Tuesday, March 31, 2015

Stoned reviews #1 : හංසිකා by ගප්පියා

Prologue

මාගේ සුමිතුරු අසල්වැසියා ( උගේ නම කියන්න බෑ , මගේ social media නා ගැනීම් වලට ඌව ගාවගන්න එපා කියලා   එතුමා මට දැඩිව අවවාද කළා ) සමග කලකට පසු පොඩි වාසියක් බලා ,අසල්වැසි කව්රුත් විසින් "snake poison" යන අනවර්ථ නාමයෙන් හැඳින්වු , ඉතා ජාති බඩුවක් යයි මහත් වර්ණනා කල , ඒ මහාර්ඝ දූමය ආස්වාදනය කල මට , ඔබ අප කව්රුත් දන්නා , මා ඉතාමත් අගය කරන ගප්පියා ගේ එකතරා video වක් ගැන පොඩි විවරණයක් කරන්නට සිතුනි . අර පොඩි කාලේ ලියන්නේ සිංහල සාහිත්‍යට , දන්නවනේ ?

ගප්පියා ඉතින් අපේ ගමේ කොල්ලෙක් නේ , දෙන්න එපැයි backup එක ! ඌ මහරගම කියල දැක්කා කොහේ හරි දාලා තියෙනවා.මම ඉන්නේ නම් පන්නිපිටියේ තමයි , (or as we call it , United States of Pannipitiya , coz we like to sound posh  ), ඒ වුනාට ඉතින් ලගම ටවුමේ නම නේ කියන්නේ අපි , දැන් ඔය මාතර boarder එකේ ඉන්න මගේ යාලුවෙකුත් ඉන්නවා ඌ කියන්නේ ගම ඇහුවම ගාල්ලේ කියලා ( Chanaka , sorry man ).

ok before we proceed , if you haven`t watched the video that i`m going to talk about , please make sure you watch it , here`s the video for you.




මහරගමින් යු ටියුබයට ගිය අපේ ගමේ කොල්ලා ගප්පියා විසින් කරන ලද, හංසිකා හෙවත්  Because I love you , කෙල්ලන් talk කිරීම.. sorry එහෙම කියන්න බෑ . මූ මෙතන බොක්කෙන් නේ love ...

rephrasing: .. කෙල්ලන්ට ආලය කිරීම නිසා කොල්ලන්ට සිදුවන , වඩාත් සුදුසයි “සිදුකරගන්නා “, ගොන් වැඩ සහ ඒවායේ පලවිපාක ගැන ගැඹුරින්ම කතා කරන තාත්වික විඩීයෝ එකකි.ඊට අමතරව , විවිධාකාර විෂම මනුෂ්‍ය චරියා රටා , කැන්ටිමේ මාළු බනිසේ මාළු කැල්ල වාගේ ඉතාමත්ම සියුම්ව මෙහි කතා කෙරේ.

මට ඉතාමත්ම රසට හදන්න පුළුවන් එකම traditional ශ්‍රී ලාකික dish එක වන මැගී noodles එකක් සෑදීමට යන කාලයට සහ , අලුත බැඳපු ජෝඩුවක්  climax එකට ලගාවීමට ගතකරන කාලයටත් සමාන විනාඩි 2 තත් 54 වැනි ඉතාම සුළු කාලයකින් , මෙවැනි අර්ථවත් සිනමා කෘතියක් කිරීම ගැන ප්‍රථමයෙනම් ගප්පියා පැසසිය යුතුය.

දැන් එහෙනුම් බොරු talk ඇති  , lets move on to the review..

Gaba`s තකතීරු ලිපි presents : Hansika - The Review

(Warning : Rated R for language )


ජවනිකා අංක 1, ගප්පියා පන්සලේ හෙන සෑදෑහෑ සිහින් වැදගෙන සිටි.බැලූ බැල්මට අපට හිත්නෙන්නේ “යකෝ මුට මේ වැරදිලා කව්රු හරි යෝදයෙක් ජාතික රූපවාහිනියේ සිත නිවන කතා එකේ role එකක් වත් දුන්නද?” කියායි.නමුත් ගප්පියාගේ video කෘති වල නිතරම සිටින, අදිසි ගොළු,එහෙත් සියල්ලම හොඳින් අසාගෙන ඉන්නා ප්‍රේක්ෂක නියෝජිතයා ගේ ප්‍රශ්න කිරීමෙන්,ඔහුගේ පන්සල් ගමනේ සැඟ වුනු ව්‍යවස්ථාව, නැතිනම් තේරෙන සිංහලෙන් කිව්වොත් hidden agenda එක අපට හෙළිවේ.ගප්පියා තමා පන්සල් පැමිණියේ උපාසක කම් කිරීමට නොවන බවත් , තමා හොඳට අඩි පුඩි ගසන , වැල පත්තර බලන සාමාන්‍ය පොරක් බවත් අපට පවසයි.ඔහු පන්සල් ආවේ, තමා දිවි හිමියෙන් ආලය කරන , gappiya trademark coin and minted වදනකින් කිව්වොත් ඔහු “Lau” කරනා හංසිකා දැක ගැන්මට බවත් හේ පවසයි. ( හේ ද හෙතම ද , මේ වෙලාවට ව්‍යාකරණ මතක නැ බන්).

