Thursday, August 29, 2019

මගියා

බස් නැවතුමට පැමිණි මගියෙකි. අසල ඇති සිල්ලර කඩයකින් ඔහු දුම්වැටියක් මිලට ගත්තේය. ගින්දර ඉල්ලා නොලැබුණු නිසා ගිනි පෙට්ටියක් ද මිලට ගනී.

බස් නැවතුමේ බසයක් එනතුරු බලාසිටින ගැහැණු - පිරිමි පට්ටියෙන් ඈතට ගිය මගියා දුම්වැටිය මුවේ රුවාගෙන ගිනි පෙට්ටිය අතට ගත්තේය. ගිණි කූර ගිනිපෙට්ටියේ පටිය දිගේ ඔහු ඇතිල්ලුවේ බොහෝ අය කරනා පරිදි ඉස්සරහ අතට නොවේ , පිටුපසටයි. ඕනෑම සැඩ සුලඟක පවා ගිණිකූර නිවා ගන්නේ නැතුව දුම්වැටියක් පත්තු කිරීමට උපකාරී වන මේ විධික්‍රමය ඔහු පුරුදු වූයේ අත්දැකීමෙන්මයි.

දුම්වැටිය කෙමෙන් ඇවිලෙත්ම ඔහු උගුරක් ඇද දුම් රොදක් එලියට පිට කරයි. සිගරැට් ගඳ දැනුණු ගැහැණුන් කීප දෙනෙක් නාසා අකුලවා ගනිති. උපේක්ෂාවෙන් වට පිට සිරි නරඹන මගියා ගැඹුරු දුම් උගුරු කීපයක් සිය පපුවට පුරවා ගනී. දුම් රළ එලියට පිට කරන්නේ තනි කෙලින් දුම් කදම්බයක් යන ආකාරයටයි. පිටවන දුම් රටා වෙත නෙත යොමු කරමින් ඔහු මදකට කල්පනාවක සිරවේ.

"කොට්ටාව කොට්ටාව කොට්ටාව ඔට්ටාව නගින්න නගින්න නගින්න!!"

කඩාගෙන බිඳගෙන පැමිණි බස් රථය ඔහුගේ දැහැන බිඳ දැම්මේය.

"කෝ නගින්න නගින්න ඉක්මන් කරන්න " කොන්දොස්තර ගේ අවසන් නිවේදනය සමගම මගියාගේ හිත කලබලයකින් පිරී යයි. පුළුවන් උපරිම වෙර යොදා අවසාන දුම් උගුරක් අදින ඔහු දුම්වැටිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් අල්ලා , දබර ඇඟිල්ලෙන් පහරක් දී එය වීසි කිරීමට සැරසේ. මේ ආකාරයට දුම්වැටි වීසි කිරීමට ඔහු හුරුවූයේ එය "cool" යයි ඔහු සිතූ බැවිනි! දුම්වැටිය වීසි කිරීමට පෙර මොහොතක් කල්පනා කල ඔහු අදහස වෙනස් කරගත්තාක් මෙන් ඔලුව වනා බාගයක් වත් බී නැති දුම්වැටියේ තවමත් දැල්වෙන ගිනි ගත් කොණ විගහට තම රබර් සෙරප්පුවේ අඩියේ අතුල්ලා එය නිවා දැමුවේය. මේ වනවිටත් ඔහු ගැන බලාපොරොත්තු අතහැර බස් නැවතුමෙන් අද්දමින් තිබූ බස් රථයේ දිව ගොස් එල්ලෙන ගමන් ඔහු නිවුණු දුම්වැටිය සිය කලිසමේ පිටුපස සාක්කුවට දමා ගනී . අකාලයේ නිවුණු දුම්වැටියෙන් නැගෙන කාලකන්ණි දුම් ගඳක් මගියාගේ නැහැයට ද ලාවට දැනේ. 

සෑම දෙයක්ම සිදුවූයේ ඉතා කලබලයට ය.

"මහත්තයා කොහෙට ද ??" කොන්දොස්තරවරයා මගියා දෙසට අත පාගෙන සිටී..

'පොඩ්ඩක් ඉන්න' යයි ඔලුවෙන් සන් කල මගියා කලිසමේ ඉදිරිපස සාක්කුව අත පත ගා සල්ලි නෝට්ටු සෙව්වේය. "ආ මල්ලි, පන්නිපිටිය එකයි" ඔහු කොන්දොස්තර වෙතට අත දිගු කරමින් පැවසුවේය. "රුපියල් විස්සයි " කියමින් කොන්දොස්තර මගියා විසින් ලබා දුන් දේ සිය අතට ගෙන ටිකට් මැෂිමට පාරක් දෙකක් කෙටුවේය. ඉන්පසුව එක වරම සිහි එලවා ගත්තාක් මෙන් ඇස් ගෙඩි ලොකු කර ඔහු මගියා දෙස බැලුවේය , මගියා විසින් තම අත මත තැබූ මුදල දෙස බැලුවේය.

"මේ මොකද්ද අයියේ මේ දීල තියෙන්නේ???" හහා , මගියා කොන්දොස්තර මහතාට මුදල් යයි සිතාගෙන දී ඇත්තේ ඔහු සිල්ලර කඩයෙන් මිලට ගත් ගිනි පෙට්ටියයි!

මගියා ගේ මුවගට සිනාවක් නැගුණි. බස් එකේ තෙරපෙමින් සිරවී සිටි මිනිසුන් ද මදකට සිය දුක්බර ගමන අමතක කර "හැක හැක" ගාමින් සිනාවීමට පටන් ගත්හ! මුළු බසයම සිනා හඬින් පිරී ගියේය. අයෙක් මගියාගේ පිටට තට්ටුවක් ද දමා සිනාසෙයි!! හහා !

