Tuesday, September 29, 2015

අහන් ඉන්න ඇස් වලට කියවන්න ආසද?

මේ කියන්න යන්නේ සැහෙන්න පින් අතේ වැඩක් ගැන. මේ ටිකේ පට්ට busy නිසා වැඩිය අටුවා ටීකා ලියන්නට කාලය නැත , ඒ ගැන දයාබර පාඨක ඔබෙන් බොක්කෙන්ම සමාව ඉල්ලමි.

පොතක් පතක් කියවනවා කියන්නේ කෙනෙක් ගේ ඇස් පෑදෙනවා වගේ වැඩක් , නමුත් අවාසනාවකට පොත් "කියවන්න" ඇස් පෑදිලා නැති අපේම සහෝදර සහෝදරියෝ අනන්තවත් අපි අතර ඉන්නවා , ඉතින් මේ අයගේ ඇස් පාදන්න අවස්ථාවක් දැන් අපිට ලැබිල තියෙනවා.


කෙටියෙන් කිව්වොත් කරන්න තියෙන්නේ දෘෂ්‍යාභාධිත පාඨකයන්ට audio books සැදීම සඳහා ඔබේ කටහඬ දායකත්වය ලබා දීම.


මේ වැඩේ ගැන වැඩි විස්තර පහත link එකෙන් ගොස් ලබා ගනු මැනවි.


http://ahasenenna.blogspot.com/2015/09/blog-post_28.html


මේ වැඩේ ගැන මම දැනගත්තේ අහසෙන් එන්න blog එක ලියන කසුන් සහෝදරයාගෙන්. 


මෙතනින් මම නවතින්නම් , ආලෝකය නොදකින අපේම මිනිසුන්ට ශ්‍රව්‍යාලෝකයක් වෙන්න කැමති නම් , මේ ඔබේ අවස්ථාවයි!!




Friday, September 25, 2015

දෙමල ෆිල්ම් බලනවද?

ලඟම මිතුරෙක්ගේ වෙඩිමට ඊයේ සහභාගි වුනෙමි.

පිනට දෙන අරක්කු නිසා ලෝස් නැතුව බර පන්තියෙන්ම දෙක තුනක් නවාගෙන , පැත්තකට වී දුම්වැටියක් ඉරීමට පටන් ගතිමි.

පින් අරක්කු වල බලයෙන් එලියට ආ සැඟවුණු මුර්ගයන් පෙරටු කරගත් වයසක අන්කල් ලා , flower girls ලාට හිටපු පොඩි දුවලා පවා අත නොහැර dance floor එකේ ඩෙඟා නටනවා පෙනේ. මෙවන් අසහනකාරී එවුන් ඉන්න රටක , ළමා අපචාර වැඩිවීම අහන්නත් දෙයක්ද යයි මා මටම කියාගතිමි. උදේ පාන්දර සැලූන් එකට ගොසින් අමාරුවෙන් දමා ගත් මේකප් බදාම දියවී , මේ දැන් මොහොතකට පෙර පට්ට කෑලි මෙන් දිස්වූ නංගිලා , ඇන්ටිලා , ආච්චිලාගේ සැබෑ රූප කෙමෙන් කෙමෙන් මතු වීමට පටන් ගනී. ළඟදී බැඳපු කොල්ලෝ මගුල් මුදු කුලියට ගත් කෝට් බෑයවල් වල සාක්කු වලට ඔබාගෙන , MBA mode එක on කරගෙන නැටුමට බහිති.

( MBA = Married But Available )

මේ විගඩම් බැලීමට වඩා John Player සමඟ තනිවීම සැප නිසා මම මදක් එලියට බැස , ගසක් යටට වී දුම් රස වින්දෙමි.

දුම් වැටියේ බාගයක් පමණ බී අහවර වන විට , ලස්සනට ඇඳ පැළඳගත් පොඩි පුතෙක් , අවුරුදු 7,8 ක් විතර ඇති , මා සිටින ඉසව්වට ආවේ පොඩි උන් කොහොමත් එක තැනක ඉන්න අකමැති නිසා වෙන්න ඇති. පොඩි දරුවන් ඉස්සරහ පිට දුම් බීම හරි නැති නිසා , මම ද ටර්බෝ on කොට උගුරට දෙකට දුම් වැටිය උරා , ප්‍රාණ නිරුද්ධ ෆිල්ටර් කොටය අහකට විසි කෙරුවෙමි.

පොඩි එකා මා දිහා බලාගෙන ලොකු කල්පනාවකි..

