Thursday, April 30, 2015

හන්තානට පායන සඳ පන්නිපිටියටත් පායනවා බන්


ඔබ ගැන මතකය ගුලි කර                දමන්නට
මහවැලි ගඟක් නැත මෙහෙ නම්   හොයන්නට
හංදියෙ pub එකෙන් ගත් ගල්          බාගෙකට
සැන්ඩි කරමි මතකය මත්                 ගඟුලකට

- ගැබා


කැත මිනිහාගේ ලෝකය


දුටුවන් මන බඳින ලස්සන selfie..
Magazine වල ලස්සන පිටකවර..
කව්රුත් දකින්න ආස ලස්සන මූණු..
ලස්සන ඇස් වලට පෙනෙන මානයෙන් එපිට
කැත මිනිහාටත් ලොවක් තියේ....







Thursday, April 23, 2015

ඩුබායි ගිය සුමනාගේ කවිය

හිත මිතුරු මරු කතර මැද
සුල්තාන්ගේ නපුරු මැදුරේ,
"බිම පිහදාපන්,කන්නාඩිය වගේ" 
බුරපු සුල්තාන් සැප පුටුවේ..

දා බින්දු වක් කරන්..
පොලොව පිහි දැම්ම මම
ලොකුම ලොකු දාඩිය බින්දුවක්
වැටුනා රළු පොලොව උඩ

වැටුණු ඒ දාඩිය.. 
බින්දුවේ පතුලෙන්ම 
දැක්කා මම උඹේ මූණ,
ගම් මැද්දේ දුක් විඳින
පොඩි උනුත් වට කරන්..

"මාලිෂ් ලුලු"
කෑගැහුවා සුල්තාන්!
"පිහිදපන් ඔය ඉලව් දාඩිය බින්දු..
කැත කරන මගෙ පොලොව"

දාඩියත් එක්කම 
උඹලවත් පිහිදැමුනා
ඇඳන් හිටි රෙද්දෙන්ම..

ඇස් වලින් කඳුළු කැට
වැටුනත් උඹල ගැන
කලවමේ දාඩියට
සැඟවුනා මගේ කඳුළු..

දිලිසෙනව බිම දැන්
කන්නාඩියක් වගේ..
කන්නාඩියෙන් හෙව්වා මම
හුරුපුරුදු මගේ මූණ..

දැක්කේ නෑ මම මාව,
කොහේ නැතිවෙලාද මම?
දැක්කේ ඒ වෙනුවට 
සුල්තාන්ගේ කොටි දෑස,
බඩගින්නේ තලු මරන..

**********************

කඳුළු බිඳු එක්කම 
උඹලවත් පිහිදැමුනා
කැඩුණු මගේ රෙද්දෙන්ම....




රිමාන්ඩ් එකයි ඉස්පිරිතාලෙයි කියන්නේ සමාන පද ද ?

මුලින්ම කියන්නේ ඕනේ මම දේශපාලනේ ගැන මෙලෝ අල බෝලයක් දන්නේ නෑ , මම පොඩි කාලේ ඉඳලම tv එකේ යන හැම රෙද්දම බලනවා news හැර.මම මේක ලියන්නේ දේශපාලන පඬි විවරණ දෙන්න නෙමෙයි , බොක්කෙන්ම උපන් කුතුහලය නිසා.

බැසිල් මහත්තයා අද රිමාන්ඩ් භාරයට ගත්තා කියලා උදේ අම්මා කිව්වා.දැන් ගෙදර ඇවිත් හවස තේ එක ( හවස තේ එක කිව්වට බොන්නේ 7 ට විතර )  බොද්දි මෙන්න 7 news වලට කියනවා එයාව රෝහල් ගත කලාලු.

