ඉපදී හැදී වැඩුණේ එකට
දෙපොලක තනිවෙලා නමුත් ගෑවී නොගෑවී එකිනෙකාට
බාෙහෝ දුර ගමන් ගියාට
දෙදෙනා වෙන් නොවී..
ගෙදර ආ සැනින්
නුඹලා නුඹලාටම
නැති වේ යැයි බයට!
අල්ලා ගැට ගැසුවෙමි එකට.
.
.
.
.
මගේ මේස් දෙක
Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts
Tuesday, September 10, 2019
Monday, September 9, 2019
වැසි දිනක්
උදේ සිට චුරැ චුරැව
නොනැවතී ඇදහැලෙයි
සිවිලිමෙන් බේරිලා
වැහි බිංදු ගේ තෙමයි
ගුලි වෙලා ඇඳට වී
ගත සිත ම මූසලයි
ෂික්! අද අපිට බොන්න තිබ්බෙ බං..
නොනැවතී ඇදහැලෙයි
සිවිලිමෙන් බේරිලා
වැහි බිංදු ගේ තෙමයි
ගුලි වෙලා ඇඳට වී
ගත සිත ම මූසලයි
ෂික්! අද අපිට බොන්න තිබ්බෙ බං..
Tuesday, August 20, 2019
Thursday, August 1, 2019
Thursday, December 1, 2016
Tuesday, November 1, 2016
Seasons of the Mind
හිරු රැස් වලින් පිරුණු ලස්සන වසන්ත කාලය නිමා වෙලා
ශීත කාලය ආයෙත් එනවා
ශීත කාලය කටුකයි , අඳුරුයි , මූසලයි
එත් මම ඒ මූසල කමට ආසයි
මූසල සීතලට මුවා වෙලා කෝපි කෝප්පයක රස බලන්න , සිගරට් එකක් බොන්න ආසයි
ශීත කාලය කොච්චර අඳුරු වුනත්, කවදාවත් ශීත කාලය නිමා නොවෙනවානම් ආසයි..
ඒත් දන්නෙම නැතුව ශීත කාලය ඉවර වෙලා , වසන්ත කාලය ආයෙත් උදාවේවි..
වසන්ත කාලය පැමිණේවි
කුරුල්ලන් ලස්සන ගීත ගයාවී
දීප්තිමත් උණුසුම්
මිතුරු හිරු රැසින් ලොව නැහැවේවි !
එහෙත්..
ශීත කාලය එනවා සත්තයි ! ඒ ශීත කාලයට මම ආදරෙයි !
Tuesday, February 23, 2016
හන්දිය හතරමන් අතර මං අතරමන්
හතරමන් හන්දියේ
වාහන එක පෝලිමට
චක් චක්
චක් චක් සද්දෙට
සිග්නල් දමාගෙන
වමට දකුණට
කොහේ යන්නද කියා
නොදැන හිරවී ට්‍රැෆික් එකට
ඉන්නවට වඩා සැපයි
පාර අයිනෙන් නවත්තාගෙන
දුමක් අදින එක
හසාර්ඩ් දමාගෙන
චක් චක්
චක් චක්
වාහන එක පෝලිමට
චක් චක්
චක් චක් සද්දෙට
සිග්නල් දමාගෙන
වමට දකුණට
කොහේ යන්නද කියා
නොදැන හිරවී ට්‍රැෆික් එකට
ඉන්නවට වඩා සැපයි
පාර අයිනෙන් නවත්තාගෙන
දුමක් අදින එක
හසාර්ඩ් දමාගෙන
චක් චක්
චක් චක්
Wednesday, December 2, 2015
Blind Faith
තඩි බඩ සුදු සරමට හැකිලෙන
කඩුව semi automatic ද ?
සල්ලි මිටි කටින් ඩැහැගෙන
කළු කෝට් කපුටන් පියාඹයි
සුදු පාට බෙටි තලි
උඹේ ඔලුවට දාගෙන
පට්ට වයිරෙන් අඹරන්න
දෙවියොත් බලන්නැති දෙවොලට ගිහින්
කිරා දීපන් මට හොඳවයින්
ඇස් පොට්ට උඹේ තරාදියෙන්
රත්තරන් වටින
අමු මිරිස් කිලෝ එකක්
කඩුව semi automatic ද ?
