කාගෙ හරි බෝඩිමක
වාඩිවී බිම දාපු ගඳ මෙට්ටෙක කොනක
බෙදාගෙන ගහපු සිගරට් කොට
සුවඳයි සොයුරනි තාමත් මතක් වෙනකොට
Showing posts with label කවි. Show all posts
Showing posts with label කවි. Show all posts
Wednesday, July 29, 2020
Tuesday, February 25, 2020
අහිමි වීම්
දෑස නුඹටත් නින්ද නැති වුණෙ
ඈව හමුවුණු දවසෙ ඉඳලයි
දෙතොල නුඹටත් පිස්සු හැදුනේ
ඇගේ තොල් සිප ගත්ත දිනමයි
බොක්ක නුඹටත් ලිමිට් පැන්නේ
මා දමා ඈ ගියපු දිනමයි
වැස්ස නුඹටත් හුජ්ජ බර වුණෙ
කුඩේ අමතක වෙච්ච දිනමයි!
ඈව හමුවුණු දවසෙ ඉඳලයි
දෙතොල නුඹටත් පිස්සු හැදුනේ
ඇගේ තොල් සිප ගත්ත දිනමයි
බොක්ක නුඹටත් ලිමිට් පැන්නේ
මා දමා ඈ ගියපු දිනමයි
වැස්ස නුඹටත් හුජ්ජ බර වුණෙ
කුඩේ අමතක වෙච්ච දිනමයි!
Saturday, February 22, 2020
untitled
දවසේ වැඩ නිමාවී
බස් එකේ තැලී පොඩිවී
හවසට ගෙදර එමි
තුවායත් කරේ දමන්
නාන කාමරේ දොර තදින් වසන්
සිංහාසනාරූඩ වෙමි
මගේ සෙරමික් සිංහාසනයේ
සිගරැට්ටුවක් පත්තු කරන්
දිග දුම් සුසුමක් පිට කරම්
"ආහ්...කෙතරම් උත්කෘෂ්ඨ ද මේ මොහොත!"
මා දවස පුරාවටම පුල පුලා බලාසිටි අවස්ථාව
කන්තෝරුවේ වහල් භාවයෙන් මිදී
මා රජවන මොහොත !
දවස පුරාවට එක එකා මගේ ඔලුවට දැමූ
ගූ ගොඩවල් වලින් නිදහස් වන මොහොත !
සුරූපී අන්තපුර ලඳුන් නැත
චාමර සලන්නට
යටහත් පහත් යටත් වැසියන් නැත
මගේ දෙපා මුල වැටෙන්නට
මැහුම් ඉරී ගිය ගෙදට්ට අඳින ෂෝට පමණක්
දෙපා මුල වටයක් එතී වැටී ඇත
රජුගේ නාමයේ කීර්තිය
පැතිරේ නාන කාමරේ දස අත
කල්පනා කරමි මම ප්‍රෞඩව
මට දිග් විජය කල හැකි මගේ හීන ගැන
මා විසින් කිරීමට සැරසෙන
වීරවික්‍රම ක්‍රියා ගැන
මකරුන් මරා දමා
බේරා ගන්නා දහසකුත් වැසියන් ගැන
උන් මගේ නම කියා ඔල්වරසන් දෙන හැටි ගැන..
"සැරදේ මහරජ සැරදේ !!"
.
.
.
.
දුම්වැටිය දැවී නිමාවේ
රජුගේ පාලන කාලය අවසන් වේ..
මිය ගිය ෆිල්ටර් කොටය වීසි කොට
ෆ්ලශ් කර දමමි සද්දෙට
එකට ගුලිවුණ
අළු , මලපහ , හීන
එක්කම
ඔක්කොම...
බස් එකේ තැලී පොඩිවී
හවසට ගෙදර එමි
තුවායත් කරේ දමන්
නාන කාමරේ දොර තදින් වසන්
සිංහාසනාරූඩ වෙමි
මගේ සෙරමික් සිංහාසනයේ
සිගරැට්ටුවක් පත්තු කරන්
දිග දුම් සුසුමක් පිට කරම්
"ආහ්...කෙතරම් උත්කෘෂ්ඨ ද මේ මොහොත!"
මා දවස පුරාවටම පුල පුලා බලාසිටි අවස්ථාව
කන්තෝරුවේ වහල් භාවයෙන් මිදී
මා රජවන මොහොත !
