන්ටි , මම එදා දවල්ම අලුතෙන් ටචප් කරගෙන ආපු මගේ කාර් එකේ හැපෙන්න එයාගේ දොර ඇරපු නිසා ! මගේ පාපකාරී සිතුවිල්ලට සනික විපාක ලැබුණා..


Wednesday, January 15, 2020

බබාට නමක්

බිරිඳ සමග ඇගේ නිවසට අලුතින් ගෙනා සුරතල් සුනඛයා ගැන පිළිසඳරක්

බිරිද : බල්ලට අපේ නංගි නම දාන්න යන්නේ "මීෂ්කා" කියලා ( රුසියානු බසින් වලසා යන තේරුම දෙයි )

මම : ආ එහෙමද..

බිරිද : ඔව් ඒත් ඌ අපේ අම්මට වද දෙන නිසා අපේ අම්මා කිව්වා උට "අම්-කා" කියල නම දාමු කියල..

මම : ආ එහෙමද..

බිරිද : ඔව් ඒත් දැන් ඌ ගෙදර හැමෝවම හපා කනවලු , ඒක නිසා මම කිව්වා උට "හැම්-කා" කියල නම දාමු කියල 😃

මම : අපරාදේ ඌ හුඟා...ක් පාන් කන්න ආස වුනා නම් අපිට උට නම දාන්න තිබ්බා "හු-කා-පාන්" කියල !

බිරිද : %$#@*&^$#@!

#අවාසනාවටඇත්තකතාවක්
#බබාටනමක්ඕනේනම්ගැබාටකතාකරන්න




Wednesday, January 8, 2020

රහත් වුණත් වැඩක් නෑ දත් මදින්න එපැයි

දත් කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම මට ගොඩක් වද දීපු දෙයක්. පොඩි කාලේ ඉඳලම මට දත් ප්‍රශ්න ගොඩක් තිබ්බා. මගේ දතක් නරක් වුණා මම හෙන පොඩි කාලෙම. ඒ මදිවට මගේ ඉස්සරහ දත් සෙට් එක ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ආයි මගේ දත් පොඩ්ඩක් වත් ලෙවල් නෑ, දෙයියෝ මගේ දත් ටික හිටෝලා තියෙන්නේ වැටිමාර ඉනි හිටෝනවා වගේ මෙලෝ පිළිවෙලක් නැතුව එක එක පැත්තට. මේ නිසා මම පොඩි කාලේ මගේ ගොඩක් සෙනසුරාදා උදේ වරුවල් ගත කලේ ඩෙන්ටිස්ට් පුටුවක් උඩ. ගොඩක් වෙලාවට ඒ අපේ තාත්තාගේ cousin අක්කා කෙනෙක් වෙච්ච "දත් නැන්දා" ගේ ක්ලිනික් එකේ ඩෙන්ටිස්ට් පුටුව උඩ. හැමදාම මොකක් හරි රෙද්දක් එක්කෝ දත් සුද්ධ කරනවා , නැත්තම් පුරෝනවා , එක එක රෙද්දවල්. පොඩි කාලේ මට මේ දත් සෙල්ලම් කොච්චර එපා වුනාද කියනවනම් අදටත් ඔය ඩෙන්ටිස්ට් පුටුවට නග්ගලා , ලයිට් එක මූනට ගහලා , අර භයානක දත් සුද්ද කරන මෝටරේ කැරකෙන සද්දේ ඇහෙනකොටත් මගේ ඇඟ හීතල වෙනවා. මම හිතන්නේ මට සිරාවටම මොකක් හරි ඩෙන්ටිස්ට් ෆෝබියා එකක් තියෙනවා, මම පට්ට බයයි ඩෙන්ටිස්ට් ගාවට යන්න අදටත්. 

මගේ දත් කරුම ඉතිහාසෙන් බිඳක් කියනවනම් මම හය වසරේ විතර ඉද්දි මගේ ඉස්සරහම දතක කෑල්ලක් කැඩුනා. ඒක වුණේ මෙහෙමයි , මම හිතන්නේ පොඩි කාලේ ඔයාලත් මේ සෙල්ලම කරලා ඇති. ඉස්සර ටීවී එකේ ක්‍රිකට් මැච් වල ක්‍රීඩකයෝ පැනලා පෙරලිලා කැච් අල්ලන හැටි බලන් ඉඳලා මමත් හෙන ආසයි ඒ වගේ පෙරලිලා කැච් අල්ලන්න. ඉතින් මම කරන්නේ ගේ ඇතුලෙම බිත්තියකට ටෙනිස් බෝලේ ගහනවා , ගහන්නේ බිම වැදිලා බිත්තියේ වැදෙන්න , එතකොට පොඩ්ඩක් ලූප් වෙලා අපේ පැත්තට බෝලේ එනවනේ. ඊට පස්සේ මම ඉස්සරහට පැනලා ඒක අල්ලනවා , අල්ලලා බිම වැටිලා රෝල් වෙනවා අර මැච් වල කරනවා වගේ. ඉතින් මම දවසක් ඔහොම කර කර ඉද්දී මම අර හැමදාම කියන මගේ ගොන් ක්ලම්සි භාවය අවදි වුනා ( ඒක මට උපතින්ම ආපු එකක් ). මම බිත්තියට බෝලේ ගහලා කැච් එකක් අල්ලලා බිමට ලෑන්ඩ් කලේ මගේ හොම්බ බිමට එන්න , ෆ්‍රෙඩී මර්කරි වගේ දත් ඇන්දත් ලොම්බ කරන් තමයි මම බිමට පත බෑවුනේ. ඉතින් මගේ ඉස්සරහ දත් ඇන්ද කෙලින්ම බිම ඇනුනා "හොක්" ගාලා. (අර අයිස් ඒජ් එකේ ඇටේ පස්සේ දුවන ලේනා වගේ , බලහන්කො ෆොටෝ එක ).


ඒ වැටිච්ච පාර එහෙම්ම මගේ දතේ කොන කඩල ගියා "ටික්" ගාලා. දත මොහොමඩ් වුණා. 

ඊට පස්සේ පට්ටම සීන් එක කියන්නේ තාත්තා මාව පස්සේ දවසක එක්කන් ගියා ඔය දත හදන්න. දතේ කැඩිච්ච හරියට පිරවුමක් දාලා අලුතෙන් කෑල්ලක් හදන්න තමයි ගියේ. මම කිව්වනේ මට ඩෙන්ටිස්ට්  ෆෝබියාව සැරටම තියෙනවා කියලා. ඒ නැතත් මම හෙන ලාමක ටින් ටින් බුවා කොහොමත් , නිකන් තුවාලයක් සුද්ධ කරන්න ගියත් ගෙදර දෙවනත් කරලා මරහඬ දෙනවා මම. ඉතින් ඒ නිසා දත හදන්න ගිහිල්ලා මම බෙරිහන් දුන්නා පළාත දෙවනත් වෙන්න. 

අන්තිමට එච්චර කට්ට කාලා හදාගෙන ආපු දත මම එදාම දවල් ගෙදර ඇවිත් කාලා වතුර එකක් බොන්න ගිහිං වීදුරුවේ දත වැදිලා අර අලුතෙන් දාපු පිරවුම් කෑල්ල කැඩිලා ගියා කියහන්කෝ ! පැය තුන හතරක් වත් තිබ්බේ නෑ අලුත් දත :(. තාත්තට සිද්ධිය කිව්වම එයා කිව්වා "තෝ එතන ගිහිං දත හදනකන් මැරෙන්න හැදුවා , ආයේ නම් යන්නේ නෑ තොට දත් දාන්න" කියලා , ඉතින් ඒ නිසා මගේ ඉස්සරහ දතේ අදටත් කෑල්ලක් මිසිං.

මගේ පලවෙනි දත ගැලෙව්වේ මම අට වසරේ ඉද්දී. සල්ලි ඉතුරු කරගන්න ඕනේ නිසා ඉස්කෝලේ ඩෙන්ටල් එකෙන් තමයි ගැලෙව්වේ. මම ඒ කාලේ ඉස්කෝලේ ඩෙන්ටල් එකට කොච්චර යනවද කියනවනම් ඩෙන්ටල් එකේ ඩොක්ටර් මාව අඳුරනවා නමින් ම. දවසක් ඩෙන්ටල් එකෙන් පන්ති ගානේ ගිහිං දන්ත සෞඛ්‍ය ගැන කියලා දෙන වැඩසටහනකට ඇවිත් ඩොක්ටර් මට "රකිත" කියලා කතා කළා. අපේ පන්තියේ උන් පුදුම වුනා ඩොක්ටර් මගේ නම දන්නේ කොහොමද කියලා , අන්තිමට මාව බයිටුත් වුණා මම ඩොක්ටර් ගේ දුවට ලයින් කියලා වස විලි ලැජ්ජාවයි (ඩොක්ටර්ට දුවෙක් හිටියා තුන වසරේ විතර) . 

කොහොමහරි ඩොක්ටර් එයාගේ වෙන්ට බෑණා වෙච්ච මට එච්චර හොඳට සැලකුවේ නෑ , මගේ ගලවපු දත තිබ්බේ යට හක්කේ කොණේ. ඒක ගලවන්න ගිහිං රීවා. ඒ කාලේ වැඩි ගැජට් පැජට් නෑ නේ , අර අඩුවක් වගේ එකකින් දමලා ඇද්දේ ඩොක්ටර් අත් දෙකෙන්ම ඒකෙ එල්ලිලා. කොච්චර නීට් එකට ඒක ඇද්ද ද කියනවනම් දත තිබ්බ තැන විදුරුමහ නිකං අර මෙගා බෝතල් පලලා හදන ප්ලාස්ටික් මලක් වගේ හතර වටේට විකසිත වෙලා තිබ්බේ මාස ගානක් යනකන්. එදා මට වෙච්ච එකම හොඳේ මම ගෙදර ගියාම අම්මා මට අයිස් කෝපි හදලා දුන්නා බොන්න , තව මම ඇඳේ ඉඳන් බලන්න අපේ පන්තියේ චිනාගෙන් face/off  වීසීඩී එක ඉල්ලගෙන ගියා. කෝපි බිබී ඒක බැලුවා. 

