Wednesday, January 22, 2020

ආදරණීය දෙබස්

රජ කාලේ ආදරණීය දෙබසක්.. කුමරිය සහ ඇගේ අතගැනීමට ස්වයංවරයෙන් ජයගත් කුමරා , කුමරියගේ මාලිගයේ සැන්දෑ සමයේ කතා බහක්..

"ආදරණීය කුමරුනි .."

"මා ප්‍රිය කුමරියනි.. පවසනු මැනව සොඳුර.."

"කුමරුනි , ඔබේ ආදරබර හදවත සැබවින්ම උතුම්.. එය හරියට සුදු සඳ මඬලක් වාගේ කුමරුනි.."

"නැත කුමරියනි , ඔබ කීවා වැරදි .. මගේ හදවත සඳක් වගේ නොවෙයි.. එය හරියට.. එය හරියට නිකන්.... මේ ..."

"කුමක් වාගේ ද මා සොඳුරු කුමරුවනි ??"

"මගේ හදවත සඳක් වාගේ නොවේ.. මගේ හදවත 'පුකක්' වැනිය සොඳුරිය ! "

"මොනවා.... අනේ ඇයි කුමරුනි ඔබ එසේ පවසන්නේ ?? මා ඔබේ හදවත සඳ මඩලකට සමාන කල විට , ඔබ එය පසෙකලා ඔබේ හදවත 'පුක'කට සමාන කලේ මන්ද ??"

" මක් නිසාද යත් , මගේ හදවත මගේ 'පුක' මෙන්ම මැද්දෙන් පැලී ඇති බැවිනි සොඳුරිය.. "

මෙය අසත්ම අනුකම්පා උපදවන කුමරිය , කුමාරයා සිය තුරුලට ගනී..

"දුක් නොවනු මැනව කුමරුනි , මා ඔබේ බිඳුණු හද සුවපත් කරමි.."

" ඒ කෙසේද සොඳුරිය ???? "

විශ්මයට පත් ඔහු ඇගේ මුහුණ දෙස බලාගෙන අසයි..

" ඔබේ ඉරුණු 'පුක' නමැති හදවත , මම මගේ ආදරයේ නූලෙන් මසා ලන්නෙමි සොඳුර ! "

කුමාරයා ගේ මුහුණට සිනාවක් නැගේ.. කුමරිය ද ආදරයෙන් සිනාසේ .. තිරය සෙමින් වැසේ..

#පුකමසාගත්කුමාරයාගේකතාව #ලවුඉස්ටෝරිගැබාඉස්ටයිල් #පුකතමා



Monday, January 20, 2020

The Last Black Panther

වඳවී ඇතැයි සැලකුණු කළු කොටියා නැවතත් මතුවෙයි - පුවතක්

මෙහෙම වෙන්න බැරිද , ලංකාවේ ඔන්න කළු කොටි වඳ වෙලා අන්තිම කළු කොටි පවුල ජීවත් වෙන්නේ කැලේක. මේ පවුලේ ඉන්නේ කළු කොටි අම්මයි , තාත්තයි , පොඩි කෙල්ල කොටියයි කොල්ලා කොටියයි. මේ ගොල්ලෝ ගොඩක් අමාරුවෙන් ජීවත් වෙන්නේ , කන්න කෑමත් නෑ. හරි අමාරුවෙන් තමයි කොටි තාත්තා මේ පවුලට කෑම සොයාගෙන එන්නේ. එක දවසක් කන්න මුකුත්ම නැතුව මුළු දවසක්ම කොටි තාත්තා හාමතේ රවුම් ගහනවා .. මුළු කැලේ පුරාම ඇවිද්දත් කන්න දෙයක් හොයාගන්න බැරි වෙනවා.. අන්තිමට කොටි තාත්තා මිනිස්සු ඉන්න ගමට ගිහිං කඩමණ්ඩියට වෙලා අඩ අඩ ඉන්නවා.. කෑම නැති දුකට.. මේක දකිනවා කඩමණ්ඩියේ දොර අයිනේ කොත්තු කඩයක් කරන නානාට.. ඉතින් නානට දුක හිතිලා එයා කඩේ හදන බීෆ් කොත්තු පාර්සලයක් දෙනවා අර කොටි තාත්තට , ගෙදර ගිහිං කන්න කියලා.. කොටි තාත්තත් නානට පින් දීලා බීෆ් කොත්තුව අරන් ගෙදර දුවලා යනවා , පවුලට කන්න දෙන්න.. හැබැයි කැරි සිද්දිය කියන්නේ නානා වැරදිලා කොටියට දෙන්නේ සිංහල එවුන්ට කන්න දෙන්න ගෙනාපු වඳ බෙහෙත් දාපු කොත්තු වලින් පාර්සලයක්.. අනේ ඉතින් මේ මුකුත් නොදන්නා කොටි තාත්තා අර පාර්සලේ අරන් ගිහිං ගෙදර ගෑනියි දරු මල්ලෝයි එක්ක කනවා... ( හද පාරවන මියුසික් එකක් වාදනය වේ )

හැබැයි කොටි පුතා මේ කොත්තුව කන්නේ නෑ , මොකද ඌ වෙජිටේරියන්.. ඒක නිසා කොටි පුතා මේ කොත්තුවෙන් ආරක්ෂා වෙනවා.. හැබැයි කොටි තාත්තා බීෆ් කොත්තුව කාලා වඳ වෙලා යනවා.. ඊට පස්සේ ඌ කොච්චර කොටි දෙනට ඩිෂ්ඩිඩිඩින් කලත් ඒකිට අලුතෙන් ළමයි හම්බවෙන්නේ නෑ..

මේ හේතුව නිසා වඳ මිනිහෙක් එක්ක ඉන්න බෑ කියලා කළු කොටි දෙන කොටි තාත්තා එක්ක තරහා වෙලා දුවවත් අරන් ගෙදරින් එලියට බහිනවා.. කැලෑ බලලෙක්ට කියලා හරි ඇනෝගන්නවා කියලා.. මේ යන අතරේ මේ කොටි අම්මයි දුවයි අහු වෙනවා දුෂ්ට දඩයම් කාරයෝ සෙට් එකකට.. උන් කොටි අම්මව මරලා දුවව අල්ලන් යනවා හාමුදුරු... සොරි මේ සුද්දෙක්ට විකුණන්න.. ඒ යන අතරේ පොලිසියෙන් පැනලා මේ ගොල්ලන්ව වටලලා කොටි දුව බේරාගන්නවා.. බේරාගෙන දෙහිවල සත්තු වත්තට බාර දෙනවා..

ඔය අතරේ ගෑනිත් දාලා ගිය නිසා කැලේ ඉන්න කොටි තාත්තා ඉන්නේ හෙන හිතේ අමාරුවෙන්. පොර උගුඩුවෙක් ගෙන් ඉල්ලගෙන නිතර නිතර රා බොන්නත් පුරුදු වෙනවා.. අන්තිමට බීලම කොටි තාත්තා මැරිලා යනවා සිරෝසිස් හැදිලා..

මැරෙන මොහොතෙත් කොටි තාත්තා පුතාට කියන්නේ ..

"පුතා.. මාර සීන් එක පුතා.. නගින්නේ නෑ .. පුතා.." කියලා . ඒක තමයි මිනිහගේ අවසාන වචන ස්වල්පය.

මේ ඔක්කොම හුට පට නිසා කොටි පුතාට කොටි ජීවිතේ එපා වෙනවා.. ඒක නිසා මේ අවසාන කළු කොටි පිරිමි පුතා , ඇඟේ මඩ ගාගෙන නෝමල් කොටියෙක් වගේ කැලේ ජීවත් වෙනවා වෙස් වලාගෙන..

කාලය ඔහොම ගෙවිලා යනවා..

එක දවසක් කොටි පුතා රස්නේ ඉවසගන්න බැරුව නාන්න යනවා.. එතකොට අර මඩ මේකප් එක දියවෙනවා. කරුමෙටම හරියටම මේ වෙලාවටම මෙතනට එනවා වයිල්ඩ් ලයිෆ් ෆොටෝ ග්‍රැෆර් කෙනෙක්. පොර නාලා ගෙදර යන කළු කොටි පුතාගේ සැබෑ ස්වරූපේ ෆොටෝ ගහනවා.. ෆොටෝ ටික වයිරල් යනවා.."වඳවී ඇතැයි සැලකුණු කළු කොටියා නැවතත් මතුවෙයි" කියලා පුවත් මැවෙනවා.. මේ ආරංචිය කන වැකිච්ච පරිසරවේදියෝ ඇවිත් කොහොමහරි මේ කළු කොටි පුතාව අල්ලගන්නවා..

මොකෝ ඌ නේ ලංකාවේ අන්තිම කළු කොටි පිරිමි සතා.. ඒක නිසා ඌව අල්ලගන්නවා දෙහිවල ඉන්න ලංකාවේ අන්තිම කළු කොටි ගෑණු සතා එක්ක ඩිෂ්ඩිඩිඩින් කරවලා පැටව් හදවන්න ( චීයා ඉන්සෙස්ට් )

කොටි පුතාව අල්ලගත්ත දවසේ පරිසරවේදී කෑම්ප් එකේ ලොකු පාටියක් .. ලංකාවේ අන්තිම කළු කොටි පිරිමියා අල්ලගත්ත එකේ සතුට සමරන්න.. සතුට සමරන්න පරිසරවේදියෝ ගල් බෝතල් ටිකක් ගේනවා.. බයිට් එකට අසල ගමේ කඩමණ්ඩියට ගිහිං හන්දියේ නානාගේ කඩෙන් කොත්තු ටිකකුත් ගේනවා.. කොත්තු ගේන්න යන්නේ පරිසරවේදී සෙට් එකේ ඉන්ටර්න් කොල්ලෙක් වෙච්ච ශ්‍රීමාල් කොල්ලා.. කොත්තු ඕඩර් එක දානකොට කඩේ හිටපු නානා තමන් දිහා හොඳට බලලා "මාතියගේ නම මුකද්ද?" කියලා ඇහුවම "ශ්‍රීමාල්" කියලා උත්තර දීපු ශ්‍රීමාල්ට එච්චර මීටරයක් යන්නේ නෑ ඇයි මෙයා මේ නම අහන්නේ කියලා..

කොත්තු ටික අරගෙන ශ්‍රීමාල් ආයෙත් කෑම්ප් එකට එනවා.. පාටිය නැගලා යනවා.. එකෙක් හොඳටම බීලා වැඩි වෙලා ගිහිං කොත්තු පාර්සලයක් අරන් කොටි පුතාගේ කූඩුවට විසික් කරනවා..

"මේක චිකන් ද ??" කොටි පුතා අහනවා..

"නෑ බිත්තර කොත්තුවක්" කියලා කොත්තුව විසික් කරපු පරිසර වේදියා උත්තර දෙන්නේ තමන්ට කොච්චර බඩුද කියනවනම් කොටියත් කතා කරනවා වගේ පෙනුනනේ කියලා පුදුම වෙමින්..

බඩගින්නේ ඉන්න කොටි පුතා බිත්තර කොත්තුව දිග අරගෙන කනවා.. ඌ වෙජිටේරියන් වුණාට බිත්තර කනවා ඉතින්...