"කෝ දෙන්න මල්ලි , සොරි " සිනා මුහුණෙන් යුතුව පැවසූ මගියා කොන්දොස්තරවරයාගෙන් නැවතත් ගිනි පෙට්ටිය ඉල්ලගෙන සිය කලිසම් සාක්කුවට දමාගත්තේය.

"මේක පාවිච්චි කරපු එකක් නේ මල්ලි , එක ගිනිකූරක් අඩුයි , මල්ලිට පාඩුයි. රුපියල් විස්සයි නේ ගාණ ? ආ මෙන්න මේ ගිනිපෙට්ටි හතර තියාගන්නකෝ අලුත්ම ඒවා.." මගියා සිය කලිසම් සාක්කුවෙන් අලුත්ම ගිනිපෙට්ටි හතරක් ගෙන කොන්දොස්තරවරයාට දුන්නේය!

මුළු බස් රථයම ව්‍යාකූල බැල්මවල් වලින් පිරී ගියේය. සිනා හඬ කෙමෙන් මැකී ගියේය. මේ සිදුවන්නේ කුමක් ද යයි සිතා ගැනීමට නොහැකිව සැවොම අන්ද මන්ද වූවා වැනියි.

ගිනිපෙට්ටි හතර අතට ගත කොන්දොස්තරවරයා ගිනි පෙට්ටි හතරම සාක්කුවට දමාගෙන අනෙක් අතට හැරී , තවමත් පුදුමයෙන් මේ සිදුවීම දෙස බලා සිටිනා බස් මගී කුට්ටිය අතරින් රිංගා අතුරුදහන් විය. නමුත් ඔහු මගීන් අතරින් ගිය අඩිපාර වත් මැකීයාමට පෙර ඔහු නැවතත් ගිය පාර දිගේම මගියා වෙත කලබලයෙන් ආපසු පැමිණියේ යමක් අමතක වූවා මෙනි..

"මහත්තයා.." ඔහු මගියා ඇමතුවේය..

"ඉතුරු දෙන්න අමතක වුණා නේ.." කොන්දොස්තොරවරයා මගියාට ගිණිකූරු තිහක් දික් කළේය !

බස් රථය නිහඩ විය.




Tuesday, August 27, 2019

Heavy Metal අම්මා \m/

අද යාලුවෙක් එක්ක කරපු කමෙන්ට් සංවාදයක් නිසා පරණ සිද්දියක් මතක් වුනා.

මම ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම මෙටල් සංගීතයට ටිකක් ප්‍රිය කළා. ඉතින් මගේ කාමරේ තිබ්බ CD සහ කම්පියුටරේ තිබ්බ mp3 බහුතරයක් මෙටල් සින්දු තමයි තිබුනේ. කාමරේ අලවන් හිටියෙත් ඒ කාලේ සන්ඩේ ටයිම්ස් එකේ ( හෝ ඔබ්සර්වර් එකේ ) සංගීත අතිරේකෙන් කපාගත්ත රොක් බෑන්ඩ් වල චායාරූප. ඇත්තටම 2000 ගණන් වල මුල හරියේ ලංකාවේ රොක් සීන් එකේ ලොකු පිබිදීමක් තිබුණා මගේ ටිකිරි මොලේට දැනිච්ච විදියට නම් , ඒ ගැන පස්සේ කියන්නම්කො. කොහොමහරි ඔහොම තමයි ඉතින් මගේ තරුණ ජීවිතේ සංගීත රුචිකත්වය තිබුනේ.

කරුණු කාරණා ඔහොම තියෙද්දී මම එක දවසක් කැම්පස් ඇරිලා ගෙදර ආවා , මම හිතන්නේ 2009 හෝ 2010 අවුරුද්දේ දවසක්. මම කාමරේ ඇරගෙන ඇතුලට එනකොටම මෙන්න බොලේ අපේ අම්මා , මගේ ක්‍රියේටිව් 2.0 සබ් එකේ , කන පැලෙන්න සද්දේ දාගෙන මෙටල් සින්දුවක් අහනවා ! ඒකත් මේ ලයිට් රොක් එකකුත් නෙමෙයි ටිකක් විතර හෙවී සද්දයක් තිබ්බ Black Label Society ලගේ සින්දුවක් තමයි අම්මා ෆුල් බ්ලාස්ට් දාගෙන හිටියේ ! අම්ම මොන ලෝකෙන්ද මෙටල් ෆෑන් කෙනෙක් වුණේ කියලා මම බයෙන් බිරාන්ත වෙලා බලන් හිටියා ! මම හිතන්නේ මම කාමරේ දොර අරිනකකොට සාතන් කාමරේ ඇතුලේ වාඩි වෙලා හිටියත් මට ඒ තරම් ශොක් එකක් එන එකක් නෑ

“අම්ම කොහොමද Black Label Society ලගේ සින්දු අහන්නේ??” මම ඇහුවා ඉතින් තක්බීර් වෙලා..

එතකොට තමයි අම්මා කිව්වේ “ආහ්.. ඒ කවුද කියල නම් මම දන්නේ නෑ. හැබැයි මේක පරණ සින්දුවක් නේ , නීල් යන්ග් ගේ" කියලා...

බලන් ගියාම අම්මා ඒ අහපු සින්දුව , මේ පහලින් දාල තියෙන එක , ඒක නීල් යන්ග් ගේ පරණ සින්දුවක් අම්මලාගේ කාලේ ආපු !