දෙවෙනි දත ගැලෙව්වේ ඊට කාලෙකට පස්සේ , ඒක නම් මහරගම දෙහිවල පාරේ තාත්තගේ යාලු ඩෙන්ටිස්ට් කෙනෙක් ගැලෙව්වේ , මිනිහා පට්ට pro , ගත ගැලවුනා තේරුනේවත් නෑ. එදත් ගෙදර ඇවිත් අම්මා හදල දුන්න අයිස් කෝපි බිබී ෆිලුමක් බැලුවා , එදා බැලුවේ Coach Carter.

කොහොමහරි , මට මේ දත් රෙද්දවල් කියන්න හිතුනේ මේ ලඟදි මම කාලෙකට පස්සේ ඩෙන්ටල් එක පැත්තේ ගිහිං මගේ තවත් දතක් නරක් වෙලා අහුවෙච්ච නිසයි. දැන් ඒකත් ගලවන්න යන සීන් එකක් තියෙන්නේ. ඒක චෙක් කරපු දවසේ ඩෙන්ටිස්ට් මහත්තයා මට කිව්වා දතේ x-ray එකක් ගහගෙන එන්න කියලා. මම ඉතින් ගියා ප්‍රයිවට් තැනකට දත් x-ray එක ගන්න. ටිකක් රෑ වෙලා ගියේ. අප්පට සිරි දත් එක්ස්ට්‍රේ ගහන ටෙක්නීශියන්ගේ හෙන ලොකු ලයින්. දතේ x-ray එක ගන්නකොට කටේ ඔබනවනේ මොකද්ද මන්දා කෑල්ලක්, ඒකත් මගේ කටේ ඔබලා මූ මට දැන් හෙන ලොකු ලයින් දෙනවා. අවාසනාවක මහත කියන්නේ මට මුට මුකුත් කියාගන්නත් බෑ මූට අනිත් පැත්තට , ඇයි මගේ කටේ අර රෙද්ද ඔබල නේ. මමත් ඉතින් මම්බල් රැපර් කෙනෙක් වගේ "ම්ම්ම් අම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්.." ගගා හිටියා. කොහොමහරි x-ray එක අරගෙන අර කෑල්ල මගේ කටෙන් එලියට ගන්න වෙලාව එනකොට මගේ තරහත් නිවිලා , අපරාදේ මගේ පැන්න මල ටික පිට කරගන්න විදියක් නැතුවම මැරිලා ගියා.

මේ දත් හුට පටේ නිසා මට පොඩි සත්‍යාවබෝධ moment එකකුත් ආවා. අපි දැන් හැමතිස්සෙම කතා කරනවා නේ මේ සසර දුකෙන් මිදෙන එක ගැන. විමුක්තිය ලබාගන්න හැටි ගැන... හරි ඔන්න අපි  හිත දියුණු කරගෙන අපේ මානසික විමුක්තිය ලබා ගත්තා කියමුකෝ. දුකෙන් මිදුනා කියමුකෝ . රහත් වුනා කියමුකෝ. ඒත් ඉතින් රහත් වුණත් වැඩක් තියේද දත් මැද්දේ නැත්තම් ? දත් පණුවෝ කනවනේ රෙද්ද! 

මම හැමදාම නානකොට පිටේ සබන් ගාද්දිත් ඕක මතක් වෙලා හිතනවා "වෙලාවට පිටේ දත් එන්නේ නැත්තේ නැත්තම් ඒවත් අමාරුවෙන් මදින්න එපැයි" කියලා , ඔව්.


Friday, January 3, 2020

ගැබාගේ graduation එක

Graduation එක , Convocation එක නැත්තම් උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ළමයෙක්ගේ ජීවිතයේ වැදගත්ම සහ මෙමරබල්ම දවසක්. අවුරුදු තුන හතරක් මහන්සි වෙලා ගත්තු උපාධියේ පොටෝ එකක් හැගීම්බර ලොකු ටෝක් එකක් සහිතව ෆේස්බුක් එකේ දාලා ආතල් එකක් ගන්න දවස. හැබැයි මගේ ජීවිතේ ඒ දවස ගත වුණේ කොට උඩ. අද ගැබාගේ ජීවිතයෙන් බිඳක් පරිසරයට විනාඩියක් ලැට් එකට බාල්දියක් කතාංගයෙන් ඒ කතාව කියන්න හිතුවේ ලඟදි ගේ අස් කරනකොට මගේ බැච් ෆොටෝ එක හමුවීම නිසයි , ඒ සමගම ඒ කතාවේ මතකය අලුත් වුනා.

කලින් කිව්වත් වගේ ගොඩක් ළමයින්ට තමන්ගේ උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ජීවිතයේ වටිනාම දවසක්. ලොකුකමකට කියනවා නෙමෙයි නමුත් මට නම් convocation එක කියන්නේ ජීවිතේ පඩේක වටිනාකමක් දැනිච්ච දවසක් නෙමෙයි, ඒ කාලේ. 

කොටින්ම මම convocation ගියෙත් අම්මවයි තාත්තවයි සතුටු කරන්න ඕනේ නිසා. නැත්තම් ඒ රෙද්දට දාන නිවාඩුවත් අපරාදේ කියලා තමයි මට හිතුනේ. මට එහෙම හිතෙන්නේ හේතු ගොඩක් තියෙනවා. ලොකුම හේතුව තමයි  මාව ඒ ලෙවල් පාස් වෙලා තේරිච්ච කොළඹ විශ්වවිද්‍යාලයේ physical science කෝර්ස් එක මට පොඩ්ඩක්වත් ආසාවක් තිබිච්ච දෙයක් නොවීම , තව එකක් තමයි මාව කැම්පස් එකෙන් දෙන ඉන්ටර්න් ප්‍රෝග්‍රෑම් එකටවත් සිලෙක්ට් නොවීම. ඒ ඔක්කොමත් හරි කියමුකෝ , මම කැම්පස් යන කාලේ බැච් එකේ කෙල්ලෝ දෙන්නෙකුටම බොක්කෙන් ලව් කොට ප්‍රතික්ෂේප වීම මේ එපා වීමට තවත් ලොකු හේතුවක් ( කියන්නත් ලැජ්ජයි හුත්තෝ දැන්නම් :P). තවද  මම කැම්පස් එකේ දෙවෙනි වසරේ ඉඳලම ටියුෂන් කරලා , එටිසලාට් එකේ සිම් විකුණලා එක එක hustle කරලා සල්ලි කීයක් හරි හොයාගෙන,  තෙවෙනි වසරේ පත්තරෙන් ඉන්ටර්න් එකක් මමම හොයාගෙන කැම්පස් අවුට් වෙන්නත් කලින් ලංකාවේ හොඳ කොම්පැනියක ජොබ් එකක් හොයා ගැනීම නිසා ඒ වෙනකොට මම කැරීම මාන්නයකින් හිටියේ මම ගැනම. ඒක නිසා මට කැම්පස් එක ගැන සත පහක ආදරයක් තිබ්බේ නෑ ඒ වෙනකොට. ( හැබැයි මට පස්සේ කාලෙක ගණිතය ඉගෙන ගන්න ලොකු ආසාවක් ආවා , එතකොට තමයි මට තේරුණේ මම ඇත්තටම කැම්පස් එකේ ගත කරපු කාලය නාස්ති කළා කියලා. එතකොට ඉතින් පරක්කු වැඩියි. ඒ ගැන පස්සේ ලියන්නම්කො . අනික ඉතින් අදටත් මම හම්බ කරන කන්නේ මේ කැම්පස් එකෙන් ලැබිච්ච උපාධි කොලේ නිසා / ඒකෙ පලයක් නැති වුණත් , ඒක නිසා ඒකට මම දැන් ගරු කරනවා. නමුත් තරුණ කාලේ මට කැම්පස් එක ගැන තිබ්බේ වෛරයක් විතරයි . දැන්නම් ඒ කාලයට ආදරෙයි හැබැයි).

ඉතින් ඔය හේතු නිසා මම convocation එක දවසේ උදේ ඉඳන්ම හිටියේ ඒ ගැන ලොකු උනන්දුවකින් නෙමෙයි. එදා මගේ ඩෙස්ක්ටොප් කොම්පියුටරේ කැඩිලා තිබ්බේ. ඉතින් කොහොමත් නිවාඩුවක් දාපු එකේ මම එදා උදේ වරුව ගත කලේ කොම්පියුටරේ රිපෙයාර් කරන්න උත්සහ කරමින්. හැබැයි දවල් වෙද්දී මට මීටර් වුණා ඒක මට තනියම ගොඩ දාගන්න බෑ , කෝම්පියුටර කඩේට අරන් යන්න ඕනේ කියලා. ඒ කාලේ මම කොම්පියුටර හැදුවේ බම්බලපිටියේ ටියුලිප් එකෙන්. ඒ කාලේ මගේ නිල වාහනේ තමයි තාත්තා මට අරන් දීපු "සුසුකි DR 125 ට්‍රේල් බයික් එක !!". 

කිව්වට මොකෝ පින්වතුනි මමයි මගේ බයික් එකයි ගැන වෙනම කතා පොතක් ලියන්න පුළුවන්. දන්නවනේ ඉතින් කොල්ලෙකුට ට්‍රේලක් ට්‍රේලකට කොල්ලෙක් කියන්නේ ආයේ ඉතින් ගලුයි කේජියි වගේ කොම්බිනේෂන් එකක් තමයි. බයික් එක සුපිරි ඒක පදින මට සයිකෝ :D , කනේ වැලි ගෑවෙන්න නවාගෙන තමයි යන්නේ! ( බයික් කතා පස්සේ වෙනම කියන්නම්කො ).