දවස පුරාවට එක එකා මගේ ඔලුවට දැමූ
ගූ ගොඩවල් වලින් නිදහස් වන මොහොත !
සුරූපී අන්තපුර ලඳුන් නැත
චාමර සලන්නට
යටහත් පහත් යටත් වැසියන් නැත
මගේ දෙපා මුල වැටෙන්නට
මැහුම් ඉරී ගිය ගෙදට්ට අඳින ෂෝට පමණක්
දෙපා මුල වටයක් එතී වැටී ඇත
රජුගේ නාමයේ කීර්තිය
පැතිරේ නාන කාමරේ දස අත
කල්පනා කරමි මම ප්‍රෞඩව
මට දිග් විජය කල හැකි මගේ හීන ගැන
මා විසින් කිරීමට සැරසෙන
වීරවික්‍රම ක්‍රියා ගැන
මකරුන් මරා දමා
බේරා ගන්නා දහසකුත් වැසියන් ගැන
උන් මගේ නම කියා ඔල්වරසන් දෙන හැටි ගැන..
"සැරදේ මහරජ සැරදේ !!"
.
.
.
.
දුම්වැටිය දැවී නිමාවේ
රජුගේ පාලන කාලය අවසන් වේ..
මිය ගිය ෆිල්ටර් කොටය වීසි කොට
ෆ්ලශ් කර දමමි සද්දෙට
එකට ගුලිවුණ
අළු , මලපහ , හීන
එක්කම
ඔක්කොම...
Sunday, September 22, 2019
තොටියෙකි මා
දුහුල් කොලෙන් ඉරලා ගත් තීරුවට
මල් මකරන්ද අතුරාලා සීරුවට
සන්සුන් වෙයන් වාරය එයි මාරුවට
නැගපන් මලේ දෙව්ලොව යන පාරුවට
- ගැබා
මල් මකරන්ද අතුරාලා සීරුවට
සන්සුන් වෙයන් වාරය එයි මාරුවට
නැගපන් මලේ දෙව්ලොව යන පාරුවට
- ගැබා
Thursday, September 19, 2019
ගෞතම මුනිදු මගෙ හිරු සඳු වන සේක
අද උදේ ඔෆිස් ආපු වීල් එකේ ඩ්‍රයිවරයා පාරේ යන යන එකාගේ ඇඟටම කපල වෙට්ටු දාල ඊට පස්සේ තව උන්ගෙන් ගේමත් ඉල්ලනවා ඌ වැරැද්ද කරලා.ලොකුවට ස්ටිකර් එකකුත් ගහන් ඉන්නවා ඒ මදිවට බුදු හාමුදුරුවෝ ගැන. ඒ වෙලාවේ මෙහෙම හිතුන මට..
Wednesday, August 7, 2019
සික්කා
ලොවම නිදන පාලු රැයේ මදුරු තලන සික්කා
කොළඹ හතේ වස්තු රකින ගමෙන් ආපු සික්කා
ලොක්කන්ගේ ගොන් වැඩටත් බැනුම් අහන සික්කා
හාල් කෑලි වලට පවා "සර්" කියන සික්කා
රට වෙනුවෙන් උතුරු කොරේ සටන් වැදුණු සික්කා
දරු මල්ලන් රකිනු පිණිස දැන් බැංකුවෙ සික්කා
ෆයිව් ස්ටාර් හෝටලයම මුර කෙරුවත් සික්කා
චූන් පාන් වීල් එකෙන් හවසට කයි සික්කා
විනාඩියක් ඇහැ පියවුණු නිසා බැනල ලොක්කා
වැසුණු නෙතින් කඳුළු සලයි කොනකට වී සික්කා
හමුදා ලේ ඇඟ දිව්වත් ඉවසනවා සික්කා
"පීප් පීප්" හෝන් හඬට උඹ දුවපන් සික්කා
කොළඹ හතේ වස්තු රකින ගමෙන් ආපු සික්කා
ලොක්කන්ගේ ගොන් වැඩටත් බැනුම් අහන සික්කා
හාල් කෑලි වලට පවා "සර්" කියන සික්කා
රට වෙනුවෙන් උතුරු කොරේ සටන් වැදුණු සික්කා
දරු මල්ලන් රකිනු පිණිස දැන් බැංකුවෙ සික්කා
ෆයිව් ස්ටාර් හෝටලයම මුර කෙරුවත් සික්කා
චූන් පාන් වීල් එකෙන් හවසට කයි සික්කා