මම ඔහු දිහා බලා සිනාවක් පෑවෙමි. සාමානයෙන් කොයි කව්රුත් පොඩි ළමයින්ට සැහෙන්න ආසය. නමුත් මට නම් ඔය දරුවන් handle කිරීමේ සාත්තරේ තේරෙන්නෙම නැත. මම වැඩිම වුනොත් කරන්නේ උන් සමඟ සිනාසීම පමණි.

පොඩි එකා තවත් ටිකක් කල්පනා කොට මා ළඟටම ආවේය..

"මාමේ , මාමා දෙමල ෆිල්ම් බලනවද???"

පුංචි පුතා මගෙන් ඇසුවේ සැහෙන්න ලොකු වැදගත් කඩයිම් ප්‍රශ්ණයක් අහන්නා වගේය. මා පිළිතුරු දෙන තුරු බලා සිටින ඔහුගේ අව්‍යාජ දෑස , ඊළඟ අකුර ඔබන තුරු උපේක්ෂාවෙන් බලන් ඉන්නා පරිගණක තිරයේ cursor එක මෙන් උනන්දුවෙන් නිවී නිවී දැල්වෙයි.

බැංකුවට ආ විට බෝංචි 500ක මිල ඇහුවා වාගේ අපි සිටින තැනට කිසි සේත් අදාල නැති ප්‍රශ්ණයක් නිසා , පුතා ගේ ප්‍රශ්නයෙන් මම ටිකක් පුදුමයට පත් වීමි.

"ඇයි පුතා එහෙම ඇහුවේ???"

මම පෙරලා ප්‍රශ්න කෙරුවෙමි.

"නෑ මාමේ දෙමල ෆිල්ම් යනකොට , ඒවායේ පහලින් දානවා දුම් බීම පිළිකා ඇති කරයි කියලා ! "

පුතාගේ උත්තරයෙන් මම මොහොතකට නිරුත්තර වුනෙමි.

මගේ වයසෙන් සහ ප්‍රමාණයෙන් කාලක් වත් නැති මේ පුංචි බට්ටා , මා හට සොඳුරු කණේ පාරක් දුන් සෙයකි.

මුකුත් නොකී මම බිම බලාගත් වනම සිටියෙමි.

"ඇයි මාමා දැකල නැද්ද?" ඔහු නැවතත් ඇසුවේය.

"නෑ පුතේ මම දැකල නෑ" මම හෙමින් කීවෙමි.

"හෙට ගෙදර ගිහිල්ලා බලන්නකෝ , හරිද ? " මගේ දුම් ගඳ ගසන දකුණු අත සිය පුංචි ඇඟිලි වලින් අල්ලා සොලවා මට එලෙස order එකක් ද දුන් ඔහු , නැවතත් වෙන දිසාවක් බලා දුවගෙන ගියේය...

මම තව ටිකක් වෙලා එතනම කල්පනා කරමින් සිටියෙමි. මාගේ මිතුරෙක් මා සොයමින් ආවේය. 

"ගැබා , කොහෙද බන් අතුරුදන් වුනේ . වරෙන් යන්න ඇතුලට dance කරන්න" ඒ මා මිතුරු ලයියා.

"හරි යමන් " මම කීවෙමි "ඇතුලට යන්න කලින් දුමක් දාල යමු බන් , ගනින්කෝ ලයියා සිගරට් එකක්!"



ප.ලි : මෙම සිදුවීම ඇත්තටම සිදුවූයේ මාගේ මිතුරෙකුටය , එම දෙබස යන විට මාද අසල සිටි නිසා , මෙය first person විදියට ලියන්නට සිතුවෙමි.

Wednesday, September 23, 2015

මයිලාගේ තැනට සුදුසු නුවණ

පහුගිය ටිකේම ලොකු talk දීපු නිසා , අද පොඩි සරල කතාවක් කියන්න හිතුනා. මේක මගේ යාලුවෙක්ට සිදු වුනු සත්‍ය සිදුවීමක්. ආරක්ෂක හේතුන් මත මට මේ යාළුවගේ සැබෑ නාමය හෙළි කල නොහැක , හැබැයි ඉතින් කතාව කියන්න මූට  නමකුත් එපැයි!. මම මීට කලින් මගේ යාලුවෙක් කරපු වීරක්‍රියාවක් ලියපු නිසා "මයිලා" කියන code name එක භාවිතා කරලා , මම හිතුව මම මින් මත්තට ලියන සත්‍ය කතා ඔක්කොගෙම ප්‍රධාන නළුවට "මයිලා" කියන අනවර්ථ නාමය භාවිතා කරන්න. ඔන්න එහෙනම් හැම කතාවේම ඉන්නේ එකම මයිලා නොවන බව කරුණාවෙන් සලකනු මැනවි.හරි , ඇති චැට් චැට් කමු චිට් චැට්, යමු කතාවට..

