Thursday, July 18, 2019

ගුත්තිල මූසිල සටන නව වර්ෂන් එක


ගුත්තිල සහ මූසිල කියන්නේ ඩීජේ ල දෙන්නෙක්. ගුත්තිල තමයි පළාතේ ඉන්න ලොකුම සහ ප්රවීනම ඩීජේ.

ඕනේම බීච් පාර්ටි එකක නැගලම යන සෙට් එක ගහන්නේ ගුත්තිල. පිටරටින් ඩීජේලා එන පාර්ටි වල ඕපනින් සෙට් එක ගහන්නේ ගුත්තිල. ඒ විතරක් නෙමෙයි පළාතේ තිබ්බ ලොකුම නයිට් ක්ලබ් එක වෙච්ච "හැපී බ්රහ්මදත්ත" එකේ රෙසිඩන්ට් ඩීජේ විදියට සෙල්ලම් කලේ ගුත්තිල. ගුත්තිලට ගහන්න ඩීජේ කෙනෙක් හිටියේ නෑ අහල ගම් හතක.

මූසිල ඒ අතින් බැලුවම තාම ආධුනිකයා , පොර තාම ඔය පොඩි පොඩි වැඩ තමයි කරන්නේ. ඒ කිව්වේ වෙඩින් , කඩ විවෘත කිරීම් , බිග් ගර්ල් පාටි වගේ පොඩි පොඩි උත්සව. දවසක් පොර වෙඩිමකට ගිහිල්ල දන්න සෙල්ලම් ඔක්කොම දාලා සින්දු ගහනවා , හැබැයි වෙඩිමට ආපු එකෙක්වත් නටන්නේ වත් නෑ. උන් ඔහේ බිබී , කන් කස කස ඉන්නවලු. ඕක දැකලා මූසිලයට හෙන අවුල. ඌ අහනවා වෙඩිමට ආපු මිනිස්සුන්ගෙන් "ඇයි අයියා මම ගහනවා හරි නැද්ද" කියලා ?

මිනිස්සු කියනවා "අප්පට සිරි මල්ලි සින්දු ගැහුවද ?? අපි හිතුවේ ඩීජේ සැට් එක මීයෝ කනවා කියල හැක හැක"

දැන් මුට තවත් අවුල , අඬන්න ඔන්න මෙන්න..

එතකොටම එක මිනිහෙක් කියනවා "මල්ලි අර හැපී බ්රහ්මදත්ත එකේ ඉන්නවා කෙරී වැඩකරුවෙක්.. ඩීජේ ගුත්තිල කියලා.. අන්න බුවා ඈ.. මිනිහා ගහනකොට ගෑණු බඩ වෙලා ළමයි හම්බවෙලා ලොකු වෙලා උන් ඇකයෙන් වැටෙනවා එච්චරට ස්මූත් මික්ස් කරනවා.."

ඔය වෙලාවේ තමයි මූසිල තීරණය කරන්නේ එයා ඩීජේ ගුත්තිලගේ ගෝලයෙක් වෙලා සියලු ශිල්ප ඔහුගෙන් ඉගෙන ගන්න ඕනේ කියලා..

ඊට පස්සේ කතාවේ මැද හරිය ඉතින් දනන්වනේ.. මූසිලයා ගිහිං ගුත්තිල බැහැදැකලා තමන්ට ඩීජේ ශිල්ප සතර කියලා දෙන්න කියලා බැගෑපත් වෙනවා. ගුත්තිලයා හැබැයි කැරි මුඩුමයා ඌ කැමති නැහැ එහෙම ලේසියට කාටවත් සාස්තරේ කියලා දෙන්න. ඒක නිසා මුලින් පොර සැහෙන්න අදි මදි කරනවා. ඒත් මූසිලයා දිගින් දිගටම ගුත්තිලයට වද කරනවා. ඊට අමතරව ගුත්තිලයගේ හිත දිනාගන්න උගේ අම්ම තාත්තට එහෙම හොඳට සලකනවා මූසිලයා. ( ගුත්තිලයා අච්චර ප්රසිද්ධ ඩීජේ වෙලත් තාම කසාද බැඳලා නෑ හතර වටේ බඩු ගගහා හිටියා මිසක් , අම්ම තාත්තා එක්ක තමයි පොර හිටියේ )

ඕකෙන් මේකෙන් ඉතින් ගුත්තිලයගේ හිතත් උණු වෙලා පොර කැමති වෙනවා මූසිලයට ශිල්ප සතර කියලා දෙන්න. මුලින් මුලින් පොඩි පොඩි දේවල් කියලා දීලා අන්තිමට දෙන්නා හොඳටම ෆිට් වෙලා ගුත්තිලයා දන්න සියල්ලම කියලා දෙනවා. ගල් කබ්බෙක් වගේ හිටපු මූසිලයා දවසෙන් දවස ශිල්පෙ අල්ලගෙන අන්තිමට පට්ටම වැඩකාරයෙක් වෙනවා. ඉස්සර පොඩි පොඩි වැඩ කර කර හිටපු මිනිහට දැන් ටික ටික පාර්ටි එක දෙක ගහන්න සෙට් වෙනවා. මූසිලගේ නමත් කටින් කට පැතිරෙනවා. කාලයාගේ ඇවෑමෙන් මූසිලයා පළාතේ හොඳ නමක් දිනාගත්ත ඩීජේ කෙනෙක් වෙනවා.

කොල්ලොත් තැන තැන කතා වෙනවා දැන් මූසිලය ගැන..

“ඉස්සර නම් ගුත්තිලයට ගහන්න එකෙක් හිටියේ නෑ මේ ප්‍රාන්තේ.. දැන් හැබැයි අර අලුත් එකෙක් ඉන්නවා මූසිල කියලා පට්ට ගැහිල්ලක් ගහන්නේ ආ.. පෙරේදා පාර්ටියක ගැහුවා සෙට් එකක් අම්මා... “

ඔය අල්ල පනල්ලේ මූසිලයගෙත් ඔලුව ඉදිමෙනවා.. දැන් උට ඕනේ ගුත්තිල අවුරුදු ගානක් ගහපු “හැපී බ්‍රහ්මදත්ත” ක්ලබ් එකේ රෙසිඩන්ට් ඩීජේ කම ගන්න.

මූසිලයා යනවා හැපී බ්‍රහ්මදත්ත එකේ අයිතිකාරයා වන බ්‍රහ්මදත්ත අයියා හම්බවෙන්න. බ්‍රහ්මදත්ත අයියට හැමෝම කිව්වේ “රාජා” කියලා.

“රාජා අයියේ..”

“ආ මූසිල මල්ලි..මොකෝ මේ පැත්තේ ආ.. කාලෙකින් සෙට් වුණේ ඉතින්... උඹ ගැන ආරංචියි අපිටත් ... සිරාවට සෙල්ලම් කරනවා කියලා කොල්ලෝ කතා වෙනවා.. සතුටුයි ආ.. එකෙන්ම..”

“ඒක තමයි රාජා අයියේ මම මේ ඔයාට කතා කරන්න ආවේ.. අයියා දන්නවනේ දැන් මම තමයි මේ පළාතේ ඉන්න හොඳම වැඩකරු.. ඒක නිසා අයියටත් හොඳ නැද්ද ක්ලබ් එකේ ඩීජේ ජොබ් එක මට දුන්න නම්.. ලොකුම ක්ලබ් එකේ ගහන්න ඕනේ හොඳම ඩීජේනේ අයියේ නැද්ද..??”

රාජා අයියා ටිකක් කල්පනා කරනවා..

“මල්ලි ඒක හරි.. ඒත් මල්ලි දන්නවනේ ගුත්තිලයා මගේ හොඳ යාලුවා කියලා.. මේ ක්ලබ් එක දාපු කාලේ ඉඳන්ම ඌ තමයි මේකේ ගැහුවේ.. ඌ මේකේ සෙල්ලම් කරන්නේ ඌ අර “G Daddy” කියලා ගොබ්බ නමකුත් දාගෙන හිටපු කාලේ ඉඳන් හික් හික් ...”