විනාඩියක් ඇහැ පියවුණු නිසා බැනල ලොක්කා
වැසුණු නෙතින් කඳුළු සලයි කොනකට වී සික්කා
හමුදා ලේ ඇඟ දිව්වත් ඉවසනවා සික්කා
"පීප් පීප්" හෝන් හඬට උඹ දුවපන් සික්කා
Sunday, February 28, 2016
බ්‍රෙෂියර් විසිකරන අක්කලා අතර කැෂියර් නංගිලා
මාළුයි කිරිපිටියි අඩුවට 'ඔෆර්' ඇති නිසා
පොෂ් මදි වුනත් 'සුපිරි' මාර්කට් එකට ගියා
ලොකු ලොකු නෝනලා මහතැන් කරත්ත පුරවන්
උන් අතරේ ගඳගහන මාළු අරන් මම පෝලිමේ
AC දාල සුපිරියටම දාඩියත් නැතේ ,
හීනියට ඇහෙයි කඩ්ඩ සිංදුවකුත්
"රුපියල් පහක් ඉතුරුයි සර් මාළු ටිකට"
මේක් අප් තට්ටු වලට යටවූ කැෂියර් නංගි
ඉතුරු සල්ලි දෙන්නට සොයන්න මාරු කාසි
යෙහෙන් වැජබෙන මහ බලගතු කෑෂ් රෙජිස්ටරේ
පහලම තට්ටුව එලියට ඇද්ද විට
සුසුමක් පිට වුණා කැෂියර් නංගි වෙතින්
සීතල AC හුළඟට කලවම් වී
ඉරිදා පත්තරේ මංගල දැන්වීම් පිටුවෙන්
පිළිවෙලකට ඔතලා ආදරයෙන්
"දවල්" කියා පොල් ගෙඩි අකුරෙන් ලියූ
අම්ම දීපු බත් ගෙඩිය තාමත් එතන..
සුපිරි සීතල AC දාඩියත් නෑ අපිට නම්
මේක් අප් දිය වෙනවා දුටිමි කැෂියර් නංගිගේ දෑස් අග
Wednesday, September 16, 2015
ගංගානම් ගඟ : Sinner`s paradise
වරක් නෑවොත් සියලු පව් සේදෙන
ගංගානම් නදියකි මේ සමාජය
උඩහින් නාන පව් කාරයන්ගේ පව් සේදී
පහලින් වතුර බොන උන්ගේ බඩවල් වලට යයි
පොඩි පුතා කෙළසූ කෝවිලේ මෝලා
උදේම ගංගානම් ගඟේ නාලා
ගඟේ වතුරෙන් හදපු කොකා කෝලා
පොඩි පුතා බොයි රුපියල් 30ක් දීලාඑතිලා සුදු රෙද්දක
පාවේ කල පව් පින්
The river is holy
yet the water rots of SINSunday, September 6, 2015
සුරා වරුණ
සමනය කර දමා සැම දුක් හිතේ ඇති
මතුකර සමහරුන්ගේ ඇති අමන ගති
වැනුවත් කෙතෙක් නුඹේ ගුණ නම් නිමක් නැති
හැකි පමණකින් වනනෙමි මා සිතින් බැති
********************************
පොත් මිටියකුත් අරගෙන යන කල පාසල්
සල්ලි නැති නිසා ගන්නට ලොකු දේවල්
ගන්ධය නැති නිසා රවටා මුරකාවල්
ඇස් රවටලා ගැසුවා අපි සුදු ලේබල්
***************************
සිරි ලංකා ශ්‍රී නාමේ පවතින කල්
මෙහි නාමයෙන් බේබද්දන් පුද දේ මල්
උක් දඬු වලින් ඉමිහිරි කරලා ගෙන පල්
පෙරලි පෙරලි අපි ගැසුවා බෝතලෙ ගල්
***************************
සුනිමල් පියල් සිරියාවති සහ බ්‍රෙන්ඩා
මෙහි රස දනී පාගල් පල්සර් හොන්ඩා
අපෙත් ආයු ගෙන සැමදා වැජබෙන්ඩා
old arrack නාමය රජ කල මෙන්ඩා
***************************
අඩියෙන් අඩියට වෙනකොට මහතුරු
