Showing posts with label 1000 ටෝක්ස්. Show all posts
Showing posts with label 1000 ටෝක්ස්. Show all posts

Friday, November 15, 2019

මායා බන්ධන

වැඩ ඇරිලා එන ගමන් ගෙවල් ළඟ හෝල්ට් එකෙන් බැහැලා නෝනට කෝල් එකක් ගත්තා.. හෙඩ් සෙට් එකත් ගහගෙන..

"මොකද කරන්නේ..?"

"මම දැන් බැස්සේ.. දැන් මේ කඩේ පැත්තට යන ගමන් රෑට කන්න මොනවා හරි ගන්න.."

"අයියේ මට පරාටා හතරක් දෙන්න.. හොදි එපා.. අපි ගියා ඈ.. ගුඩ් නයිට්!"

"අම්මේ මෙයා පොෂ් වෙලා තියෙන තරම.. මුදලාලිට ගුඩ් නයිට් ලු.."

"ගුඩ් නයිට් කියන්නේ නැතුව උට උම්මා දෙන්නද ගෑණියේ.. තට්ටයෙක් ඉන්නේ කඩේ.. උගේ තට්ටේ ඉඹලා අර Venom වගේ දිව දාගෙන යන්න ඕනේ එහෙනම්.."

"චිකේ.. කොහෙන් එනවද මන්දා මෙව්වා.."

නෝනා හිනාවෙනවා..

"ඇත්තටම තට්ටේ තියෙන මිනිස්සු ඇවිත් මාර වාසනාවන්තයෝ.. කොන්ඩේ තියෙන මිනිස්සුන්ට නැති වාසි ගොඩක් එයාලට ලැබෙනවනේ.." නෝනා කිව්වා

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."  ඒ මම 

"නෑ ඉතින් එයාලට කොන්ඩේ පීරන්න ඕනේ නෑ.. "

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"ඕනේ වෙලාවක නාන්න පුළුවන් .."

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"කොන්ඩේ වේලන්න ඕනේ නෑ.."

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"රහත් වෙනවා වගේ වෙන්නේ කොහොමද මිනිහෝ ???" 

"ඇයි ඉතින් ඕනේම කොන්ඩේ තියෙන මිනිහෙකුට කොන්ඩේ නැති මිනිහෙක් වෙන්න පුළුවන් නේ.. ඒක කිරීම නොකිරීම තමන්ගේ චොයිස් එක.. හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"එතකොට අකලට කොන්ඩේ ගියපු උන්?? උන් ඇවිත් බලෙන් රහත් කරපු අයද?? තමන්ගේ කැමැත්ත නැතුවම??" නෝනා හිනාවෙනවා..


මම මුකුත් කිව්වේ නෑ.. හැබැයි මට මේ පහල ඉන්න එකාව මතක් වුණා..







පැස්බර සිරිත

හෙට චන්දෙ බලන්න බෝතලයක් ගන්න ඕනේ නිසා අද මම ලන්ච් අවර් එකේම ආර්පිකෝ එකට ගියා ගල් බෝතලයක් ගන්න. මොකෝ හෙටයි අනිද්දයි බාර් වහලා නිසා අද හවස වෙනකොට බාර් ළඟ මැතිනිගේ කාලේ සමූපකාරේ නැත්තම් රනිල්ගේ කාලේ ගෑස් කඩේ ළඟ වගේ පෝලිම සෙට් වෙන බව දන්නා නිසා. බාර් එකෙන් දීපු ගල් බෝතලේ සිලි බෑග් එකක විතරක් දාගෙන මම ඔෆිස් එක පැත්තට එනකොට , ලොතරැයි කූඩුවේ අයියා කියපි "ඔහොම ඕපන් එකේ දාගෙන එන එක තමයි කැත" කියලා , මූණත් අවුල් කරන්. මම හැරෙන තැපෑලෙන් අයියට කිව්වා "බොන්න හොඳ නම් පේන්න ගෙනාවම මොකෝ වෙන්නේ?" කියලා! අයියත් එක්ක මලකට නෙමෙයි ඌ මගේ හොඳ යාළුවා , අපි දෙන්න සෙට් වෙලා තමයි අහල පහල ඉන්න බල්ලන්ට මාරි කන්න දාන්නේ , මම බටයක් ගහන්න ගිය වෙලාවට මට ගින්දර දෙන්නෙත් අයියම තමයි , මගේ හොඳ බොක්ක. ඒත් මට මේක කියන්න හිතුනේ අපේ මිනිස්සුන්ගේ අමුතු හැදියාව ගැන.