“අයියේ..”
“ දැන් ගුත්තිලගේ කාලේ ඉවරයි “
“දැන් තියෙන්නේ මගේ කාලේ”
“කව්ද වැඩකරු කියලා ඔයාට බලාගන්න ඕනේ නම් , ඔයා අපි දෙන්නම හෙඩ් ටු හෙඩ් සෙල්ලම් කරනවා අහන් ඉන්න”
“අහලා දක්ෂයා ඔයාම තෝරාගන්න!”
“මම උට චැලේන්ජ් කරනවා !! “
“ඌ ඔය කියන තරම් වැඩ්ඩේක් නම් ඌ මගේ චැලේන්ජ් එක බාරගනියි..”
“තැනයි වෙලාවයි මට ටෙක්ස්ට් කරන්න , මම යනවා..”
“දඩස්!!!!”

දොරත් වහගෙන මූසිලයා යනවා.
ටිකක් කල්පනා කරන රාජා අයියා ගුත්තිලයට කෝල් එකක් ගන්නවා....
.............................................................

රාජා අයියා ෆෝන් එකෙන් කියපු ටික ගුත්තිලට ඇහුනේ හීනෙන් වගේ...

“මචන්... “
“චැලේන්ජ් කරනවා බං....”
“හෙට උදේ 10ට ක්ලබ් එකට වරෙන්... කව්රුත් නෑ උඹයි මායි ඌයි විතරයි..”
“සොරි බං මුකුත් හිතන්න එපා...”
“දක්ෂයට තැන දෙන්න එපැයි බං....”
“හෙට වරෙන් එහෙනම්............”
“අපි තිබ්බා..”

කැරි මූසිලයා ! මූ ගොට්ට අල්ලගෙන එනකොටම මම දැනගත්තා ! අපරාදේ මේ වගේ සර්පයෙකුට මම කිරි පෙව්වේ.. මූ මගෙන් ඉගෙන ගත්ත සාස්තරෙන් මටම කෙලින්න එනවා නේ..

මට දැන් මූ එක්ක කොහොමත් හැප්පෙන්න බෑ.. මට මහලු වයසේ.. බැරිය ඩීජේ කරනු පෙරසේ..

මුගෙන් හෙට පැරදෙනවට වඩා මට නම්බුයි මැරෙන එක..
ඔව් මම යනවා මැරෙන්න..

එහෙම හිතපු ගුත්තිලයා අම්මටයි තාත්තටයි වැඳලා කැප් එකත් දාගෙන ( පිණි බාන නිසා , උට පීනසේ ) යනවා එලියට..

“අම්මේ මම බීච් එක පැත්තේ යනවා.. මට රෑට කෑම තියන්න එපා...”

ගුත්තිලයා හීමීට බීච් එක දිගේ මුහුද දිහාට ඇවිදගෙන යනවා.. රෑ වෙලා නිසා රැල්ලත් සැරට ගහනවා මුහුද පැත්තට..

“මම මෙහෙමම ඇවිදගෙන ගිහිං මුහුදට බිලි වෙනවා.. හෙට පැරදෙනවට වඩා මැරෙන එක සැපයි මට..”

මුහුදු රැල්ල ටිකෙන් ටික ගුත්තිලයට පෑගෙනවා..

“බොසා.. ඒ බොසා..”

එක පාරටම කව්ද මන්දා කෑගහන සද්දේ ඇහෙනවා.. ගුත්තිල වට පිට බලනවා..

“ඒ බොසා... බයිට් පැකට් එකක් වතුර බෝතලයක් ගන්නවද???”

බලනකොට බීච් එකේ පොඩි පොඩි අයිටම් උස්සගෙන විකුනන්න යන පොරක්.. ගුත්තිලයව දැකලා ලඟට දුවගෙන ඇවිත් බයිට් පැකට් වගේකුයි වතුර බෝතල් ටිකකුයි උස්සගෙන..

“මේ මැරෙන්න යන අස්සේ මොන බයිට් ද..” ගුත්තිලයට එහෙම හිතුනත් මුකුත් නොකියා ඉන්නවා..

“මොකද බොසා මේ අවුලෙන් වගේ ඉන්නේ... මේ.. බයිට් පැකට් එපා නම් කේජී කෑල්ලක් වගේ සෙට් කරන්නද.. ආ.. ? “ බයිට් බුවා අහන්නේ වටපිට බලන ගමන්..

ඒක ඇහුවා විතරයි එච්ච්චර වෙලා ඉවසන් හිටපු දුක ශෝකය දෝරේ ගිහිල්ලා ගුත්තිලයා අඬන්න පටන් ගන්නවා වලහෙක් වගේ !!

“ඉහි ඉහි ඉහි ඉහි.... “

“බොසා මොකෝ මේ.. මොකෝ සීන් එක ආ.. කියන්න බොසා.. “ බයිට් බොසා ගුත්තියලගෙන් අහන්නේ කරටත් අතක් දාන ගමන්.. කොහොමත් මිනිහෙක් කරදරේ වැටුනම උදව් වෙන්න එන්නේ පොඩි මිනිහෙක්ම තමයි ඉතින්..

ගුත්තිලයත් අඩ අඩ මුළු සිද්දියම බයිට් බොසාට කියනවා.. බලන් ගියාම බයිට් බොසත් ගුත්තිල අඳුරන එකෙක්.. ඉස්සර ගමේ පොල් ගස් නැග්ග චාමරයා... උට කොල්ලෝ කියන්නේ “දෙයියා” කියලා ඇයි ඉතින් ඌ හැමතිස්සෙම ඉන්නේ “උඩ” නේ ඒක නිසා හැක හැක..

ගුත්තිලයගේ කතාව ඇහුවම මොනා වුණත් දෙයියගේ හිතත් උණු වුනා.. ගහක් ගලක් වගේ හිටපු ගුත්තිලයනේ මේ වලහෙක් වගේ අඬන්නේ කියලා ..

දෙයියා ටිකක් කල්පනා කළා මොනවද මේකට කරන්න පුළුවන් කියලා.. ටිකක් වෙලා කල්පනා කරලා “හරි ! “ කියලා අත්පුඩියක් ගැහුවා !

“ඒ බොසා මේ අඬන්න එපා.. මට ආවා සුපිරි අයිඩියා එකක්..”
“මම දෙන්නම් ඔයාට විසඳුමක්..”

“මෙන්න මේ බයිට් පැකට් වැලයි වතුර බෝතල් ටිකයි අල්ලගෙන අර බීච් එකේ වාඩි වෙලා ඉන්න බොසා විනාඩි පහක්.. මං එන්නම් විනාඩි පහෙන් ආ.. ආ ගන්න මේ සිගරට් එක.. මේකත් ගහගෙන ඉන්න, වතුරට පනින්න එපා හොඳේ !! මම ආයේ ඉන්නේ ඔයාට විසඳුමත් අරගෙන..”

එහෙම කියලා දෙයියා බයිට් පැකට් වැල ගුත්තිලගේ කරේ එල්ලලා වතුර බෝතල් ටිකත් උගේ ඇඟේ ගහලා සිගරට් එක කටේ ගහලා උඩ පැනගෙන දිව්වා පාර පැත්තට.. ගුත්තිලයත් අනේ ඉතින් “හා හොඳයි “ කියලා කඳුළු පිහදාගෙන හෙමින් සැරේ රැල්ලෙන් අහක් වෙලා බීච් එක පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා. එතකොටම මෙන්න එනවා දෙයියා ආයෙත් ගුත්තිල දිහාට දුවගෙන..

“සිගරට් එකක් දුන්නට ලයිටර් එක අමතක වුනා නේ..” ඌ ආපහු ඇවිත් තියෙන්නේ ගුත්තිලට ලයිටර් එක දෙන්න!

“මම විනාඩි පහෙන් එනෝ.... වතුරට පනින්නේ නැතුව ගොඩින් වාඩි වෙලා ඉන්න බොසා...”

දෙයියා ආයෙත් පාර දිහාට දුවන ගමන් සාක්කුවෙන් ෆෝන් එක අරන් කාටද කතා කරනවා ගුත්තිල දැක්කා..
.............................................................


පැය භාගයක් විතර ගියා. ගුත්තිල බීච් එකේ වාඩි වෙලා දෙයියා එනකන් බලන් ඉන්නවා.. කම්මැලිකමට දෙයියා විකුනන්න ගෙනාපු බයිට් පැකට් වලින් එකක් කඩාගෙන කන්නත් පටන් ගත්තා.

වීල් එකක් එන සද්දයක් ඇහුනා..