.............................
ඇත්තටම නීල් යන්ග් කියන්නේ කව්ද කියලවත් මම ඒ කාලේ දනන් හිටියේ නෑ. අපි ඉස්සර හිතුවේ හෙවී වෙන තරමට තමයි බෑන්ඩ් එක ‘පොරක්’ වෙන්නේ කියලා. ඒත් දැන් දැන් නීල් යන්ග් ගේ සින්දු මම ටික ටික අහනවා. එතකොට මට හිතෙනවා පසු කාලීනව ආපු ගොඩක් හෙවී සංගීත ආර වලට නීල් යන්ග් වගේ අය ඒ කාලේ ගහපු සින්දු හේතු වෙන්න ඇති කියලා. මොකද උගේ සින්දු වල තියෙන්නේ අමුතුම වයිබ් එකක්.
ෆන් ෆැක්ට් - “It’s better to burn out than to fade away” – Kurt Cobain , මේ වැකිය මම දැකලා තියෙනවා ගොඩක් ඔන්ලයින් පෝස්ට් වල. ඔය වැකිය කර්ට් කෝබේන් උගේ අවසන් ලියුමේ ලියපු එකක් , ඒක නිසා ඒකෙ කතෘ අයිතිය උට තමයි ගිහිං තියෙන්නේ. හැබැයි බලන් ගියාම ඕකත් නීල් ගේ Hey Hey , My My කියන සින්දුවේ කැල්ලක්.


Tuesday, August 20, 2019

Hangover Part 2

බීමත්ව සිටිනා විට
ලොව සැනකෙලියකි
වෙරි හිඳුනාට පසු
එය මළකෙලියකි..




Wednesday, August 7, 2019

සික්කා

ලොවම නිදන පාලු රැයේ මදුරු තලන සික්කා
කොළඹ හතේ වස්තු රකින ගමෙන් ආපු සික්කා 
ලොක්කන්ගේ ගොන් වැඩටත් බැනුම් අහන සික්කා
හාල් කෑලි වලට පවා "සර්" කියන සික්කා

රට වෙනුවෙන් උතුරු කොරේ සටන් වැදුණු සික්කා
දරු මල්ලන් රකිනු පිණිස දැන් බැංකුවෙ සික්කා
ෆයිව් ස්ටාර් හෝටලයම මුර කෙරුවත් සික්කා
චූන් පාන් වීල් එකෙන් හවසට කයි සික්කා

විනාඩියක් ඇහැ පියවුණු නිසා බැනල ලොක්කා
වැසුණු නෙතින් කඳුළු සලයි කොනකට වී සික්කා
හමුදා ලේ ඇඟ දිව්වත් ඉවසනවා සික්කා
"පීප් පීප්" හෝන් හඬට උඹ දුවපන් සික්කා


Thursday, August 1, 2019

ගල්

අපි පව්කාරයන්-ට-ගල් නොගැසුවෙමු
අපි පවුකාරයෝ වෙමු 
එමනිසා
අපි ගල් ගැසුවෙමු



Thursday, July 18, 2019

ගුත්තිල මූසිල සටන නව වර්ෂන් එක


ගුත්තිල සහ මූසිල කියන්නේ ඩීජේ ල දෙන්නෙක්. ගුත්තිල තමයි පළාතේ ඉන්න ලොකුම සහ ප්රවීනම ඩීජේ.

ඕනේම බීච් පාර්ටි එකක නැගලම යන සෙට් එක ගහන්නේ ගුත්තිල. පිටරටින් ඩීජේලා එන පාර්ටි වල ඕපනින් සෙට් එක ගහන්නේ ගුත්තිල. ඒ විතරක් නෙමෙයි පළාතේ තිබ්බ ලොකුම නයිට් ක්ලබ් එක වෙච්ච "හැපී බ්රහ්මදත්ත" එකේ රෙසිඩන්ට් ඩීජේ විදියට සෙල්ලම් කලේ ගුත්තිල. ගුත්තිලට ගහන්න ඩීජේ කෙනෙක් හිටියේ නෑ අහල ගම් හතක.

මූසිල ඒ අතින් බැලුවම තාම ආධුනිකයා , පොර තාම ඔය පොඩි පොඩි වැඩ තමයි කරන්නේ. ඒ කිව්වේ වෙඩින් , කඩ විවෘත කිරීම් , බිග් ගර්ල් පාටි වගේ පොඩි පොඩි උත්සව. දවසක් පොර වෙඩිමකට ගිහිල්ල දන්න සෙල්ලම් ඔක්කොම දාලා සින්දු ගහනවා , හැබැයි වෙඩිමට ආපු එකෙක්වත් නටන්නේ වත් නෑ. උන් ඔහේ බිබී , කන් කස කස ඉන්නවලු. ඕක දැකලා මූසිලයට හෙන අවුල. ඌ අහනවා වෙඩිමට ආපු මිනිස්සුන්ගෙන් "ඇයි අයියා මම ගහනවා හරි නැද්ද" කියලා ?

මිනිස්සු කියනවා "අප්පට සිරි මල්ලි සින්දු ගැහුවද ?? අපි හිතුවේ ඩීජේ සැට් එක මීයෝ කනවා කියල හැක හැක"

දැන් මුට තවත් අවුල , අඬන්න ඔන්න මෙන්න..

එතකොටම එක මිනිහෙක් කියනවා "මල්ලි අර හැපී බ්රහ්මදත්ත එකේ ඉන්නවා කෙරී වැඩකරුවෙක්.. ඩීජේ ගුත්තිල කියලා.. අන්න බුවා ඈ.. මිනිහා ගහනකොට ගෑණු බඩ වෙලා ළමයි හම්බවෙලා ලොකු වෙලා උන් ඇකයෙන් වැටෙනවා එච්චරට ස්මූත් මික්ස් කරනවා.."

ඔය වෙලාවේ තමයි මූසිල තීරණය කරන්නේ එයා ඩීජේ ගුත්තිලගේ ගෝලයෙක් වෙලා සියලු ශිල්ප ඔහුගෙන් ඉගෙන ගන්න ඕනේ කියලා..

