Sunday, February 28, 2016

බ්‍රෙෂියර් විසිකරන අක්කලා අතර කැෂියර් නංගිලා

මාළුයි කිරිපිටියි අඩුවට 'ඔෆර්' ඇති නිසා  
පොෂ් මදි වුනත් 'සුපිරි' මාර්කට් එකට ගියා
ලොකු ලොකු නෝනලා මහතැන් කරත්ත පුරවන් 
උන් අතරේ ගඳගහන මාළු අරන් මම පෝලිමේ 

AC දාල සුපිරියටම දාඩියත් නැතේ ,
හීනියට ඇහෙයි කඩ්ඩ සිංදුවකුත් 
"රුපියල් පහක් ඉතුරුයි සර් මාළු ටිකට"
මේක් අප් තට්ටු වලට යටවූ කැෂියර් නංගි 

ඉතුරු සල්ලි දෙන්නට සොයන්න මාරු කාසි 
යෙහෙන් වැජබෙන මහ බලගතු කෑෂ් රෙජිස්ටරේ 
පහලම තට්ටුව එලියට ඇද්ද විට 
සුසුමක් පිට වුණා කැෂියර් නංගි වෙතින් 
සීතල AC හුළඟට කලවම් වී 

ඉරිදා පත්තරේ මංගල දැන්වීම් පිටුවෙන් 
පිළිවෙලකට ඔතලා ආදරයෙන් 
"දවල්" කියා පොල් ගෙඩි අකුරෙන් ලියූ 
අම්ම දීපු බත් ගෙඩිය තාමත් එතන..

සුපිරි සීතල AC දාඩියත් නෑ අපිට නම් 
මේක් අප් දිය වෙනවා දුටිමි කැෂියර් නංගිගේ දෑස් අග

Tuesday, February 23, 2016

හන්දිය හතරමන් අතර මං අතරමන්

හතරමන් හන්දියේ 
වාහන එක පෝලිමට
චක් චක් 
චක් චක් සද්දෙට 
සිග්නල් දමාගෙන 
වමට දකුණට 

කොහේ යන්නද කියා 
නොදැන හිරවී ට්‍රැෆික් එකට
ඉන්නවට වඩා සැපයි 
පාර අයිනෙන් නවත්තාගෙන
දුමක් අදින එක 
හසාර්ඩ් දමාගෙන 
චක් චක්
චක් චක්