“හරි බං එල ආ... මම ගාන සෙටල් කරන්නම් හෙට උදේට.. හරි බං ගිහිං වරෙන්.. “

“ආ බොසා.. ඔන්න ගේනවා ඔයාගේ ප්‍රශ්නෙට විසදුම..” දෙයියා ආපහු ඇවිත් !

“මෙන්න බොසා.. මේ තියෙන්නේ ඔයාට හෙට දිනුම ගෙනත් දෙන භාණ්ඩ ටික...”

“මේ තමයි මහා බලසම්පන්න..”
“
නියත ජය ගෙනෙන”

“ ගුලි තුන!!!”

“ගන්න බොසා..”

දෙයියා ගුත්තිලගේ අතේ මොනවද මන්දා ගුලි තුනක් මිට මොලවලා හිනා වුනා..

“මේ මොනාද බං මේ??” ගුත්තිල ඇහුවේ තක්කු මුක්කු වෙලා..

“ඉන්නකෝ බොසා එකෙන් එක කියන්න..” දෙයියා ගුත්තිලගේ අතින් සෙලෝෆේන් කොළ තුනක ඔතලා තිබ්බ ගුලි තුන අරගෙන එකින් එක දිග අරින්න ගත්තා..

“මේ පලවෙනි ගුලියේ තියෙන්නේ බොසා ස්ටැම්ප් එකක්..ඒ කිව්වේ LSD.. බොසා හෙට සෙට් එක පටන් ගන්න පැය දෙකකට විතර කලින් මේක දාගන්න.. මේක දැම්මා විතරයි බොසාට හොඳට සින්දු මික්ස් වෙන්න පටන් ගන්නවා..”

“මේ දෙවෙනි ගුලියේ තියෙන්නේ බොසා පිල් එකක්.. එක්ස්ටසි.. බොසා මේක සෙට් එක පටන් අරන් විනාඩි 5කින් විතර දාන්න.. ආයේ වටේ පිටේ ඉන්න ගෑණු ඔක්කොම නටන්න ගන්නවා මේකේ බලේට.. හරි ?”

“හ්ම්ම්.. හරි” ගුත්තිල ඔලුව වැනුවා..

“මොනාද බොසා ඔයාලා අවුරුදු ගානක් ඩීජේ කරලත් මෙව්වා දන්නේ නෑ නේ..”

“හරි.. ඔන්න තුන් වෙනි ගුලිය මෙන්න..”

“මේ තුන්වෙනි ගුලිය බොසා හෑෂ් කාලක්.. හොර බොරු නෑ හරියටම කාල තියෙනවා.. මේකෙන් ජොයින්ට් එකක් ඔතලා ගැහුවා කියන්නේ බොසා මේකේ බලේට ආයේ රාජා අයියත් නටන්න ගන්නවා ඒකෙ දෙකක් නෑ !”

හරි නේ බොසා එහෙනම් ? ඔන්න දෙයියා ගුලි තුන දීලා තියෙන්නේ පැකේජ් එක , එල කිරි වගේ...බොසාට දැන් හරියට උඩ දාන්න විතරයි තියෙන්නේ..

“ඕයි දෙයියා තමුසෙනම් සිරාවටම දෙයියෙක්ම තමයි.. මට මේ ඔක්කොම එපා වෙලා හිටපු වෙලාවේ මේ කරපු උදව්ව කොහොම අමතක කරන්නද..”

“මම මේ ගුලි තුන පාවිච්චි කලොත් අනිවා මම දිනයි නේද? අම්මප මෙච්චර වස විස ගහලත් මට මේක මීටර් වුණේ නෑ නේ ඕයි..” ගුත්තිල ඇහුවා..

“අනිවා බොසා මොනාද මේ කතා.. ජය අපටයි ලංකාවේ.. බොසා යන්න බය නැතුව.. මම කියපු විදියට ගුලි තුන ගහන්න. බඩු ෂුවර්..”

“හරි බං.. උඹ නම් දෙයියෙක්ම තමයි !” දෙයියට හග් එකක් දීපු ගුත්තිල ආපහු ගෙදර යන්න ලැස්ති වුණේ හෙන මොරාල් එකෙන් !

“මේ බොසා.. මේ....”
“ඇයි බං කියහන්..”

“නෑ බොසා මේ ඔය බඩු ටික හෙන අමාරුවෙන් හොයාගත්තේ.. දන්නේ නැද්ද මේ ටිකේ නඩුව නේ.. හතර වටේ ගිහිල්ලා තමයි බඩු ටික ගත්තේ.. මොකෝ මටත් ඩිරෙක්ට් කන්ටැක්ට් නෑ නේ.. කීප දෙනෙක් අතින් අත ගිහිං තමයි මට එන්නේ.. ඉතින් ගාන ටිකක් වැඩි..”

“හරි උඹට කීයක් ඕනේද කියහන්කෝ..” ගුත්තිල කිව්වා

“මම මේ මැරෙන්න ගිය එකේ උඹ මාව බේරගත්ත එකම මදැයි.. වරෙන් අපේ ගෙදර යන්න.. මම ගිහිං උඹට සල්ලි දෙන්නම්.. මැරෙන්න යද්දී පර්ස් අරන් යන එකක් යෑ බං , පර්ස් එක ගෙදර. යමං..”

“හෙහ් හෙහ් බොසා ඉතින් සතුටින් දෙන එකේ...”
“
මුද්දරේට බොසා තුන්දාහක් ගියා.. පිල් එකට තුන්දාස් පන්සීයයි.. හෑෂ් කෑල්ලට නම් පන්දාහක් වගේ ගියා බොසා...”

“අඩෝ හෑෂ් වලට වැඩී නේ බන් ගාන !!”
“එහෙම තමයි බොසා ඉතින්.. මම ළඟටම ගෙනල්ලත් දුන්න නේ..”

“හරි හරි ඩෝ මමත් ක්ලබ් එකක ඩීජේ තමයි කලේ මෙච්චර කල්.. මමත් ගණන් හිලව් දන්නවා.. කමක් නෑ උඹ මට හෙල්ප් එකක් නේ දුන්නේ.. වරෙන් යන්න අපේ ගෙදර .. මම සල්ලි දෙන්නම්....”

ගුත්තිල දෙයියගේ කරට අත දාගෙන ගෙවල් දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
“මේ බොසා වීල් එකටත් පන්සීයක් විතර...”
.............................................................

කතාවේ අන්තිම ටික රස කර කර කියන්න ඕනේ නෑ නේ.. ඔයාලා හැමෝම දන්නවා ජාතකේ වෙන්නේ මොකද්ද කියලා..
ඔන්න තරගේ දවස උදා වුනා.. දෙයියා කියපු විදියට ගුත්තිල තමන්ගේ සෙට් එක පටන් ගන්න පැය දෙකකට කලින් පලවෙනි ගුලිය, ස්ටෑම්ප් එක දාගත්තා..

දාගෙන ක්ලබ් එකට යනකොට මූසිලයත් ඔන්න ඇවිත්.. ගුත්තිලව දැකපු මූසිල ලඟට ඇවිත් , උරහිසට අත තියලා කතා කළා..
“ගුත්තිල අයියේ.. පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි අයියේ මේ...”

“අඩෝ මේ අයියා පයියා ගාගෙන එන්න එපා... ගේම නම් ගේම.. පලයන් ගිහිං ලෑස්ති වෙයන්.. හු..” මුද්දරෙන් සූර් වෙලා හිටපු ගුත්තිල මූසිලයගේ අත ගසා දාන ගමන් කිව්වා.. මූසිලයත් ඔරවගෙන අහකට ගියා..

“හරි”
“
දෙන්නම ඇවිත් ඉන්නේ”
“
එහෙනම් වැඩේ පටන් ගමු”
“
කව්ද මුලින් යන්නේ..”

“මම මුලින් ගහන්නම්..” ගුත්තිල සිගරට් එකකුත් පත්තු කරගෙන ඩෙක් එක ලඟට ඇවිත් හරි බරි ගැහිලා ලෑස්ති වුනා..

ගුත්තිල හෙමිහිට සින්දු එක දෙක ප්ලේ කරන්න පටන් ගත්තා.. පලවෙනි ගුලියේ බලයෙන් මික්ස් කරන සින්දු ඔක්කොම බටර් වගේ මික්ස් වෙනවා ගුත්තිලට දැනෙන්න පටන් ගත්තා..