පොඩි කාලේ ඕනෑම කොල්ලෙක් අම්මල තාත්තලා ගෙදර නැති වෙනකන් බලන් ඉන්නේ හෙන ආසාවෙන්. මක්නිසාද යත් පරීක්ෂකවරු එන දවසට ටීචර්ලා වගේ කඩිසරව හෝමෝන ක්‍රියාකාරී වෙන වයස නිසා , නොයෙක් නොයෙක් දුරාචාර කිරීමට අම්මලා නැති ගෙදර අභය භූමියක් වන නිසයි. 

කොල්ලන්ගේ home alone ක්‍රියාකාරීත්වයේ විකාශනය ගත්තොත් , පොඩිම කාලේ අම්මල විසින් තහංචි පනවා ඇති video games , රූපවාහිනිය ආදිය නරඹති . ඊට  පස්සේ ටිකක් ලොකු වන විට වල බැසීමට හෝ සෙල්ලම් කිරීමට යති , තවත් ටිකක් ලොකු වන විට වැල බලති ( වැල කිව්වේ වැල - වරකා ) , ඊටත් ටිකක් ලොකු වන විට කොල්ලන්ගේ පරම පැලෑන වන්නේ අම්මල එහෙ මෙහෙ වෙනකන් සිට මොකක් හෝ වසක් විසක් තොල ගෑමයි , මෙය එක එක පුද්ගලයා අනුව සිගරට්ටුවේ සිට ඉහලට යන පරාසයක අගයන් ගත හැක , තවත් ටිකක් ලොකු වී ගෑනු ළමයෙක් කාරිය පැටලුණු විට , අම්මලා නැති ගෙදර තනිකරම සිරියහන ගිනි ගනී part 2 වෙයි.

අපේ මයිලා සිටියේ මෙම timeline එකේ වස විස අවදියේ ය. අම්මලා එහෙ මෙහෙ වෙනකන් නෙතු පොපියා බලන් ඉන්න මයිලා , පාලු ගෙදර වළන් බිඳීම පැත්තකට දමා ලද අවසරයෙන් සිගරට් ඉරීමට හුරු වී හිටියේය.

පාසල් නිවාඩු කාලයේ දවසක් වූ එදා මයිලා හිටියේ ගෙදරය . දවල් කාලය වූ නිසා තාත්තා ද වැඩට ගොහින්ය. කාමරේට වී කොම්පුටර් එකේ යතුරු වලට කම්මැලි කමේ ඇන ඇන සිටි මයිලා ගේ කම්මැලි ලෝකයට ඉර පෑයුවේ , අම්මගේ කටහඬ ඇසීමෙන් පසුවය.

"පුතා... මම පොඩ්ඩක් එලියට යනවා , දොර වහගෙන ඉන්න කොහෙවත් යන්නේ නැතුව.."

සාමාන්‍යයෙන් ගෙදට්ට අඳින "කිචන් හඩු කිට්" එකෙන් බැහැර වූ අම්මා පිළිවෙලකට ඇඳ පැළඳගෙන , එය සුභ ලකුණකි , ඒ කියන්නේ අම්මා සැහෙන වෙලාවකට එන්නේ නෑ ! YES !! 

අම්මා ගෙදරින් පිටවු බව සැක හැර තහවුරු කරගත් මයිලා , pocket money රෝල ගසා අමාරුවෙන් එක්කහු කරගත් මුදලින් කොටසක්ද රැගෙන , දහසක් පැතුම් සිතේ පුරවාගෙන කඩය වෙත පියනැගුවේය.ඉමිහිරි ගෝල්ලීප් සුවඳ දැන් දැන් නහයට දැනෙන්නා වාගේය. "සුවඳ දැනී....දැනී...දැනෙනවා....... " , මයිලාගේ ගොරහැඩි කටහඬ ප්‍රීතියෙන් මුමුණයි.

කඩයෙන් තහනම් ගස් වල ගෙඩි මිලට ගැනීමේදී අනුගමනය කල යුතු golden rule එකක් ඇත! එනම් , කවදාවත් ගෙවල් ළඟ කඩයට නොයා යුතුයි!. පරණ පොත් වල මෙම නීතිය සඳහන් වෙන්නේ "thou shalt not buy hora badu from the gewal langa kade" කියාය.