කොත්තුව කාලා බඩ පුරෝගන්න කොටි පුතා කූඩුවට වෙලා සැපට නිදාගන්නවා.. ඒත් එදා රෑ ඔහුට එක භයානක හීනයක් පේනවා..

ඒ තමයි මැරිච්ච තාත්තා හීනෙන් ඇවිත් මෙහෙම කියනවා පේනවා..

"පුතා.. මාර සීන් එක පුතා.. නගින්නේ නෑ .. පුතා.."

කතාව ඉවරයි !

( මේක වැඩ දාලා ලියන්න කම්මැලියි )


Wednesday, January 15, 2020

බබාට නමක්

බිරිඳ සමග ඇගේ නිවසට අලුතින් ගෙනා සුරතල් සුනඛයා ගැන පිළිසඳරක්

බිරිද : බල්ලට අපේ නංගි නම දාන්න යන්නේ "මීෂ්කා" කියලා ( රුසියානු බසින් වලසා යන තේරුම දෙයි )

මම : ආ එහෙමද..

බිරිද : ඔව් ඒත් ඌ අපේ අම්මට වද දෙන නිසා අපේ අම්මා කිව්වා උට "අම්-කා" කියල නම දාමු කියල..

මම : ආ එහෙමද..

බිරිද : ඔව් ඒත් දැන් ඌ ගෙදර හැමෝවම හපා කනවලු , ඒක නිසා මම කිව්වා උට "හැම්-කා" කියල නම දාමු කියල 😃

මම : අපරාදේ ඌ හුඟා...ක් පාන් කන්න ආස වුනා නම් අපිට උට නම දාන්න තිබ්බා "හු-කා-පාන්" කියල !

බිරිද : %$#@*&^$#@!

#අවාසනාවටඇත්තකතාවක්
#බබාටනමක්ඕනේනම්ගැබාටකතාකරන්න




Monday, January 13, 2020

රජයේ කන්තෝරුවකින් වැඩක් කරගැනීම

අයිඩී කාර්ඩ් එක පොට්ට පාට වී මැකී ගියේ අනාදිමත් කාලයකට පෙර නිසාත් , පාස්පෝර්ට් එකත් ඩ්‍රයිවින් ලයිසමත් දෙකම එක වර කල් ඉකුත් වීම නිසාත්, මා මේ රටේ ජීවත් වෙනවා යයි කීමට කිසිදු ලිඛිත සාක්ෂියක් නොමැති citizen X කෙනෙකු වීමට නියමිත වූ බැවින් මට පාස්පෝර්ට් එකත් , පාස්පෝර්ට් එක හදාගැනීමට අයිඩී එක අවශ්‍ය නිසා අයිඩී එකත් , තව දුරටත් තාත්තාට හෝ නංගීට කන්නලව් කර ලිෆ්ට් ඉල්ලා ගැනීමට බැරි නිසා ඩ්‍රයිවින් ලයිසමත් යන තුනම , එක වර සාදා ගැනීමට අවශ්‍ය වීමේ මහාපල මහානිසංස දෙන පාපකරුමයට නොබෝදා කර ගැසීමට මට සිදු වුනා . එම කාර්ය මේ පෝස්ට් එකේ පලවෙනි වාක්‍ය වගේ ඉතා දිගු වූ , කැත , මෙලෝ රහක් නැති ක්‍රියාවලියක් වූ බව ශ්‍රී ලාංකික ඔබට අමුතුවෙන් කිව යුතු නෑ. "රජයේ කන්තෝරුවකින් වැඩක් කර ගන්නවාට වඩා සැපයි කොහු බ්‍රෂ් එකකින් දත් මදින එක" වැනි කතා අපිට නිතර දෙවේලේ සමාජයෙන් ඇහෙන්නේ ඒ නිසායි. නමුත් මේ කාලකන්ණි ක්‍රියාවලිය තුල රස්තියාදු වී මේ ටිකේ මම ඉගෙන ගත්තු දේවල් ටිකක් තියෙනවා. ඒ ටික මෙතන කියන්නම් කාට හරි ප්‍රයෝජනවත් වෙයි යයි හිතලා..

- ඇයි මෙච්චර කට්ට ?
රාජ්‍ය යාන්ත්‍රණය මෙච්චර චොර වෙන්න හේතු ගොඩක් ඇති. ඒ අතර අපිට මුකුත් කරගන්න බැරි "දූෂණය" වගේ සාධකත් ගොඩක් තැන් වල තියෙනවා. හැබැයි රජයේ තැනකින් වැඩක් කරගන්න ගියාම අපිට අත දාන්න පුළුවන් තැන් දෙකක් තියෙනවා. ඒ තමයි "තොරතුරු" ( information ) සහ "ක්‍රියාවලිය" (process ) එක.

සීයට සීයක්ම අපිට මේ දෙක පාලනය කරන්න බෑ ඒක හරි , විශේෂයෙන්ම process එක. හැබැයි සෙල්ලම කොහොමද යන්නේ කියලා ඔබට තේරුම් ගන්න පුළුවන් නම් , ඔබට වඩා හොඳින් ඒක සෙල්ලම් කරන්න පුළුවන් වෙයි. මේක හරියට කාර්ඩ් ක්‍රීඩාවක් ගහනවා වගේ හිතන්න.

- තොරතුරු ( information )
රජයේ කන්තෝරු වල වැඩ මෙච්චර චෝර වෙන්න හේතුවක් තමයි මේ තොරතුරු නැත්තම් information හරියට කළමනාකරණය නොවීම. ඔබ රජයේ කන්තොරුවටක ගිහිං විනාඩි පහක් බලන් හිටියොත් , ඔබට මීටර් වෙයි හරියට අවශ්‍ය ඩොකියුමන්ට්ස් නැති නිසා මිනිස්සු කීයක් ආපහු හැරිලා යනවද කියලා. ඇත්තටම මේ ප්‍රශ්නේ රජයේ විතරක් නෙමෙයි , ලංකාව පුරාවටම තියෙන ප්‍රශ්නයක්. මහා ලොකුවට ඉස්කෝල වල IT ඉගැන්නුවට වැඩක් නෑ අපේ මිනිස්සුන්ට හරියට තොරතුරු සන්නිවේදනය කරගන්න , තව මිනිහෙක්ට ඒ තොරතුරු කියාගන්න තේරෙන්නේ නැත්තම්. පාරක් ඇහුවත් "එහෙක්ට ගිහිං , මෙහෙක්ට හැරෙන්න" "මේ පාරේ ගොඩා..ක් දුර යනකොට වමට පාරක් තියෙනවා" වගේ මග සලකුණු කියන එවුන් එක්ක ඉතින් ආයේ තව මොන කතාද 😋

මේ තොරතුරු දුර්කළමනාකරණයේ පැති දෙකක් තියෙනවා.

1. මිනිස්සු
මිනිස්සු විදියට අපි දැනගන්න ඕනේ අපි තැනකට වැඩක් කරගන්න යද්දී , ඒ වැඩේ කරගන්න ටක්කෙටම ඕනේ දේවල් සියල්ල සූදානම් කරගෙන යන්න. අපි අවශ්‍ය දේවල් හරියට අරගෙන නොගියොත් අපි අමාරුවෙන් නිවාඩුවක් දාගෙන වෙලාව නාස්ති කරගෙන ගිය ගමන තේරුමක් නැති වෙනවා.

කොහොමද මේ තොරතුරු දැනගන්නේ?
අදාළ රාජ්‍ය ආයතනයේ වෙබ් අඩවිය පරීක්ෂා කිරීම හොඳ පියවරක්. ගොඩක් වෙලාවට ඔබ පුරවාගෙන එන්න ඕනේ පෝරම එහෙම ඔවුන්ගේ වෙබ් අඩවි වල තියෙනවා. එතකොට ඔබට පුළුවන් ඒවා ගෙදරින්ම පුරෝගෙන , අවශ්‍ය ලියකියවිලි අරගෙන ඇවිත් ඉක්මනට වැඩේ කරගන්න.

හැබැයි පුතෝ , මේ වෙබ් අඩවි වල තියෙන විස්තර හැම තිස්සෙම විශ්වාස කරන්න බෑ! අන්න එතනින් තමයි අපි මේ අවුලේ දෙවෙනි පාර්ශවයට යන්නේ

2. රාජ්‍ය අංශ
රාජ්‍ය අංශවල වෙබ් අඩවි ගොඩක් වෙලාවට අප්ඩේට් නෑ. තියෙන්නේ පරණ තොරතුරු. මමත් එක සයිට් එකකින් බලාගෙන පෝරමයක් පුරෝගෙන ගියා , ගියාම මුන් කියපු දැන් තියෙන්නේ අලුත් එකක් ලු. ඔය වගේ ලබ්බේ වැඩ නම් රාජ්‍ය අංශයේ සුලභයි. ඒ තියා අපි රජයේ කන්තෝරුවකට ගිහිං තොරතුරක් ඇහුවොත් අපිට ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ අසම්පූර්ණ හෝ ගොබ්බ උපදෙසක් ( හැබැයි මම කිව්වා වෙග් ඕක ලංකාවේම අවුලක් , පාර කියනවා වගේ තමයි ).

මේ තොරතුරු හරියට හුවමාරු නොවීම නිසා මිනිස්සුන්ගෙත් රාජ්‍ය අංශයේත් දෙකේම කාලය ගොඩක් නාස්ති වෙනවා. ඉතින් මගේ මතයේ හැටියට නම් මේ කාලකන්නි යාන්ත්‍රණය ගොඩ දාන්න නම් තොරතුරු හුවමාරුව ගැන මොනවා හරි කරන්න වෙනවා වහාම !

- දැන් ඉතින් අපිට මොකද කරන්න පුළුවන් තොරතුරු අවුල ගැන ?
මම කිව්වා නේ මුලින්ම , මම මේ පෝස්ට් එක දාන්නේ ක්‍රමය විවේචනය කරන්න නෙමෙයි මගේ අත්දැකීමෙන් අපිට ගේම ගොඩ දාගන්න පුළුවන් තැන් කියන්න කියලා. ඉතින් මේ තොරතුරු අවුලට මට හම්බ වෙච්ච හොඳම පිළියම තමයි..

1919 රාජ්‍ය තොරතුරු හොට්ලයින් එක !!

මම ගොඩක් කන්තෝරු වලට යන්න කලින් මෙයාලගෙන් කතා කරලා විස්තර අහගෙන ගියේ. ඇත්තටම ප්‍රසංශනීය සේවයක් මෙයාලා මට නම් ලබා දුන්නා. අපි වැඩකට යනකොට අරන් යන්න ඕනේ ඩොකියුමන්ට්ස් මොනවද , ප්‍රොසෙස් එක මොන වගේද වගේ දේවල් ඔවුන් ඉතාම සුහදශීලිව කියල දුන්නා. ඒක නිසා , මම රෙකමන්ඩ් කරනවා ඔබ කොහේ හරි යන්න කලින් 1919 අමතලා විස්තර අහගන්න ලෙසට. 1919ට මල් මිටක් දෙන්න පුළුවන් සෝ ෆාර්.