දෙයියා කිව්වත් වගේ දෙවෙනි ගුලිය , ඒ කිව්වේ පිල් එක ගුත්තිල හෙමින් සැරේ කටේ ඔබාගත්තා..

මෙන්න ටික වෙලාවක් යනකොට දෙයියා කිව්වා වගේ කොහෙන්ද මන්දා ගෑණු සෙට් එකක් බැහැලා ක්ලබ් එකේ නටනවා ! ගුත්තිලට දැන් ෆුල් කික්!

“අඩෝ බලහන් කොහොමද මගේ වැඩ” කියන්න වගේ ලුක් එකකුත් දැම්මා පොර මූසිලයට..

හරි.. දැන් තුන්වෙනි ගුලියත් උඩ දාන්න වෙලාව ..

ගුත්තිල අලුත් සින්දුවක් පටන් අරගෙන සට සට ගාලා දෙයියා දීපු හෑෂ් කාලෙන් ජොයින්ට් එකක් ඔතා ගත්තා.. ඔතාගෙන බර පන්තියෙන් උගුරු දෙක තුනක් ඇදගත්තා.. ඊට පස්සේ මුළු ජොයින්ට් එකම එක හුස්මට ඇරලා දැම්මා..

මෙන්න බොලේ ටිකක් වෙලා ගියාම රාජා අයියත් නටාගෙන එනවා පේනවා !

“අම්මට සිරි බඩු වැඩ ! යකෝ රාජා අයියත් නටනවා මගේ මික්ස් එකට!”

ගුත්තිල ෆුල් සතුටෙන් සෙට් එක ගහලා නිමා කළා..

“ඔන්න රාජා ෆුල් රොක් කරලා තියෙන්නේ ආ..” ගුත්තිල රාජා අයියට කිව්වේ සිගරට් එකකුත් පත්තු කරගන්න ගමන්..

“මේ හුජ්ජ කොල්ලන්ට බෑ බං අපි එක්ක හැරෙන්නවත්.. හහ්!” ඒක නම් කිව්වේ මූසිල දිහා බලාගෙන..

“හරි හරි උඹ වාඩි වෙයන් දැන්..“
"මූසිල මල්ලී.."
“දැන් උඹ ගහපන්..”

මූසිල තමන්ගේ සෙට් එක ගැහුවා.

දැන් ඔන්න ප්‍රතිපල දෙන වෙලාව..

“හරි” රාජා අයියා කිව්වේ තීරණයක් ගත්ත ස්වරූපයක් මූනට ආරුඩ කරගෙන..

“මම දැන් දෙන්නම සෙල්ලම් කරනවා දැක්ක නේ.. මම තීරණයක් අරන් ඉවරයි..”

“හරි මම තමයි !” ගුත්තිල ගුලි තුනේ බලෙන් දිනපු එක ගැන හිතලා සතුටු වුනා.. නක්කියට මූසිලට පොඩි ටටා පාරකුත් දැම්මා.. කින්ඩි හිනාවකුත් එක්ක..

“ගුත්තිල” රාජා අයියා කතා කළා

“හෙහ් හෙහ් මම දැනගත්තා බං මම දැනගත්තා මේ පොඩි කැ...”
“සොරි මචං..”

“මොකා.. මොකා ???”

“සොරි බං.. පොඩි එකාට චාන්ස් එක දෙන්න වෙනවා බං...”

“ඌ සුපිරියට ගැහුවා බං.. උඹ හෙන ඕෆ් නේ බන් ගහන්නේ.. මික්ස් කරපුවා ඔක්කොම කොත්තු වගේ වැදුනේ කිසිම ස්මූත් ගතියක් නෑ නේ..”

“ස්මූත් නැත්තේ කොහෙද යකෝ.. මම කොච්චර සුපිරියට ගැහුවද .. “

“ඇයි උඹත් නටාගෙන ආවේ රාජා අන්තිම ටිකේ???”

“මම?? මම කොහෙද බන් නැටුවේ.. උඹට පිස්සු ද ???”

“මොකෝ බන් නැත්තේ.. ඇයි යකෝ මේ වටේ හිටපු කෙල්ලෝ ටිකත් නැටුවේ පුකවල් වන වන පිස්සුවෙන් වගේ.. උඹ දැක්කේ නැද්ද???”

“කෙල්ලෝ?? මොන කෙල්ලෝ ද බං ! යකෝ දැන් දවල් දොළහයි වෙලාව උඹට මතක නැද්ද ?? මමයි උඹයි මූසිලයි විතරයි බං ඉන්නේ ක්ලබ් එක ඇතුලේ !”
“පොඩ්ඩක් වට පිට බලහන්...”

ගුත්තිල වට පිට බැලුවා.. ඇත්තටම තමනුත් රාජා අයියත් මූසිලත් ඇරුණු කොට මුළු ක්ලබ් එකේම කව්රුත් නෑ..
...............................................................................

“ඒ මචං නැවතියන් බං.. උඹට ඕනේ නම් සතියේ දවස් වල රෑට උඹ ගහපං සිකුරාදා සෙනසුරාදා මූසිල..”
“ගුත්තිල අයියේ පොඩ්ඩක් හිටහන් බං....”
“දඩස්!!”

දොර වහගෙන මූසිල ක්ලබ් එකෙන් එලියට ආවා.

“කැරි දෙයියා”
ගුත්තිල සිගරට් එකක් පත්තු කරගත්තා.

“අම්මේ..”
“මට රෑ කෑම තියන්න එපා..”
ගුත්තිල බීච් එක දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.. හෙමිහිට...

...............................................................................................

බීච් එකේ කොටයක් උඩ වාඩි වෙලා බියර් එකක් බොන ගමන් ගුත්තිල කල්පනා කලේ තමන් දෙයියා දීපු ස්ටැම්ප්, පිල්, ගංජා වල මතට නතු වෙලා තමන් හෙන සිරාවට සෙල්ලම් කළා කියලා හිතේ මවාගත්ත එක ගැන. මෙච්චර කල් තමන්ගේ සින්දු වලට නටපු මිනිස්සු ගැනත් දැන් ගුත්තිලට සැකයි..
කොහොමහරි , ඕවා අපිට වැඩක් නෑ.. අපි ගුත්තිලට පාඩුවේ කල්පනා කරන්න දීලා ටිකක් අහකට යමු.. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ දේවල් දෙකයි.

එක : කවදාවත් මත්වෙලා කරන කළා නිර්මාණ ගැන ඕනෑවට වැඩිය සතුටු වෙන්න එපා
දෙක : තමන්ගේ ගෝලයන්ගේ දියුණුවට ඉරිසියා කරන කැරියෙක් වෙන්න එපා !

ගුත්තිලත් අපි වගේම බීච් එකේ ඉඳගෙන ඕවා කල්පනා කර කර ඉන්නකොට ඈතින් සද්දයක් ඇහෙනවා..

“බයිට් පැකට් එකක්... වතුර බෝතලයක්..”

“අඩෝව්.................................. දෙයියා !”

“හුකනවා දාලා !”

"බොසා මේ අහන්නකො පොඩ්ඩක්..."

- නිමි -


Wednesday, July 17, 2019

ගල් ෂෝර්ට

ඔන්න කොල්ලෝ සෙට් එකක් බාර් එකක බොනවලු. ඔය අතරින් එක කොල්ලෙක් එදා ඇඳන් ඇවිල්ලා තියන්නේ කොටම කොට ගල් ෂෝර්ටක්.. මේ ගල් ෂෝර්ට ඇඳගෙන මූ නිකන් ඉන්නෙත් නෑ. මේස උඩ වාඩි වෙනවා , වටේම ඇවිදිනවා , ගල් දෙක වටේටම අතුල්ලනවා , වටේම ඉන්න උන්ට බලන් ඉන්න හිරිකිතයි ලු.. මූ ගල් ෂෝර්ට පිටින් මේසයක් උඩ වාඩි වෙලා ඉන්නවා මුගේ අහවල් දෙක කලිසම යටින් තාලම්පට ගහන්න එලියට පනින්න හදනවා , එච්චරට කොටයි !