පහුගිය කාලේ ජල්තර දාගෙන මාට්ටු වෙච්ච ඇමතිලා , උන්ගේ පුතාලා ( උන්ට ඇත්තටම වෙන කාගේ හරි පුතාල කිව්වනම් තමයි හොඳ , ඒත් මගේ යාලුවෝ මට අවවාද කළා නේ blog එකේ වත් තොගේ මජර කට වහන් හිටු ගොන් ගැබා කියල , ඒක නිසා කට lock කරන් කරබාගනිමි ) ,තව ලොකු ලොකු හයිරන් කාරයෝ ඔක්කොම කෙලින්ම ගියේ බන්ධනාගාර රෝහලට.යකෝ පොලිසියට මාට්ටු වෙලා බලු van එකේ කුදලන් යනකොට රාළහාමිලා මුන්ට අතවර කරලද , මෙච්චර අහුවෙන අහුවෙන ලොක්කෝ කෙලින්ම ඉස්පිරිතාලේ දාන්නේ ?

කූඩුවේ තපින්නේ නැතිව ආතල් ගන්න ලෙඩ ඇඳට යන මේ අයියලා දැක්කම මට මතක් වෙන්නේ campus යන කාලේ medical එකක් දෙන්න තිබ්බ අමාරුව..

Campus යන කාලේ exam එකක් කට් කලොත් එය absent ලෙස ගණන් ගන්නා අතර , ලබන අවුරුද්දේ එම කට් කල subject එකම නැවත කලත් එය ගණන් ගන්නේ දෙවෙනි වාරයට උත්සහ ගත් ලෙසටයි.එලෙස දෙවෙනි වාරයට ගණන් ගන්නා ඒවාට උපරිම දෙන්න C එකක් පමණි ( මට මතක විදියට ).ඉතින් class , special දාන්න try කරන අයට මෙය ලොකු බාධාවකි.මක් නිසාද යත් සමහර subject ඇන වෙන line එකක් පෙන්නුම් කලොත් , උපරිම ප්‍රථිපල පතන ඇක dial වහාම එම subject එක ලබන අව්රුද්දෙ කිරීමට තීරණය කරති ,එතකොට හොඳට පාඩම් කරලා හොඳ grade එකක් ගන්න පුළුවන් නිසා.

මම නම් ලොවෙත් medical දී නැත , ඒ දෙයියන්ගේ පිහිටෙන් මට exam සමයේ ඉහෙන් බහින රෝගයක් නොවැලදුනු නිසාත් , මගේ පරම target එක වූයේ pass වීම පමණක් නිසාත්ය. ( නමුත් ඒ approach එක වැරදි බවත් , මා ඒ කාලේ ගොන් හරකෙක් වූ බවත් මට දැන් තේරේ .මේක කියවන campus නංගිලා මල්ලිලා ඉන්නවනම් උඹලා දැන් ඉඳලම මහන්සි වෙලා උපරිමයෙන් ඉගෙන ගනිල්ලා , නැත්තම් පස්සේ පස්සට ඇරගැනීමට සිදුවේ ).

කොහොමහරි medical දීපු මගේ යාලුවෝ කියන පරිදි නම් , campus එකේ medical එකක් pass කරගැනීම වනාහි මර්වින් සිල්වාට අවකලනය කියා දෙනවාටත් වඩා පට්ට අමාරු වැඩකි.

Exam අවුරුද්දකින් කල් දාගෙන හොඳට පාඩම් කර ගොඩ යාමේ තැත ගැන නොදැන සිටීමට තරම් මයිනන් නොවූ campus බලධාරීන් , medical සම්බන්දයෙන් මයිල් ගසටම සොයා බලා නීතිය ක්‍රියාත්මක කළහ.

මට මතක විදියට එකල accept කලේ රජයේ රෝහලකින් , දින 3ක් ( හෝ ඒ වගේ ගාණක් ) හෝ ඊට වැඩි ගානකට admit වී ලබාගත් රජයෙන් නිකුත් කරන medical පමණි.Private ඒවා accept කලේ campus එකේ නේවාසික දොස්තර මහතාගේ පට්ට investigation එකකින් පසුවය.