- ක්‍රියාවලිය ( process )

අපිට ටිකක් හරි ගේමක් ගහන්න පුළුවන් අනිත් තැන තමයි මේ අපේ වැඩේ වෙන ක්‍රියාවලිය තේරුම් ගන්න එක. ඒ කිව්වේ අපේ වැඩේ වෙන්න නම් තැනින් තැනට අපේ ෆයිල් එක යන්නේ කොහොමද , ඒ ඒ වැඩේ කරන්න ඕනේ කව්ද කොහොමද වගේ දේවල් තේරුම් ගන්න එක.

කලින් තොරතුරු පොයින්ට් එකේ වගේම මේකෙත් මිනිස්සු සහ රාජ්‍ය අංශ යන දෙගොල්ලොම වැරදි කරනවා.

ඔබ රජයේ කන්තෝරුවක විනාඩි පහක් හිටියොත් ඔබ දකියි පිස්සෝ වගේ ගේම ඉල්ලන සමහරක් මිනිස්සු. නමුත් ඔවුන් තේරුම් ගන්නේ නෑ මේ වැඩේ වෙන්නේ නැත්තේ මේ ප්‍රොසෙස් එකේ ස්වභාවය නිසා කියලා. ඒ වෙලාවට ගේම ඉල්ලලා වැඩක් නෑ. හැබැයි ගේම ඉල්ලන්න ඕනේ වෙලාවල් තියෙනවා.

සමහර රාජ්‍ය නිලධාරියෝ උදාහරනෙකට , උන්ගේ ජොබ් එක සමහර වෙලාවට මොකක් හරි ලිපි ලේඛනයක් එක තැනකින් අරන් එන එක , හැබැයි උන් ඒක ඒ වෙලාවේ අරන් එන්න කම්මැලිකමට අපිට පස්සේ එන්න කියලා කියනවා. ඔය වගේ වෙලාවට ගේම ඉල්ලුවට කමක් නෑ. හැබැයි එක පාරටම "අම්මට හුක්" කියාගෙන යන්නේ නැතුව ඒ වෙලාවට උන්ගෙන් අහන්න ඕනේ ඉතාම සන්සුන්ව "ඇයි අතනින් මේක ගේන්න බැරි" කියලා. එතකොට පෙළක් විට ඔවුන්ටම තේරෙනවා ඔබ යමක් කමක් දන්නා එකෙක් බව , එතකොට ඔබට යහපත් ප්‍රතිචාරයක් ලැබෙන්න පුළුවන්. එහෙම වුණේ නැත්තම් එතනට අවශ්‍ය පීඩනය යොදවන්න හරි ඔබට එතන වෙන වැඩේ ගැන පොඩි දැනුමක් තිබීම අවශ්‍යයි. පාරක් දෙන්නත් නිලය දැනගන්න එපැයි.

ඒකයි මම කිව්වේ මේ වැඩේ කාර්ඩ් ක්‍රීඩාවක් කියලා හිතන්න , ඔබට ඇඟිලි ගහන්න පුළුවන් තැන් වලදී ඔබ කතා කරන්න , හැබැයි එහෙම කරන්න නම් වෙන වැඩේ තේරුම් ගන්න උත්සහ කරන්න.

ඉතින් ඔය දෙක තමයි මට හිතෙන විදියට මේ ගේමේ ප්‍රධානම පොයින්ට්ස් දෙක අපිට දෙයක් කරන්න පුළුවන්. අනිත් ලොකු ලොකු දේවල් ඉතින් අපේ පාලනයෙන් තොරයි නේ. මේ ඇරෙන්න තව පොඩි දේවල් ටිකක් කියන්නම්.

- පුක දීමයි මනුස්සයෙක් වගේ කතා කිරීමයි වෙනස්
අපි තැනකට වැඩක් කරගන්න ගියාම අපි කතා කරන විදිය අපේ වැඩේ ඉවර වෙන විදිහ ගැන ටිකක් බලපානවා. ඔබ දැකලා ඇති පෙළක් එවුන් හෙන ගේමෙන් මයි කතා කරන්නේ නිලධාරීන්ට, පෙළක් අය පුකමයි දෙන්නේ. මම නම් කියන්නේ අපි කිසි විටකත් කිසිම රජයේ නිලධාරියෙකුට පුක දිය යුතු නෑ. මොකෝ ඔවුන් වගේම අපිත් නම්බුකාර මිනිස්සු. නමුත් අපි දැනගන්න ඕනේ මිනිහෙක්ට නම්බු දීලා කතා කරන්න. මම සාමාන්‍යයෙන් ඕනේ මිනිහෙක්ට "සර්" "මහත්තයා" "මිස්" කියලා කතා කරනවා. හැබැයි පුතෝ අපිට ලොකුව දෙන්න ආවොත් නම් ඒ කටින්ම ධර්ම දේශනාව පටන් ගන්නත් මම පසු බට වෙන්නේ නෑ. ඔබ මනුස්සකමට කෙලින් කතා කරන්න , මෘදු වෙන්න හැබැයි පොන්නයෙක් වෙන්න එපා.

- ගරු කල යුතු අයට ගරු කරන්න
අපි නිතර දෙවේලේ රාජ්‍ය අංශයට බැනුම්මයි දෙන්නේ. නමුත් හැම කන්තෝරුවකම වගේ නිලධාරීන් කොටසක් හරි ඉන්නවා ඉතාමත්ම මහන්සියෙන් අපිට සේවය දෙන්න වැඩ කරන. ඒ වගේ මනුස්සයෙක් අපිට වැඩක් කරලා දුන්නට පස්සේ ඒ මිනිහට කට ඇරලා හිනා වෙලා "තැන්ක් යු සර් / මිස් " කියන එක මගේ නම් පුරුද්දක්. කොල්ලෙක් වගේ නම් පිටට තට්ටුවක් දාලා තැන්ක්ස් මචෝ කියලා කියනවා . කෙල්ලෙක් නම් පිටට තට්ටුවක් දාන්නේ නෑ ආස වුණත් ඉතින් ගුටි කන්න බෑ නේ 😜. 

අමතක කරන්න එපා දවස අන්තිමට වීදුරුවෙන් එහා පැත්තේ ඉන්නෙත් අපි වගේම මිනිහෙක් බව. ගරු කරන්න ඕනේ අයට ගරු කරන එක , ස්තුති කරන එක හොඳ දෙයක් .

ඉතින් ඔන්න ඕක තමයි පහු ගිය ටිකේ කටු කාලා මම ඉගෙන ගත්තේ. කට හරි ප්‍රයෝජනයක් වේ යයි හිතනවා මේ ටික.


Wednesday, January 8, 2020

රහත් වුණත් වැඩක් නෑ දත් මදින්න එපැයි

දත් කියලා කියන්නේ ඒ කාලේ ඉඳලම මට ගොඩක් වද දීපු දෙයක්. පොඩි කාලේ ඉඳලම මට දත් ප්‍රශ්න ගොඩක් තිබ්බා. මගේ දතක් නරක් වුණා මම හෙන පොඩි කාලෙම. ඒ මදිවට මගේ ඉස්සරහ දත් සෙට් එක ඉස්සරහට ඇවිත් තියෙන්නේ. ආයි මගේ දත් පොඩ්ඩක් වත් ලෙවල් නෑ, දෙයියෝ මගේ දත් ටික හිටෝලා තියෙන්නේ වැටිමාර ඉනි හිටෝනවා වගේ මෙලෝ පිළිවෙලක් නැතුව එක එක පැත්තට. මේ නිසා මම පොඩි කාලේ මගේ ගොඩක් සෙනසුරාදා උදේ වරුවල් ගත කලේ ඩෙන්ටිස්ට් පුටුවක් උඩ. ගොඩක් වෙලාවට ඒ අපේ තාත්තාගේ cousin අක්කා කෙනෙක් වෙච්ච "දත් නැන්දා" ගේ ක්ලිනික් එකේ ඩෙන්ටිස්ට් පුටුව උඩ. හැමදාම මොකක් හරි රෙද්දක් එක්කෝ දත් සුද්ධ කරනවා , නැත්තම් පුරෝනවා , එක එක රෙද්දවල්. පොඩි කාලේ මට මේ දත් සෙල්ලම් කොච්චර එපා වුනාද කියනවනම් අදටත් ඔය ඩෙන්ටිස්ට් පුටුවට නග්ගලා , ලයිට් එක මූනට ගහලා , අර භයානක දත් සුද්ද කරන මෝටරේ කැරකෙන සද්දේ ඇහෙනකොටත් මගේ ඇඟ හීතල වෙනවා. මම හිතන්නේ මට සිරාවටම මොකක් හරි ඩෙන්ටිස්ට් ෆෝබියා එකක් තියෙනවා, මම පට්ට බයයි ඩෙන්ටිස්ට් ගාවට යන්න අදටත්. 

මගේ දත් කරුම ඉතිහාසෙන් බිඳක් කියනවනම් මම හය වසරේ විතර ඉද්දි මගේ ඉස්සරහම දතක කෑල්ලක් කැඩුනා. ඒක වුණේ මෙහෙමයි , මම හිතන්නේ පොඩි කාලේ ඔයාලත් මේ සෙල්ලම කරලා ඇති. ඉස්සර ටීවී එකේ ක්‍රිකට් මැච් වල ක්‍රීඩකයෝ පැනලා පෙරලිලා කැච් අල්ලන හැටි බලන් ඉඳලා මමත් හෙන ආසයි ඒ වගේ පෙරලිලා කැච් අල්ලන්න. ඉතින් මම කරන්නේ ගේ ඇතුලෙම බිත්තියකට ටෙනිස් බෝලේ ගහනවා , ගහන්නේ බිම වැදිලා බිත්තියේ වැදෙන්න , එතකොට පොඩ්ඩක් ලූප් වෙලා අපේ පැත්තට බෝලේ එනවනේ. ඊට පස්සේ මම ඉස්සරහට පැනලා ඒක අල්ලනවා , අල්ලලා බිම වැටිලා රෝල් වෙනවා අර මැච් වල කරනවා වගේ. ඉතින් මම දවසක් ඔහොම කර කර ඉද්දී මම අර හැමදාම කියන මගේ ගොන් ක්ලම්සි භාවය අවදි වුනා ( ඒක මට උපතින්ම ආපු එකක් ). මම බිත්තියට බෝලේ ගහලා කැච් එකක් අල්ලලා බිමට ලෑන්ඩ් කලේ මගේ හොම්බ බිමට එන්න , ෆ්‍රෙඩී මර්කරි වගේ දත් ඇන්දත් ලොම්බ කරන් තමයි මම බිමට පත බෑවුනේ. ඉතින් මගේ ඉස්සරහ දත් ඇන්ද කෙලින්ම බිම ඇනුනා "හොක්" ගාලා. (අර අයිස් ඒජ් එකේ ඇටේ පස්සේ දුවන ලේනා වගේ , බලහන්කො ෆොටෝ එක ).


ඒ වැටිච්ච පාර එහෙම්ම මගේ දතේ කොන කඩල ගියා "ටික්" ගාලා. දත මොහොමඩ් වුණා. 