ලංකාවේ විදියට නම් අරක්කු බෝතලයක් කට්ටියට පේන්න පාරේ අරන් යන එක කැරීම අනාන්තරීය පාපකරුමයක්. ඒකනේ ඔය ඩේලි ගහන පට්ට බේබද්දෝ පවා බෝතලේ පත්තරේක ඔතලා හරි ටියුලිප් බෑග් එකක දාගෙන හරි යන්නේ. සිගරට් බොන එකත් එහෙම තමයි. අපේ උන් සිගරට් බොන්නේ හරියට නිකන් හන්දියක් මැද්දේ බිජ්ජ අතගානවා වගේ ලැජ්ජාවකින්. මම කලින් වැඩ කරපු ඔෆිස් වල පොරවල් මම දැකලා තියෙනවා ලොක්කා එනවා දැක්කම බිබී හිටපු සිගරට් එක විසික් කරනවා , එක්කෝ හංග ගන්නවා. යකෝ , ඌ උඹේ කව්ද ඔච්චර බය වෙන්න ! කොහොමත් අපේ උන්ගේ හැදියාව අර පැස්බරා වැල්ලේ ඔලුව හංග ගත්තා වගේ තමයි , ඔලුව වැහුවට පුක එළියේ.

යකෝ කරන්න හොඳ නම් එළිපිට පෙන්නුවම මොකෝ ? අරක්කු බෝතලේ ලෝකෙට පේන්න හංගගෙන ගියාට අපේ උන්ට රට බීම බෝතලයක් හම්බවුනොත් නම් අවුරුදු ගානක් වතුරත් බොනවා ඒකට දාගෙන ලෝකෙටම පේන්න.

ලැජ්ජ වෙන්න ඕනේ ඕවට නෙමෙයි යකෝ , ලැජ්ජ වෙන්න ඕනේ ඒවාට ලජ්ජා වෙයල්ලා. ලංකාවේ මහලොකු පොෂ් කියාගන්න හුත්තගේ ඉඳන් දවසේ කුලියට වැඩ කරන බාස් වෙනකන් එකෙක්වත් දන්නේ නෑ තැනකට ගියාම පෝලිමේ ඉන්න , කෑවම බිව්වම තමන් කාපු තැන කුණු නොදා පිරිසුදු කරන්න. මහා ලොකු ඉංගිරිස් කතා කරන පොෂ් හුකන්නල පවා එච්චරයි. ලැජ්ජ වෙන්න ඕනේ ඕවට යකෝ.

ඒක නිසා මේ දැන්ම , වහාම , තමන්ගේ පපුවට අත තියපල්ලා , තියාගෙන අභිමානයෙන් කියහල්ලා ලෝකෙටම ඇහෙන්න , "ඔව් ගල් තමයි හුත්තෝ බොන්නේ , ඇයි මොකෝ??" කියලා , අන්න එහෙම !

Image result for glass bottle

Sunday, November 3, 2019

ගැබා ගේ ඉංග්රීසි පාඩම

4/12/18 දින ලියුවකි


මේ දවස් වල ෆේස්බුක් එකේ හැමතැනම ෂෙයාර් වෙන පොස්ට් දෙකක් දැකල තමයි මට මේක කියන්න හිතුනේ.

පලවෙනි පෝස්ට් එක තමයි ඩෙක්ස්ටර් කාටුන් එකේ සීන් එකකට හදන I love your accent ආකාරයේ පොස්ට්. ඒකෙ තියෙන්නේ ශ්රීලාංකික අපි සාමාන්‍යයෙන් වරද්දලා උච්චාරණය කරන සමහරක් වචන වලට පොඩි බයිට් එකක් දෙන එක .ඒක හුදෙක් ජෝක් පරමාර්ථයෙන් කරන එකක් ඒක මට තේරෙනවා.




අනික ඊට වඩා ටිකක් සීරියස් ( ඒත් ගොන් ) නමුත් වෙළඳ පරමාර්ථයකින් හදපු බ්රිටිෂ් ඉන්ග්ලිෂ් ඇකඩේමි එකේ ඇඩ් එකක්. ( ඇඩ් එක මේ වන විට remove කර ඇත).

Image may contain: 2 people, text

 මේ ඇඩ් එකේ සාරාංශය ගත්තොත් පවුලක් යනවා පන්සලක් බලන්න , ඒකට බහිනවා සුද්දෝ දෙන්නෙක්. සුද්දෝ දෙන්නා පවුලේ අම්මගෙනුයි තාත්තගෙනුයි කඩ්ඩෙන් ප්‍රශ්නයක් අහනවා පන්සලේ චිත්‍ර ගැන. අම්මයි තාත්තයි ඉංගිරිසි නොදන්නා නිසා එතන පච වෙනවා. හැබැයි පවුලේ දුව බ්‍රිටිෂ් ඉංගිරිස් ඇල්කෙමියට ගිය නිසා එතනට පැනලා කඩ්ඩෙන් කොටනවා කෙටිල්ලක් කොච්චරද කියනවනම් සුද්දත් කියනවා “හානේ ඔයාගේ කඩ්ඩ නිකන් බ්‍රිටිෂ් එකෙක් ගේ වගේ මයේ අම්මා..” කියලා.. දුව කඩ්ඩෙන් කොටන හැටි බලන් ඉන්න අම්මගේ දෑසින් සතුටු කඳුළු වැටෙනවා.

හරි දැන් මම කියන්නේ මේකයි , මම මේ ගැන අදහස් දක්වන්න මෝස්ට් කොලිෆයිඩ් පුද්ගලයා නෙවෙයි මොකෝ මම ඉංගිරිස් බාසාව හෝ අධ්යාපනවේදය හෝ ඉගෙන ගෙන නෑ. මම කියන්න යන්නේ ඉංගිරිස් බාසාව ගැන අපිට තියෙන බය ගැන මගේ අදහස සහ ඒක අපිට ජයගන්න පුළුවන් ක්‍රමය මට හිතෙන විදියට.