ඊට පස්සේ කතාවේ මැද හරිය ඉතින් දනන්වනේ.. මූසිලයා ගිහිං ගුත්තිල බැහැදැකලා තමන්ට ඩීජේ ශිල්ප සතර කියලා දෙන්න කියලා බැගෑපත් වෙනවා. ගුත්තිලයා හැබැයි කැරි මුඩුමයා ඌ කැමති නැහැ එහෙම ලේසියට කාටවත් සාස්තරේ කියලා දෙන්න. ඒක නිසා මුලින් පොර සැහෙන්න අදි මදි කරනවා. ඒත් මූසිලයා දිගින් දිගටම ගුත්තිලයට වද කරනවා. ඊට අමතරව ගුත්තිලයගේ හිත දිනාගන්න උගේ අම්ම තාත්තට එහෙම හොඳට සලකනවා මූසිලයා. ( ගුත්තිලයා අච්චර ප්රසිද්ධ ඩීජේ වෙලත් තාම කසාද බැඳලා නෑ හතර වටේ බඩු ගගහා හිටියා මිසක් , අම්ම තාත්තා එක්ක තමයි පොර හිටියේ )

ඕකෙන් මේකෙන් ඉතින් ගුත්තිලයගේ හිතත් උණු වෙලා පොර කැමති වෙනවා මූසිලයට ශිල්ප සතර කියලා දෙන්න. මුලින් මුලින් පොඩි පොඩි දේවල් කියලා දීලා අන්තිමට දෙන්නා හොඳටම ෆිට් වෙලා ගුත්තිලයා දන්න සියල්ලම කියලා දෙනවා. ගල් කබ්බෙක් වගේ හිටපු මූසිලයා දවසෙන් දවස ශිල්පෙ අල්ලගෙන අන්තිමට පට්ටම වැඩකාරයෙක් වෙනවා. ඉස්සර පොඩි පොඩි වැඩ කර කර හිටපු මිනිහට දැන් ටික ටික පාර්ටි එක දෙක ගහන්න සෙට් වෙනවා. මූසිලගේ නමත් කටින් කට පැතිරෙනවා. කාලයාගේ ඇවෑමෙන් මූසිලයා පළාතේ හොඳ නමක් දිනාගත්ත ඩීජේ කෙනෙක් වෙනවා.

කොල්ලොත් තැන තැන කතා වෙනවා දැන් මූසිලය ගැන..

ඉස්සර නම් ගුත්තිලයට ගහන්න එකෙක් හිටියේ නෑ මේ ප්‍රාන්තේ.. දැන් හැබැයි අර අලුත් එකෙක් ඉන්නවා මූසිල කියලා පට්ට ගැහිල්ලක් ගහන්නේ ආ.. පෙරේදා පාර්ටියක ගැහුවා සෙට් එකක් අම්මා... “

ඔය අල්ල පනල්ලේ මූසිලයගෙත් ඔලුව ඉදිමෙනවා.. දැන් උට ඕනේ ගුත්තිල අවුරුදු ගානක් ගහපු “හැපී බ්‍රහ්මදත්ත” ක්ලබ් එකේ රෙසිඩන්ට් ඩීජේ කම ගන්න.

මූසිලයා යනවා හැපී බ්‍රහ්මදත්ත එකේ අයිතිකාරයා වන බ්‍රහ්මදත්ත අයියා හම්බවෙන්න. බ්‍රහ්මදත්ත අයියට හැමෝම කිව්වේ “රාජා” කියලා.

රාජා අයියේ..”

ආ මූසිල මල්ලි..මොකෝ මේ පැත්තේ ආ.. කාලෙකින් සෙට් වුණේ ඉතින්... උඹ ගැන ආරංචියි අපිටත් ... සිරාවට සෙල්ලම් කරනවා කියලා කොල්ලෝ කතා වෙනවා.. සතුටුයි ආ.. එකෙන්ම..”

ඒක තමයි රාජා අයියේ මම මේ ඔයාට කතා කරන්න ආවේ.. අයියා දන්නවනේ දැන් මම තමයි මේ පළාතේ ඉන්න හොඳම වැඩකරු.. ඒක නිසා අයියටත් හොඳ නැද්ද ක්ලබ් එකේ ඩීජේ ජොබ් එක මට දුන්න නම්.. ලොකුම ක්ලබ් එකේ ගහන්න ඕනේ හොඳම ඩීජේනේ අයියේ නැද්ද..??”

රාජා අයියා ටිකක් කල්පනා කරනවා..

මල්ලි ඒක හරි.. ඒත් මල්ලි දන්නවනේ ගුත්තිලයා මගේ හොඳ යාලුවා කියලා.. මේ ක්ලබ් එක දාපු කාලේ ඉඳන්ම ඌ තමයි මේකේ ගැහුවේ.. ඌ මේකේ සෙල්ලම් කරන්නේ ඌ අර “G Daddy” කියලා ගොබ්බ නමකුත් දාගෙන හිටපු කාලේ ඉඳන් හික් හික් ...”

අයියේ..”
දැන් ගුත්තිලගේ කාලේ ඉවරයි “
දැන් තියෙන්නේ මගේ කාලේ”
කව්ද වැඩකරු කියලා ඔයාට බලාගන්න ඕනේ නම් , ඔයා අපි දෙන්නම හෙඩ් ටු හෙඩ් සෙල්ලම් කරනවා අහන් ඉන්න”
අහලා දක්ෂයා ඔයාම තෝරාගන්න!”
මම උට චැලේන්ජ් කරනවා !! “
ඌ ඔය කියන තරම් වැඩ්ඩේක් නම් ඌ මගේ චැලේන්ජ් එක බාරගනියි..”
තැනයි වෙලාවයි මට ටෙක්ස්ට් කරන්න , මම යනවා..”
දඩස්!!!!”

දොරත් වහගෙන මූසිලයා යනවා.
ටිකක් කල්පනා කරන රාජා අයියා ගුත්තිලයට කෝල් එකක් ගන්නවා....
.............................................................