"මේ අපි තව බයිට් එකක් දාමුද ?" ඔන්න ගල් ෂෝර්ටා ආයෙත් ගල් දෙක එළියේ දාගෙන මේසයක් උඩ වාඩි වෙලා ඇහුවලු


ඔය වෙලාවේ තමයි ගල් වන්නම බලන් ඉඳල බලන් ඉඳල ඇති වෙච්ච එකෙක් ගේ රතු කට්ට පැන්නේ ...


"හරි ගේමු, ඒ අයියේ පොඩ්ඩක් එන්නකෝ " රතු කට්ට පැනපු එකා දත්මිටි කාගෙන වේටර් අයියට කතා කළා..

"සර්..."

"අයියේ අපිට ගේන්නකෝ ඔම්ලට් එකකුයි බෙඩ් ශීට් එකකුයි.."

"බෙඩ් ශීට් එකක් ????? හෑ .... ඒ මොකටද සර් ඒ ???" වේටර් විතරක් නෙමෙයි වටේ හිටපු කොල්ලෝ ඔක්කොම තක්කු මුක්කු වෙලා බැලුවලු ..

"ඔම්ලට් එක බයිට් එකට..බෙඩ් ශීට් එක මෙන්න මුගේ ගල් දෙක වහන්න !!!"

( සත්‍ය කතාවකි , නම්බුව රැකීම උදෙසා ගල් ෂෝර්ටා ගේ නම සඳහන් නොකරමි)



Monday, July 8, 2019

උල්කාපාත වරුසාව

අද ( 2017 දෙසැම්බර් 13) උල්කාපාත වරුසාවක් තියෙනවා කියල ෆේස්බුකයා මතක් කරපු මේ පෝස්ට් එක දැකලා මට මතක් වුණා පැරණි මතකයක්.
1998 අවුරුද්දේ අපි පහ වසරේ ඉද්දී පැහැදිලිව නරඹන්න පුළුවන් විචිත්‍රවත් උල්කාපාත වරුසාවක් ඇති වුණා, ඉස්කෝලේ ටීචර් ද කොහෙද අපිට කිව්වා මේක ගැන පන්තියේදී. මටත් ඉතින් පොඩි කාලේ හෙන පුකේ අමාරුවක් තිබුණා ඔය තරු සීන් එක ගැන, ඒක නිසා මම එදා ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදර දුවගෙන ගිහින් තාත්තට කිව්වා මේක ගැන.
"තාත්තේ තාත්තේ , හෙට පාන්දර උල්කාපාත වරුෂාවක් තියෙනවලු , උදේ 2ට 3ට විතර.. තාත්තා එනවද බලන්න?"
"ඔච්චර උදේ ඇහැරෙන්න මට බෑ , ඔයා ඇහැරිලා බලන්න!" තාත්තා මට කිව්වා.
මමත් ඉතින් කලින්ම කාල බීලා පාන්දර 2ටද කොහෙද එලාර්ම් එක තියාගෙන ඇහැරුණා. ඇහැරිලා කාමරේ ජනේලෙන් එලිය බල බල හිටියා වරුසාව පෙනෙයිද කියලා.. මොකෝ තනියම එලියට යන්න බයයි නේ කළුවරේ ! කොහොමහරි ටිකක් වෙලා බල බල හිටියා ජනේලෙන් , ම්හු.. කිසි දෙයක් හරියට පෙනුණේ නෑ..වැඩේ එපා වෙලා ආයෙත් බුදියගන්නව ද කියල හිත හිත ඉන්නකොටම , මගේ කාමරේ දොර ඇරගෙන තාත්තා ආවා ඇතුලට !
"මොකද ඔය කරන්නේ?"
"මම මේ උල්කාපාත වරුසාව බලනවා"
"කෝ පේනවද?"
"නෑ නේ තාත්තේ මුකුත් පෙන්නේ නෑ හරියට..."
"ඔහොම ඇතුලේ ඉඳන් බලල හරියන්නේ නෑ කොල්ලෝ, යමු එලියට!"
තාත්තයි මායි පුටු දෙකක් අරගෙන එලියට ගිහින් වාඩි වුණා.. දැන් මට හරි සතුටයි , මොකෝ තාත්තා ළඟ ඉන්නවනේ ! හැබැයි ඉතින් ඒ සතුට ආයෙත් ටික ටික අඩු වුණේ එහෙම බලන් හිටියත් මුකුත් පේන්න පටන් ගත්තේ නැතිකොට.. අපි දෙන්න එලියට වෙලා හතර අතේ උඩ බල බල පැය භාගයක් විතර ඉන්න ඇති. ම්හු.. මුකුත් නෑ..
ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ සීයා අපිව දැකල එතනට ආවා.. සීයා සාමාන්‍යයෙන් උදේ පාන්දරම ඇහැරෙනවා.. ඇහැරුණු ගමන් එයා කරන්නේ රේඩියෝ එක අහන එක..
"මොකෝ මේ කරන්නේ දෙන්නත් එක්ක?"
"අපි මේ උල්කාපාත වරුසාව බලනවා" ඒ තාත්තා
"කෝ පේනවද?"
"තාම නම් මුකුත් නෑ වගේ" තාත්තා පත්තු කරන හිටපු සිගරට් එක විසි කරන ගමන් කිව්වා
"රේඩියෝ එකෙත් කියනවා මේක ගැන , මම අහ අහ හිටියේ.." සීයා කිව්වා
"ආහ් , තාත්තටත් පුටුවක් ගෙනත් දෙන්නද?" තාත්තා ඇහුවා
"හ්ම්ම්" සීයා කිව්වා
අපි තුන් දෙනාම පුටු තියාගෙන අහස දිහා බලන්න පටන් ගත්තා. "රේඩියෝ එකත් ගේමු" තාත්තා සීයාගේ කාමරේට ගිහින් රේඩියෝව ගෙනත් අපිට ඇහෙන මානයේ සෙට් කළා. අපි තුන් දෙනාම දැන් රේඩියෝ එකේ විස්තර විචාරය අහ අහ කඩන් වැටෙන උල්කාපාත හොයනවා.."උතුරු අහස බලන්න.. අර කොන බලන්න.. මේ කොන බලන්න" කිය කියා රේඩියෝ එකේ කියනවා.
ටිකෙන් ටික කඩාගෙන වැටෙන උල්කාපාත බින්දු එකෙන් එක පේන්න පටන් ගත්තා..
"අන්න අර අතන එකක් වැටෙනවා , අර ගහ උඩින් බලන්න.." තාත්තා මට මගහැරුණු සමහර ඒවා පෙන්නුවා..
"දැකපු උල්කාපාත ගාණ ගණන් කරගන්න, එතකොට හෙට ඉස්කෝලේ ගිහින් ඔයාට යාළුවන්ට කියන්න පුළුවන්නේ මෙච්චර දැක්කා කියලා.." තාත්තා එහෙම කියනකොට එයාගේ මූණේ හිනාවකුත් ඇදුනද මන්ද !
මමත් ඉතින් හෙන ගැම්මෙන් ගණන් කලේ හෙට ඉස්කෝලේ ගිහින් යාලුවන්ට ලොකු එක දෙන්න පුළුවන් නේ කියන එක හිතේ තියාගෙන.. හැබැයි ටික වෙලාවකින් මට ගාණ වැරදුණා මොකෝ පාන්දර වෙන්න වෙන්න වරුසාවක් වගේ උල්කාපාත සිය ගණනක් අහසෙන් බිමට වැටෙන්න පටන් ගත්තා!
ඒක හරිම ලස්සන දර්ශනයක්!
********************************
අද වෙනකොට කාමරේ ඇතුලේ ඉඳන්ම රොකට් එකේ නැගල සඳ තරු ඔක්කොම බලන්න හුරු වෙලා ඉන්න නිසාත් , චූ බරක් හැදුනොත් මිසක රෑ වෙලා එලියට නොබහින නිසාත් , මට අහසත් එක්ක තිබ්බ සම්බන්ධතාවය ගොඩක් අඩු වෙලා තියෙන්නේ. අද තියෙන වරුසාවත් මම ගොඩක් වෙලාවට බලන එකක් නෑ. නමුත් උල්කාපාත වරුසාවක් කියපු ගමන්ම මට මතක් වෙන්නේ ඔය සොඳුරු මතකය :)

Image may contain: text

Friday, July 5, 2019

ගැබාගේ ඩේලි ලයිෆ් එකෙන් බිඳක් - පරිසරය සුරැකීම

නිකන් ඉන්න එකේ මගේ එදිනෙදා ජීවිතයේ වෙන දේවල් මේකට ලියන්න හිතුනා, බිකෝස් අයිම් ඇන් ඇටෙන්ෂන් හෝර්. මේ ඊයේ වුනු දෙයක්.