ඉතින් කොහොමහරි , ඔන්න මම තීරණය කළා මගේ බයික් එකේ පටෝගෙන මුළු මැෂින් එකම බම්බා අරන් යන්න අලුත්වැඩියාව සඳහා ටියුලිප් එකට බාර දෙන්න. බයික් එකේ මේක තනියම පටෝගෙන යන්න බැරි නිසා ඒ කාලේ මගේ හැම වැඩේකටම අපාය සහය මිත්‍රයා වෙච්ච , යම් ප්‍රාතිහාර්යයකින් අදටත් පණපිටින් ඉන්න කලණ මිතුරු දඹ දිවතුරු හසිත හෙවත් අකමුකෝ ට කතා කළා මාත් එක්ක බම්බා යන්න එන්න ! අකා කියන්නෙත් අපේ බැච් එකේම කොල්ලෙක් , හැබැයි ඌ කලේ අවුරුදු හතරේ ස්පෙෂල් ඩිග්රි එක. ඒක නිසා උගේ convocation  එක තිබ්බේ ඊළඟ අවුරුද්දේ . නමුත් අපේ සෙට් එකේ 90% ම වගේ එදා graduate වෙච්ච නිසා අකා කොහොමත් එදා convocation එකට එන්න හිටියේ. ඉතින් ඒක නිසා මමයි අකයි ඔන්න දැන් බයික් එකේ නැගලා මැෂින් එකත් පටෝගෙන බම්බා යන්න හදන්නේ , මම අම්මටයි තාත්තටයි කිව්වා මගේ සූට් එකත් අරගෙන කැම්පස් එකට එන්න කියලා , එහෙදි ඇඳුම් මාරු කරගන්න. එහෙම කියලා මම බයික් එකට නැග්ගේ ශෝර්ටක් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා.

"අද මේ convocation  එක දවසේ මොකටද ඔය වැඩ දාගන්නේ.. පස්සේ දවසක යන්න කොම්පියුටරේ හදන්න.. " හැමදාමත් සන්සුන්ව සහ ප්‍රඥාවන්තව වැඩ කරපු අපේ තාත්තා මට උපදෙසක් දුන්නා යන්න හදනකොටම..

"ආයේ නිවාඩු දාන්න බෑ තාත්තේ මේකට.. ඔයාට මෙව්වා තේරෙන්නේ නෑ.." තාත්තටත් ලොකු සීන් එකක් දාපු මම "බ්රුහ්" ගාලා බයික් එකේ කික් එක ගහලා ස්ටාර්ට් කරගෙන යන්න පිටත් වුණා.. මම කිව්වේ ඒ කාලේ මම හිටියේ මම ගැන හෙන අධි මාන්නයකින්. පොඩ්ඩක් කොහෙන් හරි ජොබ් එකක් සෙට් වෙලා සල්ලි ටිකක් අතට ආවම ඉතින් කොයි කොල්ලටත් තමුන්ට වඩා කෙරුමෙක් නෑ නේ , මමත් හිටියේ ඒ අවධියේ තමයි.

ඉතින් ඔය විදියට ලොකු සීන් දීගෙන මමයි අකයි බම්බා ආව. මම විදිනවා බයික් එකේ අකා ඉන්නවා පිටි පස්සේ මැෂින් එක බදාගෙන. මැෂින් එක කොම්පියුටර් කඩේට බාර දීලා එනකොට convocation එකට වෙලාවත් ලං වුණා. ඒක නිසා මමයි අකයි හනි හනිකට කැම්පස් එක පැත්තට ආවේ මට convocation  එකට ලෑස්ති වෙන්න තිබ්බ නිසා. අපි කැම්පස් එනකොට අම්මයි තාත්තයි මගේ ඇඳුම් අරගෙන ඇවිත් තිබ්බා , අපේ ජීප් එකේ. මම ඒවා මාරු කරගෙන එයාලා එක්ක BMICH එකට ගියා අකාවත් ජීප් එකේ දාගෙන බයික් එක කැම්පස් එකේ දාලා. හෙල්මට් දෙකත් ජීප් එකේම දාගෙන ගියා කෝකටත් කියලා.

BMICH එකට ගිහිං ඉතින් මුකුත් නෑ , පැය ගානක් හෝල් එකකට වෙලා තැම්බිලා හිස් බම්බුවකුත් අරගෙන , තව පැයක් විතර පෝලිමක ඉඳලා ෆොටෝ එකකුත් ගහගෙන ඔන්න එතන වැඩ ටික ඉවරයක් වුණා. convocation එක අහවරයි. ෆොටෝ ටික අරන් ඉවර වෙච්ච ගමන්ම මම කලේ ඇඳන් හිටපු සූට් එක ගලෝලා උදේ ඇඳන් ආපු ශෝර්ටයි ටී ෂර්ට් එකටයි මාරු වෙච්ච එක. ගොබ්බ කොන්වොකේෂන් එක මට එච්චරටම හිරිකිත වෙලා තිබ්බේ ( මම එදා හැසිරෙච්ච විදිය හැබැයි පොඩි එකෙක් වගේ තමයි , දැන් තමයි ඒවා තේරෙන්නේ :P ).  ඔය අතරේ මම පස්සෙන් ගියපු කෙල්ලෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් මම එදා දැක්කා. ඒක නිසා මගේ අවුල් මූඩ් එක තවත් අවුල් ගිහිල්ලා තිබ්බේ..

කොහොමහරි ඉතින් යාළුවො එක්ක ෆොටෝ මොටෝ ගහලා කට්ටිය විසිර යන්න ලැස්ති වුණා. මම , අකා ඇතුළු තව කීපදෙනක් චාරිත්‍රානුකූලව බොන්න යෝජනා කලේ ඔය වෙලාවේ. අපේ අම්මයි තාත්තයි දෙන්නත් ඒ වෙනකොට BMICH එකේ හිටියා අපි ඉවරවෙනකන් බලාගෙන.

අපේ ගෙදරින් කොහොමත් බොන ඒවාට අව්ලක් තිබ්බේ නෑ ඒ කාලේ ඉඳන්ම. ඒ වෙනකොටත් මම තාත්තයි එකට බීලා තිබ්බා කීප පාරක්ම. ඒක නිසා අපි ආයෙත් කැම්පස් එකට ගිහිං බොන එක ගැන තාත්තා ගේ කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ. හැබැයි බීලා මම බයිසිකලේ එන එක ගැන නම් එයාගේ පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනේ නෑ.

"බිව්වට කමක් නෑ.. හැබැයි බයිසිකලේ එහෙම එන්න එපා හරිද???" මට දැඩිව එසේ අවවාද කරපු තාත්තා අම්මා එක්ක ජීප් එකේ නැගලා ගෙදර ගියා.

මමයි අකයි නානයි සුනකෙයි තව කීප දෙනෙකුයි බොන්න සෙට් වුනා කැම්පස් එකට. මම කැම්පස් එකට පයින් ගිහිං එතනින් බයික් එකේ ගිහිං ආරියපාල එකෙන් ගල් බෝතලයක් අරං ආවා. තව කොහෙන්ද මන්දා බියර් වගේකුත් කවුරැ හරි ගෙනත් තිබ්බා. ඇත්තටම එදා බොන්න සෙට් වුනු කට්ටිය හැමෝවම මට මතක නෑ. මට මතක විදියට මමයි නානයි අකයි ගල් බෝතලේ ගැහුවා. බියර් එකකුත් ගහන්න ඇති. සාකසාර ගැහුවද කියලා නම් මතකයක් නෑ. කොහොමහරි එදා එහෙම දරුණුවට අපි බිව්වේ නෑ. ඒ කාලේ වෙනකොට මම සෙනසුරාදා හවසට අකා එක්ක කොට්ටාවේ ග්‍රීන් ගාර්ඩන් එකේ බෝතලයක් ගහලා , කිසි අව්ලක් නැතුව අකාව බයික් එකේම ගෙදරත් බස්සලා , මම කිසි ගානක් නැතුව ගෙදර ඇවිත් අම්මත් එක්ක ITN එකේ සැටර්ඩේ නයිට් මූවි එකත් බලන්න තරම් ධාරිතාවකට ලං වෙලා හිටියේ. ඉස්සර දැන් තරම් බීමත් රියදුරෝ චෙක් කලෙත් නෑ. ඔය ඔක්කොම නිසාත් ඒ ඔක්කොටොම වඩා මගේ තරුණ මදය ලොකු වුන නිසාත් , "ඕනේ තරම් බීලා මට වාහනේ අරන් යන්න පුළුවන් හුත්තෝ" මානසිකත්වේ නිසාත් මම තීරණය කළා අපේ තාත්තාගේ අණට සහ එදා නොබී හිටපු සුනකේ ඇතුළු කොල්ලන්ගේ ඇවිටිල්ලට විරුද්ධව ගිහිං බයික් එකේ ගෙදර යන්න ! අකාවත් දාගෙනම..

ඇත්තටම මට ඒ වෙලාවේ වැඩිය වැදිලා තිබ්බේ නෑ..

හැබැයි මට බේබදු ලොවේ තියරි කියා දුන් අපේ තාත්තා කියපු එක දෙයක් මට එදා ප්‍රත්‍යක්ෂෙන්ම තේරුණා. ඒ තමයි "සමහර වෙලාවට බෝතලයක් ගැහුවත් වදින්නේ නෑ.. සමහර වෙලාවට ෂොට් දෙකක් දැම්මත් වදිනවා.." කියන එක!

