අද ( 2017 දෙසැම්බර් 13) උල්කාපාත වරුසාවක් තියෙනවා කියල ෆේස්බුකයා මතක් කරපු මේ පෝස්ට් එක දැකලා මට මතක් වුණා පැරණි මතකයක්.
1998 අවුරුද්දේ අපි පහ වසරේ ඉද්දී පැහැදිලිව නරඹන්න පුළුවන් විචිත්‍රවත් උල්කාපාත වරුසාවක් ඇති වුණා, ඉස්කෝලේ ටීචර් ද කොහෙද අපිට කිව්වා මේක ගැන පන්තියේදී. මටත් ඉතින් පොඩි කාලේ හෙන පුකේ අමාරුවක් තිබුණා ඔය තරු සීන් එක ගැන, ඒක නිසා මම එදා ඉස්කෝලේ ඇරිච්ච ගමන් ගෙදර දුවගෙන ගිහින් තාත්තට කිව්වා මේක ගැන.
"තාත්තේ තාත්තේ , හෙට පාන්දර උල්කාපාත වරුෂාවක් තියෙනවලු , උදේ 2ට 3ට විතර.. තාත්තා එනවද බලන්න?"
"ඔච්චර උදේ ඇහැරෙන්න මට බෑ , ඔයා ඇහැරිලා බලන්න!" තාත්තා මට කිව්වා.
මමත් ඉතින් කලින්ම කාල බීලා පාන්දර 2ටද කොහෙද එලාර්ම් එක තියාගෙන ඇහැරුණා. ඇහැරිලා කාමරේ ජනේලෙන් එලිය බල බල හිටියා වරුසාව පෙනෙයිද කියලා.. මොකෝ තනියම එලියට යන්න බයයි නේ කළුවරේ ! කොහොමහරි ටිකක් වෙලා බල බල හිටියා ජනේලෙන් , ම්හු.. කිසි දෙයක් හරියට පෙනුණේ නෑ..වැඩේ එපා වෙලා ආයෙත් බුදියගන්නව ද කියල හිත හිත ඉන්නකොටම , මගේ කාමරේ දොර ඇරගෙන තාත්තා ආවා ඇතුලට !
"මොකද ඔය කරන්නේ?"
"මම මේ උල්කාපාත වරුසාව බලනවා"
"කෝ පේනවද?"
"නෑ නේ තාත්තේ මුකුත් පෙන්නේ නෑ හරියට..."
"ඔහොම ඇතුලේ ඉඳන් බලල හරියන්නේ නෑ කොල්ලෝ, යමු එලියට!"
"මම මේ උල්කාපාත වරුසාව බලනවා"
"කෝ පේනවද?"
"නෑ නේ තාත්තේ මුකුත් පෙන්නේ නෑ හරියට..."
"ඔහොම ඇතුලේ ඉඳන් බලල හරියන්නේ නෑ කොල්ලෝ, යමු එලියට!"
තාත්තයි මායි පුටු දෙකක් අරගෙන එලියට ගිහින් වාඩි වුණා.. දැන් මට හරි සතුටයි , මොකෝ තාත්තා ළඟ ඉන්නවනේ ! හැබැයි ඉතින් ඒ සතුට ආයෙත් ටික ටික අඩු වුණේ එහෙම බලන් හිටියත් මුකුත් පේන්න පටන් ගත්තේ නැතිකොට.. අපි දෙන්න එලියට වෙලා හතර අතේ උඩ බල බල පැය භාගයක් විතර ඉන්න ඇති. ම්හු.. මුකුත් නෑ..
ඔහොම ටික වෙලාවක් ඉන්නකොට අපේ සීයා අපිව දැකල එතනට ආවා.. සීයා සාමාන්‍යයෙන් උදේ පාන්දරම ඇහැරෙනවා.. ඇහැරුණු ගමන් එයා කරන්නේ රේඩියෝ එක අහන එක..
"මොකෝ මේ කරන්නේ දෙන්නත් එක්ක?"