අමතක කරලා ගල වෙත ගරු සරු
කලවම් කරලා යුශයක් පලතුරු
ස්වීඩිෂ් වොඩ්කා ගසනෙමු සුමිතුරු
***************************
රතු කළු ඇතුලු දේදුන්නේ පාට අරන්
Walker මොහුයි මත් පැන් ලොව කිරුළු පලන්
යාමට බැරිය දහසක් මගෙ වටින පයින්
ජොනියා ගැසුවා වෙනකන් අපි නාග සලන්
***************************
කෙතරම් සුරා තිබුනත් මගෙ මත් බඳුනේ
පෙර සිට ආපු ආදරයක් මට හැඟුනේ
සුපුරුදු රසකි ඔබ ළඟ සැමදා රැඳුනේ
JD වෙතයි මාගේ නම් සිත බැඳුනේ
***************************
බීමෙන් බීම හොඳ බීමලු කැඳ බීම
කරනට හොඳයි මේවායින් වැළකීම
ආතල් එකට කෙරුවේ මෙහි ගුණ කීම
කිසිදින promote නොකරමි මත් පැන් බීම
මචං මෙන්ඩිස්
ඇගෙ හද
මගෙ හද
හා බැඳී රන්දම
විසි කර අහසට
උගෙ හද
ඇගෙ හද
බැඳුනා රහසට
ඇගෙ හද
මගෙ හද
හා බැඳී රන්දම
තියලා උකසට
මධු කඳ
බොමි අද
හවසට හවසට
ප.ලි - බලහන්කො පෙට්ටියට මුවා වෙලා ඉන්න ලස්සන විතරක්, චූ..ටිය!
Tuesday, September 1, 2015
Long Distance
Skype එකේ රටා මවන්න
පිට රට විස්තර කියන්න
කටාර් රටේ මම හිටියා
වෙනද වගේ උඹ එනකන්
"hi" කියල ඊයේ දාපු
චැට වැටෙනවා 'seen' කියල
ඒත් උඹේ reply නෑ
data ඉවර වෙලා වත් ද?
උඩහ ගෙදර කැලුමා එක්ක
උඹ හොඳටම 'scene' කියල
ආරංචිය ආවේ මට
අපේ මලයගෙ viber එකෙන්
මූණු පොතේ උඹේ මූණ
කටුගාලා දැම්මත් මම
රටා මැවෙන්නේ කොහොමද
"tata" නොකිය උඹ ගියාම..
"ඔය Long Distance රෙද්දවල් හරියන්නේ නෑ බන්" - කැලුමා
පිට රට විස්තර කියන්න
කටාර් රටේ මම හිටියා
වෙනද වගේ උඹ එනකන්
"hi" කියල ඊයේ දාපු
චැට වැටෙනවා 'seen' කියල
ඒත් උඹේ reply නෑ
data ඉවර වෙලා වත් ද?
උඩහ ගෙදර කැලුමා එක්ක
උඹ හොඳටම 'scene' කියල
ආරංචිය ආවේ මට
අපේ මලයගෙ viber එකෙන්
මූණු පොතේ උඹේ මූණ
කටුගාලා දැම්මත් මම
රටා මැවෙන්නේ කොහොමද
"tata" නොකිය උඹ ගියාම..
"ඔය Long Distance රෙද්දවල් හරියන්නේ නෑ බන්" - කැලුමා
Wednesday, August 26, 2015
The Lost Shoe
උදේ සිට සට සට
සද්දයට කරකැවෙන
ජුකී මැෂිමෙන් ගොතපු
සීතාම්බර සළුව,
පොරොවගෙන සීරුවට..
කොහේ හෝ නැති වෙච්ච
කලක් ඈ රසවින්ඳ
විල්ලූද ඇල්ලූ
සපත්තුව යලි රැගෙන
කුමාරයා එනකන්
නපුරු සුපවයිසර්
කුඩම්මා ගෙන් මිදී
වරක් රෑ රස වින්ද
මාලිගාවට යන්න
කුමාරයා එනකන්...
බස් හෝල්ට් එකෙ බලන්..
සින්ඩරෙල්ලා සිටී
තනි සපත්තුව දමන්..
සද්දයට කරකැවෙන
ජුකී මැෂිමෙන් ගොතපු
සීතාම්බර සළුව,
පොරොවගෙන සීරුවට..
