Monday, November 25, 2019

Yolanda be Cool

Ok so i'm not a movie buff by any means , i barely watch one movie per month. But i'm the kind of guy who re-watches favorite scenes from the movies that i do like and i re-watch them about a million times a week!

So i was going through the regular rounds of Pulp Fiction and it just hit me that in the famous diner scene , Honey Bunny's real name is YOLANDA. and what does Samuel L Jackson ask her to be ? He asks her to BE COOL. Check the scene below.



Then i connected the dots and i checked Wikipedia to verify and correctomundo ! The "Good morning mala" guys got their band name from Pulp Fiction! Elementary , gabson..


කාමරය සුද්ධ කීරීම

අවුරුදු ගාණකට පසු මාගේ කාමරය පිරිසිදු කිරීමට මම ඊයේ තීරණය කලෙමි. පුරා පැය හතරක පමණ කාලයක් හිප්හොප් වීඩියෝවක සිටින crip gang මෙම්බර් කෙනෙකු මෙන්  ස්කාර්ෆ් එකකින් මුව වසාගෙන පුක ඉරාගෙන සුද්ද කිරීමෙන් පසු ප්‍රතිපල මෙසේය.

- මගේ කාමරයේ 90% ම ඇත්තේ අනවශ්‍ය ද්‍රව්‍යයි , ඉන් බහුතරයක් "කවදා හරි ඕනේ වෙයි" කියා තියාගත් නමුත් අවුරුදු දහයක් පහලවක් ගියත් අතවත් තබා නැති ද්‍රව්‍යයි

- මේ අනවශ්‍ය ද්‍රව්‍ය අතර මා කොණ්ඩය වවාගෙන සිටි කාලයේ භාවිත කල පනාවක් , පනාවක් , තවත් පනාවක් , braids , රස්තා හෙඩ් බෑන්ඩ් එකක් ඇතුළු තවත් බඩු බාහිරාදිය රැසක් විය ඒ ටික දැකලා මටම මා ගැන ලැජ්ජාවක් ඇති විය

- අනවශ්‍ය බඩු ගැන කියනකොට තවත් හිත කම්පා කරවන කාරණයක් නම් ඒ කාලේ එකතු කරපු "CD" තැටි තොගයයි ! හැම රෙද්දම අසරු සැනින් අන්තර්ජාලයෙන් බාගත හැකි අද කාලයේ CD තැටි චන්දෙන් පසු ටොයියන් මෙන් අලවංගු වී ඇතත් CD තැටි එකතු කරමින් ගෙවුණු මාගේ සොඳුරු තරුණ කාලය මට ඒ ටික දැකලා මතක් විය. CD තොගයට උම්මා එකක් දී කුණු බක්කියට විසික් කෙරුවෙමි

- එක බිත්තියක් මුල්ලේ දඟර ගැසී සිටි සර්පයෙක් දැක කලිසමේ හුජ්ජ ගියත් ලංවී බලන විට දුටුවේ එය ප්‍රාග් වයිෆයි යුගයේ ඇටවූ LAN කේබල් එකක් බවය. තාක්ෂනය දියුණු වීමත් සමග අභාවයට ගිය තවත් සත්වයෙක්

- මගේ කාමරයේ තිබී හමුවුණු ගිනි පෙට්ටි , ලයිටර් තොගය කෙතරම්ද යත් මම "ප්‍රොමිතියස් ධර්මසේන" ලෙස නම වෙනස් කරගැනීමට තීරණය කලෙමි

- කොළ කෑල්ලක ඔතා තිබුණු බඩු ජුන්ඩක් හමුවූ අතර එය සමාදානයේ ආදාහනය කර දැමුවෙමි හී හී අම්මේ...

- කාමරයේ තවත් මුල්ලක තිබී මා පාසල් කාලයේ භාවිත කල "කැරකෙන බෙල්ට් එක" හමුවිය. යෙස් 2000න් පස්සේ ඉපදුණු මදෆකාස් , කැරකෙන බෙල්ට් එකල සීන් එකක් විය!

- නෙතට කඳුලක් ඉනවූ තව දසුනක් වූයේ මුල්ලක් තිබී  මා සුමිතුරු පංකජ වික්‍රමරත්න විසින් මා හට කලකට පෙර එවූ drugfreeworld.com නම් මත්ද්‍රව්‍ය නිවාරණ සයිට් එකේ පොත් මාලාවයි. එය දැක මා හට කඳුළු ඉනුවේ වෙන මොකටවත් නොව එකල මා දුසිරිතෙන් ගලාවගනු වස් සහෝදර ප්‍රේමෙන් කටයුතු කළා වූ 
පංකජයා දැන් කැරි ගන්ජාකාරයෙක් වී ඇති බව මතක් වෙලාය

- කාමරයේ වාසය කල සත්වයන් රැසකට ඊයේ සිය නිවාස අහිමි විය. හූනන් , කැරපොත්තන් , මකුළුවන් සහ හඳුනා නොගන් තවත් ජීවින් හැට හුටාමාරක් ඒ අතර විය. ඔවුන් සැවොම අලුත් තැනක අලුත් ජීවිතයක් සතුටින් පටන් ගත්තා යයි ප්‍රාර්ථනා කරමි.