මේ දවස් වල මම දවල්ට කන්නේ සැලඩ් ( ඔව් උඹලට ඇහුන දේ හරි ) . ඉස්සර ආලවකයා වගේ ගම් නියම් ගම් පිටින් ගිල දාපු මම මේ  වගේ වෙනසකට යොමු වුණේ මගේ බර කිලෝ 105කුත් වෙන්න ආපු නිසාත් , බස් එකට පන්නිපිටියෙන් දුවල නැග්ගම කොටුව වෙනකන්ම හති නිසාත් , හස්ත කරුමාන්තය හැරුණු කොට ඇඟට වෙන වියායාමයක් නැති නිසාත් තමයි.

මම සැලඩ් එක ගන්නේ හයිඩ් පාර්ක් ආර්පිකෝ එකෙන් , ඒක තමයි මම හිතන විදියට මුළු කොළඹම අඩු මිලකට සැලඩ් එකක් තියෙන එකම තැන. රුපියල් දෙසීයයි. අනිත් තැන් වල 500 600 1000 ත් වෙනවා. ( කව්රු හරි ඉන්නවනම් සහන මිලට healthy කෑම බිස්නස් එකක් කරන්න පුළුවන් ඔන්න හොඳ අවස්තාවක් තියෙනවා ).

හරි මම කිය කිය හිටියා වගේ මම ඊයෙත් සුපුරුදු පරිදි ආර්පිකෝ එකට ගියා , ඊයේ ටිකක් පරක්කු වෙලා ගියේ වැඩ වගයක් තිබුණු නිසා. යනකොට එතන කැරි සෙනග. මමත් ඉතින් පෝලිම පනින්නේ නැතුව මගේ වාරය එනකන් හෙන වෙලාවක් බලාගෙන ඉඳලා මගේ සැලඩ් එක දාගත්තා. ආර්පිකෝ එකේ සැලඩ් දාලා දෙන්නේ පොඩි ප්ලාස්ටික් කෝප්පයකට. කට පිරෙන්නම සැලඩ් දාලා මූඩිය ලෝක අමාරුවෙන් තද කරන සැලඩ් බාර් එකේ මල්ලි , වැඩි හොඳට ඒ ප්ලාස්ටික් කෝප්පේ  ෂොපින් බෑග් එකකටත් දාලා තමයි සාමාන්‍යයෙන් අපේ අතට දෙන්නේ. මමත් සාමාන්‍යයෙන් ෂොපින් බෑග් එකත් එක්කම තමයි සැලඩ් එක ගන්නේ , හැබැයි මේ කියන දවසේ මට හිතුනා හොඳ පුරවැසියෙක් වශයෙන් පරිසරය සුරැකීම මගේ වගකීමක් නිසා මේ ෂොපින් බෑග් එක එපා කියන්න. මොකෝ අපි පාවිච්චි කරන එක පුංචි ෂොපින් බෑග් එකක් වුණත් මේ රට තවත් මීතොටමුල්ලක් කරන්න දායක වෙන නිසා.

ඒක නිසා සැලඩ් බාර් එකේ මල්ලි ෂොපින් බෑග් රෝලෙන් බෑග් එකක් කඩලා ගන්න හදනකොටම මම රජිනිකාන්ත් වගේ අත දික් කරලා

"මල්ලි!!!"

කියලා 

ගාමිණී ෆොන්සේකා වගේ 

"එපා..." කිව්වා...

මල්ලිත් "අයියා ඔයා.. මයි හීරෝ....." කියන්න වගේ මගේ දිහන් බලන් හිටියා..

මම කෝප්පේ උගේ අතින් අරගෙන කව්බෝයි කෙනෙක් වගේ උට පොඩි නොඩ් එකකුත් දීලා තමයි එතනින් ආවේ..

ෂොපින් බෑග් එක එපා කියපු කුසල කර්මයෙන් ප්‍රීති සිත් පහල කරගෙන මම ආර්පිකෝ එකේ ඉඳන් ආපහු ඔෆිස් එක පැත්තට ඇවිදගෙන ආවේ හෙන චූන් එකේ . හරියට නිකන් අර රතු හැට්ටකාරී ආච්චිට කෑම බාස්කට් එක අරගෙන කැලේ මැදින් උඩ පැන පැන දෙපැත්තට වැනි වැනි ගියා වගේ මමත් සැලඩ් කෝප්පේ වන වන ඔන්න දැන් එනවා. වෙනදට මම මේ ටික ඇවිදින්නේ ඒ වෙලාවට ගිණි බෝලයක් වගේ රත්වෙලා අපිව පුච්චන ඉරේ අම්මවත් මතක් කර කර. ඒත් පරිසරේ බේරගන්න මම කරපු පුංචි වුණත් ඒ උතුම් දායකත්වේ නිසා මට අද කිසිම අව්වක් දැනුනේ නෑ.

ඉතින් මම ඔහොම රතු හැට්ටකාරී සීන් එකේ උඩ පැන පැන සැලඩ් එකත් අරන් යනකොට මගේ ඉස්සරහින් පාරේ කෙල්ලෙක් එනවා වන වන දෙපැත්තට. මම ඉතින් ඒකි දිහා වැඩිය බලන්න ගියේ නෑ මොකෝ මගේ හිත පරිසරය ආරක්ෂා කරපු සතුටින් පිරිලා ඉතිරිලා ගිහිං තිබුණු නිසා නැතුව මගේ වලත්තකමේ අඩුවක් වෙලා හෙම නෙමෙයි හාහ්. මම ඒ ගෑණි දිහා වැඩිය ෆෝකස් කරන්නේ නැතුව අනිත් පැත්ත බලාගෙන ගියේ මට නුදුරින්ම පාර පනින්න තිබ්බ නිසා.. ඒක තමයි මම කරපු ලොකුම වැරැද්ද..

මේ ගෑණි බුල්ඩෝසරේ වගේ ඇවිත් මගේ ඇගේ හැපුණා කියහන්කෝ "දොහ්" ගාලා ! "හුක්.." කියලා මගේ කටින් සුපුරුදු වචනේ පැන්නා.. ඒත් එක්කම මගේ අතේ තිබ්බ සැලඩ් එක මගේ අතින් ගිලිහිලා "රූං...." ගාලා අවකාශය හරහා විසික් වෙලා ගිහිං බිම වැටුණා! මේ ඔක්කොම මට පෙන්නේ දැන් ස්ලෝව් මෝෂන් වලින්.. ස්ලෝව් මෝෂන් වලින් බිමට වැටිච්ච සැලඩ් කෝප්පේ මූඩිය බිම වැටිච්ච පාරට ගැලවිලා විසික් වුණා.. හෙමී...ට කට වෙනකන්ම තද වෙලා තිබ්බ චිකන් සැලඩ් එකෙන් බාගයක්ම මල ජරා පේමන්ට් එක උඩට හැලුණා...

"ඇ...ස්...පේ...න්...නේ...නැ...ද්...ද..හුත්..."  "..තියේ.." කියලා මම ස්ලෝව් මෝෂන් වලින් කැගැහුවත් ඒ වෙනකොට මාව හප්පපු නපුරු වෘක ගෑණි මීටර් ගානක්ම එහාට ගිහිං ඉවරයි ! අම්මපා ඒ වෙලාවේ මම සැලඩ් එකේ සිහියෙන් හිටියේ නැත්තම් ඔකිගේ බෙල්ල මිරිකනවා මම ! ඇයි යකෝ මම කැරි අව්වේ කිලෝමීටරයක් විතර පයින් ගිහිං , හැට පැයක් පෝලිමේ ඉඳලා , කොත්තු රයිස් කන්න තිබ්බ සල්ලි වලින් මේ රෙද්දේ සැලඩ් එකක් දාගෙන , ඒ ඔක්කොටොම වඩා  පරිසරේ සුරකින්න හිතාගෙන ෂොපින් බෑග් එකකුත් එපා කියලා ආයෙත් අව්වෙම එනකොට මේ හුත්ති ඇවිත් මාව ටයිටැනික් එක වගේ හප්පන් ගියාම හරියනවද !  මගේ සැලඩ් එක වට්ටපු පාපයෙන් ඕකි ලබන ආත්මේ කැරි බතලියක් වෙලා ඉපදෙන්න ඕනේ කියලා මම සාප කළා ඒ වෙලාවේම ! ඔකිගේ ස්කන්ධය වැඩි වෙලා වැඩි වෙලා නියුට්‍රෝන් ස්ටාර් එකක් හරි කළු කුහරයක් හරි වෙලා යන්න ඕනේ ලබන ආත්මේ ! පරිසරේටත් හිකවිලා ගියා දෙන් අම්මට හුකන පරිසරේ ! ආයේ නම් මීතොටමුල්ල නෙමෙයි එවරස්ට් කන්ද උසට කුණු කඳු මේ රටේ හැදුනත් මම නෙමෙයි ෂොපින් බෑග් එපා කියන්නේ !