ඊට පස්සේ පට්ටම සීන් එක කියන්නේ තාත්තා මාව පස්සේ දවසක එක්කන් ගියා ඔය දත හදන්න. දතේ කැඩිච්ච හරියට පිරවුමක් දාලා අලුතෙන් කෑල්ලක් හදන්න තමයි ගියේ. මම කිව්වනේ මට ඩෙන්ටිස්ට්  ෆෝබියාව සැරටම තියෙනවා කියලා. ඒ නැතත් මම හෙන ලාමක ටින් ටින් බුවා කොහොමත් , නිකන් තුවාලයක් සුද්ධ කරන්න ගියත් ගෙදර දෙවනත් කරලා මරහඬ දෙනවා මම. ඉතින් ඒ නිසා දත හදන්න ගිහිල්ලා මම බෙරිහන් දුන්නා පළාත දෙවනත් වෙන්න. 

අන්තිමට එච්චර කට්ට කාලා හදාගෙන ආපු දත මම එදාම දවල් ගෙදර ඇවිත් කාලා වතුර එකක් බොන්න ගිහිං වීදුරුවේ දත වැදිලා අර අලුතෙන් දාපු පිරවුම් කෑල්ල කැඩිලා ගියා කියහන්කෝ ! පැය තුන හතරක් වත් තිබ්බේ නෑ අලුත් දත :(. තාත්තට සිද්ධිය කිව්වම එයා කිව්වා "තෝ එතන ගිහිං දත හදනකන් මැරෙන්න හැදුවා , ආයේ නම් යන්නේ නෑ තොට දත් දාන්න" කියලා , ඉතින් ඒ නිසා මගේ ඉස්සරහ දතේ අදටත් කෑල්ලක් මිසිං.

මගේ පලවෙනි දත ගැලෙව්වේ මම අට වසරේ ඉද්දී. සල්ලි ඉතුරු කරගන්න ඕනේ නිසා ඉස්කෝලේ ඩෙන්ටල් එකෙන් තමයි ගැලෙව්වේ. මම ඒ කාලේ ඉස්කෝලේ ඩෙන්ටල් එකට කොච්චර යනවද කියනවනම් ඩෙන්ටල් එකේ ඩොක්ටර් මාව අඳුරනවා නමින් ම. දවසක් ඩෙන්ටල් එකෙන් පන්ති ගානේ ගිහිං දන්ත සෞඛ්‍ය ගැන කියලා දෙන වැඩසටහනකට ඇවිත් ඩොක්ටර් මට "රකිත" කියලා කතා කළා. අපේ පන්තියේ උන් පුදුම වුනා ඩොක්ටර් මගේ නම දන්නේ කොහොමද කියලා , අන්තිමට මාව බයිටුත් වුණා මම ඩොක්ටර් ගේ දුවට ලයින් කියලා වස විලි ලැජ්ජාවයි (ඩොක්ටර්ට දුවෙක් හිටියා තුන වසරේ විතර) . 

කොහොමහරි ඩොක්ටර් එයාගේ වෙන්ට බෑණා වෙච්ච මට එච්චර හොඳට සැලකුවේ නෑ , මගේ ගලවපු දත තිබ්බේ යට හක්කේ කොණේ. ඒක ගලවන්න ගිහිං රීවා. ඒ කාලේ වැඩි ගැජට් පැජට් නෑ නේ , අර අඩුවක් වගේ එකකින් දමලා ඇද්දේ ඩොක්ටර් අත් දෙකෙන්ම ඒකෙ එල්ලිලා. කොච්චර නීට් එකට ඒක ඇද්ද ද කියනවනම් දත තිබ්බ තැන විදුරුමහ නිකං අර මෙගා බෝතල් පලලා හදන ප්ලාස්ටික් මලක් වගේ හතර වටේට විකසිත වෙලා තිබ්බේ මාස ගානක් යනකන්. එදා මට වෙච්ච එකම හොඳේ මම ගෙදර ගියාම අම්මා මට අයිස් කෝපි හදලා දුන්නා බොන්න , තව මම ඇඳේ ඉඳන් බලන්න අපේ පන්තියේ චිනාගෙන් face/off  වීසීඩී එක ඉල්ලගෙන ගියා. කෝපි බිබී ඒක බැලුවා. 

දෙවෙනි දත ගැලෙව්වේ ඊට කාලෙකට පස්සේ , ඒක නම් මහරගම දෙහිවල පාරේ තාත්තගේ යාලු ඩෙන්ටිස්ට් කෙනෙක් ගැලෙව්වේ , මිනිහා පට්ට pro , ගත ගැලවුනා තේරුනේවත් නෑ. එදත් ගෙදර ඇවිත් අම්මා හදල දුන්න අයිස් කෝපි බිබී ෆිලුමක් බැලුවා , එදා බැලුවේ Coach Carter.

කොහොමහරි , මට මේ දත් රෙද්දවල් කියන්න හිතුනේ මේ ලඟදි මම කාලෙකට පස්සේ ඩෙන්ටල් එක පැත්තේ ගිහිං මගේ තවත් දතක් නරක් වෙලා අහුවෙච්ච නිසයි. දැන් ඒකත් ගලවන්න යන සීන් එකක් තියෙන්නේ. ඒක චෙක් කරපු දවසේ ඩෙන්ටිස්ට් මහත්තයා මට කිව්වා දතේ x-ray එකක් ගහගෙන එන්න කියලා. මම ඉතින් ගියා ප්‍රයිවට් තැනකට දත් x-ray එක ගන්න. ටිකක් රෑ වෙලා ගියේ. අප්පට සිරි දත් එක්ස්ට්‍රේ ගහන ටෙක්නීශියන්ගේ හෙන ලොකු ලයින්. දතේ x-ray එක ගන්නකොට කටේ ඔබනවනේ මොකද්ද මන්දා කෑල්ලක්, ඒකත් මගේ කටේ ඔබලා මූ මට දැන් හෙන ලොකු ලයින් දෙනවා. අවාසනාවක මහත කියන්නේ මට මුට මුකුත් කියාගන්නත් බෑ මූට අනිත් පැත්තට , ඇයි මගේ කටේ අර රෙද්ද ඔබල නේ. මමත් ඉතින් මම්බල් රැපර් කෙනෙක් වගේ "ම්ම්ම් අම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්.." ගගා හිටියා. කොහොමහරි x-ray එක අරගෙන අර කෑල්ල මගේ කටෙන් එලියට ගන්න වෙලාව එනකොට මගේ තරහත් නිවිලා , අපරාදේ මගේ පැන්න මල ටික පිට කරගන්න විදියක් නැතුවම මැරිලා ගියා.

මේ දත් හුට පටේ නිසා මට පොඩි සත්‍යාවබෝධ moment එකකුත් ආවා. අපි දැන් හැමතිස්සෙම කතා කරනවා නේ මේ සසර දුකෙන් මිදෙන එක ගැන. විමුක්තිය ලබාගන්න හැටි ගැන... හරි ඔන්න අපි  හිත දියුණු කරගෙන අපේ මානසික විමුක්තිය ලබා ගත්තා කියමුකෝ. දුකෙන් මිදුනා කියමුකෝ . රහත් වුනා කියමුකෝ. ඒත් ඉතින් රහත් වුණත් වැඩක් තියේද දත් මැද්දේ නැත්තම් ? දත් පණුවෝ කනවනේ රෙද්ද! 

මම හැමදාම නානකොට පිටේ සබන් ගාද්දිත් ඕක මතක් වෙලා හිතනවා "වෙලාවට පිටේ දත් එන්නේ නැත්තේ නැත්තම් ඒවත් අමාරුවෙන් මදින්න එපැයි" කියලා , ඔව්.


Tuesday, January 7, 2020

බෙබ රෑන්කින්

මිනිසෙකුට කලකදී නම්බුවක් ගෙන දෙන හැකියාවක් හෝ ගති ලක්ෂණයක් තවත් කලකදී සාපයක් වන අවස්ථා ජීවිතයේ එමට ඇත.

"අඩෝ උට බොන්න පුළුවන් මචං... ගුදමක් වගේ! කොච්චර ගැහුවත් වදින්නේ නෑ නේ!'.
'ලේසියෙන් වදින්නේ නෑ' යන පදවිය කොල්ලෙක්ට ගැටවර වියේ ලැබිය හැකි උතුම්ම නම්බු නාමයක් ලෙස සැලකුණි .දොළොස් මහේ පහනට තෙල් වක් කරන්නා සේ බෝතල් ගණන් පෙව්වත් කිසිම ගානක් නැතුව ඉන්න පුළුවන් පොරවල් වලට අයියානායක දෙවියන් වැනි ප්‍රාදේශීය දෙවි ස්ටේටස් එකක් ආරෝපණය වූයේ නිතැතින්මය.

සෙට් වීමකදී පලවෙනි බෝතලය කැඩීම ( වැඩ දාල කඩන්න ඕනේ , elbow attack එක වැනි ආකර්ශනීය ශිල්ප ක්‍රම දැනගෙන සිටීම ගෞරවය වැඩි කරන සාධකයකි ) , බ්‍රෑන්ඩ් එක තේරීම හෝ උපදෙස් දීම වැනි ගරු කටයුතු වැඩ රාජකාරි කීපයක්ම මෙම දෙවි තනතුර සමඟ ඇල්ෆා බෙබාලට උරුම වුනි. තවද වැඩිය බොන්න බැරි එකෙක් පමණ ඉක්මවා ගොස් පරල වූ විට අනිත් කොල්ලන් සියල්ලම එකතු වී , එකල ගැමියන් ගමේ කෙනෙක් සතෙක් සරුපයෙක් ගේ දෂ්ට කිරීමකට ලක්වූ විට කරපිටින් උස්සාගෙන ගමේ වෙද මහත්තයා ලඟට යන්නා සේ ඇල්ෆා බෙබා ලඟට ඔසවාගෙන එයි. එවිට තමන්ගේ පරිණත දැනුම සහ විසල් අත්දැකීම ඇසුරෙන් රෝගියා සුවපත් කිරීමද ඔහු සතු වගකීමකි. මේ සියලු කරුණු නිසා ඇල්ෆා බෙබා / අයියානායක ලා නිතැතින්ම ගරු කටුයුතු බුවාලා බවට පත්විය.

මා කලින් කිව්වා වගේ , මේ ගරු පදවිය කොල්ලෙකුට ආඩම්බරයක් ගෙන දෙන්නේ ඔහු ගැටවර වියේ ඉන්නා තෙක් පමණි. එනම් සාමාන්යෙන් අවුරුදු 16 - 22 වැනි වයස් සීමාවක ඉන්නා තෙක් පමණි.