මගේ කතාව මෙයින් අවසානයි .
මීට තවමත් කිබුහුන් අරින
ගැබා...ච්චින් !



Image result for cleaning out my closet

Friday, November 15, 2019

මායා බන්ධන

වැඩ ඇරිලා එන ගමන් ගෙවල් ළඟ හෝල්ට් එකෙන් බැහැලා නෝනට කෝල් එකක් ගත්තා.. හෙඩ් සෙට් එකත් ගහගෙන..

"මොකද කරන්නේ..?"

"මම දැන් බැස්සේ.. දැන් මේ කඩේ පැත්තට යන ගමන් රෑට කන්න මොනවා හරි ගන්න.."

"අයියේ මට පරාටා හතරක් දෙන්න.. හොදි එපා.. අපි ගියා ඈ.. ගුඩ් නයිට්!"

"අම්මේ මෙයා පොෂ් වෙලා තියෙන තරම.. මුදලාලිට ගුඩ් නයිට් ලු.."

"ගුඩ් නයිට් කියන්නේ නැතුව උට උම්මා දෙන්නද ගෑණියේ.. තට්ටයෙක් ඉන්නේ කඩේ.. උගේ තට්ටේ ඉඹලා අර Venom වගේ දිව දාගෙන යන්න ඕනේ එහෙනම්.."

"චිකේ.. කොහෙන් එනවද මන්දා මෙව්වා.."

නෝනා හිනාවෙනවා..

"ඇත්තටම තට්ටේ තියෙන මිනිස්සු ඇවිත් මාර වාසනාවන්තයෝ.. කොන්ඩේ තියෙන මිනිස්සුන්ට නැති වාසි ගොඩක් එයාලට ලැබෙනවනේ.." නෝනා කිව්වා

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."  ඒ මම 

"නෑ ඉතින් එයාලට කොන්ඩේ පීරන්න ඕනේ නෑ.. "

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"ඕනේ වෙලාවක නාන්න පුළුවන් .."

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"කොන්ඩේ වේලන්න ඕනේ නෑ.."

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"රහත් වෙනවා වගේ වෙන්නේ කොහොමද මිනිහෝ ???" 

"ඇයි ඉතින් ඕනේම කොන්ඩේ තියෙන මිනිහෙකුට කොන්ඩේ නැති මිනිහෙක් වෙන්න පුළුවන් නේ.. ඒක කිරීම නොකිරීම තමන්ගේ චොයිස් එක.. හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"එතකොට අකලට කොන්ඩේ ගියපු උන්?? උන් ඇවිත් බලෙන් රහත් කරපු අයද?? තමන්ගේ කැමැත්ත නැතුවම??" නෝනා හිනාවෙනවා..


මම මුකුත් කිව්වේ නෑ.. හැබැයි මට මේ පහල ඉන්න එකාව මතක් වුණා..







පැස්බර සිරිත

හෙට චන්දෙ බලන්න බෝතලයක් ගන්න ඕනේ නිසා අද මම ලන්ච් අවර් එකේම ආර්පිකෝ එකට ගියා ගල් බෝතලයක් ගන්න. මොකෝ හෙටයි අනිද්දයි බාර් වහලා නිසා අද හවස වෙනකොට බාර් ළඟ මැතිනිගේ කාලේ සමූපකාරේ නැත්තම් රනිල්ගේ කාලේ ගෑස් කඩේ ළඟ වගේ පෝලිම සෙට් වෙන බව දන්නා නිසා. බාර් එකෙන් දීපු ගල් බෝතලේ සිලි බෑග් එකක විතරක් දාගෙන මම ඔෆිස් එක පැත්තට එනකොට , ලොතරැයි කූඩුවේ අයියා කියපි "ඔහොම ඕපන් එකේ දාගෙන එන එක තමයි කැත" කියලා , මූණත් අවුල් කරන්. මම හැරෙන තැපෑලෙන් අයියට කිව්වා "බොන්න හොඳ නම් පේන්න ගෙනාවම මොකෝ වෙන්නේ?" කියලා! අයියත් එක්ක මලකට නෙමෙයි ඌ මගේ හොඳ යාළුවා , අපි දෙන්න සෙට් වෙලා තමයි අහල පහල ඉන්න බල්ලන්ට මාරි කන්න දාන්නේ , මම බටයක් ගහන්න ගිය වෙලාවට මට ගින්දර දෙන්නෙත් අයියම තමයි , මගේ හොඳ බොක්ක. ඒත් මට මේක කියන්න හිතුනේ අපේ මිනිස්සුන්ගේ අමුතු හැදියාව ගැන.