අපි ඇත්ත කතා කරමු , අපි ගොඩක් දෙනා ඉංගිරිසියට බයයි. ඒකට ප්‍රධානම හේතුව මට හිතෙන්නේ වෙන මොකවත් නෙමෙයි , මම උඩින් සඳහන් කරපු පෝස්ට් දෙකේ පෙන්නන විදියට අපි හැම තිස්සෙම “සුද්දෙක් වගේ ඉංගිරිසි කතා කරන්න යාම”, ඒක තමයි අපේ කෙලවීමට හේතුව.

( මගේ හැම පොස්ට් එකේම සාරය වන සංගක්කාර පොන්නයා කියන කාරණයත් මම මෙහිලා මතක් කරන්න කැමති මොකෝ ඌත් වග කියන්න ඕනේ බොරු ඇක්සන්ට් එකකින් කඩ්ඩ කතා කරලා මේ වැරදි ආදර්ශ මිනිස්සුන්ට දෙනවට).

මට හිතෙන විදියට නම් ඉංගිරිසි බාසාව අපිට අපේම දෙයක් කරගන්න නම් අපි අපේම ඉංගිරිසියක් කතා කරන්න ඕනේ. කොටින්ම ඉංගිරිසි “ලෝකලයිස්” කරන්න ඕනේ. දැනටමත් ශ්‍රීලාංකික ඉංගිරිසිය සැහෙන්න දුරකට ලෝකලයිස් වෙලා තියෙනවා තමයි , නමුත් මේ ලෝකලයිස් ඉංගිරිස් ප්‍රභේදය මම කතා වෙනවා දකින්නේ බහුතරයක් ඉහල පැලැන්තියේ අය හෝ පොඩි කාලේ ඉඳලම ඉංගිරිසියෙන් කතා කරපු අය අතර පමණයි. ජීවිතේ දෙවෙනි බාශාවක් විදියට ඉංගිරිස් කතා කරන්න ඉගෙන ගන්න බහුතරයක් දෙනා තමන්ගේ ශ්‍රීලාංකික කම ප්‍රදර්ශනය වීම අඩුවක් විදියට සලකන බවක් දකින්නට ලැබෙනවා. ඒක නිසා සුද්දෝ වගේ ඉංගිරිස් කතා කරන්න ගිහිල්ලා තවත් අමාරුවේ වැටෙනවා. මේක පොඩි හීනමානයක් එක්ක එන දෙයක්. අපේ සමාජයේ බහුතරයක් අය හිතන්නේ කඩ්ඩ පුළුවන් වීම කියන්නේ මාර දෙයක් කියලා , අර ඇඩ් එකේ අම්මා සතුටු කඳුළු හලන එකෙන්ම ඒක පිළිබිඹු වෙනවනේ. ඒත් මම නම් කියන්නේ අපි ලංකාවේ උන් විදියට එක බින්දුවක් වත් ලැජ්ජා වෙන්න ඕනේ නෑ බාසාවක් බැරි වීම ගැන.

මොකෝ මට නම් බාසාවක් කියන්නේ සන්නිවේදන මෙවලමක්. ( ඊට අමතර බාසාවේ තව අර්ථකතන මට තියෙනවා ඒවා මෙතන දාන්නේ නෑ මාතෘකාවට අදාල නැති නිසා ).

අපි කියන දේ එහා පැත්තේ ඉන්න මනුස්සයට තේරෙනවා නම් එච්චරයි.

මගේ පෞද්ගලික ජීවිතෙන්ම මේ ගැන උදාහරණයක් කියන්නම්. මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික පවුලක. අපේ ගෙදර කවදාවත් කඩ්ඩෙන් කතා කලේ නෑ. මම ඇවිත් සීයට සීයක් අමු ගොඩේ සිංහල කොල්ලෙක්. නමුත් මට සාමාන්‍ය තරමට ඉංගිරිස් කතා කරන්න කියවන්න පුළුවන්කම තිබ්බා පොඩි කාලේ ඉඳලම මම කියවන්න , ෆිල්ම්, සින්දු වලට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ඒ ඇරෙන්න මට බාසාවේ නීති රීති ගැන ලොකු දැනුමක් නෑ. මටත් පොඩි චකිතයක් තිබ්බා ඉංගිරිසි බාසාවෙන් මිනිස්සු අමතන්න. මට ජීවිතේ පලවෙනි වතාවට එක දිගට මිනිස්සු එක්ක ඉංගිරිසියෙන් කතා කරන්න සිද්ධ වුනේ 2015 වසරේ , ඒ මට ACBT ආයතනයේ පරිගණක විද්‍යාව උගන්වන්න අවස්ථාව ලැබීමත් සමග. ඉතින් මම පන්ති කරන්න පටන් ගත්තු මුල්ම දවස් වල මම ගොඩක් සැලකිලිමත් වුනා මගේ ඇක්සන්ට් එක ගැන , මම පාවිච්චි කරන වචන ගැන , කොටින්ම හැම වචනෙම මම කටින් පිට කලේ හරියට සින්දුවක් කියනවා වගේ සැලකිල්ලෙන්. ඒත් කාලයක් ගියාම මට තේරුණා මේ ඇප්රෝච් එක මට දිගටම පවත්වාගන්න අමාරුයි කියලා. මොකද මගේ කටින් බාසාව පිටවෙන හැටි ගැන ෆෝකස් කරන්න මගේ මොලේ යෙදෙව්වම අනිත් විෂය කරුණු මගේ මොලයෙන් ප්‍රොසෙස් කරන්න යොදවන බලය අඩු වෙනවා , ඒක අපරාදයක්. ඊට පස්සේ තමයි මම පුරුදු වුණේ “ගොඩේ විදියට” ඉංගිරිසි කතා කරන්න , මගේ විදියට ඉංගිරිසි කතා කරන්න. ප්‍රශ්නයක් නෑ ළමයින්ටත් මම කියන එක තේරෙනවා, මගේ ඔලුවට බරකුත් නෑ. (ඒ වගේම මෙතැනදී කියන්න ඕනේ ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන්න මට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වුණේ මොරටුව සරසවියේ අශෝක කරුනන්ද සර්. )

ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන එක හැම තැනකදීම හරියන්නේ නෑ කියන එක මමත් පිලිගනන්වා. උදාහරනෙකට ගොබ්බ ඇමරිකන් කාරයෝ එක්ක කතා කරද්දී එහෙම , එතකොට අපිට සිද්ධ වෙනවා අපේ ඇක්සන්ට් එක ටිකක් වෙනස් කරගන්න. ඒත් ලංකාවේ ඇතුලේ කතා කරන බහුතරයක් සභා වලට මේ “ගොඩේ ඉංගිරිසි” ගොඩ යනවා කියන එක තමයි මගේ මතය.

හරි , පෝස්ට් එක දිගයි. මම තව මුකුත් කියන්නේ නෑ. අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි ඉන්දියානු , කැරීබියානු , මැලේසියානු වගේ ජාතීන් ගොඩක් කතා කරන්නේ තමන්ගේ ඉංගිරිසියක් බව. ඒකට උදාහරණ ටිකක් මම පහලින් දාන්නම්.

කැරිබියානු 

Image may contain: 1 person, standing


මැලේසියානු



ඉන්දියානු


මෙච්චර දිග පොස්ට් එකක් පුක ඉරාගෙන ගැහුවේ හේතු දෙකකට.

1. මගේ පොරත්වය පෙන්නන්න
2. ඉංගිරිසියට මිනිස්සුන්ගේ තියෙන බය නැති වේවා යන බලාපොරොත්තුව ඇතුව!

දෙකෙන් එකක් හරි වුනා නම් මට සතුටුයි , ගොඩේ කම ගැන ලැජ්ජා වෙන්න එපා , Embrace the gode-ness !

Thursday, October 24, 2019

ගැබාගේ ඩයරිය 1

මේ ලඟදී අපේ මිත්‍රයා ලොකු අයියා කසුන් හේමන්ත සර් ගේ කතාවක් ඇහුවා. ඒකෙ ඔහු කිව්වා මරු කතාවක්. ඒ තමයි "කවියා කියන්නේ පපුවේ ඇනිච්ච ලොකු උලක් එක්ක ජීවත් වෙන මිනිහෙක්" කියලා. කවියෝ විතරක් නෙමෙයි මම හිතන්නේ ගොඩක්  'කලාකරුවෝ' ( air quotes ) කියලා කියන අය යම්තාක් දුරකට existential crisis එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්නයක.  ඒ ප්‍රශ්නේ නිසා ඇතිවෙන හිස්කම , මූසලකම මකාගන්න තමයි උන් නිර්මාණ කරන්නේ මට හිතෙන විදියට.

එතකොට දැන් මේ existential crisis එක තියෙන්නේ කලාකරුවන්ට විතරද ? අපෝ නෑ. මම දවසක් බොද්දි අපිත් එක්ක බිබී හිටපු කොල්ලෙක් කිව්වා මරු කතාවක්. මට ඒ වෙලාවේ වැදිලා හිටියේ ඒක නිසා කියපු එකා කව්ද කියලා මීටර් නෑ. හැබැයි ඌ කියපු කතාව මතකයි. ඌ කිව්වේ "හැම මිනිහටම තියෙන්නේ එක ප්‍රශ්නයයි" කියලා. ඒ ප්‍රශ්නේ තමයි තමන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නේ.

දැන් උඹලා කියයි "ඕවත් ප්‍රශ්නද බන් , මේ තුන්වේල කන්න සල්ලි නැතුව මිනිස්සු මැරෙන රටේ උඹලා මේ සීනිබෝල ප්‍රශ්න ගැන කතා කරනවා ගොන් ගැබා" කියලා. ඇත්තටම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද මිනිහෙක් මේ ඩේලි ජීවිතේ දුෂ්කරතාවයන් එක්ක සටන් කරනකන් ඔය වගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්න එන්නේ නෑ. මොකද එතකොට උන්ගේ මනස ඒ ඩේලි සටනට occupy වෙලා තියෙන්නේ. නමුත් ටික ටික නිදහස් වෙලාවක් එනකොට තමයි ඔය පැවැත්ම පිලිබඳ ප්‍රශ්න එන්නේ.