අයියානායක පදවියෙන් ගැටවර වියේ බැබලුන කොල්ලාට , වයසට යත්ම මෙම හැකියාව මර සාපයක් වේ ! දැන් ඔහු මහන්සි වී රැකි රක්ෂාවක් කරයි , හම්බ කරන සොච්චමෙන් දරු මල්ලන් සහ පවුලේ උදවිය නඩත්තු කල යුතුයි. ඒ මදිවාට අරක්කු සහ සිගරට් දැන් ගිනි ගණන් ය. මේ නිසා ඔහුගේ ධාරිතාව සපුරාගැනීමට අවැසි තරම් බීමට ඔහුගේ ආර්ථික තත්වය හරස් කපයි.ඔහුගේ සම වයසේ ලාවට බොන ඩයල් බියර් එකක් දෙකක් බී තත්වයකට එති , නමුත් අයියානායක ගේ අක්මාව මෙම පරාසය ඉක්මවා ඇති බැවින් ඔහුට මෙහි මෙලෝ ආතල් එකක් නැත. අරක්කු වල ගණන් වැඩි කම නිසා ඔහුට වැදෙන මට්ටමට බීමට නම් වකුගඩුවක් වත් විකිණිය යුතු තත්වයක් උදාවේ.

මේ හේතු නිසා වයසට යන විට , කලකදී නම්බුවක් ගෙන දුන් හැකියාවක් අයියානායකට සාපයක් වේ !

ඔබත් තරුණ වයසේ පසු වන කොල්ලෙක් නම් , ඔබට දෙක දාන විට කබා යනවා නම් , ඒ නිසා නිරන්තරයෙන් ඔබ මිතුරන්ගේ බයිට් එකට ලක්වෙනවා නම් , දුක් නොවන්න ! මක් නිසාද යත් කාලයක් යන විට ඔය කරුමය ඔබට විශාල වශයෙන් ධන ලාභ ගෙන දෙන වාසනාවක් බවට පත්වේ. ඔබ වැටෙද්දී කෙලින් හිටි උන් පසු කාලීනව තමන්ගේ ධාරිතාව ගැන දුක් වෙති.

ලෝකයේ ස්වභාවය එයයි..



Friday, January 3, 2020

ගැබාගේ graduation එක

Graduation එක , Convocation එක නැත්තම් උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ළමයෙක්ගේ ජීවිතයේ වැදගත්ම සහ මෙමරබල්ම දවසක්. අවුරුදු තුන හතරක් මහන්සි වෙලා ගත්තු උපාධියේ පොටෝ එකක් හැගීම්බර ලොකු ටෝක් එකක් සහිතව ෆේස්බුක් එකේ දාලා ආතල් එකක් ගන්න දවස. හැබැයි මගේ ජීවිතේ ඒ දවස ගත වුණේ කොට උඩ. අද ගැබාගේ ජීවිතයෙන් බිඳක් පරිසරයට විනාඩියක් ලැට් එකට බාල්දියක් කතාංගයෙන් ඒ කතාව කියන්න හිතුවේ ලඟදි ගේ අස් කරනකොට මගේ බැච් ෆොටෝ එක හමුවීම නිසයි , ඒ සමගම ඒ කතාවේ මතකය අලුත් වුනා.

කලින් කිව්වත් වගේ ගොඩක් ළමයින්ට තමන්ගේ උපාධි ප්‍රධානෝත්සවය කියන්නේ ජීවිතයේ වටිනාම දවසක්. ලොකුකමකට කියනවා නෙමෙයි නමුත් මට නම් convocation එක කියන්නේ ජීවිතේ පඩේක වටිනාකමක් දැනිච්ච දවසක් නෙමෙයි, ඒ කාලේ. 

කොටින්ම මම convocation ගියෙත් අම්මවයි තාත්තවයි සතුටු කරන්න ඕනේ නිසා. නැත්තම් ඒ රෙද්දට දාන නිවාඩුවත් අපරාදේ කියලා තමයි මට හිතුනේ. මට එහෙම හිතෙන්නේ හේතු ගොඩක් තියෙනවා. ලොකුම හේතුව තමයි  මාව ඒ ලෙවල් පාස් වෙලා තේරිච්ච කොළඹ විශ්වවිද්‍යාලයේ physical science කෝර්ස් එක මට පොඩ්ඩක්වත් ආසාවක් තිබිච්ච දෙයක් නොවීම , තව එකක් තමයි මාව කැම්පස් එකෙන් දෙන ඉන්ටර්න් ප්‍රෝග්‍රෑම් එකටවත් සිලෙක්ට් නොවීම. ඒ ඔක්කොමත් හරි කියමුකෝ , මම කැම්පස් යන කාලේ බැච් එකේ කෙල්ලෝ දෙන්නෙකුටම බොක්කෙන් ලව් කොට ප්‍රතික්ෂේප වීම මේ එපා වීමට තවත් ලොකු හේතුවක් ( කියන්නත් ලැජ්ජයි හුත්තෝ දැන්නම් :P). තවද  මම කැම්පස් එකේ දෙවෙනි වසරේ ඉඳලම ටියුෂන් කරලා , එටිසලාට් එකේ සිම් විකුණලා එක එක hustle කරලා සල්ලි කීයක් හරි හොයාගෙන,  තෙවෙනි වසරේ පත්තරෙන් ඉන්ටර්න් එකක් මමම හොයාගෙන කැම්පස් අවුට් වෙන්නත් කලින් ලංකාවේ හොඳ කොම්පැනියක ජොබ් එකක් හොයා ගැනීම නිසා ඒ වෙනකොට මම කැරීම මාන්නයකින් හිටියේ මම ගැනම. ඒක නිසා මට කැම්පස් එක ගැන සත පහක ආදරයක් තිබ්බේ නෑ ඒ වෙනකොට. ( හැබැයි මට පස්සේ කාලෙක ගණිතය ඉගෙන ගන්න ලොකු ආසාවක් ආවා , එතකොට තමයි මට තේරුණේ මම ඇත්තටම කැම්පස් එකේ ගත කරපු කාලය නාස්ති කළා කියලා. එතකොට ඉතින් පරක්කු වැඩියි. ඒ ගැන පස්සේ ලියන්නම්කො . අනික ඉතින් අදටත් මම හම්බ කරන කන්නේ මේ කැම්පස් එකෙන් ලැබිච්ච උපාධි කොලේ නිසා / ඒකෙ පලයක් නැති වුණත් , ඒක නිසා ඒකට මම දැන් ගරු කරනවා. නමුත් තරුණ කාලේ මට කැම්පස් එක ගැන තිබ්බේ වෛරයක් විතරයි . දැන්නම් ඒ කාලයට ආදරෙයි හැබැයි).

ඉතින් ඔය හේතු නිසා මම convocation එක දවසේ උදේ ඉඳන්ම හිටියේ ඒ ගැන ලොකු උනන්දුවකින් නෙමෙයි. එදා මගේ ඩෙස්ක්ටොප් කොම්පියුටරේ කැඩිලා තිබ්බේ. ඉතින් කොහොමත් නිවාඩුවක් දාපු එකේ මම එදා උදේ වරුව ගත කලේ කොම්පියුටරේ රිපෙයාර් කරන්න උත්සහ කරමින්. හැබැයි දවල් වෙද්දී මට මීටර් වුණා ඒක මට තනියම ගොඩ දාගන්න බෑ , කෝම්පියුටර කඩේට අරන් යන්න ඕනේ කියලා. ඒ කාලේ මම කොම්පියුටර හැදුවේ බම්බලපිටියේ ටියුලිප් එකෙන්. ඒ කාලේ මගේ නිල වාහනේ තමයි තාත්තා මට අරන් දීපු "සුසුකි DR 125 ට්‍රේල් බයික් එක !!". 

කිව්වට මොකෝ පින්වතුනි මමයි මගේ බයික් එකයි ගැන වෙනම කතා පොතක් ලියන්න පුළුවන්. දන්නවනේ ඉතින් කොල්ලෙකුට ට්‍රේලක් ට්‍රේලකට කොල්ලෙක් කියන්නේ ආයේ ඉතින් ගලුයි කේජියි වගේ කොම්බිනේෂන් එකක් තමයි. බයික් එක සුපිරි ඒක පදින මට සයිකෝ :D , කනේ වැලි ගෑවෙන්න නවාගෙන තමයි යන්නේ! ( බයික් කතා පස්සේ වෙනම කියන්නම්කො ).

ඉතින් කොහොමහරි , ඔන්න මම තීරණය කළා මගේ බයික් එකේ පටෝගෙන මුළු මැෂින් එකම බම්බා අරන් යන්න අලුත්වැඩියාව සඳහා ටියුලිප් එකට බාර දෙන්න. බයික් එකේ මේක තනියම පටෝගෙන යන්න බැරි නිසා ඒ කාලේ මගේ හැම වැඩේකටම අපාය සහය මිත්‍රයා වෙච්ච , යම් ප්‍රාතිහාර්යයකින් අදටත් පණපිටින් ඉන්න කලණ මිතුරු දඹ දිවතුරු හසිත හෙවත් අකමුකෝ ට කතා කළා මාත් එක්ක බම්බා යන්න එන්න ! අකා කියන්නෙත් අපේ බැච් එකේම කොල්ලෙක් , හැබැයි ඌ කලේ අවුරුදු හතරේ ස්පෙෂල් ඩිග්රි එක. ඒක නිසා උගේ convocation  එක තිබ්බේ ඊළඟ අවුරුද්දේ . නමුත් අපේ සෙට් එකේ 90% ම වගේ එදා graduate වෙච්ච නිසා අකා කොහොමත් එදා convocation එකට එන්න හිටියේ. ඉතින් ඒක නිසා මමයි අකයි ඔන්න දැන් බයික් එකේ නැගලා මැෂින් එකත් පටෝගෙන බම්බා යන්න හදන්නේ , මම අම්මටයි තාත්තටයි කිව්වා මගේ සූට් එකත් අරගෙන කැම්පස් එකට එන්න කියලා , එහෙදි ඇඳුම් මාරු කරගන්න. එහෙම කියලා මම බයික් එකට නැග්ගේ ශෝර්ටක් සහ ටී ෂර්ට් එකකින් සැරසිලා.

"අද මේ convocation  එක දවසේ මොකටද ඔය වැඩ දාගන්නේ.. පස්සේ දවසක යන්න කොම්පියුටරේ හදන්න.. " හැමදාමත් සන්සුන්ව සහ ප්‍රඥාවන්තව වැඩ කරපු අපේ තාත්තා මට උපදෙසක් දුන්නා යන්න හදනකොටම..

"ආයේ නිවාඩු දාන්න බෑ තාත්තේ මේකට.. ඔයාට මෙව්වා තේරෙන්නේ නෑ.." තාත්තටත් ලොකු සීන් එකක් දාපු මම "බ්රුහ්" ගාලා බයික් එකේ කික් එක ගහලා ස්ටාර්ට් කරගෙන යන්න පිටත් වුණා.. මම කිව්වේ ඒ කාලේ මම හිටියේ මම ගැන හෙන අධි මාන්නයකින්. පොඩ්ඩක් කොහෙන් හරි ජොබ් එකක් සෙට් වෙලා සල්ලි ටිකක් අතට ආවම ඉතින් කොයි කොල්ලටත් තමුන්ට වඩා කෙරුමෙක් නෑ නේ , මමත් හිටියේ ඒ අවධියේ තමයි.