ලංකාවේ විදියට නම් අරක්කු බෝතලයක් කට්ටියට පේන්න පාරේ අරන් යන එක කැරීම අනාන්තරීය පාපකරුමයක්. ඒකනේ ඔය ඩේලි ගහන පට්ට බේබද්දෝ පවා බෝතලේ පත්තරේක ඔතලා හරි ටියුලිප් බෑග් එකක දාගෙන හරි යන්නේ. සිගරට් බොන එකත් එහෙම තමයි. අපේ උන් සිගරට් බොන්නේ හරියට නිකන් හන්දියක් මැද්දේ බිජ්ජ අතගානවා වගේ ලැජ්ජාවකින්. මම කලින් වැඩ කරපු ඔෆිස් වල පොරවල් මම දැකලා තියෙනවා ලොක්කා එනවා දැක්කම බිබී හිටපු සිගරට් එක විසික් කරනවා , එක්කෝ හංග ගන්නවා. යකෝ , ඌ උඹේ කව්ද ඔච්චර බය වෙන්න ! කොහොමත් අපේ උන්ගේ හැදියාව අර පැස්බරා වැල්ලේ ඔලුව හංග ගත්තා වගේ තමයි , ඔලුව වැහුවට පුක එළියේ.

යකෝ කරන්න හොඳ නම් එළිපිට පෙන්නුවම මොකෝ ? අරක්කු බෝතලේ ලෝකෙට පේන්න හංගගෙන ගියාට අපේ උන්ට රට බීම බෝතලයක් හම්බවුනොත් නම් අවුරුදු ගානක් වතුරත් බොනවා ඒකට දාගෙන ලෝකෙටම පේන්න.

ලැජ්ජ වෙන්න ඕනේ ඕවට නෙමෙයි යකෝ , ලැජ්ජ වෙන්න ඕනේ ඒවාට ලජ්ජා වෙයල්ලා. ලංකාවේ මහලොකු පොෂ් කියාගන්න හුත්තගේ ඉඳන් දවසේ කුලියට වැඩ කරන බාස් වෙනකන් එකෙක්වත් දන්නේ නෑ තැනකට ගියාම පෝලිමේ ඉන්න , කෑවම බිව්වම තමන් කාපු තැන කුණු නොදා පිරිසුදු කරන්න. මහා ලොකු ඉංගිරිස් කතා කරන පොෂ් හුකන්නල පවා එච්චරයි. ලැජ්ජ වෙන්න ඕනේ ඕවට යකෝ.

ඒක නිසා මේ දැන්ම , වහාම , තමන්ගේ පපුවට අත තියපල්ලා , තියාගෙන අභිමානයෙන් කියහල්ලා ලෝකෙටම ඇහෙන්න , "ඔව් ගල් තමයි හුත්තෝ බොන්නේ , ඇයි මොකෝ??" කියලා , අන්න එහෙම !

Image result for glass bottle

Sunday, November 3, 2019

රොක්ස්ටාර් ශ්‍රී ලංකා

කාලෙක ඉඳන් මට හිතිච්ච දෙයක්, අර ගෙදර හදාගත්ත ඩ්‍රම් සෙට් එකෙන් වැඩ දාන සූරිය වැව කොල්ල දැකල අලුත් වුණා.

අපේ ලංකාවේ සිනමාවේ මම දකින ලොකු අවුලක් තමයි ලංකාවේ ෆිලුම් ලංකාවේ මහ පොලොවේ පය ගහල ඉන්න මිනිස්සුන්ට appeal වෙන්නේ නැති එක. දැන් ඔය හෝ ගාන පොකුණ වගේ ෆිලුමක් ගත්තත් මගේ යාලු අසියා කියපු කතාවක් තමයි "හරියට නිකං කොලඹ පොෂ් එකෙක් ගම ගැන කතාවක් ගැහුවා වගේ" කියලා. ඔය ලක්ෂනය බහුතරයක් කතා වලට පොදුයි.

මම කියන්නේ මේකයි, ලංකාවේ "සංගීත" නැත්තම් සංගීත සංදර්ශන සහ බෑන්ඩ් පිස්සුව කියන්නේ ගොඩක් තරැණ ජනතාව අතර කාලයක් තිස්සේ තිබුණු වෙනම සීන් එකක්. අවුරුදු කාලෙට නත්තල් කාලෙට අහල ගම් හතේම තියෙන සංගීත කැලෙන්ඩර් එක කටපාඩමින් කියන එකෙක් බොලැයි සෙට් වලත් අැති. දැන් ඔය ෆේස්බුක් එකේ වුණත් සහරාෆ්ලෑෂ් ෆෑන්ස්ලට මඩ ගහන්නේ සහරාෆ්ලෑෂ් ෆෑන්ස්ලා අම්බානක ඉන්න නිසා නේ. විශේෂයෙන්ම ලංකාව කියන්නේ කොලඹ නෙමෙයි කියන එක අපි අමතක කරන්න හොඳ නෑ.