මීට හේතු කීපයක්ම ඇත.

1) මුදලාලි අම්මලාව හඳුනයි , ඕකා සත පහකට sure නැත.
2) ගෙවල් ළඟ කඩේට පැත්ත පළාතේම ඉන්න ඇන්ටිලා අංකල්ලා එති , උන් අම්මලාව හඳුනයි , ඕකුන් සත පහකට sure නැත.
3) අම්මා හෝ තාත්තා කොයි වෙලාවේ හෝ කඩයට ඒමට ඉඩ ඇත , එවන් අවස්ථාවක හසුවූවොත් ජීවිතය රැක ගැනීම සත පහකට sure නැත.

පළපුරුදු හොර පූසෙකු වන මයිලා , මේ කරුණු කාරණා හොඳින් දනී. ගෙවල් ළඟ කඩයට ගොස් ඉල්ලන් පුකේ මාමයිට් ගා ගැනීමට වඩා , දුර ටිකක් වැඩි වූවත් ගෙදරින් ටිකක් ඈත පිහිටි පොඩි අයියාගේ කඩයට යෑම ඇඟට ගුණ බව හේ තීරණය කළේය. ඇවිද්ද පය දහස් වටී කියා මයිලා double එකේ පයින් යයි..

පාගමනින්ම මයිලා කෙමෙන් කෙමෙන් කඩයට ලඟා විය . කඩයේ තරමක් සෙනග හිටියත් මයිලා එතරම් භය වූයේ නැත. සාමානයෙන් මෙම කඩයට මයිලාගේ ප්‍රාන්තේ OPDP ඇන්ටිලා නොපැමිණෙති.එම නිසා බය වීමට කාරී නැත.

සෙනග අස්සෙන් රිංගා ගිය පොඩි මයිලා මුදලාලිට සල්ලි දිගු කොට , හැමදාම බොන ගෝල්ලීප් එකක්ම ඉල්ලා සිටීමට කට ඇරියා පමණි...

(කතාවේ මෙතැන් පටන් ටික සිදු වීමට ගත වුයේ සැබෑ කාලයෙන් එක නිමේශයක් පමණක් වූවත් , පාඨක ඔබේ රසාස්වාදය තකා මම මේ සිද්ධි දාමය slow motion ගෙන හැර දක්වන්නම්. හරියට නිකන්...matrix වගේ රයිට් ? )

...සෙනග අස්සෙන් රිංගා ගිය පොඩි මයිලා මුදලාලිට සල්ලි දිගු කොට , හැමදාම බොන ගෝල්ලීප් එකක්ම ඉල්ලා සිටීමට කට ඇරියා පමණි...

"මුදලාලි මට ගෝ.." ගෝල්ලීප් කියා කීමට "ගෝ" යන්න කටින් පිට වුනා පමණි , කඩයට පැමිණි හුරුපුරුදු රුවක් මයිලාගේ උකුසු දෑසේ කොණකට දිස් වුණි.

අම්ම ගායි බැට එකෙන් කියන්නහේ මේ ඉන්නේ අම්මා නේද ! පූරුවේ කරුමෙකට කවදාවත් නැතුව අම්මාද පොඩි අයියාගේ කඩයට පැමිණ ඇත! අම්මාත් මයිලාත් අතර දැන් ඇත්තේ සෙන්ටි මීටර කීපයක පරතරයක් පමණි..අම්මාද මයිලාව දුටු බව ඈගේ facial expressions කියා පායි. 

දැන් ඉතින් කවර හූනියමක් කරන්නද ? ගෝල්ඩ් ලීප් ඉල්ලීමට "ගෝ" යන්නද කටින් පිට කර හමාරය..ගුටි නොකා shape වෙන විදියක් කල්පනා කරන මයිලාගේ මොළය , ටර්බෝ චාර්ජ් වූ ඇන්ජිමක් මෙන් හූ කියාගෙන වැඩ කරයි.. හරි! Desperation is the mother of invention කියා කතාවක් ඇත. මයිලාටද ක්ෂණික මෝචනයෙන් ගණ දෙවි නුවණ පහල විය!

"මුදලාලි ගෝ.." කියා ආරම්භ කල වාක්‍ය මදකටවත් වෙනස් හෝ ආපසු නොගත් මයිලා , වාක්‍ය තැනට සුදුසු ටිකිරි මොළය පාවිච්චි කොට වෙනස් කළේය!