මගේ පෞද්ගලික ජීවිතේ ගැන කිව්වොත් මට නම් ඔය existential crisis එක දරුණුවටම තිබ්බා පොඩි කාලේ ඉඳන්ම. මට ජීවිතේ කවදාවත් එහෙම නිශ්චිත අරමුණක් තිබිලා නෑ.  කැම්පස් යන කාලේ අවසාන වසරේ ඉන්නකොට මගේ ලොකුම ආසාව වුණේ ලොකු කොම්පැනි එකක වැඩට යන්න , ඊට පස්සේ මම ජෝන් කීල්ස් එකේ වැඩට ගියා ඒ අමාරුව හොඳ වුනා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම ආසාව වුණේ කාර් එකක් ගන්න , ek3 එකක් ගත්තා ඒ අමාරුවත් හොඳ වුනා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම ආසාව වුණේ Msc එකක් කරන්න , ඒකත් පටන් අරන් මගදී කම්මැලි හිතලා අත ඇරලා දැම්මා. ඊට පස්සේ තමයි මට හිතුනේ "යකෝ දැන් මම මොන හුත්තක් කරන්නද??" කියලා. ඇයි ඉතින් මගේ ජීවිතේ තිබ්බ ඔක්කොම අරමුණු ටික මම කරගෙන ඉවරයි නේ. ඊට පස්සේ මම පිස්සු හැදිලා වගේ රැ තිස්සේ ජොයින්ට් ගගහා සත්‍ය ගවේෂණ චාරිකාවක් පටන් ගත්තා . බණ අහන්න ගත්තා. බටහිර දර්ශනේ ඉගෙන ගන්න ට්‍රයි කළා. ඔය වගේ එක එක රෙද්දවල් කර කර මේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නෙට උත්තර හොයන්න හැදුවා.

ඉතින් මට ඒකට උත්තරයක් හම්බවුනාද ?

ඇත්තටම කිව්වොත් එහෙම නිශ්චිත උත්තරයක් මට අදටත් හම්බවෙලා නෑ. හැබැයි මම මේ සටහන පටන් ගන්නකොට කියපු "පපුවේ තියෙන උල" මම යම් තාක් දුරකට ගලෝගෙන ඉන්නවා කියලා මම හිතනවා. මම දැන් හිතන්නේ ජීවිතේ ගැන අපි ලොකුවට කල්පනා කලාට වැඩක් නෑ. මොකෝ මොන හුත්තක් හරි වෙලා අපි දැන් මේ ලෝකෙට ඇවිත් ඉවරයි නේ. දැන් ඉතින් තියෙන්නේ ඔප්ෂන් දෙකයි. එක්කෝ ජීවත් වෙන්න ඕනේ , ජීවත් වෙන්න ආස නැත්තම් "සීසයිඩ්" කරගන්න ඕනේ.  අර සාර්ට් කියන බටහිර දාර්ශනිකයා කිව්වා වගේ "මිනිසාට ලැබුණු නිදහස යනු ඔහුට තියෙන කැරීම කරුමයයි". ඉතින් ඒක නිසා ඒ නිදහස පාවිච්චි කරලා තමන්ට සතුටක් ලැබෙන ජීවිතයක් නිර්මාණය කරගන්න එක තමයි අපි කරන්න ඕනේ මම දැන් හිතන විදියට. ( මේ කතාවම ඇල්බෙයා කැමූ කියලා පිස්සු හුත්තෙකුත් කියලා තියෙනවා. ඒක ඒ කාලේ කියෙව්වට දැන් තමයි මට ටික ටික ඒක අවබෝධ වෙන්නේ. Myth of sisyphus කියලා ගූගල් කරලා බලන්නකෝ ඉන්ටරස්ටඩ් නම් ). කොටින්ම මම දැන් ඔය existential crisis ගැන තියෙන පොත් , ෆිල්ම් වුණත් බලන්න වැඩිය කැමති නෑ. ඒ ඕවා ගැන හිතුවා කියලා ලැබෙන හුත්තක් නැති නිසා.

කතෝලික ආගම ගැන මට මෙලෝ දැනුමක් නෑ , ජෝර්ඩන් පීටර්සන් කියන්නේ පොල් බූරුවෙක් , හැබැයි ඌ දවසක් මරු කතාවක් කිව්වා. ඒ තමයි "හැම මිනිහටම තමන්ගේ කුරුසයක් කරේ තියාගෙන යන්න වෙනවා" කියන එක. ඉතින් ඒ කුරුසේ කරේ තියාගෙන විදෝනවද . ඒක කරේ තියාගෙන ස්කොට් ගහලා ඇඟ හදාගන්නවද කියන එක තමන්ගේ චොයිස් එක!