ඉතින් මම කියන්නේ ඔය ඉංගිරිසි ෆිලුම් තියෙන්නේ දුප්පත් ගමේ කොල්ලෙක් අමාරුවෙන් කට්ට කාලා ජනප්‍රිය තලයේ සංගීත තරු වෙන හැටි ගැන. අපිට අැයි බැරි ඔය විදියේ කතාවක් ගහන්න ලංකාවට හරියන විදියට? දැන් මේ සූරිය වැව කොල්ලාගේ scene එකම ගන්න පුළුවන්.

ගොව් තැන් කරලා අමාරුවෙන් ජීවත් වෙන කොල්ලෙක්. ඌ ඉස්කෝලේ වැඩත් හැමදාම ෆේල්. හැබැයි මූ හෙන සංගීත පිස්සා. යාළුවෝ එක්ක සංගීත හොය හොය බලන්න යනවා. ( ඔය සංගීතෙකට ගිය වෙලාවක කෙල්ලෙකුට නම්බර් එකක් දෙන්න ගිහින් එ්කිගේ අයියට මාට්ටු වෙලා එතැන දඩ වලියක් යන සීන් එකක්, පස්සේ උන් දෙන්නා සෙට් වෙන පොඩි ලව් සීන් එකක් එහෙම ඕනෙ නම් side එකෙන් අරන් යන්න පුළුවන් ). මුගේ සංගීත පිස්සුව නිසාම මූ ටිං බෙලෙක්ක එක්කහු කරං ගෙදර පොඩි ඩ්‍රම් කිට් එකක් හදාගෙන practice කරනවා තනියම. තව ඉතින් මැද්දට දාන්න පුළුවන් ඉස්කෝලේ බෑන්ඩ් එකට කට්ටිය තෝරද්දී මූව සංගීත සර් බෑන්ඩ් එකට ගන්නේ නෑ මොකෝ ට්‍රයල් එකේ මූට ගහලා පෙන්නන කිව්වම මූ ගහන්නේ "ටකරං" බීට් නිසා ( ඕක අනිවා පෙන්නන්න ඕනේ මොකෝ බහුතරයක් ඉස්කෝල වල ඉන්නේ ළමයින්ගේ talents කන ඔය වගේ ගුරුවරු නේ ). කොහොමහරි මූ දවසක් මූ සෙල්ලම් කරන ක්ලිප් එකක් ෆේස්බුක් දානවා. ඊට පස්සේ ඒක හිට් වෙලා පොරට chance එකක් එනවා බෑන්ඩ් scene එකට එන්න. මූට ලංකාවේ ෆේමස් බෑන්ඩ් එකක ඩ්‍රම්ස් වාදක ශිල්පියා විදිහට එකතු වෙන්න chance එක ලැබෙනවා. එතනින් පස්සේ ඉතිං කතාව එක එක විදියට හරවන්න පුළුවන්. එක්කෝ පෙන්නන්න පුළුවන් මූ ඊට පස්සේ drug scene එකට වැටිලා චොර වෙන හැටි ( පහුගිය ටිකේ සංගීතකාරයෝ කී දෙනෙක් නම් එහෙම වුණාද ). නැත්තම් මගේ හිතේ තියෙන්නේ මෙහෙම දෙයක්. මූ බැන්ඩ් scene එකට ආවට පස්සේ උට එළියෙන් ඉස්සර පෙනිච්ච අාතල් එක ඇතුලේ නැහැ. උට අනිත් ඩ්‍රමර්ස්ලා කැපිල්ල දානව. බෑන්ඩ් අයිතිකාරයෝ ඌව හූරං කනවා ( මම දන්නේ නෑ ඉතින් මම ඔය field එකේ නෙමෙයි නේ , ඔය වගේ තව තියෙන සුන්දර නැති scene පෙන්නනවා ).