අකාගේ ගෙවල් තිබ්බේ හෝමාගම රෝහල ළඟ , ඉතින් අපි තීරණය කළා කොට්ටාව වෙනකන් හයිලෙවෙල් එකේ ගිහිං ඊට පස්සේ රෝහල පාර පැත්තෙන් යන්න. ඉතින් පින්වතුනි ඇත්තටම ඔය ගමනේ මට හරියට මතක කිරුලපොන හරියට එනකන් විතරයි.. වැදිලා නෑ කියාගෙන බයික් එකට නැග්ගට ටිකක් දුර යනකොට මට නාග සලන් වෙන්න වැදුනා මම දන්නෙත් නෑ මොනවා වුනාද කියලා.. 

කිරුලපොන සිග්මා එක හරියේදී "උඹ හිතන්නේ මට වැදිල කියලද හුත්තෝ.. ඔන්න බලහන්.." කියලා මම අත් දෙක අත ඇරලා බයික් එක අරන් යනවා මතකයි ලාවට වගේ.. අකා කිව්වා මම ඊට පස්සේ සැරෙන් සැරෙන් ඌත් එක්ක කතා කලේ බයික් එකේ යන ගමන් සම්පූර්ණයෙන්ම ඉණෙන් උඩ කඳ උගේ දිහාවට භ්‍රමණය කරලා උගේ දිහා බලාගෙන ලු. පාර බලන්නේ නැතුව තමයි මම එළවලා තියෙන්නේ.. ඒක නිසා ටිකක් දුර යනකොට ඌ මාත් එක්ක කතා කරන එක නතර කරලා.. කොහොමෙන් කොහොමහරි එච්චර පිස්සු කෙලලත් අපි කොට්ටාවේ හන්දියට ආවා පණ පිටින් , මට කොට්ටාවට එනවා ලාවට මතකයි..

ඊට පස්සේ ( අපේ මොලේ තරම කියන්නේ ) එච්චර දුර හයිලෙවල් පාරේ ආපු අපි,  තීරණය කළා කොට්ටාවේ ඉඳන් ඉතුරු ටික හයිලෙවල් එකේ නැතුව රෝහල පාර පැත්තෙන් යන්න , පොලිසියෙන් බේරෙන්න :D. මම හිතන්නේ බීලා වාහන එළවලා තියෙන හැමෝම වගේ දන්නවා ඇති අපි බීලා එලවනකොට ඇත්තටම මොලෙන් නෙමෙයි එලවෙන්නේ , නිකන් "පුරුද්දට" ඔටෝ පයිලට් යනවා වගේ එකක් වෙන්නේ. මටත් ඉතින් වුණේ ඕකම තමයි. කීප පාරක්ම ගිහිල්ලා තිබ්බ පාරේ මමත් ඔහේ පුරුද්දටම ගියා.. ඒත් වෙරි මත නිසා මගේ මොලේ ඔෆ් වෙලා තිබ්බේ. කොටින්ම මට මෙලෝ සිහියක් මතකයක් නෑ මම යන්නේ කොහොමද කියලා.. තනිකර බ්ලැක් අව්ටු..  මේලෝකේ සිහියක් නැතුව සොම්බියෙක් වගේ බයික් එක එලෝගෙන ගියපු  මාව ඇහැරුනේ අකා "ඕයි ඕයි හුත්තෝ හුත්තෝ නවත්තපා........න් !!!! " කියලා යටි ගිරියෙන් බෙරිහන් දීපු සද්දෙට ! මමත් උඩ නැගලා බ්රේක් එක ගහලා යන්තම් බයික් එක නවත්ත ගත්තා !!

කිව්වට විශ්වාස කරන්න පින්වතුනි , අපි හැමදාම ආපු ගියපු පාරේ , කාලකන්ණි RDA එකෙන් පාර මැද්දේ පත වලක් හාරලා.. ඒ වලේ යට අර පරණ රජ කාලේ වලවල් වල වගේ , අර ප්‍රින්ස් ඔෆ් පර්ශියා DOS ගේම් එකේ තියෙනවා වගේ , වියට්කොං ගරිල්ලෝ ඇමරිකන්කාරයන්ට කපපු උගුල් වල තියෙනවා  වගේ පත යකඩ කූරු වගයක් හිටවලා!! අපේ බයික් එක නතර වෙලා තිබ්බේ ඒ වලට ඔන්න මෙන්න තිබිලා !! අකා කෑගැහුවේ නැත්තම් අපි දෙන්නම අද වෙනකලුත් ඒ වල ඇතුලේ යකඩ කූරු වල ඇමිණිලා ඇති කෙබාබ් වෙලා! 

කොහොමහරි යන්තම් ඒ මාරකයෙනුත් බේරිලා එතන හිටපු මිනිස්සුන්ගෙනුත් බැනුම් අහගෙන ඔන්න යන්තම් අපි දෙන්නා අකාලගේ ගෙදරට සේන්දු වුනා , නිරුපදිත්‍රව !! 

ඇත්තටම මෙච්චර බුල කෙලලත් සීරිමක්වත් නැතුව ගෙදරටම පණ පිටින් එන්න පුළුවන් වෙච්ච එක ගැන උටයි මටයි දෙන්නට ඇති වුණේ ලොකු සතුටක්.. අපි ඒ සතුට සමරන්න තීරණය කලේ කැම්පස් එකෙන් අරගෙන ආපු ඉතුරු වෙලා තිබිබ බියර් කෑන් එකක් කඩලා.. අන්න ඒක තමයි මගේ විනාසයට මුල පිරුවේ..

දැන් වෙලාව පාන්දර ජාමෙත් කිට්ටු වෙන්න ඇති,  අකාගේ ගෙවල් ළඟ තිබ්බ අඳුරන බේකරියකින් අකා උණු උණුවේ බාපු මාළු පාන් වගයක් අරගෙන ආවා.. නැවුම් මාළු පානුයි බියරුයි අපිට ඒ වෙලාවේ දැනුනේ දිව්‍ය භෝජන වගේ.. බියර් කෑන් එක බෙදාගෙන ගහපු අපි දෙන්නා මදි පාඩුවට ගොල්ලීප් දෙකකුත් ගැහුවා.. දැන් ඉතින් ෆුල් ටෑන්ක් !

"උඹට අමාරු නම් අද මෙහෙ ඉඳලා පලයන්.." අකා සුපුරුදු ලෙන්ගතු කමෙන් කිව්වා. උන්ගේ ගෙදර මට නුපුරුදු තැනක් නෙමෙයි. ඒත් මගේ ගොබ්බ තරුණ මදය නැවතත් ඉහලට හිස එසෙව්වා!

"පිස්සුද හුත්තෝ මට වැඩි නෑ.."

"මට වැඩි නෑ හුත්තෝ.." , මම හිතන්නේ මේ ලෝකේ "ඔයා මට යාලුවෙක් වගේ" කියන වචන හතරට පස්සේ වැඩියම මිනිස්සු මරපු වචන හතර "මට වැඩි නෑ හුත්තෝවෙන්න ඇති..

මම අකාට හග් එකක් දීලා සමුගෙන බයික් එකේ නැගලා එන්න පිටත් වුණා.

මේ වෙනකොට නම් මට පුක් වෙන්න වැදිලා තිබ්බේ.

මම හයිලෙවල් පාරෙන්ම ගෙදර යන්න යන්න තීරණය කළා. මට මතක නෑ ඒ ඇයි කියලා. පෙළක් විට ඒ බෙල්ල කපපු හන්දියෙන් දාලා කැලෑ පාරවල් වලින්ම මට ගෙදර යන්න පුළුවන් බව යටි හිතේ තිබ්බ නිසා වෙන්න ඇති. යටි හිත කෙසේ වෙතත් මගේ උඩු හිතට නම් ඒ වෙලාවේ බඩු වෙලා තිබ්බේ. මම බයික් එක පාරට දාලා හයිලෙවල් එක දිගේ මංචි එක දිහාට එන්න ගත්තා. මේලෝකේ සිහියක් නෑ. ආවේ කොහොමද කියලා දන්නෙත් නෑ. ඇස් දෙක ඇරගෙන ආවද , වහගෙන ආවාද කියල දන්නෙත් නෑ. මම ආවේ නින්දෙන් වගේ.. හැබැයි මට එක පාරටම ඇහැරුණා "ඩොග්!!" ගාලා බයික් එක කොහෙද මන්දා හැප්පෙන සද්දෙත් එක්ක !

"සූස්..." ගාලා මාව බිම දිගේ ඇදිලා ගියා ටික දුරක්.. බයික් එක පැත්තක.. මම බිම වැටිලා ඉන්නවා තව පැත්තක.. ෆුල් ආතල් එකේ හැබැයි , වැදිලා හොඳටම. මම කොච්චර වෙලා එහෙම හිටියද මතක නෑ..



"ඒ මචං නැගිටපන්.. නැගිටපන්.." 

"උඹට අව්ලක් නැද්ද.." හඬට මාව ඇහැරුනා.. කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මාව කෙලින් කළා.. උන් දෙන්නා කව්ද කියලවත් මම දන්නේ නෑ.. 

"උඹට අව්ලක් නැද්ද මචං??"  එක කොල්ලෙක් මගෙන් ඇහුවා..

"නෑ බං.. " මම කිව්වා , තාම බඩු වගේ 

"මොකද වුණේ..??"

"වැටුණා නේද??" ඌම උත්තර දුන්නා. බැලින්නම් උන් දෙන්නා පාරේ එහා පැත්තේ ලොරියක යන ගමන් මාව දැකලා ඇවිත් තියෙන්නේ මට උදව් කරන්න :)

"කෝ උඹේ පර්ස් ෆෝන් තියෙනවද??" උන් ඇහුවා..

මම චතුර සේනාරත්න වගේ "බහ් බහ්" ගැවා මිසක් මුකුත් කියාගන්න තරම් සිහියක් තිබ්බේ නෑ..