කොහේ හෝ නැති වෙච්ච
කලක් ඈ රසවින්ඳ
විල්ලූද ඇල්ලූ
සපත්තුව යලි රැගෙන
කුමාරයා එනකන්
නපුරු සුපවයිසර්
කුඩම්මා ගෙන් මිදී
වරක් රෑ රස වින්ද
මාලිගාවට යන්න
කුමාරයා එනකන්...
බස් හෝල්ට් එකෙ බලන්..
සින්ඩරෙල්ලා සිටී
තනි සපත්තුව දමන්..
**********************************************************************
සුපුරුදු පරිදි අදත් වැඩ ඇරිලා ගෙදර ආවේ school van එකේ , ඒ කිව්වේ staff service එකේ. උපරිමටම කාර්යක්ෂමතාව optimize කරපු capitalist කොල්ලෙක් නේ මම , ඒක නිසා van එකේ එන ටිකට වත් මගේ ඇස් දෙක නිරපරාදේ නාස්ති නොකර , පාරේ යන ලස්සන නංගිලා දිහා බල බල යන එක මාගේ සිරිතයි.
Tuesday, August 25, 2015
නිරුවත
මට පෙන්නන්න බැරි ඉස්සරහ ගෙදර එකා එක්ක මම හැමදාම උදේට දාන බොරු good morning එක,
ලොක්කටයි එකට වැඩ කරන උන්ටයි පේන්න දාන බොරු කඩ්ඩ,
කාර් එකේ අලවන් ඉන්න ඉංජිනේරු සංගමේ ස්ටිකර් එක,
වටේ එකාලව සතුටු කරන්න ගත්ත කාර් එක,
කාර් එකක් ගන්න ඕනේ හින්ද පුක දීල පුක දීල ගත්ත job එක,
job එකක් හොයාගන්න ඕනේ හින්ද මැරිල මැරිල ගත්ත ඩිග්‍රිය,
කාපු කටු ඔක්කොම අමතක වෙන්න බීල ගන්න ආතල්,
සමාජ තත්වය,
ප්‍රතිරූපය,
නම්බුව,
මේ ඔක්කොම බම්බු සළු පිලි ගලවලා...
ආසයි මට ටිකක්
හෙළුවෙන් ඉන්න
.
.
.
.
මුන් මට හූ කියයිද??
ලොක්කටයි එකට වැඩ කරන උන්ටයි පේන්න දාන බොරු කඩ්ඩ,
කාර් එකේ අලවන් ඉන්න ඉංජිනේරු සංගමේ ස්ටිකර් එක,
වටේ එකාලව සතුටු කරන්න ගත්ත කාර් එක,
කාර් එකක් ගන්න ඕනේ හින්ද පුක දීල පුක දීල ගත්ත job එක,
job එකක් හොයාගන්න ඕනේ හින්ද මැරිල මැරිල ගත්ත ඩිග්‍රිය,
කාපු කටු ඔක්කොම අමතක වෙන්න බීල ගන්න ආතල්,
සමාජ තත්වය,
ප්‍රතිරූපය,
නම්බුව,
මේ ඔක්කොම බම්බු සළු පිලි ගලවලා...
ආසයි මට ටිකක්
හෙළුවෙන් ඉන්න
.
.
.
.
මුන් මට හූ කියයිද??
Friday, August 7, 2015
Saturday, June 20, 2015
ආදරණීය වස්සානේ නොදුටු පැත්ත
Credit Card එකක් ගෙදරම ඩිලිවර් කරගත්තෙමි
....
යන්තම් ඇති කර වෙලා කර වෙලා හිටපු අපට
ටිකක් cool වෙන්න වහිනවා මල් වැස්සක්
තව්වේ අමාරුවට apply කල ණය-වර පත
ආදරයෙන් ගෙදරටම ගෙනල්ල දෙනකන්
වැහි බර සැන්දෑවක ගෙදර පිළිකන්නට වෙලා
හිටියා මග බලා rider එන තුරා
"පට්ට වැස්සක් නේ තියෙන්නේ මහත්තයා"
කියාගෙනම රෝද දෙකේ අස්පයා පිට
නැගුණු කලියුගේ delivery නයිටුවා
මෙන්න ඇවිත් මගේ buying power වැඩි කරන්..
"හොඳයි නේද අයියා මේ වහින එක?