අන්තිමට ඔය කැපිලි කෙටිලි හැල හැප්පිලි උඩින් ගිහින් ෆිලුමේ අවසාන සීන් එකේදි මුගේ බෑන්ඩ් එක ගහනවා දෙරණ attack show එකක්‌ මහා විසාල ජනකායක් ඉස්සරහ. එ් show එකටත් මූගේ දුප්පත්කම විකුණලා සංවිධායකයෝ පට්ට සෙනගක් අද්දනවා. "ෆේස්බුක් එකේ වැඩ දාපු සූරිය වැව xxx ගේ දෙරණ attack show ආගමනය.. සීදුව සකුරා සමග.." ඔහොම කියා කියා තමයි සංගීතේ නිවේදන ශීල්පියාත් වැඩේ නග්ගල ගන්නේ. මූට ඒ ගැන සතුටක් නෑ. මොකෝ දුප්පත් වුණත් සංගීතෙට ආස වුණත් ඌ කැමති නැහැ එහෙම එක එකාට කිච වෙන්න. ඌ මේ show එකේ හැබැයි ගහනවා epic ගැහිල්ලක්. අන්තිමට nonstop එකක් එහෙම ගහනවා ෆුල් වැස්ස වැටිලා කොර වෙලා යන්න.. Solo එකක් ගහනවා මූ ටහිකිලා යන්න ඒක තමයි film එකේ කොරම සීන් එක වෙන්න ඕනේ.. හැබැයි ඒ ඔක්කොම ගහලා සංගීතේ ඉවර වෙන්න යනකොටම මූ නිවේදකයගෙන් මයික් එක උදුරාගෙන දෙනව පොඩි කොර වෙන speech එකක් ( හරි හරි පොඩ්ඩක් cliché තමයි ඉතින්  ). වැඩි වෙලා ගන්නේ නැතුව හින්දි ෆිල්ම් වල වගේ ඌ තප්පර 20 කින් විතර කියනවා ඌ ආයේ ජනප්‍රිය වේදිකාවේ ගහන්නේ නෑ කියලා.. කියලා හැමෝටම බුදු සරණයි ඉස්තූතියි කියලා ඌ වේදිකාවෙන් බැහැලා යනවා..

ඊට පස්සේ film එකේ පස්චාත් climax කොටසේ පෙන්නනවා මූ ගමට ගිහින් පොඩි බෑන්ඩ් එකක් දාගෙන wedding, පොඩි පොඩි උත්සව වල විතරක් ගහනවා. අන්තිමටම පෙන්නනවා මූ වෙඩිමක සෙල්ලම් කරන්න ගිහින් ඩ්‍රම් සෙට් එක ඉස්සරහ වාඩි වෙලා ඉද්දි මූට කෝල් එකක් එනවා, ෆෝන් screen එකේ නම වැටෙන්නේ "ෆ්ලෑෂ්බැක් රොෂාන් අයියා" කියලා. මූ කෝල් එක කට් කරනවා. එතකොට sms එකක් එනවා එ් නම්බර් එකෙන්ම "මල්ලී අර වැඩේට මොකෝ කියන්නේ?" කියලා. මූ ඔලුව දෙපැත්තට වනලා ෆෝන් එක සාක්කුවට දාගෙන ස්ට්ක්ස් දෙක තුන් පාරක් "ටක්" "ටක්" "ටක්" ගාලා වද්දලා සින්දුවක් පටන් ගන්නවා..

*End credits rolling*



විචාර සරලව : Thug Notes

සාහිත්‍ය , දර්ශනය , ඉතිහාසය , දේශපාලන විද්‍යාව ගැන ලංකාවේ මිනිස්සු හොයනවා මදි කියල ලොකු විවේචන කරනවා අපේ රටේ "විකල්ප" සීන් එකේ ඉන්න බුද්ධිමතුන්. හැබැයි එයාලා ලියන ඒවා කියෙව්වම අපිට මේ ලෝකේ හු යන්නක් තේරෙන්නේ නෑ. ( මං මේ කියන්නේ මම වගේ අමු ගොන් ලෙවල් එකේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් ගේ කෝණයෙන් බැලුවම ). 

මට හිතෙන විදියට මේ දැනුම මිනිස්සු අතරට නොයන්න ලොකුම හේතුවක් තමයි ඕක. 

මම කියන්නේ මේ බර වචන දාල ලියන්න එපා කියල නෙමෙයි , අඩු ගානේ බර වචන වල තේරුම තියෙන සූචියක් ඔබේ ලිපිය අගට දාන්න ( අර ඉස්සර පොත් වල තිබ්බා වගේ ) , නැත්නම් වරහන් ඇතුලේ ඉංග්‍රීසි වචනේ හරි දාන්න ගූගල් කරලා හරි තේරුම හොයාගන්න. ඒක පොදු මහජනතාවට ඔබව තේරුම් ගන්න පහසුවක් වෙයි.

උදාහරණයක් විදියට මේ යූටියුබ් චැනලය බලන්න. සාහිත්‍ය ගැන වැඩි කියවීමක් හෝ දැනුමක් නැති මා වැනි කෙනෙකුට මෙම චැනලය රත්තරන් වැනිය. මූ කියන සමහර ඒවා නම් වැරදි වෙන්න පුළුවන් , නමුත් සාහිත්‍ය නිර්මාණයක් ගැන කාටත් තේරෙන මට්ටමේ විචාරයක් කරන්න මොවුන් උත්සහ කරනවා. ලංකාවටත් මෙවැනි වැඩසටහනක් අවශ්‍යයි.