"ඊළඟ පාර ගෙදරින් පෝර උරයක් ගේනවා මම සැලඩ් කෝප්පේ දාගෙන යන්න" කියල හිතමින් මම ආපහු ඔෆිස් එකට ආවා කඳුළු පිහිදාගෙන.. හුත්තේ පරිසරේ සුරකින්න ගියාට මට හොඳ වැඩේ.

Image result for fuck the earth

Tuesday, July 2, 2019

සරම

මේ දවස් ටිකේ මගේ කතා මෝල් එක ෆෝර්ම් වෙලා තියෙන එකේ අපේ කොල්ලෝ සෙට් එක ගැන තව කතාවක් කියන්න හිතුනා. මේක අපේ කැම්පස් සෙට් එකත් එක්ක වෙච්ච සිද්ධියක්.


මීට අවුරුදු පහකට විතර කලින් අපේ කැම්පස් එකේ “අයිස්ලන්ඩ්” සෙට් එක ට්‍රිප් එකක් යන්න තීරණේ කළා. “අයිස්ලන්ඩ්” කියන්නේ අපේ කොල්ලෝ සෙට් එකට අපි දාගත්ත නම. කැම්පස් යන කාලේ වැරදිලාවත් ලෙක්චර් එකක් පැත්ත පළාතේ නොගිහින් අයිස් ගගහා හිටපු නිසා තමයි මේ නම අපි අපිටම දාගත්තේ. සුළු පටු සෙට් එකක් නෙමෙයි මේ සෙට් එකේ හිටියා කොල්ලෝ 20ක් 30ක් විතර. ඉතින් අපි ට්‍රිප් ගියේ පොඩි බස් වල, වෑන් එකක් මදි.


ඔන්න ඉතින් මේ පාර ට්‍රිප් එක යන්න තීරණය කලේ වෙනකොහෙටවත් නෙමෙයි නුවරඑලියට. අපි ගිහින් නැවතුණේ බැංකුවේ හොලිඩේ බංගලාවක. අපේ සෙට් එකේ චුයියා ගේ තාත්තා බැංකුවේ වැඩ කරපු නිසා අපිට ඒක ලාබෙට හම්බුනා. අපරාදේ කියන්න බෑ ගෙවපු ගානේ හැටියට සුපිරි පොට් එක. පාට පාට ලයිට් දාලා , පොඩි බාර් එකක් එහෙම ලස්සනට හදලා , බොන්න කියාපු තැන!


අපිත් ඉතින් පලවෙනි දවසේ රාත්‍රී බීමට පෙර බයිට් එකට ගන්නත් එක්ක පොඩි බාබකියු පාරක් දාන්න තීරණේ කළා. අපි කව්රුත් ඊට කලින් බාබකූ දාලා තිබ්බේ නෑ. හැබැයි අපි හිතුවේ වැඩේ වැඩි අමාරුවක් වෙන එකක් නෑ කියලා.. මොන ! අඟුරු ටික අවුලොගන්නම හැට පැයක් ගියා ! මම කිව්වනේ අපි කවුරුත් මීට කලින් බාබකූ දාලා තිබ්බේ නෑ කියල, හැබැයි බාබකු සාත්තරේ තැපෑලෙන් ඉගෙන ගත්ත කවුරු හරි අපේ සෙට් එකේ එකෙක් කිව්වා මුලින්ම පොල් කටු අඟුරු හදලා ඒකෙන් තමයි චාකොල් එක අවුලෝගන්න ඕනේ කියලා. අපිත් ඉතින් නුවරඑළියේ හීතල එළිමහනේ, පොල් කටු අඟුරු උදුන උඩ අතුරලා , ඊට උඩින් චාකොල් දාලා හුලන් ගැහුවා පුක ඉරාන.. ගහනවා ගහනවා පැය දෙකක් විතර හුලන් ගහනවා... අපේ හුලන් ගැහිල්ලට ඇවිලෙන ගිණි දළු තත්පරයක් දෙකක් අපිට පෙන්න ඇවිලිලා අපි “හුරේ” ගාලා උඩ පැනලා පහ දාලා සතුට සමරනකොටම නිවිලා යනවා! අපි ඉතින් එකිනෙකා බදාගෙන අඩලා ආයෙත් මාරුවෙන් මාරුවට හුලන් ගහන්න ගන්නවා.. දහය වසරේ ඉස්කෝලේ ස්පෝට් මීට් කාලෙට පිට්ටනියට වෙලා කෙල්ලන්ගේ ගවුම් හුළඟට උඩ යනකන් බලන් හිටියට පස්සේ එදා තමයි මම හුළඟක් එනකන් මෙච්චර බලාපොරොත්තුවෙන් හිටපු එකම දවස!


කොහොමෙන් කොහොමහරි අපි හුලන් ගහලා ගහලා ගින්න අවුලොගත්තා කියමුකෝ.. මම හිතන්නේ මුලින්ම ගින්දර හොයාගත්ත ආදී මානවයටවත් එන්නේ නැතුව ඇති එච්චර සතුටක් ගින්න ඇවිලෙන්න පටන් ගත්තම.. අපිත් ඉතින් ශේප් එකේ මස් කෑලි එකෙන් එක පුච්චන්න ගත්තා..


“ඒ තව චාකොල් ටිකක් දාහන්..”


එකෙක් චාකොල් ගෝනියට අත දාලා අඟුරු කැට අහුරක් ගත්තා..


“ඒ.. මේ මොකද්ද බං මේ කපුරු කැටයක් වගේ එකක් තියෙන්නේ මේකේ??”


ඌ අඟුරු අහුරත් එක්ක අහුවෙලා අතට ආපු මොකද්ද මන්දා කැටයක් වගේ එකක් පෙන්නුවා...


“කෝ මෙහෙ දීයන් බලන්න..” අපි උගේ අතින් කැටේ අරගෙන ඒකෙ ගහලා තිබ්බ ලේබලේ කියෙව්වා..


ඒක කියෙව්වට පස්සේ තමයි යාලුවේ අපිටත් ගින්නට පැනලා මැරෙන්න හිතුනේ !


ඒකෙ සිංහලෙන්ම ගහලා තිබ්බා ලොකුවට “Fire Starter” කියලා !!!!


අපි ඔලුවේ ඉසකේ ඇදගෙන ගලෝගෙන ඒවා කන ගමන් හොටු පෙර පෙර ඇඩුවා දුකටත් එක්ක...