"මුදලාලි මට ගෝල්ඩ් මාරි එකක් දෙන්න" !

Without skipping a beat ! අරෙ වා භායි වා !

මාරි පැකට්ටුවත් රැගෙන කිසිත් නොදත් අහිංසක කිරි දරුවෙක් මෙන් මයිලා අම්මා සිටි දෙසට හැරුනේය.

"ආ අම්මේ , මොකෝ මේ පැත්තේ?"

අම්මා අවේලාවේ කඩේ ආ මයිලා දෙස සැක සහිත බැල්මක් දැම්මාය.

"මොකෝ මේ මාරි කන්නේ මේ වෙලාවේ ?? "

අහිංසක මයිලා චොකොලට් එකක් ප්‍රීතියෙන් කන පොඩි ළමයෙක් ලෙසින් මාරි පැකට් එක කඩාගෙන , මාරියක් ද හප හපා මෙසේ කීය..

"බඩගින්නක් ආවා අම්මේ.."  (අහිංසක හිනාව)  O:)

අම්මා තව දුරටත් ප්‍රශ්න අහන්නට කලින් මයිලා ගෙවල් පැත්තට මාරු වූයේ සිය ඉස්තානොචිත ප්‍රඥාව ගැන දෙවියන්ට පින් දෙමින්ය..

Tuesday, September 22, 2015

Do we need regular mental checkups ? Alternatives to execution

පහු ගිය ටිකේ ලංකාවේ හා ලෝකේ වෙච්ච සිද්දි දිහා බලනවිට , නොයෙක් ආකාරයේ මානසික ව්‍යාධි සහ මානසික ගැටළු ඇති පුද්ගලයන් එම අසහන පිට කරගැනීමට කල ක්‍රියාවන් ගොඩක් අපිට දකින්නට ලැබුණි.උදාහරණ ලෙස මල් කැකුළු වැනි පොඩි දරුවන් කෙළසීම් , සිය දිවි නසාගැනීම් , වෙඩි තැබීම් ආදිය දැක්විය හැක.

මට හිතෙනා ලෙස අපි අතර සිටින බොහෝ දෙනා යම්කිසි මානසික ගැටලුවකින් පසුවේ. Depression වැනි මානසික තත්ව ඇත්තම කියනවානම් මට පවා සමහර විට ඇතිවී ඇත. බොහෝ දෙනා මේවා කාගෙන විඳදරාගන්න නමුත් , සමහර අය මානසික ලෙඩ වලට අසුවී තමන්ගේ හෝ / හා අනුන්ගේ ජීවිත වලට හානිදායක ආකාරයෙන් හැසිරීම පෙළඹේ. පසුගිය සතියෙදීද මාගේ එක් මිතුරෙක්ගේ ඥාතියෙක් , ගෙල වලදාගෙන මියගියේය , ඔහුද බැලූ බැල්මට normal කොල්ලෙකි.

Wednesday, September 16, 2015

ගංගානම් ගඟ : Sinner`s paradise

වරක් නෑවොත් සියලු පව් සේදෙන
ගංගානම් නදියකි මේ සමාජය
උඩහින් නාන පව් කාරයන්ගේ පව් සේදී
පහලින් වතුර බොන උන්ගේ බඩවල් වලට යයි

පොඩි පුතා කෙළසූ කෝවිලේ මෝලා
උදේම ගංගානම් ගඟේ නාලා
ගඟේ වතුරෙන් හදපු කොකා කෝලා
පොඩි පුතා බොයි රුපියල් 30ක් දීලා

එතිලා සුදු රෙද්දක
පාවේ කල පව් පින්
The river is holy
yet the water rots of SIN


Monday, September 14, 2015

Fear

බය...
හිතේ කොනක පැල වෙලා
එකා එකා වතුර දාලා
දන්නෙම නැතුව ලොකු වෙලා
මහා රූස්ස ගහක් වෙලා
බය



Sunday, September 6, 2015

සුරා වරුණ

සමනය කර දමා සැම දුක් හිතේ                  ඇති
මතුකර සමහරුන්ගේ ඇති අමන                  ගති
වැනුවත් කෙතෙක් නුඹේ ගුණ නම් නිමක්   නැති
හැකි පමණකින් වනනෙමි මා සිතින්            බැති