රාජා අයියා ෆෝන් එකෙන් කියපු ටික ගුත්තිලට ඇහුනේ හීනෙන් වගේ...

මචන්... “
චැලේන්ජ් කරනවා බං....”
හෙට උදේ 10ට ක්ලබ් එකට වරෙන්... කව්රුත් නෑ උඹයි මායි ඌයි විතරයි..”
සොරි බං මුකුත් හිතන්න එපා...”
දක්ෂයට තැන දෙන්න එපැයි බං....”
හෙට වරෙන් එහෙනම්............”
අපි තිබ්බා..”

කැරි මූසිලයා ! මූ ගොට්ට අල්ලගෙන එනකොටම මම දැනගත්තා ! අපරාදේ මේ වගේ සර්පයෙකුට මම කිරි පෙව්වේ.. මූ මගෙන් ඉගෙන ගත්ත සාස්තරෙන් මටම කෙලින්න එනවා නේ..

මට දැන් මූ එක්ක කොහොමත් හැප්පෙන්න බෑ.. මට මහලු වයසේ.. බැරිය ඩීජේ කරනු පෙරසේ..

මුගෙන් හෙට පැරදෙනවට වඩා මට නම්බුයි මැරෙන එක..
ඔව් මම යනවා මැරෙන්න..

එහෙම හිතපු ගුත්තිලයා අම්මටයි තාත්තටයි වැඳලා කැප් එකත් දාගෙන ( පිණි බාන නිසා , උට පීනසේ ) යනවා එලියට..

අම්මේ මම බීච් එක පැත්තේ යනවා.. මට රෑට කෑම තියන්න එපා...”

ගුත්තිලයා හීමීට බීච් එක දිගේ මුහුද දිහාට ඇවිදගෙන යනවා.. රෑ වෙලා නිසා රැල්ලත් සැරට ගහනවා මුහුද පැත්තට..

මම මෙහෙමම ඇවිදගෙන ගිහිං මුහුදට බිලි වෙනවා.. හෙට පැරදෙනවට වඩා මැරෙන එක සැපයි මට..”

මුහුදු රැල්ල ටිකෙන් ටික ගුත්තිලයට පෑගෙනවා..

බොසා.. ඒ බොසා..”

එක පාරටම කව්ද මන්දා කෑගහන සද්දේ ඇහෙනවා.. ගුත්තිල වට පිට බලනවා..

ඒ බොසා... බයිට් පැකට් එකක් වතුර බෝතලයක් ගන්නවද???”

බලනකොට බීච් එකේ පොඩි පොඩි අයිටම් උස්සගෙන විකුනන්න යන පොරක්.. ගුත්තිලයව දැකලා ලඟට දුවගෙන ඇවිත් බයිට් පැකට් වගේකුයි වතුර බෝතල් ටිකකුයි උස්සගෙන..

මේ මැරෙන්න යන අස්සේ මොන බයිට් ද..” ගුත්තිලයට එහෙම හිතුනත් මුකුත් නොකියා ඉන්නවා..

මොකද බොසා මේ අවුලෙන් වගේ ඉන්නේ... මේ.. බයිට් පැකට් එපා නම් කේජී කෑල්ලක් වගේ සෙට් කරන්නද.. ආ.. ? “ බයිට් බුවා අහන්නේ වටපිට බලන ගමන්..

ඒක ඇහුවා විතරයි එච්ච්චර වෙලා ඉවසන් හිටපු දුක ශෝකය දෝරේ ගිහිල්ලා ගුත්තිලයා අඬන්න පටන් ගන්නවා වලහෙක් වගේ !!

ඉහි ඉහි ඉහි ඉහි.... “

බොසා මොකෝ මේ.. මොකෝ සීන් එක ආ.. කියන්න බොසා.. “ බයිට් බොසා ගුත්තියලගෙන් අහන්නේ කරටත් අතක් දාන ගමන්.. කොහොමත් මිනිහෙක් කරදරේ වැටුනම උදව් වෙන්න එන්නේ පොඩි මිනිහෙක්ම තමයි ඉතින්..

ගුත්තිලයත් අඩ අඩ මුළු සිද්දියම බයිට් බොසාට කියනවා.. බලන් ගියාම බයිට් බොසත් ගුත්තිල අඳුරන එකෙක්.. ඉස්සර ගමේ පොල් ගස් නැග්ග චාමරයා... උට කොල්ලෝ කියන්නේ “දෙයියා” කියලා ඇයි ඉතින් ඌ හැමතිස්සෙම ඉන්නේ “උඩ” නේ ඒක නිසා හැක හැක..

ගුත්තිලයගේ කතාව ඇහුවම මොනා වුණත් දෙයියගේ හිතත් උණු වුනා.. ගහක් ගලක් වගේ හිටපු ගුත්තිලයනේ මේ වලහෙක් වගේ අඬන්නේ කියලා ..

දෙයියා ටිකක් කල්පනා කළා මොනවද මේකට කරන්න පුළුවන් කියලා.. ටිකක් වෙලා කල්පනා කරලා “හරි ! “ කියලා අත්පුඩියක් ගැහුවා !

ඒ බොසා මේ අඬන්න එපා.. මට ආවා සුපිරි අයිඩියා එකක්..”
මම දෙන්නම් ඔයාට විසඳුමක්..”

මෙන්න මේ බයිට් පැකට් වැලයි වතුර බෝතල් ටිකයි අල්ලගෙන අර බීච් එකේ වාඩි වෙලා ඉන්න බොසා විනාඩි පහක්.. මං එන්නම් විනාඩි පහෙන් ආ.. ආ ගන්න මේ සිගරට් එක.. මේකත් ගහගෙන ඉන්න, වතුරට පනින්න එපා හොඳේ !! මම ආයේ ඉන්නේ ඔයාට විසඳුමත් අරගෙන..”