***********************************************


කොහොමහරි ඉතින් දාහක් දුක් විඳලා හරි අපි මස් ටික පුච්චගත්තා. හැබැයි අපේ කොල්ලන්ට වැඩිය මස් කන්න හම්බවුනේ නෑ මොකෝ බාබකු සෙක්ෂන් එකේ වැඩට දාලා හිටියේ මම ඇතුළු කැරි බඩජාරියෝ සෙට් එකක් ! අපි ඉතින් කාපු කට්ටටත් හිලව් වෙන්න කියලා බාන බාන මස් කෑලි වලින් සීයට හැත්තෑවක් විතර හොරෙන් කෑවා 😜


මස් ටික පුච්චගෙන ඉවර වෙලා අපි රාත්‍රී ප්‍රිය සලාදය පටන් ගත්තා.. මම කිව්වේ අපි හිටපු තැන ලස්සන පොඩි බාර් එකක් තිබ්බා කියලා.. ඒක නිසා එතන බොන එක අමුතුම ආතල් අත්දැකීමක් වුණා ( මම එතන ගහපු ගති පොටෝ එකක් පහල තියෙනවා 😎 )




එදා හැබැයි මම වැඩිය රෑ වෙනකන් බිව්වේ නෑ.. කලින් නිදාගන්න ගියා.. ඇඟේ මහන්සියට හලෝ වෙන මොකටවත් නෙමෙයි ahahahaha 😜. ඇත්තටම කිව්වොත් මම කලින්ම සළු වුණා..මම කොහොමත් වැඩිය බොන්න පුළුවන් එකෙක් නෙමෙයි.. අපේ කොල්ලෝ ටික මාව ඇඳකට දාලා මගේ එහා පැත්තේ ඇඳට සෙට් වුනේ අබ්දුල් මලික් ශාලී හෙවත් ශෑලියා.. ඌ හාල්ෆ් මැලේ මාත් හාල්ෆ් මැලේ ඒක හින්ද ද මන්දා අපි දෙන්නා බොක්ක..


ශෑලියා කියන්නේ එච්චර ලොකු ඇඟ පතක් තිබ්බ කොල්ලෙක් නෙමෙයි.. ඌ පොඩි මිනිහා.. මම ඉතින් ඒ කාලෙත් දැන් වගේ තමයි.. අලියෙක් වගේ සයිස් කිලෝ සීයට කිට්ටු වෙන්න බර ! මගෙයි උගෙයි සයිස් දෙක ගැන රෆ් එස්ටිමෙට් එකක් දෙන්න උපමාවක් කිව්වොත් , මම කිඹුලා ටී ෂර්ට් එකක් ඇඳපු මිනිහෙක් නම් ඌ තමයි මගේ අතේ ගහල ඉන්න කිඹුලා !


මම එක පාරට රෑ දෙගොඩහ ජාමේ ඇහැරිලා කබරයා දාන්න..( මට මීටර් නෑ මම මේ ශෑලියා කියපුවා කියන්නේ ). මම ඉතින් එහෙම්ම වෙරි මාර ගාතේ උගේ ඇඟ උඩින් රෝල් වෙලා ගිහිල්ලා හරියට නිකන් පාර තලන ගල් රෝලක් ගියා වගේ ! ශෑලියා නිකන් ලේලන්ඩ් බස් එකට අහුවෙච්ච කොස් ඇටේ වගේ “හුක්” ගාලා තැලිලා ඇහැරිලා ! ඌ ඒ තැලිච්ච තැලිල්ලට බය වෙච්ච පාරට අපේ ඇඳෙන් වහාම අස් වෙලා ගිහින් බිම නිදාගෙන.. ඔන්න ඔහොමයි අපි සිංහල මුස්ලිම් සහජීවනේ ඇති කලේ ! 😁





හරි දැන් මේ පෝස්ට් එකේ ටයිටල් එක දැම්මේ “සරම” කියලනේ.. දැන් ඔයාලා බලනවා ඇති කෝ මේ කතාවේ සරමක් නෑ නේ කියලා.. සරමේ සිද්දිය කියලා පෝස්ට් එක නිමා කරන්නම්..

ඔන්න ඉතින් එදා රෑ මම කලින් ක්‍රීඩාගාරයට ගිහින් ශෑලියාගේ පිච් එක තැලුවට අපේ අනිත් උන් රෑ වෙනකන් බිබී තමයි ඉඳල තියෙන්නේ.. අපේ සෙට් එකේ ඉන්න ප්‍රධානම චරිතයක් තමයි අපි කාගේත් සුරතලා සහ හිතවතා වන ඩොටා.. ඌ ගැන මෙහෙම කියලා හරියන්නේ නෑ හිටහන් අලුත් ඡේදෙකින් පටන් ගන්න.


අපේ සෙට් එකේ ඉන්න ප්‍රධානම චරිතයක් තමයි අපි කාගේත් සුරතලා සහ හිතවතා වන ඩොටා.. අපි කව්රුත් උට ආදරේට කිව්වේ “ගෝරිල්ලා” කියලා.. එච්චරට හුරුබුහුටි කොලු පොඩ්ඩ වැඩිය නෑ අඩි හයාමාරක් විතර උසයි ටොන් දෙකක් විතර බර ඇති ! කින්ග් කොන්ග් ගේ ඉස්පිරිතාලේදී නැති වෙච්ච නිවුන් සහෝදරයා වගේ.


ඩොටා ගැන කතා කියනවනම් පොතක් ලියත හැකි , එච්චරට ආතල් බුවා. කොහොමහරි මේ කියන දවසේ අපේ නොසන්ඩාල කොල්ලෝ රැල මේ අහිංසක ඩොටා ට කෝචෝක් එකට මුගේ සරම ගලෝලා හංගලා ! මට කියන්න අමතක වුණා නේ , ඩොටත් ඇවිත් කුඩු වෙන්න ගහන එකෙක් තමයි.. ඒ නැතත් ඉතින් අපිට කොහොමත් ලජ්ජා බයක් නෑ නේ.. ඉතින් සරම ගැලෙව්වා කියලා ලොකු අව්ලක් නෑ කාටවත්..


කොහොමහරි ඔන්න ඉතින් දැන් නිදාගන්න වෙලාවත් ලංවෙලා.. කොල්ලෝ ටික ඩොටාගේ හංගපු සරම ආයෙත් ගෙනල්ල දුන්නලු “ආ ඇඳගනින්” කියලා.. එතකොට තමයි ඔන්න පට්ටම සීන් එක වෙලා තියෙන්නේ..


මම කලින් කිව්වනේ අපි බීපු තැන පාට පාට ලයිට් දාලා තිබ්බේ කියලා.. නිල් පාට වගේ ලයිට් එකකින් කාමරේ කොටසක් වැහිලා තිබ්බේ.. මම මේ කියන සෙටින්ග් එක ගැන හොඳ අදහසක් ගන්න මේ පහලින් ඇති පොටෝ එක බලනු මැනවි..




ඉතින් ඔය වගේ එළියක් තමයි අපි බීපු කාමරේ කොටසක තිබ්බේ.. ඔය කියන නිල් පාට කොටසට ඇවිත් කොල්ලෙක් ඩොටා ට සරම දුන්න ලු.. .


ඩොටා බීලා පුකනාස් වෙන්න..


කොල්ලා : “ඒ ඩොටා මේ සරම ගනින්..”


ඩොටා : “ඔය මගේ සරම නෙමෙයි”


කොල්ලා : “මේ තොගේ සරම තමයි යකෝ මේක ගනින්, තොගේ බිජ්ජ දැකලම එපා වෙලා අපිට දැන්..”


ඩොටා : “ඔය මගේ සරම නෙමෙයි යකු...”


කොල්ලා : (මල පැන) “මේ තොගේ සරම තමයි හු*තෝ ගනින් මේක !”


ඩොටා : (also මල පැන) “ඔය මගේ සරම නෙමෙයි!!!!!!!!!”


මූ දැන් මේ සරම උගේ නෙමෙයිම කියනවලු කොච්චර කිව්වත්...


කොල්ලා : ( වික්ෂිප්ත වී ) “ඇයි මේක උඹේ නෙමෙයි කියන්නේ???”


එතකොට තමයි ඩොටා දවසේ කතාව කිව්වේ..


“මගේ සරම දුඹුරු පාටයි.. මේක නිල් පාටයි.. මේක මගේ සරම නෙමෙයි!!!!”


ඩොටා ඇඳන් ආපු සරම දුඹුරු පාට එකක්.. දැන් උගේ සරම ගලවන වෙලාවේ උට වැදිලා තිබ්බේ නෑ නේ.. ඉතින් උගේ ඔලුවේ තියෙන්නේ සරම දුඹුරු පාටයි කියලා.. හැබැයි දැන් මුට සරම පෙන්නේ නිල් පාටට අර ලයිට් එක නිසා.. ඒක නිසා මූ පිළිගන්නේ නෑ මේ උගේ සරමමයි කියලා !!


කොහොමහරි ඕකට අපි පහුවදා හිනා වෙච්ච තරමට නුවරඑලිය ටවුම අඩි පහක් විතර පොළොවට ගිලා බැස්සා කියල තමයි පත්තරේ තිබ්බේ!