ඉතින් ඔය විදියට ලොකු සීන් දීගෙන මමයි අකයි බම්බා ආව. මම විදිනවා බයික් එකේ අකා ඉන්නවා පිටි පස්සේ මැෂින් එක බදාගෙන. මැෂින් එක කොම්පියුටර් කඩේට බාර දීලා එනකොට convocation එකට වෙලාවත් ලං වුණා. ඒක නිසා මමයි අකයි හනි හනිකට කැම්පස් එක පැත්තට ආවේ මට convocation  එකට ලෑස්ති වෙන්න තිබ්බ නිසා. අපි කැම්පස් එනකොට අම්මයි තාත්තයි මගේ ඇඳුම් අරගෙන ඇවිත් තිබ්බා , අපේ ජීප් එකේ. මම ඒවා මාරු කරගෙන එයාලා එක්ක BMICH එකට ගියා අකාවත් ජීප් එකේ දාගෙන බයික් එක කැම්පස් එකේ දාලා. හෙල්මට් දෙකත් ජීප් එකේම දාගෙන ගියා කෝකටත් කියලා.

BMICH එකට ගිහිං ඉතින් මුකුත් නෑ , පැය ගානක් හෝල් එකකට වෙලා තැම්බිලා හිස් බම්බුවකුත් අරගෙන , තව පැයක් විතර පෝලිමක ඉඳලා ෆොටෝ එකකුත් ගහගෙන ඔන්න එතන වැඩ ටික ඉවරයක් වුණා. convocation එක අහවරයි. ෆොටෝ ටික අරන් ඉවර වෙච්ච ගමන්ම මම කලේ ඇඳන් හිටපු සූට් එක ගලෝලා උදේ ඇඳන් ආපු ශෝර්ටයි ටී ෂර්ට් එකටයි මාරු වෙච්ච එක. ගොබ්බ කොන්වොකේෂන් එක මට එච්චරටම හිරිකිත වෙලා තිබ්බේ ( මම එදා හැසිරෙච්ච විදිය හැබැයි පොඩි එකෙක් වගේ තමයි , දැන් තමයි ඒවා තේරෙන්නේ :P ).  ඔය අතරේ මම පස්සෙන් ගියපු කෙල්ලෝ දෙන්නාගෙන් එක්කෙනෙක්වත් මම එදා දැක්කා. ඒක නිසා මගේ අවුල් මූඩ් එක තවත් අවුල් ගිහිල්ලා තිබ්බේ..

කොහොමහරි ඉතින් යාළුවො එක්ක ෆොටෝ මොටෝ ගහලා කට්ටිය විසිර යන්න ලැස්ති වුණා. මම , අකා ඇතුළු තව කීපදෙනක් චාරිත්‍රානුකූලව බොන්න යෝජනා කලේ ඔය වෙලාවේ. අපේ අම්මයි තාත්තයි දෙන්නත් ඒ වෙනකොට BMICH එකේ හිටියා අපි ඉවරවෙනකන් බලාගෙන.

අපේ ගෙදරින් කොහොමත් බොන ඒවාට අව්ලක් තිබ්බේ නෑ ඒ කාලේ ඉඳන්ම. ඒ වෙනකොටත් මම තාත්තයි එකට බීලා තිබ්බා කීප පාරක්ම. ඒක නිසා අපි ආයෙත් කැම්පස් එකට ගිහිං බොන එක ගැන තාත්තා ගේ කිසිම විරුද්ධත්වයක් තිබුනේ නෑ. හැබැයි බීලා මම බයිසිකලේ එන එක ගැන නම් එයාගේ පොඩ්ඩක්වත් කැමැත්තක් තිබුනේ නෑ.

"බිව්වට කමක් නෑ.. හැබැයි බයිසිකලේ එහෙම එන්න එපා හරිද???" මට දැඩිව එසේ අවවාද කරපු තාත්තා අම්මා එක්ක ජීප් එකේ නැගලා ගෙදර ගියා.

මමයි අකයි නානයි සුනකෙයි තව කීප දෙනෙකුයි බොන්න සෙට් වුනා කැම්පස් එකට. මම කැම්පස් එකට පයින් ගිහිං එතනින් බයික් එකේ ගිහිං ආරියපාල එකෙන් ගල් බෝතලයක් අරං ආවා. තව කොහෙන්ද මන්දා බියර් වගේකුත් කවුරැ හරි ගෙනත් තිබ්බා. ඇත්තටම එදා බොන්න සෙට් වුනු කට්ටිය හැමෝවම මට මතක නෑ. මට මතක විදියට මමයි නානයි අකයි ගල් බෝතලේ ගැහුවා. බියර් එකකුත් ගහන්න ඇති. සාකසාර ගැහුවද කියලා නම් මතකයක් නෑ. කොහොමහරි එදා එහෙම දරුණුවට අපි බිව්වේ නෑ. ඒ කාලේ වෙනකොට මම සෙනසුරාදා හවසට අකා එක්ක කොට්ටාවේ ග්‍රීන් ගාර්ඩන් එකේ බෝතලයක් ගහලා , කිසි අව්ලක් නැතුව අකාව බයික් එකේම ගෙදරත් බස්සලා , මම කිසි ගානක් නැතුව ගෙදර ඇවිත් අම්මත් එක්ක ITN එකේ සැටර්ඩේ නයිට් මූවි එකත් බලන්න තරම් ධාරිතාවකට ලං වෙලා හිටියේ. ඉස්සර දැන් තරම් බීමත් රියදුරෝ චෙක් කලෙත් නෑ. ඔය ඔක්කොම නිසාත් ඒ ඔක්කොටොම වඩා මගේ තරුණ මදය ලොකු වුන නිසාත් , "ඕනේ තරම් බීලා මට වාහනේ අරන් යන්න පුළුවන් හුත්තෝ" මානසිකත්වේ නිසාත් මම තීරණය කළා අපේ තාත්තාගේ අණට සහ එදා නොබී හිටපු සුනකේ ඇතුළු කොල්ලන්ගේ ඇවිටිල්ලට විරුද්ධව ගිහිං බයික් එකේ ගෙදර යන්න ! අකාවත් දාගෙනම..

ඇත්තටම මට ඒ වෙලාවේ වැඩිය වැදිලා තිබ්බේ නෑ..

හැබැයි මට බේබදු ලොවේ තියරි කියා දුන් අපේ තාත්තා කියපු එක දෙයක් මට එදා ප්‍රත්‍යක්ෂෙන්ම තේරුණා. ඒ තමයි "සමහර වෙලාවට බෝතලයක් ගැහුවත් වදින්නේ නෑ.. සමහර වෙලාවට ෂොට් දෙකක් දැම්මත් වදිනවා.." කියන එක!

අකාගේ ගෙවල් තිබ්බේ හෝමාගම රෝහල ළඟ , ඉතින් අපි තීරණය කළා කොට්ටාව වෙනකන් හයිලෙවෙල් එකේ ගිහිං ඊට පස්සේ රෝහල පාර පැත්තෙන් යන්න. ඉතින් පින්වතුනි ඇත්තටම ඔය ගමනේ මට හරියට මතක කිරුලපොන හරියට එනකන් විතරයි.. වැදිලා නෑ කියාගෙන බයික් එකට නැග්ගට ටිකක් දුර යනකොට මට නාග සලන් වෙන්න වැදුනා මම දන්නෙත් නෑ මොනවා වුනාද කියලා.. 

කිරුලපොන සිග්මා එක හරියේදී "උඹ හිතන්නේ මට වැදිල කියලද හුත්තෝ.. ඔන්න බලහන්.." කියලා මම අත් දෙක අත ඇරලා බයික් එක අරන් යනවා මතකයි ලාවට වගේ.. අකා කිව්වා මම ඊට පස්සේ සැරෙන් සැරෙන් ඌත් එක්ක කතා කලේ බයික් එකේ යන ගමන් සම්පූර්ණයෙන්ම ඉණෙන් උඩ කඳ උගේ දිහාවට භ්‍රමණය කරලා උගේ දිහා බලාගෙන ලු. පාර බලන්නේ නැතුව තමයි මම එළවලා තියෙන්නේ.. ඒක නිසා ටිකක් දුර යනකොට ඌ මාත් එක්ක කතා කරන එක නතර කරලා.. කොහොමෙන් කොහොමහරි එච්චර පිස්සු කෙලලත් අපි කොට්ටාවේ හන්දියට ආවා පණ පිටින් , මට කොට්ටාවට එනවා ලාවට මතකයි..

ඊට පස්සේ ( අපේ මොලේ තරම කියන්නේ ) එච්චර දුර හයිලෙවල් පාරේ ආපු අපි,  තීරණය කළා කොට්ටාවේ ඉඳන් ඉතුරු ටික හයිලෙවල් එකේ නැතුව රෝහල පාර පැත්තෙන් යන්න , පොලිසියෙන් බේරෙන්න :D. මම හිතන්නේ බීලා වාහන එළවලා තියෙන හැමෝම වගේ දන්නවා ඇති අපි බීලා එලවනකොට ඇත්තටම මොලෙන් නෙමෙයි එලවෙන්නේ , නිකන් "පුරුද්දට" ඔටෝ පයිලට් යනවා වගේ එකක් වෙන්නේ. මටත් ඉතින් වුණේ ඕකම තමයි. කීප පාරක්ම ගිහිල්ලා තිබ්බ පාරේ මමත් ඔහේ පුරුද්දටම ගියා.. ඒත් වෙරි මත නිසා මගේ මොලේ ඔෆ් වෙලා තිබ්බේ. කොටින්ම මට මෙලෝ සිහියක් මතකයක් නෑ මම යන්නේ කොහොමද කියලා.. තනිකර බ්ලැක් අව්ටු..  මේලෝකේ සිහියක් නැතුව සොම්බියෙක් වගේ බයික් එක එලෝගෙන ගියපු  මාව ඇහැරුනේ අකා "ඕයි ඕයි හුත්තෝ හුත්තෝ නවත්තපා........න් !!!! " කියලා යටි ගිරියෙන් බෙරිහන් දීපු සද්දෙට ! මමත් උඩ නැගලා බ්රේක් එක ගහලා යන්තම් බයික් එක නවත්ත ගත්තා !!

කිව්වට විශ්වාස කරන්න පින්වතුනි , අපි හැමදාම ආපු ගියපු පාරේ , කාලකන්ණි RDA එකෙන් පාර මැද්දේ පත වලක් හාරලා.. ඒ වලේ යට අර පරණ රජ කාලේ වලවල් වල වගේ , අර ප්‍රින්ස් ඔෆ් පර්ශියා DOS ගේම් එකේ තියෙනවා වගේ , වියට්කොං ගරිල්ලෝ ඇමරිකන්කාරයන්ට කපපු උගුල් වල තියෙනවා  වගේ පත යකඩ කූරු වගයක් හිටවලා!! අපේ බයික් එක නතර වෙලා තිබ්බේ ඒ වලට ඔන්න මෙන්න තිබිලා !! අකා කෑගැහුවේ නැත්තම් අපි දෙන්නම අද වෙනකලුත් ඒ වල ඇතුලේ යකඩ කූරු වල ඇමිණිලා ඇති කෙබාබ් වෙලා! 

කොහොමහරි යන්තම් ඒ මාරකයෙනුත් බේරිලා එතන හිටපු මිනිස්සුන්ගෙනුත් බැනුම් අහගෙන ඔන්න යන්තම් අපි දෙන්නා අකාලගේ ගෙදරට සේන්දු වුනා , නිරුපදිත්‍රව !! 