Campus එකේ දොස්තර , medical pass කරගැනීමෙහිලා ක්‍රිස්තියානු සාහිත්‍යයේ එන ශාන්ත පීතර වැනි පොරකි.සුරලොවේ දොරටු පාල වන ශාන්ත පීතරතුමා , ලොවෙත් ඇන්දිය නොහැකි ලෝකේ කාපු පොරකි. ( මා ක්‍රිස්තියානු බැතිමතෙක් නොවේ , මම කියන්නේ පට්ට බොරු නම් මාව හරිගස්සන්ඩෝ ).මරණයෙන් පසු සුරලොව වෙත එන බුවාලා , සුරලොවට ඇතුලත් වීමට සුදුසුදැයි තීරණය කරන්නේ එතුමායි.එතුමාට බෝලේ බස්සලා සුරලොවේ දොරටුවෙන්, එනම් pearly gates වලින් ,රිංගා ඇතුලට යාමට සක්විති sir වැනි ලෝක කැ*යෙක් ආවත් බැරිය.

Campus දොස්තරද ශාන්ත පීතර පරපුරේ වත්මන් නියෝජිතයෙකි , පීතරතුමා මුනිවරයෙක් වුනත් , දොස්තර නම් medical pass කරගන්න යන්න කොල්ලෝ කෙල්ලන්ට පේන්නේ වසවර්ති මාරයා වගේය.

Medical එක අතට ගන්නා දොස්තර , ලෙඩේ ගැන අලගිය මුලගිය තැන් විස්තර සියල්ලම ශිෂ්‍යයාගෙන් අසයි.4 වෙනි තට්ටුවට අරන් ගිය JVP සාමාජිකයන්ට කළා යැයි කියන වධ ගැන ඔබ අසා ඇත්නම් , දොස්තරයාද මේ දැන් ලාච්චුව ඇරලා තමාගේ කොට්ටම්බ තලාවි යයි කොල්ලන් බය වෙන තරමට දොස්තරගේ interrogation එක දරුණුය.

දොස්තර ළමයින්ව බෙල්ලෙන්ම අල්ලා ගන්නා ප්‍රශ්නය ලෙස ප්‍රචලිත වී තිබුනේ , "හා කියන්න බලන්න මොනවද බීපු බෙහෙත් කියලා??" යන පැනයයි.බෙහෙත් වල medical නම ඔහු අපේක්ෂා නොකලත් , ළමයා කියන පාට , මාත්‍රාව වැනි attributes වලින් ඔහු දියෙන් කිරි වෙන් කරගන්නා බව කා අතරත් පැතිරී තිබුණු මතයකි.

මේ medical මාරයාගෙන් බේරෙන ක්‍රමය අපේ batch එකේ කොල්ලෝ කෙල්ලන්ට කියා දුන්නේ , medical දීමේ ඔස්තාර් කෙනෙක් ලෙස සැලකුණු උඩ batch එකේ අයියා කෙනෙකි.ඉහේ කෙස් ගානට medical දී ඇති එම අයියා ( අවන්කෙන්ම මට අයියගේ නම මතක නැත) , දොස්තරගෙන් ටකේටම බේරෙන ක්‍රමය අපේ උන්ට කියා දී ඇත.

"මම නම් කියන්නේ මචං ලෙඩේ ඇහුවම diarrhea කියලා , මම medical එක ලියාගන්නෙත් ඒකට"

( ඩයරියා යනු නොනවත්වා බොග යාමයි )

"එතකොට අයියේ දීපු බෙහෙත් වල විස්තර ඇහුවම??"

"එතකොට කියපන් බන් බෙහෙත් දැම්මේ පුකෙන් කියලා.."

( ඩයරියා වලට ගුද මාර්ගය හරහා බෙහෙත් ඇතුලත් කිරීම සුලභව සිදු කරන්නකි )

".. මොකෝ පුකෙන් දාන බෙහෙත් වල පාට නම ගම බලාගන්න පුකේ ඇස් තියෙනවායැ බන්!"

දොස්තරගේ මාරක උගුලෙන් බේරෙන loop hole එක මෙයයි.

දැන් නැවතත් රිමාන්ඩ් - ඉස්පිරිතාල correlation එක වෙතට..