"ආ මේ තියෙන්නේ.." කියලා උන් දෙන්නගෙන් එකෙක් මට ෆෝන් එකයි පර්ස් එකයි හොයලා ගෙනත් දුන්නා.. මම ෆෝන් එක අරන් ශෝර්ටේ ඉස්සරහ සාක්කුවකට දාගෙන පර්ස් එක අරන් පිටි පස්සේ සාක්කුවට දැම්මා.. ඒත් දාපු පරක්කුවට පර්ස් එක ආයෙත් බිමටම වැටුණා.. මම ආයෙත් පර්ස් එක ඇහිඳගෙන පිටිපස්සේ සාක්කුවට දාගත්තා.. ආයෙත් පර්ස් එක බිමටම වැටුණා ! ඔහොම ඔහොම දෙපාරක් විතර කරනකොට තමයි මට තේරුණේ මගේ කලිසමට වෙලා තියෙන දේ..

මම බිම දිගේ ඇදිලා ආපු ටිකට මගේ කලිසම හොඳටම ඉරිලා. මගේ පිටි පස්සේ සාක්කුවත් නෑ.. කලිසම ගන්න දෙයක් නෑ.. 

මම ටිකක් වටපිට බැලුවා.. එතකොට තමයි මට වෙලා තියෙන දේ ටික ටික තේරෙන්න ගත්තේ. මම හැප්පිලා තියෙන්නේ නිකන්ම පාර වෙන් කරන කොන්ක්‍රීට් බැම්මක , අර පාර මැද්දේ තියෙන්නේ.. සිද්ධිය වෙලා තියෙන්නේ කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එක හරියේ.. 

"තාම බඩු නේ.." එක කොල්ලෙක් මගෙන් ඇහුවා පොඩි හිනාවකුත් දාලා..

"ඔව් බා..න්" මමත් කිව්වේ වියරු හිනාවක් දාගෙන..

"ඔය පර්ස් එක ඉස්සර සාක්කුවට දාගනින්.." එහෙම කියල ඌ මගේ පර්ස් එක ඉස්සරහ සාක්කුවට එබුවා.

"අප්පට සිරි මේ අත.." අනිත් කොල්ලා මගේ අත උස්සලා පෙන්නුවා. එතකොට තමයි දැක්කේ මගේ අතට වෙලා තිබ්බ දේ. කැඩිලා බිඳිලා මුකුත් නෑ.. හැබැයි  ඇටේට වෙනකන්ම වගේ  මස් ටික දිය වෙලා ගිහිං පාරේ ඇතිල්ලිච්ච පාරට.. forearm එකේ පදාසයකම මස් නෑ , තඩි වලක් වගේ තුවාලයක් , ලේ එකයි. බීලා හින්ද හැබැයි මට මුකුත් වේදනාවක් දැනෙන්නේ නෑ.

"ඉඳා මේකෙන් ගැටගහගනින්.." එක කොල්ලෙක් උගේ සාක්කුවේ තිබ්බ ස්කාර්ෆ් එක අරගෙන මගේ තුවාලේ වෙලුවා..

"උඹට තනියෙන් යන්න පුලුවන්ද ?? උඹ කොහෙද??" උන් දෙන්න මගෙන් ඇහුවා..

"පන්නිපිටියේ.."

"අපි ගිහිං දාන්නද..???" ඒ උන්

"ඕනේ නෑ බං.. මට පුළුවන්.."

එහෙම කියලා මම බයික් එකත් කෙලින් කරගත්තා. එතකොට තමයි මම දැක්කේ බයික් එකේ ඉස්සරහ රෝදේ ඇද වෙලා හොඳටම..

"මේකේ යන්න පුලුවන්ද බන්???" අර කොල්ලෝ දෙන්නා ආයෙත් ඇහුව මගෙන්.. මම පුළුවන් බං කියලා බයික් එකේ නැගලා ස්ටාර්ට් කරගෙන ආවා..


ඇත්තටම අරුන් දෙන්නට ස්තුති කලාද නැත්ද වත් කියලා මතක නෑ.. මට එතන ඉඳන් ගෙදර ආපු හැටිත් හරියට මතක නෑ.. කොහොමහරි ආයෙත් කොහේ වත් හැප්පෙන්නේ නැතුව මම අපේ ගෙදර දොර ඉස්සරහට ආවා මතකයි බයික් එකේම..

මම ගෙදර දොරේ බෙල් එක ගැහුවා.. තාත්තා ඇවිත් දොර ඇරියා..

"තාත්තේ.. මේ මාර සීන් එක නේ..."

"මාව හැප්පුනා නේ බීලා ගිහිං.."

මම කිව්වේ එච්චරයි.. මම හිතුවේ මගේ කණ හරහා "චටාස්" ගාලා පාරක්වත් එයිද කියල.. ඒත් එහෙම මුකුත් නෑ.. 

"මේ බයික් එක.. බයික් එකේ රෝදේ ඇද වෙලා තාත්තේ..." මම ආයෙත් ගොත ගොත කිව්වා.. බයික් එකක් පැදපු ඕනේ කොල්ලෙක් දන්නවා ඇති තමන්ට මොනවා වුණත් කොල්ලෙක්ගේ ඔලුව වැඩ කරන්නේ බයිසිකලේ ගැන බව. අපි මලත් කමක් නෑ බයික් එක ඉතුරු වෙලා කියල නේ ඒ කාලේ හිතන්නේ..

"හරි හරි බයික් එක වැඩක් නෑ.. ඔයාට මොකෝ??" තාත්තා මාව අල්ලලා පරීක්ෂා කරන ගමන් ඇහුවා.. මට ඒක නම් හොඳට මතකයි තාත්තා මට වචනයකින්වත් දොසක් කිව්වේ නෑ !

"මේ අත තුවාල වෙලා තාත්තේ.." මම අත පෙන්නුවා..

"ඔලුව වැදුනද ඔලුව.." තාත්තා දොරකඩ ඉඳලම ඔලුව හරවා හරවා බැලුවා..

"නෑ නෑ අව්ලක් නෑ.."

"හරි යන් බෙහෙත් දාගෙන එන්න.."

තාත්තා මාව ගේ ඇතුලට අරගෙන දොර වහන ගමන් කිව්වා. 

"අම්මට දැන් ඇහැරුවොත් බය වෙයි.. ඔයා නාගෙන එන්න මම නංගිව ඇහැරවන්නම්.." අපේ නංගි පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ සෞක්‍ය දානේ බැහැල වැඩ කළා , ඒ නිසා එයාට ඔය තුවාල සාස්තරේ හොඳට පුළුවන්..

"තුවාලේ හොඳට හෝදගෙන එන්න.." කියලා තාත්තා මාව ටවල් එකත් දීලා බාත්රූම් එකට තල්ලු කළා.. 

මේ වෙද්දීත් මට ඉතින් හොඳටම බඩු ලු ඈ.. ඉතින් ඔන්න මම ආයෙත් ආතල් දෙන්න පටන් අරගෙන! කොච්චරද කියනවනම් මට තාත්තා තුවාලේ හෝදගෙන එන්න කිව්වම මම ගිහිං ඔලුව හොඳට අල්ලලා හෝදගෙන , ෂැම්පුත් දාලා නාලා . හැබැයි තුවාලෙට වතුර පොදක් වත් දාලා නෑ.

"හරි තාත්තේ..හෝදගෙන ආවා.." මම ටවල් එකෙන් ඔලුව පිහිදාන ගමන් කාමරේට එනකොට නංගියි තාත්තයි බෙහෙත් පෙට්ටිය සූදානම් කරනවා..

"මේ මොකද්ද මේ.. කෝ තුවාලේ හෝදලා නෑ නේ.." තාත්තා මගේ අත උස්සලා පෙන්නුවා හප්පට සිරි ඒක තියෙනවා එහෙම් පිටින්ම වැලි ලේ ඔක්කොමත් එක්ක ! 

"මෙන්න මෙහෙ එන්න!!' කියලා මගේ අතින් ඇදගෙන ගිය තාත්තා එයාගේ අතින්ම මාව ටැප් එකට අල්ලලා තුවාලේ හේදුවා හොඳට සබන් දාලා. 

ඊට පස්සේ ආයෙත් කාමරේට මාව ඇදගෙන ගිහිං නංගි ලව්වා තුවාලේ සුද්ධ කරලා හොඳට බෙහෙත් දැම්මෙව්වා..මට ඒ වෙනකොටත් කොච්චරද බඩු ද කියනවනම් වෙනදට කට්ටක් අයින් කරන්න ගියත් මරලතෝනි දෙන මම එදා අර පත තුවාලේ නංගි අතුල්ලද්දීත් ෆුල් ආතල් එකේ හිටියා :) 

බෙහෙත් දාලා ඉවර වෙලා මාව ඇඳේ නිදි කරවපු තාත්තා නෙට් එකත් දැම්මා.

"මම නිදාගන්නද මෙතන බිම ??" තාත්තා ඇහුවා මතකයි මට ලාවට වගේ..

"ඕනේ නෑ තාත්තේ.. දැන් අවුලක් නෑ.." මම කිව්වා..

"හරි" කියපු තාත්තා මට වතුර එකක් ගේන්න කාමරෙන් එලියට ගිහිං ආපහු ආවලු. ඒ එන ටිකට මම නිදිලු නිකන් ගහක් කපලා දැම්ම වගේ ! මම එච්චර ඉක්මනට කොච්චර නිශ්චලව නින්දට වැටුනද කියනවනම් තාත්තා බය වෙලා මට ලංවෙලා බැලුවලු මේකා මැරිලාවත්ද කියලා :P.  

කොහොමහරි ඔන්න ඔය විදියට මම යන්තම් පණපිටින් ගෙදර ඇවිත් මගේ අයිතිහාසික convocation රාත්‍රිය එසේ නිමා කළා !