මගේ ධර්ම දේශනාව මෙතනින් ඉවර කරනවා එහෙනම් , දැන් මම උල ගලොගත්තා කියලා කිව්වනේ. හැබැයි මම ඇත්තටම ඕක ගලෝගත්තනම් ඇයි මම මේ සටහන ලියන්නේ ? උඹල හැමෝටම පේන්න ඇයි  මම මේ ලියන්නේ , ලෝකෙටම පේන්න , ඇයි.....? :p . අන්න ඒකයි. අපි ගියා ටටා!

Tuesday, April 30, 2019

A note to my Muslim friends from an outsider

A note to my Muslim friends from an outsider
Dear Muslim homies, this is something that I want to tell you as a non-Muslim. First let me tell you that my writing skills in English are not that good, but I wanted to write this in English as some of you might not be able to read Sinhalese. Also if you do not know me in person and this is the first time you are reading my material, then please do not be offended by my strong language ( I mean it motherfuckers ! ) and please read the note till the end before jumping into conclusions.
First of all let me tell you something about myself, I am a 50% Malay – 50% Sinhalese but 100% awesome guy as my mother is Malay. But I was raised as an ordinary Sinhala – Buddhist boy (even though i do not believe or practice any religion now). I do not speak a single word of Malay. But because of my Malay background I have spent enough time with my Malay relatives who of course are Muslims, so I have some experience with the way of life in a Muslim community. I wanted to highlight my roots because I want to point out that I have some exposure with your culture and also I want to point out to my Sinhalese friends who I am , that my opinion could be biased as I am a half Malay after all.
OK so now that is out of the way, let me cut the crap and get to the point.
As I feel, as an outsider, you Muslim motherfuckers have a problem with your community! And that problem is, you guys are too AFRAID of your religion and your culture. There is a lack of open dialogs in your community! Please feel free to correct me if I am wrong.
There are extremist acts going on in almost all religions and races because that is natural, I get it. People naturally want to stick with their own kind and naturally wish the growth of their own team. But in other communities, I see a high number of individuals “within the community” standing up against these atrocities. For example, when our hamuduru fuckers were trying to stir up racism with BBS , Rawana balaya etc we Sinhalese stood up against them. When hamuduruwo were keeping illegal elephants it was Sinhala people themselves who went to courts against them. I know many Christian friends who are fighting with their elders over bullshit in their religion and culture as well. But with Muslims, I cannot think of too many people I know who are free thinking like that! I can think of a “few”, but not enough!
Now I myself have been called many things for speaking against my own people, Bastard, NGO kaputa etc . But the thing is , in our culture in Sinhala Buddhist culture there is room for open dialog ! Most of my best friends are devoted Buddhists and whenever we get together we talk about religion , culture etc. I openly ask them “ado how do you even know whether this nirvana thing is true men? Could be a fucking lie noh” and they never chop off my head or anything: P. There is always room for freedom in our culture. But tell me, do you guys have that? Do you ever even question the existence of your so called Allah? Do you? You guys are too afraid to even talk about the future without saying inshaallah for fucks sake!
The second problem I see, is that you guys always think that Muslims are a different breed and all Muslims belong together. Whenever a Muslim dies overseas or whenever Mo Salah scores a goal you guys lose your tits! But when someone does something wrong within your community, does your mouth open to speak against that? I saw many Muslim friends sobbing over New Zealand as soon as it happened but when something as horrible as last week’s tragedy went on in their own fucking country, they are silent! You are Muslim of course, but do not forget you are living in a country, a country full of “other” people who do not give a shit about your Allah or Burkas or Halal chicken or whatever the fuck so always remember that, remember that you are Sri Lankan first and Muslim second. With that I would highlight that another problem with you is you always think that other things should change to suite your faith, well guess what, I would rather see Kim Kardashian's bare tits over black Burkas for the rest of my life so you can keep it to yourself and leave the rest be.
Take a leaf out of the Malay book, there are plenty of extreme as fuck dumb cunt Malays of course but most Malays are very fun loving, chilled people. What they have done is they have blend in with the Sinhala culture. As I said earlier since I have Malay roots myself I might be biased here, but the way Malays are living in harmony with Sinhalese people is a good example which proves that Islam is not bad, it depends on the fucking idiots who implement it. Do not forget that Indonesia, Malaysia are also Muslim countries but they are doing fine are they not? So ya do us a favor and drop the Muslim Nazi shit and try to blend in with the rest of us!
I do not wish to make this too long (like the tip of your dicks ) so let me windup real quick. I know that there are many political forces in play, that has been the case ever since the world started spinning. Politicians will always try to influence you using religion and race whether you are Buddhist, Muslim, Hindu, Pastafari or whatever. But what we can do, what you and me can do is at least create an open dialog in our community. This will at least show people that there are many avenues to think along, not just the Quran. This is not an immediate fix to what has happened to our country last week, no matter what you do now people will still be mad at you. But at least now, at least now I hope you guys can start a healthy conversation among your community thinking about the future.
There are terrorist forces that need to be dealt with force of course, there is no point in inviting an ISIS suicide bomber to watch a John Lennon interview while tripping on ACID. That tree hugging hippie approach will not work on those tera motherfuckers, they need to be shot dead. But normal people like you, you need to start this conversation among yourselves.
To wind up I would say this , I hate Upul Shantha Sannasgala I’m not a fan of his. But you must have seen Sinhala people roasting him for his famous status “Jathiwaadi pakayani , pukata payin gahala kiyanne , nawathiyalla. Muslim sahodarawaruni , papuwata atha thiyala kiyanne kukku mirikapalla” I cant remember exactly but you know what im talking about ne ? The way I see it , the real problem is not having a Sannasgala among Sinhalese , but the real problem is NOT having a Sannasgala among Muslims !
We have and will stand up against the wrongs in our communities, about damn time you guys start that too! Thanks , gaba out !
p.s – සිංහල මිතුරන්ටත් නෝට් එකක් , මේ අවස්ථාවේ උඹලට මල පැනලා ඉන්න එක සාධාරණයි . ඒත් එක එක හේතු නිසා උඹලව අවුළන උන්ට අහුවෙන්න එපා. ඔක්කොම තම්බි මරන්න ඕනේ නම් මාවත් ලිස්ට් එකට දාගනින් මාත් හාෆ් තම්බියෙක් නේ.