එහෙන් කනින් දාන දාඩිය යන්නත් එක්ක
මට නම් එපා වෙලා හිටියේ පායන කාලේ
දැන් නම් බුදියත හැකි එකෙන්ම ආයේ.."
"වැස්ස හොඳයි ???
..දවස් හතරකින් මට දැන් වැඩක් නෑ..
මේ වැස්සක් නිසා මට card බෙදන්නත් නෑ
ගෙවන්නේ මට බෙදන card ගණනටයි,
දවස් හතරකින් මට දැන් පඩිත් නෑ!"
කැරි වැස්ස!
....
යන්තම් ඇති කර වෙලා කර වෙලා හිටපු අපට
ටිකක් cool වෙන්න වහිනවා මල් වැස්සක්
තව්වේ අමාරුවට apply කල ණය-වර පත
ආදරයෙන් ගෙදරටම ගෙනල්ල දෙනකන්
වැහි බර සැන්දෑවක ගෙදර පිළිකන්නට වෙලා
හිටියා මග බලා rider එන තුරා
"පට්ට වැස්සක් නේ තියෙන්නේ මහත්තයා"
කියාගෙනම රෝද දෙකේ අස්පයා පිට
නැගුණු කලියුගේ delivery නයිටුවා
මෙන්න ඇවිත් මගේ buying power වැඩි කරන්..
"හොඳයි නේද අයියා මේ වහින එක?
එහෙන් කනින් දාන දාඩිය යන්නත් එක්ක
මට නම් එපා වෙලා හිටියේ පායන කාලේ
දැන් නම් බුදියත හැකි එකෙන්ම ආයේ.."
"වැස්ස හොඳයි ???
..දවස් හතරකින් මට දැන් වැඩක් නෑ..
මේ වැස්සක් නිසා මට card බෙදන්නත් නෑ
ගෙවන්නේ මට බෙදන card ගණනටයි,
දවස් හතරකින් මට දැන් පඩිත් නෑ!"
කැරි වැස්ස!
Friday, May 29, 2015
Wednesday, May 27, 2015
Heat is on
සතුටු වැහි බිඳු වැටී නිල් ගොයම සරුවෙන්න
නියං කල වේලිච්ච සිත් සතුට පුරවන්න
තව බොහෝ කල් ඇත්ද වස්සානේ පැමිණෙන්න
ඉක්මණට වරෙන් බන් දාඩියයි හැමිනෙන්න
Monday, May 25, 2015
When i`m gone
කව්රුත් නොදන්නා කළුවරකට පාවී
කවදාක හෝ මා ඔබ අත හැර යාවී
කළු සුදු මතකයන් මා සමඟම ඒවී
මා නැතිදා මගෙ නාමය රැව් දේවී
Tuesday, May 19, 2015
Icarus
නිදහස සහ උමතුව
අතර ඇති පටු සිතිජයේ
ආසයි ඇවිදින්න මට...
ඉරට වැඩියෙන් ලං වුනොත්
පිච්චිලා මුහුදට වැටෙයි..
බයයි මම පිච්චෙන්න
හැබැයි මෙලෝ රහක් නැති ගොඩබිමට වෙලා ඉන්නවට වඩා...
ඒකත් හොඳයි..
එක අතකට
Tuesday, May 12, 2015
ලාඩි ඩාඩි ඩා
අස්ථිර ලෝකයේ ගසාගෙන වාඩි
මාළු නෙමෙයි අපි පණ ඇති ජාඩි
ටින් එකේ පීනමු වැටෙනකන් නාඩි
පලක් නෑ ගසපියව් තිත්ත නෑ බකාඩි
සැ.යු - මෙය bacardi වෙළඳ දැන්වීමක් නොවේ,ඔබේ හය හතර නොදත් පුංචි දරුවාට ඒ බව කියාදෙන්න.
මාළු නෙමෙයි අපි පණ ඇති ජාඩි
ටින් එකේ පීනමු වැටෙනකන් නාඩි
පලක් නෑ ගසපියව් තිත්ත නෑ බකාඩි
සැ.යු - මෙය bacardi වෙළඳ දැන්වීමක් නොවේ,ඔබේ හය හතර නොදත් පුංචි දරුවාට ඒ බව කියාදෙන්න.
Subscribe to:
Posts (Atom)