ඊට පස්සේ දවසේ තාත්තා මාව අපේ ෆැමිලි ඩොක්ටර් ලඟට එක්කන් ගියා තුවාල පෙන්නන්න. එතනත් පොඩි ආතල් එකක් සෙට් වුණා මට. මගේ අතේ තුවාලේ පෙන්නුවම ඩොකා කියපි මේක හොඳට සුද්ද කරන්න නම් හම් කෑලි වගයක් මොනවද මන්දා කපලා අයින් කරන්න ඕනේ කියලා.. ඔන්න දැන් පොර ඔපෙරේෂන් බ්ලේඩ් එකකුත් අරගෙන මගේ හම් කෑලිද මොනවද මන්ද කපනවා.. අප්පට හුඩු රිදෙනවා කියන්නේ.... මම හිතන්නේ මගේ වැඩිහිටි ජීවිතේ මට වැඩියෙන්ම රිදිච්ච දවස එදා.. ඇත්තටම එදා මට අඬන්න පුළුවන් වුණා නම් මම අඬනවා එතනම , නිකන් නෙමෙයි කෑගහලා අඬන්නේ !! ඒත් පවුලේ නම්බුව සුරකින්න ඕනේ නිසා මම කාගෙන හිටියා. හැබැයි මොලේ සයිල නම් දෙක තුනක් වත් මැරෙන්න ඇති ඒ කාගෙන හිටපු කෑමට.. ඒ ඔක්කොමත් හරි , මගේ මස් ටික ඔක්කොම කපලා ඉවර වෙලා ඩොකා කියපි "හොස්පිටල් ගියා නම් මේක හිරිවට්ට්ලා කරන්න තිබ්බා.." කියලා. "මුගේ අම්... දැන් ද යකෝ කියන්නේ..." කියලා පැනලා උගේ රීරි මාංස හූරන් කන්න හිතුනේ ඒ වෙලාවේ තමයි මට ! @#%#^@

ඔයාකාරයට මම බෙහෙත් දාගෙන තාත්තා එක්ක ඩිස්පෙන්සරියෙන් එලියට එනකොට අකයි නානයි දෙන්නත් ඇවිත් හිටියා මගේ දුක සැප බලන්න.. ඊට පස්සේ අපේ තාත්තයි මමයි උන් දෙන්නයි සිගරට් ටිකක් පත්තු කරගෙන සිද්ධිය කතා කරන්න පටන් ගත්තා..

"ඇයි යකෝ උඹ ඊයේ රෑ මට කෝල් කලේ නැත්තේ හැප්පුනාම???" ඒ අකා

"කොහේ කෝල් කරන්නද.." අපේ තාත්තා දුම් ගුලියක් යවන ගමන් පටන් ගත්තා.. "මේකට හොඳටම සූර් ඊයේ රෑ.. මම තුවාලේ හෝදන් එන්න කිව්වම මූ ගිහිං ඔලුව හෝදගෙන ඇවිත් , තුවාලේ එහෙම්මමයි.. වෙනදට පොඩි තුවාලෙකටත් බෙරිහන් දෙනවා මූ.. ඊයේ රෑ නම් පොල් ලෙල්ලකින් තුවාලේ ඇත්තිල්ලුවත් ගාණක් නෑ.." තාත්තා මගේ රෙදි ගලවන්න පටන් ගත්තා..

කට්ටියටම හිනා ඉතින්..

"පුතාලා බිව්වට කමක් නෑ .. හැබැයි බීලා එලවන්න එපා.." තාත්තා එදා අපි හැමෝටම රත්තරන් උපදෙසක් දුන්නා..

හැබැයි ඒ කියලා කාලයක් යන්න කලින් අපේ තාත්තත් බීලා ගිහිං හප්පා ගත්තා :P ! අපේ තාත්තා කියන්නේ එසේ මේසේ පුතයෙක් නෙමෙයි. යටියන්තොට පැත්තේ එයාලගේ අම්මලාගේ ගමේ එහෙම හෙල් උඩ පටු පාරවල් වල කුඩු වෙන්න ගහලා එලෝගෙන ගියපු මිනිහෙක් , බීලා ඇවිදිගන්න බැරි සයිස් එකට ඉද්දිත් උස්සන් ඇවිත් තිබ්බම වාහනේ බබා වගේ එළවන් යන මිනිහෙක් , කොටින්ම මම දැකපු හොඳම ඩ්‍රයිවර් අපේ තාත්තා බිව්වත් නොබිව්වත්! ඒත් එච්චර පළපුරුදු එයත් බීලා ගිහිං එහෙම ඇනගත්තා කියන්නේ ? බිව්වම අපිට අපිව ෂුවර් නෑ කියන එක තමයි. ඒක නිසා මේක කියවන හැමෝටම මට කියන්න තියෙන්නේ , බීලා නම් එලවන්න එපා දෙයියෝ කියලා තමයි ! 

ඒ ඇරෙන්න මේ සිද්ධියේ මට හදවතට වැදිච්ච දෙයක් තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන උදව් කිරීමේ ගතිය. අර පාරේ ගිය කොල්ලෝ දෙන්නා මාව එදා දැක්කේ නැත්තම් මට මොනවා වෙයිද ? එක කොල්ලෙක් උගේලේන්සුවෙන් මගේ අතත් වෙලුවේ. ඒ ස්කාර්ෆ් එක තාමත් මගේ ළඟ තියෙනවා , පහලින් තියෙන්නේ ඒකෙ පින්තූරයක්. මම ඔය අතුගාද්දී එහෙම ඕක බැඳගෙන අතු ගාන්නේ ( මට පීනසේ යකෝ පොඩ්ඩක් දූවිලි ගියත් ඉවරයි :P ). අපේ රටේ මිනිස්සුන්ව අපි කොච්චර විවේචනය කලත් , දන්නෙවත් නැති මිනිස්සුන්ට උදව් කිරීම අතින් නම් අපි තරම් ජාතියක් තවත් නැතුව ඇති !


පහලින් තියෙන්නේ එදා මම ගහපු ෆොටෝ ටිකක් , තුවාලේ ෆොටෝ නම් නෑ මොකෝ ඒ කාලේ මට හොඳ කැමරා ෆෝන් එකක් තිබ්බෙත් නෑ. සිද්ධියේ මතක සටහන් විදියට මට ඉතුරු වෙලා තියෙන්නේ මගේ අතේ තියෙන පත කැළැලයි අර කොල්ලගේ ස්කාර්ෆ් එකයි විතරයි.

ආ ඊට අමතරව මමයි තාත්තයි මේ සිද්ධියෙන් පස්සේ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුමක් ගැහුවා තාත්තා බොන දවසට මම ලිෆ්ට් දෙන්නත් මම බොන දවසට තාත්තා ලිෆ්ට් දෙන්නත්. ඒ ක්‍රමයෙන් අපි දෙන්නත් ආරක්ෂා වෙනවා , පාරේ යන අහිංසක මිනිස්සුත් ආරක්ෂා වෙනවා නේ.. 

ගැබාගේ දිග convocation කතා වස්තුවත් මේසේ අවසාන වෙනවා !








Wednesday, January 1, 2020

බාල අපචාර

මගේ බිරිඳයි මමයි එකට ඉන්නවා දැක්කම ගොඩක් අය ඉස්මතු කරන කාරණාවක් තමයි මගේ බිරිඳගේ ලාබාල පෙනුම. සැබවින්ම ඇයට දුරින් වැම්පයර් නෑදෑකමක් වත් ඇති දැයි සැක හිතෙන්නේ ඇයගේ වයස පෙනුමෙන් නොපෙනෙනා බැවිනි. ඈත් සමග පාරේ යන සැම විටම මට බය සිතෙන්නේ කාන්තා හා ළමා ආරක්ෂකෙන් ඇවිත් මාව බාල අපචාර වලට කුදලාගෙන යාවිද කියාය. ඈ එතරම් ලාබාල පෙනුමැති ය. නමුත් ඇත්ත සිද්ධිය නම් පෙනුමෙන් ලොලිටාවක් වූවද ඈ වයසින් ලලිතා වැනි වනිතාවක් වීමයි. අප දෙදෙනාටම දැන් වයස 31ක් වන අතර ඇය මට වඩා ඇත්තටම මාසයක් වැඩිමල් ය. නමුත් ඈ පමණට වඩා ලාබාල පෙනුමැති අතර මම එහෙම්.. පමණට වඩා නාකි පාට බව කිව යුතු නොවේ ඉතින් 😟

මේ වයස් දෘෂ්ටි මායාව නිසා නොයෙකුත් විසිළු සහගත සිදුවීම් අප හට සිදු වී ඇත , ඉන් එකක් අද දින ඔබ හමුවේ ලිවීමට සිතුනේ අද උදයේත් මගේ යාලුවෙක් "ගෑණි උඹට වඩා අවුරුදු පහ හයක් බාලයි වගේ" කියා කිවීමෙන් ඇති වුණු ලැජ්ජා සහගත හැගීම සිත දරාගෙනයි.

මා කලකට පෙර වැඩ කල කාර්යාලයේ වාර්ෂික ක්‍රීඩා උත්සවයක් පැවැත්වුනි. ක්‍රීඩා උත්සවය පැවැත්වීමට පෙර දිනයේ මා බිරිඳ ( එකල වෙන්ට - වයිෆ් ) කාර්යාලයට පැමිණියේ මා සමගම හවස ගෙදර යාමටයි. ක්‍රීඩා උත්සවය සඳහා ලහි ලහියේ සූදානම් වෙමින් සිටි කාර්යාල සගයන්ගෙන් සමුගෙන මා බිරිඳගේ අතින් අල්ලාගෙන පාරට බැස්සේ ඈත් සමග බසයකට නැගීමටයි. බස් හෝල්ට් එකට යාමට තිබුනේ ත්‍රී වීල් පාර්ක් එක මැදින්ය. අපේ කාර්යාලය අවුරුදු ගණනාවක්ම එතන තිබුණු නිසා බහුතරයක් ත්‍රී වීල් අයියලා අපිව හොඳින් අඳුරන අය වූහ. කාර්යාලයේ පැවැත්වෙන උත්සව ආදිය ගැනද ඔවුන් ඒ නිසා හොඳින් දැන සිටියහ.