එහෙම කියලා දෙයියා බයිට් පැකට් වැල ගුත්තිලගේ කරේ එල්ලලා වතුර බෝතල් ටිකත් උගේ ඇඟේ ගහලා සිගරට් එක කටේ ගහලා උඩ පැනගෙන දිව්වා පාර පැත්තට.. ගුත්තිලයත් අනේ ඉතින් “හා හොඳයි “ කියලා කඳුළු පිහදාගෙන හෙමින් සැරේ රැල්ලෙන් අහක් වෙලා බීච් එක පැත්තට ඇවිදගෙන යන්න පටන් ගත්තා. එතකොටම මෙන්න එනවා දෙයියා ආයෙත් ගුත්තිල දිහාට දුවගෙන..

සිගරට් එකක් දුන්නට ලයිටර් එක අමතක වුනා නේ..” ඌ ආපහු ඇවිත් තියෙන්නේ ගුත්තිලට ලයිටර් එක දෙන්න!

මම විනාඩි පහෙන් එනෝ.... වතුරට පනින්නේ නැතුව ගොඩින් වාඩි වෙලා ඉන්න බොසා...”

දෙයියා ආයෙත් පාර දිහාට දුවන ගමන් සාක්කුවෙන් ෆෝන් එක අරන් කාටද කතා කරනවා ගුත්තිල දැක්කා..
.............................................................


පැය භාගයක් විතර ගියා. ගුත්තිල බීච් එකේ වාඩි වෙලා දෙයියා එනකන් බලන් ඉන්නවා.. කම්මැලිකමට දෙයියා විකුනන්න ගෙනාපු බයිට් පැකට් වලින් එකක් කඩාගෙන කන්නත් පටන් ගත්තා.

වීල් එකක් එන සද්දයක් ඇහුනා..

හරි බං එල ආ... මම ගාන සෙටල් කරන්නම් හෙට උදේට.. හරි බං ගිහිං වරෙන්.. “

ආ බොසා.. ඔන්න ගේනවා ඔයාගේ ප්‍රශ්නෙට විසදුම..” දෙයියා ආපහු ඇවිත් !

මෙන්න බොසා.. මේ තියෙන්නේ ඔයාට හෙට දිනුම ගෙනත් දෙන භාණ්ඩ ටික...”

මේ තමයි මහා බලසම්පන්න..”
නියත ජය ගෙනෙන”

ගුලි තුන!!!”

ගන්න බොසා..”

දෙයියා ගුත්තිලගේ අතේ මොනවද මන්දා ගුලි තුනක් මිට මොලවලා හිනා වුනා..

මේ මොනාද බං මේ??” ගුත්තිල ඇහුවේ තක්කු මුක්කු වෙලා..

ඉන්නකෝ බොසා එකෙන් එක කියන්න..” දෙයියා ගුත්තිලගේ අතින් සෙලෝෆේන් කොළ තුනක ඔතලා තිබ්බ ගුලි තුන අරගෙන එකින් එක දිග අරින්න ගත්තා..

මේ පලවෙනි ගුලියේ තියෙන්නේ බොසා ස්ටැම්ප් එකක්..ඒ කිව්වේ LSD.. බොසා හෙට සෙට් එක පටන් ගන්න පැය දෙකකට විතර කලින් මේක දාගන්න.. මේක දැම්මා විතරයි බොසාට හොඳට සින්දු මික්ස් වෙන්න පටන් ගන්නවා..”

මේ දෙවෙනි ගුලියේ තියෙන්නේ බොසා පිල් එකක්.. එක්ස්ටසි.. බොසා මේක සෙට් එක පටන් අරන් විනාඩි 5කින් විතර දාන්න.. ආයේ වටේ පිටේ ඉන්න ගෑණු ඔක්කොම නටන්න ගන්නවා මේකේ බලේට.. හරි ?”

හ්ම්ම්.. හරි” ගුත්තිල ඔලුව වැනුවා..

මොනාද බොසා ඔයාලා අවුරුදු ගානක් ඩීජේ කරලත් මෙව්වා දන්නේ නෑ නේ..”

හරි.. ඔන්න තුන් වෙනි ගුලිය මෙන්න..”

මේ තුන්වෙනි ගුලිය බොසා හෑෂ් කාලක්.. හොර බොරු නෑ හරියටම කාල තියෙනවා.. මේකෙන් ජොයින්ට් එකක් ඔතලා ගැහුවා කියන්නේ බොසා මේකේ බලේට ආයේ රාජා අයියත් නටන්න ගන්නවා ඒකෙ දෙකක් නෑ !”

හරි නේ බොසා එහෙනම් ? ඔන්න දෙයියා ගුලි තුන දීලා තියෙන්නේ පැකේජ් එක , එල කිරි වගේ...බොසාට දැන් හරියට උඩ දාන්න විතරයි තියෙන්නේ..

ඕයි දෙයියා තමුසෙනම් සිරාවටම දෙයියෙක්ම තමයි.. මට මේ ඔක්කොම එපා වෙලා හිටපු වෙලාවේ මේ කරපු උදව්ව කොහොම අමතක කරන්නද..”

මම මේ ගුලි තුන පාවිච්චි කලොත් අනිවා මම දිනයි නේද? අම්මප මෙච්චර වස විස ගහලත් මට මේක මීටර් වුණේ නෑ නේ ඕයි..” ගුත්තිල ඇහුවා..

අනිවා බොසා මොනාද මේ කතා.. ජය අපටයි ලංකාවේ.. බොසා යන්න බය නැතුව.. මම කියපු විදියට ගුලි තුන ගහන්න. බඩු ෂුවර්..”