ඇත්තටම මෙච්චර බුල කෙලලත් සීරිමක්වත් නැතුව ගෙදරටම පණ පිටින් එන්න පුළුවන් වෙච්ච එක ගැන උටයි මටයි දෙන්නට ඇති වුණේ ලොකු සතුටක්.. අපි ඒ සතුට සමරන්න තීරණය කලේ කැම්පස් එකෙන් අරගෙන ආපු ඉතුරු වෙලා තිබිබ බියර් කෑන් එකක් කඩලා.. අන්න ඒක තමයි මගේ විනාසයට මුල පිරුවේ..

දැන් වෙලාව පාන්දර ජාමෙත් කිට්ටු වෙන්න ඇති,  අකාගේ ගෙවල් ළඟ තිබ්බ අඳුරන බේකරියකින් අකා උණු උණුවේ බාපු මාළු පාන් වගයක් අරගෙන ආවා.. නැවුම් මාළු පානුයි බියරුයි අපිට ඒ වෙලාවේ දැනුනේ දිව්‍ය භෝජන වගේ.. බියර් කෑන් එක බෙදාගෙන ගහපු අපි දෙන්නා මදි පාඩුවට ගොල්ලීප් දෙකකුත් ගැහුවා.. දැන් ඉතින් ෆුල් ටෑන්ක් !

"උඹට අමාරු නම් අද මෙහෙ ඉඳලා පලයන්.." අකා සුපුරුදු ලෙන්ගතු කමෙන් කිව්වා. උන්ගේ ගෙදර මට නුපුරුදු තැනක් නෙමෙයි. ඒත් මගේ ගොබ්බ තරුණ මදය නැවතත් ඉහලට හිස එසෙව්වා!

"පිස්සුද හුත්තෝ මට වැඩි නෑ.."

"මට වැඩි නෑ හුත්තෝ.." , මම හිතන්නේ මේ ලෝකේ "ඔයා මට යාලුවෙක් වගේ" කියන වචන හතරට පස්සේ වැඩියම මිනිස්සු මරපු වචන හතර "මට වැඩි නෑ හුත්තෝවෙන්න ඇති..

මම අකාට හග් එකක් දීලා සමුගෙන බයික් එකේ නැගලා එන්න පිටත් වුණා.

මේ වෙනකොට නම් මට පුක් වෙන්න වැදිලා තිබ්බේ.

මම හයිලෙවල් පාරෙන්ම ගෙදර යන්න යන්න තීරණය කළා. මට මතක නෑ ඒ ඇයි කියලා. පෙළක් විට ඒ බෙල්ල කපපු හන්දියෙන් දාලා කැලෑ පාරවල් වලින්ම මට ගෙදර යන්න පුළුවන් බව යටි හිතේ තිබ්බ නිසා වෙන්න ඇති. යටි හිත කෙසේ වෙතත් මගේ උඩු හිතට නම් ඒ වෙලාවේ බඩු වෙලා තිබ්බේ. මම බයික් එක පාරට දාලා හයිලෙවල් එක දිගේ මංචි එක දිහාට එන්න ගත්තා. මේලෝකේ සිහියක් නෑ. ආවේ කොහොමද කියලා දන්නෙත් නෑ. ඇස් දෙක ඇරගෙන ආවද , වහගෙන ආවාද කියල දන්නෙත් නෑ. මම ආවේ නින්දෙන් වගේ.. හැබැයි මට එක පාරටම ඇහැරුණා "ඩොග්!!" ගාලා බයික් එක කොහෙද මන්දා හැප්පෙන සද්දෙත් එක්ක !

"සූස්..." ගාලා මාව බිම දිගේ ඇදිලා ගියා ටික දුරක්.. බයික් එක පැත්තක.. මම බිම වැටිලා ඉන්නවා තව පැත්තක.. ෆුල් ආතල් එකේ හැබැයි , වැදිලා හොඳටම. මම කොච්චර වෙලා එහෙම හිටියද මතක නෑ..



"ඒ මචං නැගිටපන්.. නැගිටපන්.." 

"උඹට අව්ලක් නැද්ද.." හඬට මාව ඇහැරුනා.. කොල්ලෝ දෙන්නෙක් ඇවිත් මාව කෙලින් කළා.. උන් දෙන්නා කව්ද කියලවත් මම දන්නේ නෑ.. 

"උඹට අව්ලක් නැද්ද මචං??"  එක කොල්ලෙක් මගෙන් ඇහුවා..

"නෑ බං.. " මම කිව්වා , තාම බඩු වගේ 

"මොකද වුණේ..??"

"වැටුණා නේද??" ඌම උත්තර දුන්නා. බැලින්නම් උන් දෙන්නා පාරේ එහා පැත්තේ ලොරියක යන ගමන් මාව දැකලා ඇවිත් තියෙන්නේ මට උදව් කරන්න :)

"කෝ උඹේ පර්ස් ෆෝන් තියෙනවද??" උන් ඇහුවා..

මම චතුර සේනාරත්න වගේ "බහ් බහ්" ගැවා මිසක් මුකුත් කියාගන්න තරම් සිහියක් තිබ්බේ නෑ..

"ආ මේ තියෙන්නේ.." කියලා උන් දෙන්නගෙන් එකෙක් මට ෆෝන් එකයි පර්ස් එකයි හොයලා ගෙනත් දුන්නා.. මම ෆෝන් එක අරන් ශෝර්ටේ ඉස්සරහ සාක්කුවකට දාගෙන පර්ස් එක අරන් පිටි පස්සේ සාක්කුවට දැම්මා.. ඒත් දාපු පරක්කුවට පර්ස් එක ආයෙත් බිමටම වැටුණා.. මම ආයෙත් පර්ස් එක ඇහිඳගෙන පිටිපස්සේ සාක්කුවට දාගත්තා.. ආයෙත් පර්ස් එක බිමටම වැටුණා ! ඔහොම ඔහොම දෙපාරක් විතර කරනකොට තමයි මට තේරුණේ මගේ කලිසමට වෙලා තියෙන දේ..

මම බිම දිගේ ඇදිලා ආපු ටිකට මගේ කලිසම හොඳටම ඉරිලා. මගේ පිටි පස්සේ සාක්කුවත් නෑ.. කලිසම ගන්න දෙයක් නෑ.. 

මම ටිකක් වටපිට බැලුවා.. එතකොට තමයි මට වෙලා තියෙන දේ ටික ටික තේරෙන්න ගත්තේ. මම හැප්පිලා තියෙන්නේ නිකන්ම පාර වෙන් කරන කොන්ක්‍රීට් බැම්මක , අර පාර මැද්දේ තියෙන්නේ.. සිද්ධිය වෙලා තියෙන්නේ කොට්ටාව හයිවේ එන්ට්‍රන්ස් එක හරියේ.. 

"තාම බඩු නේ.." එක කොල්ලෙක් මගෙන් ඇහුවා පොඩි හිනාවකුත් දාලා..

"ඔව් බා..න්" මමත් කිව්වේ වියරු හිනාවක් දාගෙන..

"ඔය පර්ස් එක ඉස්සර සාක්කුවට දාගනින්.." එහෙම කියල ඌ මගේ පර්ස් එක ඉස්සරහ සාක්කුවට එබුවා.

"අප්පට සිරි මේ අත.." අනිත් කොල්ලා මගේ අත උස්සලා පෙන්නුවා. එතකොට තමයි දැක්කේ මගේ අතට වෙලා තිබ්බ දේ. කැඩිලා බිඳිලා මුකුත් නෑ.. හැබැයි  ඇටේට වෙනකන්ම වගේ  මස් ටික දිය වෙලා ගිහිං පාරේ ඇතිල්ලිච්ච පාරට.. forearm එකේ පදාසයකම මස් නෑ , තඩි වලක් වගේ තුවාලයක් , ලේ එකයි. බීලා හින්ද හැබැයි මට මුකුත් වේදනාවක් දැනෙන්නේ නෑ.

"ඉඳා මේකෙන් ගැටගහගනින්.." එක කොල්ලෙක් උගේ සාක්කුවේ තිබ්බ ස්කාර්ෆ් එක අරගෙන මගේ තුවාලේ වෙලුවා..

"උඹට තනියෙන් යන්න පුලුවන්ද ?? උඹ කොහෙද??" උන් දෙන්න මගෙන් ඇහුවා..

"පන්නිපිටියේ.."

"අපි ගිහිං දාන්නද..???" ඒ උන්

"ඕනේ නෑ බං.. මට පුළුවන්.."

එහෙම කියලා මම බයික් එකත් කෙලින් කරගත්තා. එතකොට තමයි මම දැක්කේ බයික් එකේ ඉස්සරහ රෝදේ ඇද වෙලා හොඳටම..

"මේකේ යන්න පුලුවන්ද බන්???" අර කොල්ලෝ දෙන්නා ආයෙත් ඇහුව මගෙන්.. මම පුළුවන් බං කියලා බයික් එකේ නැගලා ස්ටාර්ට් කරගෙන ආවා..


ඇත්තටම අරුන් දෙන්නට ස්තුති කලාද නැත්ද වත් කියලා මතක නෑ.. මට එතන ඉඳන් ගෙදර ආපු හැටිත් හරියට මතක නෑ.. කොහොමහරි ආයෙත් කොහේ වත් හැප්පෙන්නේ නැතුව මම අපේ ගෙදර දොර ඉස්සරහට ආවා මතකයි බයික් එකේම..

මම ගෙදර දොරේ බෙල් එක ගැහුවා.. තාත්තා ඇවිත් දොර ඇරියා..

"තාත්තේ.. මේ මාර සීන් එක නේ..."

"මාව හැප්පුනා නේ බීලා ගිහිං.."

මම කිව්වේ එච්චරයි.. මම හිතුවේ මගේ කණ හරහා "චටාස්" ගාලා පාරක්වත් එයිද කියල.. ඒත් එහෙම මුකුත් නෑ.. 

"මේ බයික් එක.. බයික් එකේ රෝදේ ඇද වෙලා තාත්තේ..." මම ආයෙත් ගොත ගොත කිව්වා.. බයික් එකක් පැදපු ඕනේ කොල්ලෙක් දන්නවා ඇති තමන්ට මොනවා වුණත් කොල්ලෙක්ගේ ඔලුව වැඩ කරන්නේ බයිසිකලේ ගැන බව. අපි මලත් කමක් නෑ බයික් එක ඉතුරු වෙලා කියල නේ ඒ කාලේ හිතන්නේ..

"හරි හරි බයික් එක වැඩක් නෑ.. ඔයාට මොකෝ??" තාත්තා මාව අල්ලලා පරීක්ෂා කරන ගමන් ඇහුවා.. මට ඒක නම් හොඳට මතකයි තාත්තා මට වචනයකින්වත් දොසක් කිව්වේ නෑ !

"මේ අත තුවාල වෙලා තාත්තේ.." මම අත පෙන්නුවා..

"ඔලුව වැදුනද ඔලුව.." තාත්තා දොරකඩ ඉඳලම ඔලුව හරවා හරවා බැලුවා..