මට ඇති ගැටලුව නම් , campus එකක medical එකක් පාස් කරගැනීමටත් මෙච්චර අකුරට සොයා බලන අපේ රටේ රාජ්‍ය තන්ත්‍රය,ජනතාවගේ සල්ලි මිලියන ගණන් හොරා ගත් හොර දෙටුවන් කිසිම වග විභාගයක් නැතුව ඉස්පිරිතාලෙට කැන්දන් යන්නේ අහවල් හු යන්නකටද යන්නයි?

සමහර විට ඇමතිතුමාලත් බන්ධනාගාර දොස්තරට මෙහෙම කියලද දන්නේ නෑ shape වුනේ..

"අනේ මුකුත් දන්නේ නෑ doctor මම නම් , මට පුකෙන් නේ දැම්මේ!"

කෙසේ වෙතත් මා එක් දෙයක් දනිමි,අන්තිමට පුකේ ඇරෙන්නේ වෙන කාටවත් නොවේ , අපිටය , ජනතාවටය!


Wednesday, April 22, 2015

වෙරි නයි`s

නයි ගැන ඔබ නොදත් / දත් facts කීපයක්




  • නයා වැඩ කරන සපත්තු කඩේ යතුරට කියන නම කුමක්ද?
       නයි - key

  • නයා selfie rap එකක් කරා , නයාගේ rapper name එක කුමක්ද?
       Tech නයි - න්
TechN9ne

  • What Happened to නයා who applied for US visa ?

       He got de-නයි-d



  • නයාට 8 වසර විද්‍යාව කියල දුන්නේ කව්රුන්ද?
       Bill නයි
Bill Nye

  • නයා දිනපතා කියවන පත්තර දෙක මොනවාද?
       දිණමි-නයි  සිළුමි-නයි
  • What is the name of the bank loan scheme , designed exclusively for නයාs ?
       නයි - loan
        


  • Nine නයාs walk in to a night කඩේ and order 9 plain teas , what was the bill amount ?
       Rs නයි - න් Tea Nine /=

  • නයා sucks at making love , what did the නයි wife tell him ?
       තෝ මහ බෙලහී-නයි !


  • නිදහස් උත්සවේ දවසේ ජාතික සමගිය පෙන්නන්න සිංහල,දෙමල,බර්ගර්,මුස්ලිම් නයි කෙල්ලෝ හතර දෙනෙක් අත් අල්ලන් දුවන video එකක් shoot කළා , නයි කෙල්ලෝ හතර දෙනාගේ නම් මොනවාද?

       සුම-නයි , මී-නයි , ටී-නයි , ෆරී-නයි



       Alternate answer : නයාට අත් නෑ යකෝ , ප්‍රශ්නේ invalid.

  • නිතරම පිහිනීමට කැමති , ගැහැණු ගති ඇති ( Girlish ) පිරිමි නයින්ට කියන නම කුමක්ද?

     P - නයි    ( plural )



    
     පොන් - නයා ( singular )


Bonus

  • What was the name of the snake charmer from Sri Lanka ?

        Snake චාමර



54න් කොළ 4ක්

එදා....

You were the Queen of my world..
I was the Joker who made you smile,
Like Jack from Titanic , i felt like the King of the world..

අද....

ඇල්ලුවත් අත කැපෙන පොරොවක් නුඹ..
කාලකන්ණි වුනු ගූ හේරෙක්  මම..
ලෝකෙම ඉස්සරහ බූරුවා වුනත්,
එදා වගේම අදත්, මම
JOKER..




මේක මෙලෝ රහක් නෑ වගේ නම් මේක අහල කටේ ජරා රහ ඇරගන්න :p

Tuesday, April 21, 2015

Cocktail Bartender

What did the chicken customer say to the annoying chicken bartender who kept telling boring stories ?

Shut the cluck up ! i`ve had enough of your Cock-Tales !

*ba dum tst*







ප.ලි :

  •  cock-tales as in කුකුල්-කතා , not the other cock.
  • Image එක ඉස්සුවේ මෙතනින් , idea සහ කතාව මහින්ද අබේසුන්දර  100% ගැබා.
  • හිනා ගියේ නැත්තං මට සාප කරන්න එපා ඔන්න :p