Tuesday, September 22, 2015

Do we need regular mental checkups ? Alternatives to execution

පහු ගිය ටිකේ ලංකාවේ හා ලෝකේ වෙච්ච සිද්දි දිහා බලනවිට , නොයෙක් ආකාරයේ මානසික ව්‍යාධි සහ මානසික ගැටළු ඇති පුද්ගලයන් එම අසහන පිට කරගැනීමට කල ක්‍රියාවන් ගොඩක් අපිට දකින්නට ලැබුණි.උදාහරණ ලෙස මල් කැකුළු වැනි පොඩි දරුවන් කෙළසීම් , සිය දිවි නසාගැනීම් , වෙඩි තැබීම් ආදිය දැක්විය හැක.

මට හිතෙනා ලෙස අපි අතර සිටින බොහෝ දෙනා යම්කිසි මානසික ගැටලුවකින් පසුවේ. Depression වැනි මානසික තත්ව ඇත්තම කියනවානම් මට පවා සමහර විට ඇතිවී ඇත. බොහෝ දෙනා මේවා කාගෙන විඳදරාගන්න නමුත් , සමහර අය මානසික ලෙඩ වලට අසුවී තමන්ගේ හෝ / හා අනුන්ගේ ජීවිත වලට හානිදායක ආකාරයෙන් හැසිරීම පෙළඹේ. පසුගිය සතියෙදීද මාගේ එක් මිතුරෙක්ගේ ඥාතියෙක් , ගෙල වලදාගෙන මියගියේය , ඔහුද බැලූ බැල්මට normal කොල්ලෙකි.

Sunday, March 29, 2015

තාමත් යන්නේ වැරදි බස් එකේද ?

office එක ලඟින් පිටකොටුව බසයකට ගොඩවුනේ මිතුරන් සමග සෙට් වීමකට යාමටයි.පූජ්‍ය පක්ෂය සඳහා වෙන්වුණු ඉදිරි පෙළ අසුන පැත්තෙන් තරමක ඝෝෂාවකි.අසුනේ සිටි තලෙළු , කෙසඟ ස්වාමීන් වහන්සේ නමක් , උන්වහන්සේගේ එහා පැත්තේ වාඩි වී සිටින තරුණයා හට කුමක් හෝ කාරණයක් ගැන හෙන දේශනයකි.තරුණයාගේ තක්කු මුක්කු වුනු ස්වභාවයෙන් මට පෙනුනේ , ස්වාමීන් වහන්සේ අනාරාධිතවම ඔහුට තෙල ගැසීමට පටන් ගත් සෙයකි.සාමානයෙන් හිමිනමකට ආවේනික නිවුණු,සිත නිවන කට හඬ වෙනුවට , හිමිනමට  තිබුනේ තරමක උච්ච සවරයක කටහඩකි. තරුණයාගේ accent එකෙන් හැඟුනේ ඔහු දමිල තරුණයෙක් බවය.තරුණයා සහ ස්වාමීන් වහන්සේ අතර සංවාදේ  ජයටම නැගලා යයි.( සංවාදේ කියන්නත් බෑ හැබැයි, ඉඳහිට අහන දේකට දෙන කෙටි පිළිතුරක් හැරුනු කොට තරුණයා වැඩිමනක් හිටියේ full හොල්මන් වෙලාය ).

පූජ්‍ය පක්ෂ අසුන් පෙලට ආසන පේලි දෙක තුනක් පිටු පසින් සිටි මගියනුත් , මේ කුමන case එකක් දැයි කුතුහලයෙන් , සමහරුන් “අපෝ අපිටත් set වෙයිද දන්නේ නෑ” වැනි බියමුසු බැල්මෙන් වෙන සිදුවීම දෙස බලා සිටිති.