"අපි මේ උල්කාපාත වරුසාව බලනවා" ඒ තාත්තා
"කෝ පේනවද?"
"තාම නම් මුකුත් නෑ වගේ" තාත්තා පත්තු කරන හිටපු සිගරට් එක විසි කරන ගමන් කිව්වා
"රේඩියෝ එකෙත් කියනවා මේක ගැන , මම අහ අහ හිටියේ.." සීයා කිව්වා
"අපි මේ උල්කාපාත වරුසාව බලනවා" ඒ තාත්තා
"කෝ පේනවද?"
"තාම නම් මුකුත් නෑ වගේ" තාත්තා පත්තු කරන හිටපු සිගරට් එක විසි කරන ගමන් කිව්වා
"රේඩියෝ එකෙත් කියනවා මේක ගැන , මම අහ අහ හිටියේ.." සීයා කිව්වා
"ආහ් , තාත්තටත් පුටුවක් ගෙනත් දෙන්නද?" තාත්තා ඇහුවා
"හ්ම්ම්" සීයා කිව්වා
"හ්ම්ම්" සීයා කිව්වා
අපි තුන් දෙනාම පුටු තියාගෙන අහස දිහා බලන්න පටන් ගත්තා. "රේඩියෝ එකත් ගේමු" තාත්තා සීයාගේ කාමරේට ගිහින් රේඩියෝව ගෙනත් අපිට ඇහෙන මානයේ සෙට් කළා. අපි තුන් දෙනාම දැන් රේඩියෝ එකේ විස්තර විචාරය අහ අහ කඩන් වැටෙන උල්කාපාත හොයනවා.."උතුරු අහස බලන්න.. අර කොන බලන්න.. මේ කොන බලන්න" කිය කියා රේඩියෝ එකේ කියනවා.
ටිකෙන් ටික කඩාගෙන වැටෙන උල්කාපාත බින්දු එකෙන් එක පේන්න පටන් ගත්තා..
"අන්න අර අතන එකක් වැටෙනවා , අර ගහ උඩින් බලන්න.." තාත්තා මට මගහැරුණු සමහර ඒවා පෙන්නුවා..
"දැකපු උල්කාපාත ගාණ ගණන් කරගන්න, එතකොට හෙට ඉස්කෝලේ ගිහින් ඔයාට යාළුවන්ට කියන්න පුළුවන්නේ මෙච්චර දැක්කා කියලා.." තාත්තා එහෙම කියනකොට එයාගේ මූණේ හිනාවකුත් ඇදුනද මන්ද !
මමත් ඉතින් හෙන ගැම්මෙන් ගණන් කලේ හෙට ඉස්කෝලේ ගිහින් යාලුවන්ට ලොකු එක දෙන්න පුළුවන් නේ කියන එක හිතේ තියාගෙන.. හැබැයි ටික වෙලාවකින් මට ගාණ වැරදුණා මොකෝ පාන්දර වෙන්න වෙන්න වරුසාවක් වගේ උල්කාපාත සිය ගණනක් අහසෙන් බිමට වැටෙන්න පටන් ගත්තා!
ඒක හරිම ලස්සන දර්ශනයක්!
********************************
අද වෙනකොට කාමරේ ඇතුලේ ඉඳන්ම රොකට් එකේ නැගල සඳ තරු ඔක්කොම බලන්න හුරු වෙලා ඉන්න නිසාත් , චූ බරක් හැදුනොත් මිසක රෑ වෙලා එලියට නොබහින නිසාත් , මට අහසත් එක්ක තිබ්බ සම්බන්ධතාවය ගොඩක් අඩු වෙලා තියෙන්නේ. අද තියෙන වරුසාවත් මම ගොඩක් වෙලාවට බලන එකක් නෑ. නමුත් උල්කාපාත වරුසාවක් කියපු ගමන්ම මට මතක් වෙන්නේ ඔය සොඳුරු මතකය :)
No comments:
Post a Comment