"නෑ නෑ අව්ලක් නෑ.."

"හරි යන් බෙහෙත් දාගෙන එන්න.."

තාත්තා මාව ගේ ඇතුලට අරගෙන දොර වහන ගමන් කිව්වා. 

"අම්මට දැන් ඇහැරුවොත් බය වෙයි.. ඔයා නාගෙන එන්න මම නංගිව ඇහැරවන්නම්.." අපේ නංගි පොඩි කාලේ ඉඳලම ඉස්කෝලේ සෞක්‍ය දානේ බැහැල වැඩ කළා , ඒ නිසා එයාට ඔය තුවාල සාස්තරේ හොඳට පුළුවන්..

"තුවාලේ හොඳට හෝදගෙන එන්න.." කියලා තාත්තා මාව ටවල් එකත් දීලා බාත්රූම් එකට තල්ලු කළා.. 

මේ වෙද්දීත් මට ඉතින් හොඳටම බඩු ලු ඈ.. ඉතින් ඔන්න මම ආයෙත් ආතල් දෙන්න පටන් අරගෙන! කොච්චරද කියනවනම් මට තාත්තා තුවාලේ හෝදගෙන එන්න කිව්වම මම ගිහිං ඔලුව හොඳට අල්ලලා හෝදගෙන , ෂැම්පුත් දාලා නාලා . හැබැයි තුවාලෙට වතුර පොදක් වත් දාලා නෑ.

"හරි තාත්තේ..හෝදගෙන ආවා.." මම ටවල් එකෙන් ඔලුව පිහිදාන ගමන් කාමරේට එනකොට නංගියි තාත්තයි බෙහෙත් පෙට්ටිය සූදානම් කරනවා..

"මේ මොකද්ද මේ.. කෝ තුවාලේ හෝදලා නෑ නේ.." තාත්තා මගේ අත උස්සලා පෙන්නුවා හප්පට සිරි ඒක තියෙනවා එහෙම් පිටින්ම වැලි ලේ ඔක්කොමත් එක්ක ! 

"මෙන්න මෙහෙ එන්න!!' කියලා මගේ අතින් ඇදගෙන ගිය තාත්තා එයාගේ අතින්ම මාව ටැප් එකට අල්ලලා තුවාලේ හේදුවා හොඳට සබන් දාලා. 

ඊට පස්සේ ආයෙත් කාමරේට මාව ඇදගෙන ගිහිං නංගි ලව්වා තුවාලේ සුද්ධ කරලා හොඳට බෙහෙත් දැම්මෙව්වා..මට ඒ වෙනකොටත් කොච්චරද බඩු ද කියනවනම් වෙනදට කට්ටක් අයින් කරන්න ගියත් මරලතෝනි දෙන මම එදා අර පත තුවාලේ නංගි අතුල්ලද්දීත් ෆුල් ආතල් එකේ හිටියා :) 

බෙහෙත් දාලා ඉවර වෙලා මාව ඇඳේ නිදි කරවපු තාත්තා නෙට් එකත් දැම්මා.

"මම නිදාගන්නද මෙතන බිම ??" තාත්තා ඇහුවා මතකයි මට ලාවට වගේ..

"ඕනේ නෑ තාත්තේ.. දැන් අවුලක් නෑ.." මම කිව්වා..

"හරි" කියපු තාත්තා මට වතුර එකක් ගේන්න කාමරෙන් එලියට ගිහිං ආපහු ආවලු. ඒ එන ටිකට මම නිදිලු නිකන් ගහක් කපලා දැම්ම වගේ ! මම එච්චර ඉක්මනට කොච්චර නිශ්චලව නින්දට වැටුනද කියනවනම් තාත්තා බය වෙලා මට ලංවෙලා බැලුවලු මේකා මැරිලාවත්ද කියලා :P.  

කොහොමහරි ඔන්න ඔය විදියට මම යන්තම් පණපිටින් ගෙදර ඇවිත් මගේ අයිතිහාසික convocation රාත්‍රිය එසේ නිමා කළා !

ඊට පස්සේ දවසේ තාත්තා මාව අපේ ෆැමිලි ඩොක්ටර් ලඟට එක්කන් ගියා තුවාල පෙන්නන්න. එතනත් පොඩි ආතල් එකක් සෙට් වුණා මට. මගේ අතේ තුවාලේ පෙන්නුවම ඩොකා කියපි මේක හොඳට සුද්ද කරන්න නම් හම් කෑලි වගයක් මොනවද මන්දා කපලා අයින් කරන්න ඕනේ කියලා.. ඔන්න දැන් පොර ඔපෙරේෂන් බ්ලේඩ් එකකුත් අරගෙන මගේ හම් කෑලිද මොනවද මන්ද කපනවා.. අප්පට හුඩු රිදෙනවා කියන්නේ.... මම හිතන්නේ මගේ වැඩිහිටි ජීවිතේ මට වැඩියෙන්ම රිදිච්ච දවස එදා.. ඇත්තටම එදා මට අඬන්න පුළුවන් වුණා නම් මම අඬනවා එතනම , නිකන් නෙමෙයි කෑගහලා අඬන්නේ !! ඒත් පවුලේ නම්බුව සුරකින්න ඕනේ නිසා මම කාගෙන හිටියා. හැබැයි මොලේ සයිල නම් දෙක තුනක් වත් මැරෙන්න ඇති ඒ කාගෙන හිටපු කෑමට.. ඒ ඔක්කොමත් හරි , මගේ මස් ටික ඔක්කොම කපලා ඉවර වෙලා ඩොකා කියපි "හොස්පිටල් ගියා නම් මේක හිරිවට්ට්ලා කරන්න තිබ්බා.." කියලා. "මුගේ අම්... දැන් ද යකෝ කියන්නේ..." කියලා පැනලා උගේ රීරි මාංස හූරන් කන්න හිතුනේ ඒ වෙලාවේ තමයි මට ! @#%#^@

ඔයාකාරයට මම බෙහෙත් දාගෙන තාත්තා එක්ක ඩිස්පෙන්සරියෙන් එලියට එනකොට අකයි නානයි දෙන්නත් ඇවිත් හිටියා මගේ දුක සැප බලන්න.. ඊට පස්සේ අපේ තාත්තයි මමයි උන් දෙන්නයි සිගරට් ටිකක් පත්තු කරගෙන සිද්ධිය කතා කරන්න පටන් ගත්තා..

"ඇයි යකෝ උඹ ඊයේ රෑ මට කෝල් කලේ නැත්තේ හැප්පුනාම???" ඒ අකා

"කොහේ කෝල් කරන්නද.." අපේ තාත්තා දුම් ගුලියක් යවන ගමන් පටන් ගත්තා.. "මේකට හොඳටම සූර් ඊයේ රෑ.. මම තුවාලේ හෝදන් එන්න කිව්වම මූ ගිහිං ඔලුව හෝදගෙන ඇවිත් , තුවාලේ එහෙම්මමයි.. වෙනදට පොඩි තුවාලෙකටත් බෙරිහන් දෙනවා මූ.. ඊයේ රෑ නම් පොල් ලෙල්ලකින් තුවාලේ ඇත්තිල්ලුවත් ගාණක් නෑ.." තාත්තා මගේ රෙදි ගලවන්න පටන් ගත්තා..

කට්ටියටම හිනා ඉතින්..

"පුතාලා බිව්වට කමක් නෑ .. හැබැයි බීලා එලවන්න එපා.." තාත්තා එදා අපි හැමෝටම රත්තරන් උපදෙසක් දුන්නා..

හැබැයි ඒ කියලා කාලයක් යන්න කලින් අපේ තාත්තත් බීලා ගිහිං හප්පා ගත්තා :P ! අපේ තාත්තා කියන්නේ එසේ මේසේ පුතයෙක් නෙමෙයි. යටියන්තොට පැත්තේ එයාලගේ අම්මලාගේ ගමේ එහෙම හෙල් උඩ පටු පාරවල් වල කුඩු වෙන්න ගහලා එලෝගෙන ගියපු මිනිහෙක් , බීලා ඇවිදිගන්න බැරි සයිස් එකට ඉද්දිත් උස්සන් ඇවිත් තිබ්බම වාහනේ බබා වගේ එළවන් යන මිනිහෙක් , කොටින්ම මම දැකපු හොඳම ඩ්‍රයිවර් අපේ තාත්තා බිව්වත් නොබිව්වත්! ඒත් එච්චර පළපුරුදු එයත් බීලා ගිහිං එහෙම ඇනගත්තා කියන්නේ ? බිව්වම අපිට අපිව ෂුවර් නෑ කියන එක තමයි. ඒක නිසා මේක කියවන හැමෝටම මට කියන්න තියෙන්නේ , බීලා නම් එලවන්න එපා දෙයියෝ කියලා තමයි ! 

ඒ ඇරෙන්න මේ සිද්ධියේ මට හදවතට වැදිච්ච දෙයක් තමයි අපේ මිනිස්සුන්ගේ තියෙන උදව් කිරීමේ ගතිය. අර පාරේ ගිය කොල්ලෝ දෙන්නා මාව එදා දැක්කේ නැත්තම් මට මොනවා වෙයිද ? එක කොල්ලෙක් උගේලේන්සුවෙන් මගේ අතත් වෙලුවේ. ඒ ස්කාර්ෆ් එක තාමත් මගේ ළඟ තියෙනවා , පහලින් තියෙන්නේ ඒකෙ පින්තූරයක්. මම ඔය අතුගාද්දී එහෙම ඕක බැඳගෙන අතු ගාන්නේ ( මට පීනසේ යකෝ පොඩ්ඩක් දූවිලි ගියත් ඉවරයි :P ). අපේ රටේ මිනිස්සුන්ව අපි කොච්චර විවේචනය කලත් , දන්නෙවත් නැති මිනිස්සුන්ට උදව් කිරීම අතින් නම් අපි තරම් ජාතියක් තවත් නැතුව ඇති !


පහලින් තියෙන්නේ එදා මම ගහපු ෆොටෝ ටිකක් , තුවාලේ ෆොටෝ නම් නෑ මොකෝ ඒ කාලේ මට හොඳ කැමරා ෆෝන් එකක් තිබ්බෙත් නෑ. සිද්ධියේ මතක සටහන් විදියට මට ඉතුරු වෙලා තියෙන්නේ මගේ අතේ තියෙන පත කැළැලයි අර කොල්ලගේ ස්කාර්ෆ් එකයි විතරයි.

ආ ඊට අමතරව මමයි තාත්තයි මේ සිද්ධියෙන් පස්සේ අන්‍යොන්‍ය අවබෝධතා ගිවිසුමක් ගැහුවා තාත්තා බොන දවසට මම ලිෆ්ට් දෙන්නත් මම බොන දවසට තාත්තා ලිෆ්ට් දෙන්නත්. ඒ ක්‍රමයෙන් අපි දෙන්නත් ආරක්ෂා වෙනවා , පාරේ යන අහිංසක මිනිස්සුත් ආරක්ෂා වෙනවා නේ.. 

ගැබාගේ දිග convocation කතා වස්තුවත් මේසේ අවසාන වෙනවා !