සල්ලි මිටි කටින් ඩැහැගෙන
කළු කෝට් කපුටන් පියාඹයි
සුදු පාට බෙටි තලි
උඹේ ඔලුවට දාගෙන
පට්ට වයිරෙන් අඹරන්න
දෙවියොත් බලන්නැති දෙවොලට ගිහින්
කිරා දීපන් මට හොඳවයින්
ඇස් පොට්ට උඹේ තරාදියෙන්
රත්තරන් වටින
අමු මිරිස් කිලෝ එකක්
Wednesday, November 4, 2015
18 සන්නිය
පපඩම් වගේ පිපෙන
ලදරම් හිතේ පැලවුන
මනරම් හීන ඇස් පනාපිට
ටකරම් වගේ මලකඩ කනකොට
අසමෝදගම් බිව්වට හොඳ නොවන
කල මෝඩකම් බඩ දඟලනකොට
පන්දම් කටින් අරගෙන නටන
වන්නම් තියෙන තොයිලය පට්ට ආතල්
ලදරම් හිතේ පැලවුන
මනරම් හීන ඇස් පනාපිට
ටකරම් වගේ මලකඩ කනකොට
අසමෝදගම් බිව්වට හොඳ නොවන
කල මෝඩකම් බඩ දඟලනකොට
පන්දම් කටින් අරගෙන නටන
වන්නම් තියෙන තොයිලය පට්ට ආතල්
Thursday, October 1, 2015
Monday, September 14, 2015
Sunday, August 23, 2015
Thursday, August 6, 2015
Wednesday, August 5, 2015
Tuesday, August 4, 2015
මදුරු කොයිල්
හුරුබුහුටියට
උසට උසේ
දැල්වුනත් දස අත සුවඳ දිදී
මල් සුවඳ හමන හඳුන්කූරු
පන්නලා මැසි මදුරුවෝ
අපිව නිදිකරවන්නේ සැපට
කැතට කැතේ කැරකුනු
කර්කෂව පිච්චෙන
ගඳ ගහන
මදුරු කොයිල්..
උසට උසේ
දැල්වුනත් දස අත සුවඳ දිදී
මල් සුවඳ හමන හඳුන්කූරු
පන්නලා මැසි මදුරුවෝ
අපිව නිදිකරවන්නේ සැපට
කැතට කැතේ කැරකුනු
කර්කෂව පිච්චෙන
ගඳ ගහන
මදුරු කොයිල්..
Wednesday, July 29, 2015
What "LIES" within
අවුරුදු උත්සවේ තෑගි ගන්න
පොඩි එකා බොරු කියයි
වැඩි වැඩියෙන් බලේ ගන්න
ඇමතියා බොරු කියයි
....
දරුවන්ගේ කුස ගිනි නිවන්න
හිඟන්නා බොරු කියයි
....
මේ ඔක්කොම බොරු වල බර එක සමානද?
White Lies , Black Lies , All Lies..
Everything
is
a
LIE!
පොඩි එකා බොරු කියයි
වැඩි වැඩියෙන් බලේ ගන්න
ඇමතියා බොරු කියයි
....
දරුවන්ගේ කුස ගිනි නිවන්න
හිඟන්නා බොරු කියයි
....
මේ ඔක්කොම බොරු වල බර එක සමානද?
White Lies , Black Lies , All Lies..
Everything
is
a
LIE!
Tuesday, June 16, 2015
කැරකිලා බනිස්
මාගේ ජීවිතය මැද ජෑම් ඇති කැරකිලා බනිස් එකක් වැනිය..
එහි අග ඇත්තේ මෙලෝ රහක් නැති මා දැන් ගෙවන කාලකන්ණි ජීවිතයයි..
කැරකිලා කැරකිලා මුලට ගිය විට,
එහි මුල ඉන්නේ..
ඇයයි
Thursday, April 30, 2015
කැත මිනිහාගේ ලෝකය
දුටුවන් මන බඳින ලස්සන selfie..
Magazine වල ලස්සන පිටකවර..
කව්රුත් දකින්න ආස ලස්සන මූණු..
ලස්සන ඇස් වලට පෙනෙන මානයෙන් එපිට
කැත මිනිහාටත් ලොවක් තියේ....
Monday, April 6, 2015
Subscribe to:
Posts (Atom)


