ගැබා ගේ ඉංග්රීසි පාඩම

4/12/18 දින ලියුවකි


මේ දවස් වල ෆේස්බුක් එකේ හැමතැනම ෂෙයාර් වෙන පොස්ට් දෙකක් දැකල තමයි මට මේක කියන්න හිතුනේ.

පලවෙනි පෝස්ට් එක තමයි ඩෙක්ස්ටර් කාටුන් එකේ සීන් එකකට හදන I love your accent ආකාරයේ පොස්ට්. ඒකෙ තියෙන්නේ ශ්රීලාංකික අපි සාමාන්‍යයෙන් වරද්දලා උච්චාරණය කරන සමහරක් වචන වලට පොඩි බයිට් එකක් දෙන එක .ඒක හුදෙක් ජෝක් පරමාර්ථයෙන් කරන එකක් ඒක මට තේරෙනවා.




අනික ඊට වඩා ටිකක් සීරියස් ( ඒත් ගොන් ) නමුත් වෙළඳ පරමාර්ථයකින් හදපු බ්රිටිෂ් ඉන්ග්ලිෂ් ඇකඩේමි එකේ ඇඩ් එකක්. ( ඇඩ් එක මේ වන විට remove කර ඇත).

Image may contain: 2 people, text

 මේ ඇඩ් එකේ සාරාංශය ගත්තොත් පවුලක් යනවා පන්සලක් බලන්න , ඒකට බහිනවා සුද්දෝ දෙන්නෙක්. සුද්දෝ දෙන්නා පවුලේ අම්මගෙනුයි තාත්තගෙනුයි කඩ්ඩෙන් ප්‍රශ්නයක් අහනවා පන්සලේ චිත්‍ර ගැන. අම්මයි තාත්තයි ඉංගිරිසි නොදන්නා නිසා එතන පච වෙනවා. හැබැයි පවුලේ දුව බ්‍රිටිෂ් ඉංගිරිස් ඇල්කෙමියට ගිය නිසා එතනට පැනලා කඩ්ඩෙන් කොටනවා කෙටිල්ලක් කොච්චරද කියනවනම් සුද්දත් කියනවා “හානේ ඔයාගේ කඩ්ඩ නිකන් බ්‍රිටිෂ් එකෙක් ගේ වගේ මයේ අම්මා..” කියලා.. දුව කඩ්ඩෙන් කොටන හැටි බලන් ඉන්න අම්මගේ දෑසින් සතුටු කඳුළු වැටෙනවා.

හරි දැන් මම කියන්නේ මේකයි , මම මේ ගැන අදහස් දක්වන්න මෝස්ට් කොලිෆයිඩ් පුද්ගලයා නෙවෙයි මොකෝ මම ඉංගිරිස් බාසාව හෝ අධ්යාපනවේදය හෝ ඉගෙන ගෙන නෑ. මම කියන්න යන්නේ ඉංගිරිස් බාසාව ගැන අපිට තියෙන බය ගැන මගේ අදහස සහ ඒක අපිට ජයගන්න පුළුවන් ක්‍රමය මට හිතෙන විදියට.

අපි ඇත්ත කතා කරමු , අපි ගොඩක් දෙනා ඉංගිරිසියට බයයි. ඒකට ප්‍රධානම හේතුව මට හිතෙන්නේ වෙන මොකවත් නෙමෙයි , මම උඩින් සඳහන් කරපු පෝස්ට් දෙකේ පෙන්නන විදියට අපි හැම තිස්සෙම “සුද්දෙක් වගේ ඉංගිරිසි කතා කරන්න යාම”, ඒක තමයි අපේ කෙලවීමට හේතුව.

( මගේ හැම පොස්ට් එකේම සාරය වන සංගක්කාර පොන්නයා කියන කාරණයත් මම මෙහිලා මතක් කරන්න කැමති මොකෝ ඌත් වග කියන්න ඕනේ බොරු ඇක්සන්ට් එකකින් කඩ්ඩ කතා කරලා මේ වැරදි ආදර්ශ මිනිස්සුන්ට දෙනවට).