සාමානයෙන් වෙනදාට බසයකට නැගුනු වහාම , headset ඇබ දෙක කනේ ගසාගෙන , වටේ පිටේ සිදුවුන දේවල් පඩයකට මායිම් නොකර , ඉඳ හිට බසයට ගොඩ වෙන පාට පාට සමනලියන්ගේ කිචි බිචි බස් වලින් පමණක් interupt වන මනෝ ලෝක සාගරේ ජබු ගහන මට , කුමක් හෝ හේතුවක් නිසා මේ oneway සවාදයට සවන්  දෙන්නට සිතුනි.සංවාදය නැගලා යයි...

මුලින්ම මට සිතුනේ මේ ස්වාමීන් වහන්සේ යම්කිසි මානසික අව්ලකින් පසු වෙනවා ඇති කියාය, ( කාටවත් අපහාස කරනවා නෙමෙයි, එවන් ලෙඩ රෝග ඇති පැවිදි අය මා දැක ඇති නිසයි එලෙස සිතුනේ) , නැත්තම් ඉතින් මේ අහක යන පොරක් අල්ලන් උට තෙල ගසයිද.කෙසේ නමුත්, ටිකක් වෙලා එතුමාගේ කතා වලට සවන් දුන් මට, tv එකේ පෝයදාට පොෂ් විදියට බණ කියන ලස්සන සුදු පින්පාට media superstar  ස්වාමීන් වහන්සේලාට වඩා , සැහෙන්න වටිනා අදහස් එතුමාට ඇති බව වැටහුනි.ඒ වගේම ගොඩක් දේවල් ගැන හොඳ දැනුමක් එතුමාට ඇති බවත් , නිකන් ආවට ගියාට කියවන කෙනෙක් නොව , ඇත්තටම පිරුණු පුද්ගලයෙක් බව තේරුම් ගැනීමට මට වැඩිවෙලාවක් ගියේ නැත.විවිධ ආගම් , ජන කොටස් අතර සම්බන්දතා වැනි අද කාලේ කතා බහට ලක්වෙන sensitive මාතෘකා රාශියක් ගැන ( මගේ limited vocabulary එකෙන් කියනවනම් ) සිරාම talk ටිකක් හිමියන්ගේ කටින් කියැවුනි.

ටිකක් වෙලා කතා කරමින් යන විට තරුණයා දමිල ජාතිකයෙක් බව හාමුදුරුවන්ට තේරුණු සෙයකි , “පුතා මොන ආගමේද? ආහ හින්දු ද? දැන් පුතා දන්නවද..” හාමුදුරුවෝ හින්දු ආගමෙනුත් උපහැරණ උපුටාගෙන චතුර ලෙස කතා කරති.එතුමා දිගින් දිගටම කියා සිටියේ කිසිම ආගමක් නරකක් කියා නැති බවත් , අපි සැවොම එකට ජීවත් විය යුතු බවත් ය.

“මම සැහෙන්න දුක් වෙනවා පුතා මට දෙමල බැරි එක ගැන , මට දෙමල පුළුවන් වුනා නම් මට තිබ්බා දෙමල මිනිස්සු එක්කත් හොඳට කතා කරන්න” .. ටිකක් වෙලා යන විට තරුණයාගේ සිංහල භාෂාව process කිරීමේ හැකියාව 100% නොවන බව වටහාගත් හිමියන්, තේරෙන සිංහලෙන් කිව්වොත් flawless ලෙසඉංග්‍රීසියට මාරු විය.( කඩ්ඩෙන් කිව්වේ මොනවද කියල මගෙන් අහන්න එපා , මගේ ඉංග්‍රීසි භාෂාව process කිරීමේ හැකියාව 100% නෙමෙයි ).සංවාදය , a lot more one-way than it was to start with , ජයටම නැගලා යයි.
ඔබ මේ ලිපිය මෙතෙක් වෙනකල් කියවූවා නම් , ( ප්‍රථමයෙන් මම ඔබට ස්තුති කරමි , මගේ මෙලෝ රහක් නැති ගොරහැඩි රචනා ශෛලිය අමාරුවෙන් ඉවසන් හිටියාට ) ,  මේ ගැබා දැන් මෙච්චර ගොඩක් දේවල් කියාගෙන ඇවිත් මොකද්ද කියන්න හදන්නේ කියා ඔබ කල්පනා කරනවා ඇති.

අපේ හාමුදුරුවන් තරුණයාට පැවසු එක වදනක් මට සැහෙන්න සිතට වැදුනි , ඒ දෙය ඔබට කීමටයි මෙච්චර වෙලා වුනු සිද්දිය පැහැදිලි කලේ , ගහෙන් ගෙඩි එන්න වගේ කිය හැකිද ඒ වගේ වදන්.

මා කලින් කී පරිදි , language file එක ඉංග්‍රීසියට මාරු කරගත් අපේ හාමුදුරුවෝ , තරුණයාට මෙසේ පැවසීය

“පුතා , do you know what religion is ? Religion is not Buddhism , religion is not Hinduism , religion is not Christianity. TRUTH IS MY RELIGION ! We should try to find the truth through religions”

TRUTH is my religion , that’s the best damn thing I heard all day!

මගේ ගමනාන්තයට මම ලඟා වුනිමි , බසයෙන් බැස්සෙමි , නමුත් තවමත් අපි යන්නේ වැරදි බස් එකේ බව මට වැටහුණි.

P.S - while you`re at it..