Friday, May 29, 2015

නාටාමි සිරිදාස ගේ මල ගේ

අවුරුදු 55ක්
ශරීර කූඩුවේ
බරපතල වැඩ ඇතුව
හිර වෙලා සිටි සිරිදාස අයියා,
ආන් අද නිදහස් වෙලා......

Wednesday, May 27, 2015

Heat is on


සතුටු වැහි බිඳු වැටී නිල් ගොයම       සරුවෙන්න
නියං කල වේලිච්ච සිත් සතුට                   පුරවන්න
තව බොහෝ කල් ඇත්ද වස්සානේ  පැමිණෙන්න
ඉක්මණට වරෙන් බන් දාඩියයි           හැමිනෙන්න



Monday, May 25, 2015

When i`m gone


කව්රුත් නොදන්නා කළුවරකට පාවී
කවදාක හෝ මා ඔබ අත හැර    යාවී
කළු සුදු මතකයන් මා සමඟම     ඒවී
මා නැතිදා මගෙ නාමය රැව්      දේවී


Sunday, May 24, 2015

Vines by Gaba #1


ඔන්න පොඩි video ආතල් එකක් try කළා :) හුදෙක් ආතල් එක සඳහා පමණි !


දැන් පෙන්නනවා

I know i suck at Photoshop , reminders අනවශ්‍යයි :P

Tuesday, May 19, 2015

Icarus


නිදහස සහ උමතුව
අතර ඇති පටු සිතිජයේ
ආසයි ඇවිදින්න මට...

ඉරට වැඩියෙන් ලං වුනොත්
පිච්චිලා මුහුදට වැටෙයි..
බයයි මම පිච්චෙන්න

හැබැයි මෙලෝ රහක් නැති ගොඩබිමට වෙලා ඉන්නවට වඩා...
ඒකත් හොඳයි..
එක අතකට



ඊනියා රස්තෆාරි

පාසල් යන කාලේ බහුතරයක් බ්‍රයිටන් කන්නාඩි දැමූහ.ඒ නිසා හුදෙක් බ්‍රයිට් පෙනුමක් ආරූඩ කරගැනීමට සමහර ළමුන් කන්නාඩි දැමූහ.


අපේ රටේ පහල වුනු බොහෝ ශ්‍රේෂ්ඨ කලාකරුවෝ මත්පැන් භාවිතයට ලොල් වූ බව නොරහසකි. ( ඒ ඇයි කියා මම නොදනිමි ). එමෙන්ම කොණ්ඩා රැවුල් වැවීම typical රැඩිකල් පොරකගේ ලක්ෂණයක් ලෙස සමාජයේ සැලකේ. ( සමහර විට චේ ෆිදෙල් නිසා වෙන්න ඇති , දන්නේ නෑ හරියට).

කෙසේ වෙතත් , කණ්ණාඩි දැමූ පමණින් බ්‍රයිටෙක් නොවේ. රැවුල් කොණ්ඩා වවාගෙන ගංජා ගැසූ පමණින් රැඩිකල් කළාකරුවෙක් නොවේ.



Not every dread is a Rasta and not every Rasta is a dread


ප.ලි - මම reggae අසමි , රස්තා නොවෙමි. Snoop Dogg ඊනියා රස්තෙකි.

ප.ලි II - මේ post එකේ target එක Snoop Dogg උත් නෙමෙයි ඔන්න.