මට හිතෙන විදියට නම් ඉංගිරිසි බාසාව අපිට අපේම දෙයක් කරගන්න නම් අපි අපේම ඉංගිරිසියක් කතා කරන්න ඕනේ. කොටින්ම ඉංගිරිසි “ලෝකලයිස්” කරන්න ඕනේ. දැනටමත් ශ්‍රීලාංකික ඉංගිරිසිය සැහෙන්න දුරකට ලෝකලයිස් වෙලා තියෙනවා තමයි , නමුත් මේ ලෝකලයිස් ඉංගිරිස් ප්‍රභේදය මම කතා වෙනවා දකින්නේ බහුතරයක් ඉහල පැලැන්තියේ අය හෝ පොඩි කාලේ ඉඳලම ඉංගිරිසියෙන් කතා කරපු අය අතර පමණයි. ජීවිතේ දෙවෙනි බාශාවක් විදියට ඉංගිරිස් කතා කරන්න ඉගෙන ගන්න බහුතරයක් දෙනා තමන්ගේ ශ්‍රීලාංකික කම ප්‍රදර්ශනය වීම අඩුවක් විදියට සලකන බවක් දකින්නට ලැබෙනවා. ඒක නිසා සුද්දෝ වගේ ඉංගිරිස් කතා කරන්න ගිහිල්ලා තවත් අමාරුවේ වැටෙනවා. මේක පොඩි හීනමානයක් එක්ක එන දෙයක්. අපේ සමාජයේ බහුතරයක් අය හිතන්නේ කඩ්ඩ පුළුවන් වීම කියන්නේ මාර දෙයක් කියලා , අර ඇඩ් එකේ අම්මා සතුටු කඳුළු හලන එකෙන්ම ඒක පිළිබිඹු වෙනවනේ. ඒත් මම නම් කියන්නේ අපි ලංකාවේ උන් විදියට එක බින්දුවක් වත් ලැජ්ජා වෙන්න ඕනේ නෑ බාසාවක් බැරි වීම ගැන.

මොකෝ මට නම් බාසාවක් කියන්නේ සන්නිවේදන මෙවලමක්. ( ඊට අමතර බාසාවේ තව අර්ථකතන මට තියෙනවා ඒවා මෙතන දාන්නේ නෑ මාතෘකාවට අදාල නැති නිසා ).

අපි කියන දේ එහා පැත්තේ ඉන්න මනුස්සයට තේරෙනවා නම් එච්චරයි.

මගේ පෞද්ගලික ජීවිතෙන්ම මේ ගැන උදාහරණයක් කියන්නම්. මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික පවුලක. අපේ ගෙදර කවදාවත් කඩ්ඩෙන් කතා කලේ නෑ. මම ඇවිත් සීයට සීයක් අමු ගොඩේ සිංහල කොල්ලෙක්. නමුත් මට සාමාන්‍ය තරමට ඉංගිරිස් කතා කරන්න කියවන්න පුළුවන්කම තිබ්බා පොඩි කාලේ ඉඳලම මම කියවන්න , ෆිල්ම්, සින්දු වලට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ඒ ඇරෙන්න මට බාසාවේ නීති රීති ගැන ලොකු දැනුමක් නෑ. මටත් පොඩි චකිතයක් තිබ්බා ඉංගිරිසි බාසාවෙන් මිනිස්සු අමතන්න. මට ජීවිතේ පලවෙනි වතාවට එක දිගට මිනිස්සු එක්ක ඉංගිරිසියෙන් කතා කරන්න සිද්ධ වුනේ 2015 වසරේ , ඒ මට ACBT ආයතනයේ පරිගණක විද්‍යාව උගන්වන්න අවස්ථාව ලැබීමත් සමග. ඉතින් මම පන්ති කරන්න පටන් ගත්තු මුල්ම දවස් වල මම ගොඩක් සැලකිලිමත් වුනා මගේ ඇක්සන්ට් එක ගැන , මම පාවිච්චි කරන වචන ගැන , කොටින්ම හැම වචනෙම මම කටින් පිට කලේ හරියට සින්දුවක් කියනවා වගේ සැලකිල්ලෙන්. ඒත් කාලයක් ගියාම මට තේරුණා මේ ඇප්රෝච් එක මට දිගටම පවත්වාගන්න අමාරුයි කියලා. මොකද මගේ කටින් බාසාව පිටවෙන හැටි ගැන ෆෝකස් කරන්න මගේ මොලේ යෙදෙව්වම අනිත් විෂය කරුණු මගේ මොලයෙන් ප්‍රොසෙස් කරන්න යොදවන බලය අඩු වෙනවා , ඒක අපරාදයක්. ඊට පස්සේ තමයි මම පුරුදු වුණේ “ගොඩේ විදියට” ඉංගිරිසි කතා කරන්න , මගේ විදියට ඉංගිරිසි කතා කරන්න. ප්‍රශ්නයක් නෑ ළමයින්ටත් මම කියන එක තේරෙනවා, මගේ ඔලුවට බරකුත් නෑ. (ඒ වගේම මෙතැනදී කියන්න ඕනේ ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන්න මට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වුණේ මොරටුව සරසවියේ අශෝක කරුනන්ද සර්. )

ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන එක හැම තැනකදීම හරියන්නේ නෑ කියන එක මමත් පිලිගනන්වා. උදාහරනෙකට ගොබ්බ ඇමරිකන් කාරයෝ එක්ක කතා කරද්දී එහෙම , එතකොට අපිට සිද්ධ වෙනවා අපේ ඇක්සන්ට් එක ටිකක් වෙනස් කරගන්න. ඒත් ලංකාවේ ඇතුලේ කතා කරන බහුතරයක් සභා වලට මේ “ගොඩේ ඉංගිරිසි” ගොඩ යනවා කියන එක තමයි මගේ මතය.