********************************

පොත් මිටියකුත් අරගෙන යන කල   පාසල්
සල්ලි නැති නිසා ගන්නට ලොකු      දේවල්
ගන්ධය නැති නිසා රවටා             මුරකාවල්
ඇස් රවටලා ගැසුවා අපි               සුදු ලේබල්


            ***************************
සිරි ලංකා ශ්‍රී නාමේ පවතින             කල්
මෙහි නාමයෙන් බේබද්දන් පුද දේ   මල්
උක් දඬු වලින් ඉමිහිරි කරලා ගෙන   පල්
පෙරලි පෙරලි අපි ගැසුවා බෝතලෙ ගල්



***************************
සුනිමල් පියල් සිරියාවති සහ      බ්‍රෙන්ඩා
මෙහි රස දනී පාගල් පල්සර්     හොන්ඩා
අපෙත් ආයු ගෙන සැමදා     වැජබෙන්ඩා
old arrack නාමය රජ කල        මෙන්ඩා



***************************

අඩියෙන් අඩියට වෙනකොට    මහතුරු
අමතක කරලා ගල වෙත    ගරු      සරු
කලවම් කරලා යුශයක්              පලතුරු
ස්වීඩිෂ් වොඩ්කා ගසනෙමු         සුමිතුරු

***************************

රතු කළු ඇතුලු දේදුන්නේ පාට               අරන්
Walker මොහුයි මත් පැන් ලොව කිරුළු පලන්
යාමට බැරිය දහසක් මගෙ වටින             පයින්
ජොනියා ගැසුවා වෙනකන් අපි       නාග සලන්


***************************
කෙතරම් සුරා තිබුනත් මගෙ මත්    බඳුනේ
පෙර සිට ආපු ආදරයක් මට           හැඟුනේ
සුපුරුදු රසකි ඔබ ළඟ සැමදා           රැඳුනේ
JD වෙතයි මාගේ නම් සිත             බැඳුනේ


***************************

බීමෙන් බීම හොඳ බීමලු කැඳ                    බීම
කරනට හොඳයි මේවායින්                  වැළකීම
ආතල් එකට කෙරුවේ මෙහි              ගුණ කීම
කිසිදින promote නොකරමි මත් පැන්        බීම

මචං මෙන්ඩිස්

ඇගෙ හද
මගෙ හද 
හා බැඳී රන්දම
විසි කර අහසට

උගෙ හද
ඇගෙ හද
බැඳුනා රහසට

ඇගෙ හද
මගෙ හද
හා බැඳී රන්දම
තියලා උකසට

මධු කඳ
බොමි අද
හවසට හවසට



ප.ලි - බලහන්කො පෙට්ටියට මුවා වෙලා ඉන්න ලස්සන විතරක්,  චූ..ටිය!

Psychedelic Rock playlist

ඔබ Psychedelic Rock ප්‍රිය කරන්නෙක් නම් , ඔබට මේ ගී පෙළගැස්ම මහාර්ඝ කර්ණ රසායනයක් වනු නොඅනුමානයි. 

මේ ලැයිස්තුව මට හමු වූයේ දින ගණනක්ම යූ ටූබය පීරීමෙන් පසුවයි.

කවදත් rock රසය ප්‍රිය කරන මම , මෑතක සිට Psychedelic Rock ජාන්රයට මාරු වුණු අතර එහි අමුතුම රසයක් ඇති බව මෙහිලා සඳහන් කිරීමට කෑමත්තෙමි.

Psychedelic සංගීතය ගැන වෙනම ලිපියක් ලිවීමට අදහසක් ඇතත් , මේ මොහොතේ මාගේ මානසික තත්වය එයට මං අහුරන බැවින් , අදට මෙතනින් නවතින්නම්.

Enjoy !

Tuesday, September 1, 2015

Long Distance

Skype එකේ රටා මවන්න
පිට රට විස්තර කියන්න
කටාර් රටේ මම හිටියා
වෙනද වගේ උඹ එනකන්

"hi" කියල ඊයේ දාපු

චැට වැටෙනවා 'seen' කියල
ඒත් උඹේ reply නෑ
data ඉවර වෙලා වත් ද?

උඩහ ගෙදර කැලුමා එක්ක

උඹ හොඳටම 'scene' කියල 
ආරංචිය ආවේ මට
අපේ මලයගෙ viber එකෙන්

මූණු පොතේ උඹේ මූණ

කටුගාලා දැම්මත් මම
රටා මැවෙන්නේ කොහොමද
"tata" නොකිය උඹ ගියාම..




"ඔය Long Distance රෙද්දවල් හරියන්නේ නෑ බන්" - කැලුමා