Friday, August 7, 2015

වන්දනාව

දඹදිව වන්දනාවේ ගිය රාණි නැන්දා...
Duty Free එකෙන්..
පුතාට Whiskey බෝතල් 
තුනක්ම ගෙනල්ලා..


Thursday, August 6, 2015

Smoking Kills

නවත්තන්නට 
හිතන්න හිතන්න
තව තවත්
ඕනේ වෙන

දුම් වැටියක්
සිතේ පිච්චෙන...




Wednesday, August 5, 2015

Tuesday, August 4, 2015

මදුරු කොයිල්

හුරුබුහුටියට 
උසට උසේ
දැල්වුනත් දස අත සුවඳ දිදී
මල් සුවඳ හමන හඳුන්කූරු

පන්නලා මැසි මදුරුවෝ
අපිව නිදිකරවන්නේ සැපට
කැතට කැතේ කැරකුනු
කර්කෂව පිච්චෙන
ගඳ ගහන
මදුරු කොයිල්..



Wednesday, July 29, 2015

What "LIES" within

අවුරුදු උත්සවේ තෑගි ගන්න 
පොඩි එකා බොරු කියයි

වැඩි වැඩියෙන් බලේ ගන්න
ඇමතියා බොරු කියයි
....
දරුවන්ගේ කුස ගිනි නිවන්න
හිඟන්නා බොරු කියයි
....

මේ ඔක්කොම බොරු වල බර එක සමානද?

White Lies , Black Lies , All Lies..

Everything
is
a
LIE!



Saturday, June 20, 2015

ආදරණීය වස්සානේ නොදුටු පැත්ත

Credit Card එකක් ගෙදරම ඩිලිවර් කරගත්තෙමි
....



යන්තම් ඇති කර වෙලා කර වෙලා හිටපු අපට 
ටිකක් cool වෙන්න වහිනවා මල් වැස්සක්

තව්වේ අමාරුවට apply කල ණය-වර පත
ආදරයෙන් ගෙදරටම ගෙනල්ල දෙනකන්
වැහි බර සැන්දෑවක ගෙදර පිළිකන්නට වෙලා
හිටියා මග බලා rider එන තුරා

"පට්ට වැස්සක් නේ තියෙන්නේ මහත්තයා"
කියාගෙනම රෝද දෙකේ අස්පයා පිට 
නැගුණු කලියුගේ delivery නයිටුවා
මෙන්න ඇවිත් මගේ buying power වැඩි කරන්..

"හොඳයි නේද අයියා මේ වහින එක?
එහෙන් කනින් දාන දාඩිය යන්නත් එක්ක
මට නම් එපා වෙලා හිටියේ පායන කාලේ
දැන් නම් බුදියත හැකි එකෙන්ම ආයේ.."

"වැස්ස හොඳයි ???

..දවස් හතරකින් මට දැන් වැඩක් නෑ..
මේ වැස්සක් නිසා මට card බෙදන්නත් නෑ
ගෙවන්නේ මට බෙදන card ගණනටයි,
දවස් හතරකින් මට දැන් පඩිත් නෑ!"

කැරි වැස්ස!



Tuesday, June 16, 2015

කැරකිලා බනිස්


මාගේ ජීවිතය මැද ජෑම් ඇති කැරකිලා බනිස් එකක් වැනිය..
එහි අග ඇත්තේ මෙලෝ රහක් නැති මා දැන් ගෙවන කාලකන්ණි ජීවිතයයි..
කැරකිලා කැරකිලා මුලට ගිය විට,
එහි මුල ඉන්නේ..
ඇයයි