හරි , පෝස්ට් එක දිගයි. මම තව මුකුත් කියන්නේ නෑ. අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි ඉන්දියානු , කැරීබියානු , මැලේසියානු වගේ ජාතීන් ගොඩක් කතා කරන්නේ තමන්ගේ ඉංගිරිසියක් බව. ඒකට උදාහරණ ටිකක් මම පහලින් දාන්නම්.

කැරිබියානු 

Image may contain: 1 person, standing


මැලේසියානු



ඉන්දියානු


මෙච්චර දිග පොස්ට් එකක් පුක ඉරාගෙන ගැහුවේ හේතු දෙකකට.

1. මගේ පොරත්වය පෙන්නන්න
2. ඉංගිරිසියට මිනිස්සුන්ගේ තියෙන බය නැති වේවා යන බලාපොරොත්තුව ඇතුව!

දෙකෙන් එකක් හරි වුනා නම් මට සතුටුයි , ගොඩේ කම ගැන ලැජ්ජා වෙන්න එපා , Embrace the gode-ness !

විරාගය

විරාගය මම පළමු වරට කියෙව්වේ මීට අවුරුදු හතකට පමණ පෙරය. අද එය දෙවෙනි වරට කියෙව්වෙමි. මම වැඩිය පොත් කියවලා නැති මිනිහෙක් කියන එක නැවතත් මතක් කරමින් මේ ගැන මගේ සත දෙක කියන්න කැමතියි. 

විරාගය ගැන තියෙන විචාර ගොඩක් බැලුවම වැඩිමනක් ඒවායේ තියෙන්නේ අරවින්ද රාගය අත හැර වෙනස් විදියකට ආදරය ගැන බැලු පොරක් ලෙස හඳුන්වමින්. ඒත් මට දැනිච්ච විදියට නම් අරවින්ද කියන්නේ තමන්ගේ රාගය විරාගයක් විදියට එලියට දාපු මිනිහෙක්. එහෙම බැලුවම මේ පොතට සුදුසුම නම විරාගය නෙමෙයි "විරාග රාගය" , ඒ වචනය අරවින්දම කියනවා බතී ගැන කතා කරද්දී. 

අරවින්දගේ චරිතය බැලුවොත් ඔහු සියලු රාග කෙලෙස් ආශාවන් තොර කල තවුසෙක් නෙමෙයි. ඔහු ආතල් පස්සේ නොදිව්වත් ආතල් ගත්ත එකෙක්. ඔහු තරුණ කාලේ විවිධ දේවල් අවිධිමත් ලෙස ඉගෙන ගෙන ආතල් ගත්තා.ඉන් පසුව තරුණියන් දෙදෙනෙකු කෙරෙහි හැගීම් ඇති කරගෙන ආතල් ගත්තා. නමුත් තමන්ට ඇතිවුණු ඒ හැගීම හරියටම මොකද්ද කියලා decode කරගන්න බැරුව ඔහු දුක් විඳපු ස්වභාවයක් තමයි මට දැනුනේ. 

ඔහුගේ අවසාන කාලයේ ඇඳට වැටිලා ඉන්නකොට සරෝජිනී ඔහුට කියනවා වගේ ඔහු ලව් කලේ බොක්කෙන් නෙමෙයි ඔලුවෙන් . ඔහු තමන්ගේ හැගීම් දැනීම් ගැන විදර්ශනාවක නියැලුනා. මේ කතාව පුරාවටම මට නම් දකින්නට ලැබුනේ ඔහුට ඇති වෙන මේ ආශාවන් හැගීම් සහ ඔහු ඒවා analyse කිරීම අතර සිදු වෙන ගැටුම. කොටින්ම ඔහුගේ මුළු ජීවිතයම ගැටුමක් වගේ , දොස්තර හොඳ හිතගේ notes from the underground මතක් වුනා මේක කියවද්දී. 

අන්තිමට ඔහු මැරෙන්නේ සියල්ල තේරුම් ගත් පඬිවරයෙක් ලෙස නෙමෙයි , මේ මොන රෙද්දක් ද කියලා ජීවිතය ගැන ප්‍රශ්නයක් තවමත් ඉතුරු කරමින්.