Wednesday, December 2, 2015

Blind Faith

තඩි බඩ සුදු සරමට හැකිලෙන
කඩුව semi automatic ද ?

සල්ලි මිටි කටින් ඩැහැගෙන
කළු කෝට් කපුටන් පියාඹයි
සුදු පාට බෙටි තලි
උඹේ ඔලුවට දාගෙන

පට්ට වයිරෙන් අඹරන්න
දෙවියොත් බලන්නැති දෙවොලට ගිහින්
කිරා දීපන් මට හොඳවයින්
ඇස් පොට්ට උඹේ තරාදියෙන්
රත්තරන් වටින
අමු මිරිස් කිලෝ එකක්