ඉතින් මා බිරිඳගේ අතින් අල්ලාගෙන වීල් පාර්ක් එක මැද්දෙන් යන විට ඔන්න දන්නා කියන වීල් අයියා කෙනෙක් මූණටම හමු විය. පුරාණ සිංහල චාරිත්‍රානුකූලව අපි දෙදෙනා එකිනෙකා සමග සිනහ වී පොඩි ස්මෝල් ටෝක් එකක නියැලුනේ කුළුපඟ කම නිසායි.

"කොහොමද සර්.."

"කොහොමද අයියේ මොකෝ වෙන්නේ"

"ඉන්නවා සර්.. හෙට සර් ලගේ ක්‍රීඩා උත්සවේ නේද..??"

ඔන්න අයියා අහනවා..

"ඔව් අයියේ හෙට නේ.."

"ආ.. කට්ටිය හරි හරියට වැඩ නේද සර් ??"

"ඔව් අපිත් මේ වැඩ කරලා දැන් ගෙදර යන ගමන්.." මම හිනාවකුත් දාන ගමන් කීවෙමි.

මට පොළොව පලාගෙන යෑමට සලස්වමින් වීල් අයියා අපට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල කලේ ඉන් පසුවයි..

අර පොඩි ළමයි දැක්කම නිකන් මූනිච්චාවට අපි උන්ගේ ඔලු අත ගාන්නේ ?? නිකන් නිල වශයෙන් "කොහොමද බබා.." කියන්න වගේ ?

ආන්න ඒ වගේ බිරිඳගේ ඔලුවට තට්ටුවක් දැමූ වීල් අයියා මගේ දිහා බලමින් මේසේ ඇසීය..

"මේ පාර බබාලට ක්‍රීඩා මුකුත් නැද්ද සර් ???"

"*#$*#$&$*)(@*@)($#"

ඒ දුක්බර කතාව අවසාන වූයේ එසේය.. 😭



Sunday, December 29, 2019

මාර්කට් යෑම

ඊයේ රෑ කීල්ස් එකට ගියා අම්මා එක්ක බඩු අරන් එන්න. ඉරිදා රෑ කියන්නේ පන්නිපිටිය කීල්ස් එකට යන්න තියෙන ජරාම දවස , මොකෝ ඒ වෙලාවට තමයි කීල්ස් එකේ සෙනග උපරිම වැඩි. ඒ තියරිය දැන දැනත් යන්න සිද්ධ වුනා ගෙදර බඩු ඉවර වෙලා තිබ්බ හින්දා. කීල්ස් එකට ගිහිං ඔන්න දැන් වාහනේ පාර්ක් කරන්න හොයනකොට කාර් පාර්ක් එකේ හැමතැනම ෆුල්. ඒක නිසා අම්මව බස්සලා මම හෙමිහිට වටයක් ගියා පාර්කින් ස්පොට් එකක් හොයාගෙන. වටයක් යද්දී දැක්කා එකම එක ෆ්‍රී ස්පොට් එකක් , ඒක තිබ්බේ අර කීල්ස් වල ගහලා තියෙන්නේ පතරංග බෝර්ඩ් එකක් උන්ගේ නම දාලා , අන්න ඒක යට. මමත් ඉතින් ඒ ස්පොට් එකවත් නැති වෙන්න කලින් ගන්න කියලා රූං ගාලා ගිහිං , ස්වුෂ් ගාලා එතනට රිවස් එකක් ගහලා එතන නැවැත්තුවා නිකන් කෙන් බ්ලොක් වගේ.

මම කලිනුත් කියලා තියෙනවනේ , මම පට්ට ක්ලම්සි චරිතයක්. හැම රෙද්දම වට්ටගන්නවා සහ හැම වැඩේම කෙලෝ ගන්නවා මගේ ගොන් කම නිසා. ඉතින් මේ අවස්ථාවේදීත් මගේ නිදන්ගත ගොන් භාවය ඔන්න අවදි වුනා. දැන් මගේ කාර් එක නවත්තලා තියෙන්නේ අර බෝර්ඩ් එක යට. මම සයිඩ් කන්නාඩියෙන් බැලුවම බෝර්ඩ් එක තියෙන්නේ කාර් එකේ වහලෙට උඩින්.. ඉතින් අව්ලක් නෑ නේ ඉඩ තියෙනවනේ කියලා මම කඩිමුඩියේ බැස්සා වීරයා වගේ කාර් එකෙන් එලියට.. හැබැයි මට අමතක වුනා මම කාර් එකට වඩා උසයි කියලා.. බැස්ස ගමන්ම වැදුනා ඔලුව අර බෝර්ඩ් එකේ "ටොයින්ග්!" ගාලා. ඒ මොන හුත්තක්ද ඒ වුණේ කියලා ඔලුව උස්සලා බලන්න ගිහිං ආයෙත් පාරක් ඔලුව වැදුනා බෝර්ඩ් එකේ "ටොයින්ග්!" ගාලා දෙවෙනි පාරටත්! දැන් ටොයින්ග් දෙකයි. මම හිතන්නේ රිදිච්ච තරමට මට චූ පොඩ්ඩකුත් ගියා. බලන් ඉන්න උන්ට නම් නිකන් චාර්ලි චැප්ලින් ගේ ෆිල්ම් එකක් වගේ පේන්න ඇති.

අර කාර්ටුන් වල වගේ "සූ...ස්" ගාලා ලොකු ගෙඩියක් මගේ ඔලුව උඩ එනවා වගේ තේරුණා මට. ඇත්තටම තාම ගොඩක් රිදෙනවා.. හරියට නිකන් ඔලුව උඩ තජ් මහලක් තනවලා වගේ ඉදිමිලා තියෙන්නේ. අව්ලක් නෑ හෙට වෙනකොට ඇරිලා යයි. කුමටද මා මී හරකෙක් වී ඉපදුනේ දෙයියනේ.. 😔



Monday, November 25, 2019

කාමරය සුද්ධ කීරීම

අවුරුදු ගාණකට පසු මාගේ කාමරය පිරිසිදු කිරීමට මම ඊයේ තීරණය කලෙමි. පුරා පැය හතරක පමණ කාලයක් හිප්හොප් වීඩියෝවක සිටින crip gang මෙම්බර් කෙනෙකු මෙන්  ස්කාර්ෆ් එකකින් මුව වසාගෙන පුක ඉරාගෙන සුද්ද කිරීමෙන් පසු ප්‍රතිපල මෙසේය.

- මගේ කාමරයේ 90% ම ඇත්තේ අනවශ්‍ය ද්‍රව්‍යයි , ඉන් බහුතරයක් "කවදා හරි ඕනේ වෙයි" කියා තියාගත් නමුත් අවුරුදු දහයක් පහලවක් ගියත් අතවත් තබා නැති ද්‍රව්‍යයි

- මේ අනවශ්‍ය ද්‍රව්‍ය අතර මා කොණ්ඩය වවාගෙන සිටි කාලයේ භාවිත කල පනාවක් , පනාවක් , තවත් පනාවක් , braids , රස්තා හෙඩ් බෑන්ඩ් එකක් ඇතුළු තවත් බඩු බාහිරාදිය රැසක් විය ඒ ටික දැකලා මටම මා ගැන ලැජ්ජාවක් ඇති විය

- අනවශ්‍ය බඩු ගැන කියනකොට තවත් හිත කම්පා කරවන කාරණයක් නම් ඒ කාලේ එකතු කරපු "CD" තැටි තොගයයි ! හැම රෙද්දම අසරු සැනින් අන්තර්ජාලයෙන් බාගත හැකි අද කාලයේ CD තැටි චන්දෙන් පසු ටොයියන් මෙන් අලවංගු වී ඇතත් CD තැටි එකතු කරමින් ගෙවුණු මාගේ සොඳුරු තරුණ කාලය මට ඒ ටික දැකලා මතක් විය. CD තොගයට උම්මා එකක් දී කුණු බක්කියට විසික් කෙරුවෙමි

- එක බිත්තියක් මුල්ලේ දඟර ගැසී සිටි සර්පයෙක් දැක කලිසමේ හුජ්ජ ගියත් ලංවී බලන විට දුටුවේ එය ප්‍රාග් වයිෆයි යුගයේ ඇටවූ LAN කේබල් එකක් බවය. තාක්ෂනය දියුණු වීමත් සමග අභාවයට ගිය තවත් සත්වයෙක්

- මගේ කාමරයේ තිබී හමුවුණු ගිනි පෙට්ටි , ලයිටර් තොගය කෙතරම්ද යත් මම "ප්‍රොමිතියස් ධර්මසේන" ලෙස නම වෙනස් කරගැනීමට තීරණය කලෙමි

- කොළ කෑල්ලක ඔතා තිබුණු බඩු ජුන්ඩක් හමුවූ අතර එය සමාදානයේ ආදාහනය කර දැමුවෙමි හී හී අම්මේ...

- කාමරයේ තවත් මුල්ලක තිබී මා පාසල් කාලයේ භාවිත කල "කැරකෙන බෙල්ට් එක" හමුවිය. යෙස් 2000න් පස්සේ ඉපදුණු මදෆකාස් , කැරකෙන බෙල්ට් එකල සීන් එකක් විය!