හරි බං.. උඹ නම් දෙයියෙක්ම තමයි !” දෙයියට හග් එකක් දීපු ගුත්තිල ආපහු ගෙදර යන්න ලැස්ති වුණේ හෙන මොරාල් එකෙන් !

මේ බොසා.. මේ....”
ඇයි බං කියහන්..”

නෑ බොසා මේ ඔය බඩු ටික හෙන අමාරුවෙන් හොයාගත්තේ.. දන්නේ නැද්ද මේ ටිකේ නඩුව නේ.. හතර වටේ ගිහිල්ලා තමයි බඩු ටික ගත්තේ.. මොකෝ මටත් ඩිරෙක්ට් කන්ටැක්ට් නෑ නේ.. කීප දෙනෙක් අතින් අත ගිහිං තමයි මට එන්නේ.. ඉතින් ගාන ටිකක් වැඩි..”

හරි උඹට කීයක් ඕනේද කියහන්කෝ..” ගුත්තිල කිව්වා

මම මේ මැරෙන්න ගිය එකේ උඹ මාව බේරගත්ත එකම මදැයි.. වරෙන් අපේ ගෙදර යන්න.. මම ගිහිං උඹට සල්ලි දෙන්නම්.. මැරෙන්න යද්දී පර්ස් අරන් යන එකක් යෑ බං , පර්ස් එක ගෙදර. යමං..”

හෙහ් හෙහ් බොසා ඉතින් සතුටින් දෙන එකේ...”
මුද්දරේට බොසා තුන්දාහක් ගියා.. පිල් එකට තුන්දාස් පන්සීයයි.. හෑෂ් කෑල්ලට නම් පන්දාහක් වගේ ගියා බොසා...”

අඩෝ හෑෂ් වලට වැඩී නේ බන් ගාන !!”
එහෙම තමයි බොසා ඉතින්.. මම ළඟටම ගෙනල්ලත් දුන්න නේ..”

හරි හරි ඩෝ මමත් ක්ලබ් එකක ඩීජේ තමයි කලේ මෙච්චර කල්.. මමත් ගණන් හිලව් දන්නවා.. කමක් නෑ උඹ මට හෙල්ප් එකක් නේ දුන්නේ.. වරෙන් යන්න අපේ ගෙදර .. මම සල්ලි දෙන්නම්....”

ගුත්තිල දෙයියගේ කරට අත දාගෙන ගෙවල් දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.
මේ බොසා වීල් එකටත් පන්සීයක් විතර...”
.............................................................

කතාවේ අන්තිම ටික රස කර කර කියන්න ඕනේ නෑ නේ.. ඔයාලා හැමෝම දන්නවා ජාතකේ වෙන්නේ මොකද්ද කියලා..
ඔන්න තරගේ දවස උදා වුනා.. දෙයියා කියපු විදියට ගුත්තිල තමන්ගේ සෙට් එක පටන් ගන්න පැය දෙකකට කලින් පලවෙනි ගුලිය, ස්ටෑම්ප් එක දාගත්තා..

දාගෙන ක්ලබ් එකට යනකොට මූසිලයත් ඔන්න ඇවිත්.. ගුත්තිලව දැකපු මූසිල ලඟට ඇවිත් , උරහිසට අත තියලා කතා කළා..
ගුත්තිල අයියේ.. පෞද්ගලික ප්‍රශ්නයක් නෙමෙයි අයියේ මේ...”

අඩෝ මේ අයියා පයියා ගාගෙන එන්න එපා... ගේම නම් ගේම.. පලයන් ගිහිං ලෑස්ති වෙයන්.. හු..” මුද්දරෙන් සූර් වෙලා හිටපු ගුත්තිල මූසිලයගේ අත ගසා දාන ගමන් කිව්වා.. මූසිලයත් ඔරවගෙන අහකට ගියා..

හරි”
දෙන්නම ඇවිත් ඉන්නේ”
එහෙනම් වැඩේ පටන් ගමු”
කව්ද මුලින් යන්නේ..”

මම මුලින් ගහන්නම්..” ගුත්තිල සිගරට් එකකුත් පත්තු කරගෙන ඩෙක් එක ලඟට ඇවිත් හරි බරි ගැහිලා ලෑස්ති වුනා..

ගුත්තිල හෙමිහිට සින්දු එක දෙක ප්ලේ කරන්න පටන් ගත්තා.. පලවෙනි ගුලියේ බලයෙන් මික්ස් කරන සින්දු ඔක්කොම බටර් වගේ මික්ස් වෙනවා ගුත්තිලට දැනෙන්න පටන් ගත්තා..

දෙයියා කිව්වත් වගේ දෙවෙනි ගුලිය , ඒ කිව්වේ පිල් එක ගුත්තිල හෙමින් සැරේ කටේ ඔබාගත්තා..

මෙන්න ටික වෙලාවක් යනකොට දෙයියා කිව්වා වගේ කොහෙන්ද මන්දා ගෑණු සෙට් එකක් බැහැලා ක්ලබ් එකේ නටනවා ! ගුත්තිලට දැන් ෆුල් කික්!

අඩෝ බලහන් කොහොමද මගේ වැඩ” කියන්න වගේ ලුක් එකකුත් දැම්මා පොර මූසිලයට..

හරි.. දැන් තුන්වෙනි ගුලියත් උඩ දාන්න වෙලාව ..

ගුත්තිල අලුත් සින්දුවක් පටන් අරගෙන සට සට ගාලා දෙයියා දීපු හෑෂ් කාලෙන් ජොයින්ට් එකක් ඔතා ගත්තා.. ඔතාගෙන බර පන්තියෙන් උගුරු දෙක තුනක් ඇදගත්තා.. ඊට පස්සේ මුළු ජොයින්ට් එකම එක හුස්මට ඇරලා දැම්මා..

මෙන්න බොලේ ටිකක් වෙලා ගියාම රාජා අයියත් නටාගෙන එනවා පේනවා !