- නෙතට කඳුලක් ඉනවූ තව දසුනක් වූයේ මුල්ලක් තිබී  මා සුමිතුරු පංකජ වික්‍රමරත්න විසින් මා හට කලකට පෙර එවූ drugfreeworld.com නම් මත්ද්‍රව්‍ය නිවාරණ සයිට් එකේ පොත් මාලාවයි. එය දැක මා හට කඳුළු ඉනුවේ වෙන මොකටවත් නොව එකල මා දුසිරිතෙන් ගලාවගනු වස් සහෝදර ප්‍රේමෙන් කටයුතු කළා වූ 
පංකජයා දැන් කැරි ගන්ජාකාරයෙක් වී ඇති බව මතක් වෙලාය

- කාමරයේ වාසය කල සත්වයන් රැසකට ඊයේ සිය නිවාස අහිමි විය. හූනන් , කැරපොත්තන් , මකුළුවන් සහ හඳුනා නොගන් තවත් ජීවින් හැට හුටාමාරක් ඒ අතර විය. ඔවුන් සැවොම අලුත් තැනක අලුත් ජීවිතයක් සතුටින් පටන් ගත්තා යයි ප්‍රාර්ථනා කරමි.

මගේ කතාව මෙයින් අවසානයි .
මීට තවමත් කිබුහුන් අරින
ගැබා...ච්චින් !



Image result for cleaning out my closet

Sunday, October 27, 2019

බස් වත - සංගීතේ

අද මම ඔෆිස් ආවේ අකුරැස්ස සුපොභබෝගී බස් එකක. පිස්සු කොර ඇතුලේ ප්ලේන් එකක් වගේ. ඉස්සරහ පතරංග ටීවී එකක්. ඒකෙ සංගීතෙක වීඩියෝ එකක් යනවා. මම සාමාන්‍යයෙන් බස් එකේ යන්නේ ෆිල්ම් එකක් බලාගෙන හෝ සින්දුවක් අහගෙන වුණත් අද කෙරී වැස්සට අහු වෙලා මම නිකන් ප්‍රාග් අයිතිහාසික යුගයේ මුහුදෙන් ගොඩට ආපු පලවෙනි මාළුවා වගේ තෙමිලා හිටියේ , ඒක නිසා හෙඩ්සෙට් එක එලියට අදින්න කම්මැලිකමට ඔන්න ඔහේ සංගීතේ බලාගෙන ආවා.
අප්පට හුඩු ඉඳුනිල් අන්දරමාන්න ආවා සින්දුවක් කියන්න , මම හරි ආසයි මිනිහගේ අර "මගේ චූටි දු බලන්න මං ගියදා" කියන සින්දුවට, ඔන්න දැන් පොර ඒ සින්දුව කියනවා.
"මගේ චූටි දූ බලන්න මා ගියදා.." අනේ ලස්සනට කියනවා
"මහ වැස්සක් ඇද වටුනා ඇයි මංදා.." හරිනේ එලියේත් වහිනවා , මම දැන් ෆුල් මූඩ් එකට ඇවිත් සින්දුව අහනවා..
"වටපිට බැලුවත් කවුරුත් නැති හංදා..."
ඔන්න සින්දුවේ උච්චම අවස්තාව ආව ..
"මගේ ආදරේ කීවා.."
"කෑගහලා!!!!!!!!!!!!!!!!" කියනකොටම සංගීතේ සවුන්ඩ් බැලන්ස් කරන හුත්තිගේ කොල්ලා echo , reverb අරවා මෙව්වා ඔක්කොම එක පාරට කැරකෙව්වා කියහන්කෝ උපරිම ! දුවට නෙමෙයි උදේ පාන්දර චූන් පාන් කාරයා පස්සෙන් එලවන එකෙක් කුණුහරුපෙන් කෑගහනවා වගේ ඒක මාව උඩ ගිහිං බිම වැටුනේ !
ඒකට තක්කු මුක්කු වෙච්ච ෂෝක් එක යන්තම් හරි තුනී වුණේ ඊළඟ සින්දුව කියන්න ආපු සුප්‍රියා පද්දපු පැද්දිල්ල බලන් ඉඳලා තමයි.. අනේ දෙයියන්ගේ පිහිටෙන් මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ සුප්‍රියා අක්කි ( සෙවල හිනාව ). ඔන්න ඔහොමයි අද බස් විත්තිය.

ඕමි

10
ඕමි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මගේ ජීවිතේට ගොඩක් ලඟින්ම සමීප වෙච්ච ක්‍රීඩාවක්. පොඩි කාලේ ඉඳන්ම අලසයෙක් සහ ක්‍රීඩාවට අදක්‍ෂයෙක් වුනු මම ටිකක් හරි ආස කරපු "ක්‍රීඩාවක්" තියෙනව නම් ඒ කාර්ඩ් ක්‍රීඩා විතරයි. මට කාර්ඩ් කුට්ටමේ අග මුල කියලා දුන්නේ දක්ෂ කාර්ඩ් ක්‍රීඩකයෙක් වෙච්ච මගේ තාත්තා. කාර්ඩ් ගහද්දි හොර කරන්න මට කියලා දුන්නෙත් අපේ තාත්තම තමයි. අපේ තාත්තා එහෙමයි , පොත් වල ඉන්න තාත්තලා වගේ සුභාශිතයයි ජාතක කතා පොතයි විතරක් නෙමෙයි අපිට කියලා දුන්නේ. අනූ ගණන් වල මතකද දිගටම තිබ්බ පවර්කට් සමයක් තිබ්බා ? ඒ දවස් වල කරන්ට් එක ගියාම මමයි අම්මයි තාත්තයි නංගියි හතර දෙනාම සෙට් වෙලා ඕමි ගහලා ලොකු සතුටක් ලැබුවා. තාත්තා මට කියලා දීපු හොර ට්‍රික්ස් පාවිච්චි කරලා මමයි අපේ පහල ගෙදර මලින්ද්‍රයයි සෙට් වෙලා වටේ පිටේ පොඩි උන් පරද්දලා ඊටත් වඩා සතුටක් ලැබුවා. ඔය කියන කාලේ මගේ වයස 10 ක් විතර ඇති.

J
කාර්ඩ් කුට්ටමක් නිසා මම ජීවිතේ බූරුවෙක් වුණේ මම කැම්පස් ගියාට පස්සේ. ඒ ඕමි ගහන්න ගිහිං කෙල්ලෝ දෙන්නෙකුටත් පැරදිලා ! මම ඒ වෙනකොට හිතාගෙන හිටියේ මට හොඳට ඕමි ගහන්න පුළුවන් කියලා , ඒත් අපේ බැච් එකේ කෙල්ලෝ දෙන්නෙක් වන ජබ්බි සහ ගෝරි ඉදිරියේ ඒ වෙනකොට කාර්ඩ් පුළුවන් කියලා රගාගෙන හිටපු මමයි තව කොල්ලෙකුයි හැමෝම ඉස්සරහ පරාද වුණේ හූ හඬ සහ කින්ඩි බෝල මැද්දේ. එදා තමයි මට තේරුනේ මට හරියට ඕමි ගහන්න තේරෙන්නේ නෑ කියලා.

Q
ඕමි ඊළඟට මගේ ජීවිතේට සම්බන්ධ වුණේ මම අපේ බැච් එකේම කෙල්ලෙක් පස්සෙන් ගිහිං කැමතිද කියලා අහලා ඒකි බෑ කියලා , මම දේව්දාස් මෝඩ් එක ගහලා ඉන්න කාලේ. ඒ කාලේ හිතේ දුක නිවාගන්න මම කලේ රෑ එලි වෙනකන් ඕමි ගහපු එක. හැබැයි වෙන මිනිස්සු එක්ක නෙමෙයි , පරිඝනක ක්‍රීඩාවක් හම්බවුනා ලංකාවේ හදපු, ඒක. ඕමි ගහන ගමන් සින්දු අහන එක තමයි කලේ , මගේ එකල කබල් කොම්පියුටරයේ. ඒකෙ තිබ්බේ සින්දු හයයි. මට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බෙත් නෑ. ඉතින් ඔය සින්දු හය තමයි හැමදාම , ඔන් රිපීට් , එළිවෙනකන් මම අහන්නේ ඕමි ගහ ගහ. ඒ සින්දු හයෙන් මතක ටිකක් තමයි The bleeding  - 5FDP , Shawna - getting some head ( sadly i wasn't at that time ) , සඳ මිතුරි සහ සඳ ඕනා - කසුන් කල්හාර සහ චන්ද්‍රයන් පිදු. අනිත් එක මතක නෑ. ඔය සින්දු සෙට් එකෙන් The bleeding එක විතරයි ටිකක් බූට් ලයින් එකේ යන සිංදුවකට තිබ්බේ. ඒක ඇහුවේ සමිත සිරිමාන්න වගේ හොටු පෙර පෙර . කොච්චරද කියනවනම් මම අදටත් ඕක අහන්නේ නෑ ඒ කාලේ අහලා අහලා එපා වෙච්ච එපා විල්ලට. හැබැයි කොහොමවෙතත් හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා , හැම මාළු බනිසකම නැනෝමීටරයක හරි මාළු කෑල්ලකුත් ඇති.  ඒ වගේම මගේ මේ අඳුරු කාලෙත් එක හොඳ දෙයක් මට සිද්ධ වුනා. ඒ තමයි මම ඒ කාලේ ඇත්තටම හොඳට ඕමි ගහන්න ඉගෙන ගත්තා.

K
ඔය අඳුරු කාලයෙන් පස්සේ මම ඕමි ක්‍රීඩාවේ කෙල පැමිණියා. ඊට පස්සේ මම වැඩිය ඕමි ක්‍රීඩාවෙන් පැරදුනේ නෑ. හැබැයි ආදරෙන් නම් ආයේ ආයෙත් අම්බානට පැරදුනා. කෙල්ලෝ සීයකගෙන් විතර ඇහුවා උන් ඔක්කොම බෑ කිව්වනේ. 

ඔන්න ඔහොම තමයි 10න් පටන් අරන් බූරුවා , පොරව , හේරා දක්වා මගේ ඕමි ජීවිතේ විකාශය වුණේ. ආසියා තාම ගහලා නෑ. ගහපු දාට ඒකත් කියන්නම් , දැනට අත අකුලන්නම් :).

Image result for omi card game