අම්මට සිරි බඩු වැඩ ! යකෝ රාජා අයියත් නටනවා මගේ මික්ස් එකට!”

ගුත්තිල ෆුල් සතුටෙන් සෙට් එක ගහලා නිමා කළා..

ඔන්න රාජා ෆුල් රොක් කරලා තියෙන්නේ ආ..” ගුත්තිල රාජා අයියට කිව්වේ සිගරට් එකකුත් පත්තු කරගන්න ගමන්..

මේ හුජ්ජ කොල්ලන්ට බෑ බං අපි එක්ක හැරෙන්නවත්.. හහ්!” ඒක නම් කිව්වේ මූසිල දිහා බලාගෙන..

හරි හරි උඹ වාඩි වෙයන් දැන්..“
"මූසිල මල්ලී.."
දැන් උඹ ගහපන්..”

මූසිල තමන්ගේ සෙට් එක ගැහුවා.

දැන් ඔන්න ප්‍රතිපල දෙන වෙලාව..

හරි” රාජා අයියා කිව්වේ තීරණයක් ගත්ත ස්වරූපයක් මූනට ආරුඩ කරගෙන..

මම දැන් දෙන්නම සෙල්ලම් කරනවා දැක්ක නේ.. මම තීරණයක් අරන් ඉවරයි..”

හරි මම තමයි !” ගුත්තිල ගුලි තුනේ බලෙන් දිනපු එක ගැන හිතලා සතුටු වුනා.. නක්කියට මූසිලට පොඩි ටටා පාරකුත් දැම්මා.. කින්ඩි හිනාවකුත් එක්ක..

ගුත්තිල” රාජා අයියා කතා කළා

හෙහ් හෙහ් මම දැනගත්තා බං මම දැනගත්තා මේ පොඩි කැ...”
සොරි මචං..”

මොකා.. මොකා ???”

සොරි බං.. පොඩි එකාට චාන්ස් එක දෙන්න වෙනවා බං...”

ඌ සුපිරියට ගැහුවා බං.. උඹ හෙන ඕෆ් නේ බන් ගහන්නේ.. මික්ස් කරපුවා ඔක්කොම කොත්තු වගේ වැදුනේ කිසිම ස්මූත් ගතියක් නෑ නේ..”

ස්මූත් නැත්තේ කොහෙද යකෝ.. මම කොච්චර සුපිරියට ගැහුවද .. “

ඇයි උඹත් නටාගෙන ආවේ රාජා අන්තිම ටිකේ???”

මම?? මම කොහෙද බන් නැටුවේ.. උඹට පිස්සු ද ???”

මොකෝ බන් නැත්තේ.. ඇයි යකෝ මේ වටේ හිටපු කෙල්ලෝ ටිකත් නැටුවේ පුකවල් වන වන පිස්සුවෙන් වගේ.. උඹ දැක්කේ නැද්ද???”

කෙල්ලෝ?? මොන කෙල්ලෝ ද බං ! යකෝ දැන් දවල් දොළහයි වෙලාව උඹට මතක නැද්ද ?? මමයි උඹයි මූසිලයි විතරයි බං ඉන්නේ ක්ලබ් එක ඇතුලේ !”
පොඩ්ඩක් වට පිට බලහන්...”

ගුත්තිල වට පිට බැලුවා.. ඇත්තටම තමනුත් රාජා අයියත් මූසිලත් ඇරුණු කොට මුළු ක්ලබ් එකේම කව්රුත් නෑ..
...............................................................................

ඒ මචං නැවතියන් බං.. උඹට ඕනේ නම් සතියේ දවස් වල රෑට උඹ ගහපං සිකුරාදා සෙනසුරාදා මූසිල..”
ගුත්තිල අයියේ පොඩ්ඩක් හිටහන් බං....”
දඩස්!!”

දොර වහගෙන මූසිල ක්ලබ් එකෙන් එලියට ආවා.

කැරි දෙයියා”
ගුත්තිල සිගරට් එකක් පත්තු කරගත්තා.

අම්මේ..”
මට රෑ කෑම තියන්න එපා..”
ගුත්තිල බීච් එක දිහාට ඇවිදගෙන යන්න පටන් ගත්තා.. හෙමිහිට...

...............................................................................................

බීච් එකේ කොටයක් උඩ වාඩි වෙලා බියර් එකක් බොන ගමන් ගුත්තිල කල්පනා කලේ තමන් දෙයියා දීපු ස්ටැම්ප්, පිල්, ගංජා වල මතට නතු වෙලා තමන් හෙන සිරාවට සෙල්ලම් කළා කියලා හිතේ මවාගත්ත එක ගැන. මෙච්චර කල් තමන්ගේ සින්දු වලට නටපු මිනිස්සු ගැනත් දැන් ගුත්තිලට සැකයි..
කොහොමහරි , ඕවා අපිට වැඩක් නෑ.. අපි ගුත්තිලට පාඩුවේ කල්පනා කරන්න දීලා ටිකක් අහකට යමු.. මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ දේවල් දෙකයි.

එක : කවදාවත් මත්වෙලා කරන කළා නිර්මාණ ගැන ඕනෑවට වැඩිය සතුටු වෙන්න එපා
දෙක : තමන්ගේ ගෝලයන්ගේ දියුණුවට ඉරිසියා කරන කැරියෙක් වෙන්න එපා !

ගුත්තිලත් අපි වගේම බීච් එකේ ඉඳගෙන ඕවා කල්පනා කර කර ඉන්නකොට ඈතින් සද්දයක් ඇහෙනවා..

බයිට් පැකට් එකක්... වතුර බෝතලයක්..”

අඩෝව්.................................. දෙයියා !”

හුකනවා දාලා !”

"බොසා මේ අහන්නකො පොඩ්ඩක්..."

- නිමි -