මෙය චිත්තරපටියේ Prologue එක ( that’s what it`s called right ? Movie buffs , need some help over here !!!) වන අතර , title එක තිරයේ දක්වා ඉනික්බිතිව කතාව දිග හැරේ...


ජවනිකා 2 , ගප්පියා පැදුරේ ඇලවෙලා මල් කල්පනාවක , ඔහු මෙසේ පවසයි..

“වෙලාව පාන්දර 3යි , ඒත් මට නින්ද යන්නේ නෑ , මොකෝ මගේ පුක මකුණෝ කනවනේ ...”  නැ නැ දුන්නේ පොඩි ආතල් එකකි.එහෙම කියයිද ඌ..

original dialog ( or monologue , since there is only gappiya who is talking to him self ? or is he talking to the audience directly and breaking the forth wall ??? or am I talking to myself within brackets , “Hello gaba , is there anybody in there” … මට තේරෙන්නේ නෑ ඕයි ! )

original dialog : “වෙලාව පාන්දර 3යි , එත් මට නින්ද යන්නේ නෑ , මොකෝ මම හනිසිකාට *lau* නේ.”

( gappiya if you are reading this , lau කියන වදන මරු ඕයි (y) )

ඒ වගේම ගප්පියාගේ පැදුරේ , ශරීරයේ වැදගත්ම අවයවය තබන තැන... නෑ නෑ , උඹල හිතන එක නෙමෙයි ! ( ඒකත් වැදගත් තමයි හැබැයි ) .. . එනම් හිස තබන තැන , හිස අද්දරම , ඔහුගේ සිත අද්දරම ඉන්න ඔහුගේ ආදර බර පෙම්බරිය "හංසිකා" ගේ නම ලියාතිබීමෙන් , කොල්ලා "ඇන්නා පැන්නා" strategy එකේ නොව , බොක්කෙන්ම love මෝල් එකේ සිටිනා බව අපට පසක් වේ.

ජවනිකා 3 , ගප්පියා අසල කඩයක මුදලාලි කෙනෙක් ගෙන් උදව්වක් ඉල්ලයි , මුදලාලිගෙන් සහයක් නොලැබුනත්, වැඩේ අත නොඅරින ගප්පියා , පොඩ්ඩක් වත් නොකිපී , අසල්වැසියාට උදව් කිරීමට අපොහොසත් වීම ගැන අවංකවම කණගාටු වන මුදලාලි  "කමක් නෑ මුදලාලි" කියා සනසා , තමා ඉස්සරහ ගෙදර ඇන්ටිගේ ගෙදරින් එය දමන බව පවසයි. උඹලා හිතන හිතන ඒවා දාන්න නෙමෙයි ,  හංසිකා කන්නේ strawberry ice cream නේ , ඉතින් ගප්පියත් කන්නේ strawberry ice cream , මොකෝ ගප්පියා හංසිකාට *Lau* නේ.

ගප්පියා පැදුරක නිදාගැනීමෙනුත් , ඔහුගේ ඇඳුම් පැළදුම් වල ස්වාභාවයෙනුත් , ගෙදර fridge එකක් ගැනීමට වත්කමක් නැතිවීමෙනුත් , ඔහුට එතරම් සරුවක් නැති බව අපට පසක් වේ.යකෝ මුගේ අතේ සතේ නෑ , හැබැයි කන්නේ strawberry ice cream! Have you guys ever compared prices of Vanilla and Strawberry ice cream ? , i have , strawberry එක vanilla එකට වඩා රුපියල් 30ක් විතර ගණන් ! යකෝ වැනිලා එකක් අරන් ඉතුරු 30න් තව යෝගර්ට් එකකුත් ගනින්කෝ , නැත්තම් උඹ අඩි ගහනවා කිව්ව් එකේ ගනින් gold leaf එකක් ??  නෑ , උට ඕනේ strawberry ම කන්න , ඇයි අරකි කන්නේ strawberry නේ.

මෙලෙස ගප්පියා තම ප්‍රියාවියට තවත් එක් පියවරකින් ලංවීමේ pseudo ව්‍යායාමයක් ලෙස , තමාට afford කිරීමටත් අපහසු සුපෝකභෝගී භාණ්ඩයක් වන strawberry හිම කිරම බාල්දියක් ( ඇයි tub කියනවනුම් බාල්දි කියන්න බැරිද ) මිලට ගෙන , කිරම ලෙවකමින් ගොන් ආතල් එකක් ගනී.

මතු පිටින් පෙනෙන දෙය මෙය වුනත් , මෙය ඔබ අප සැමටම අදාළ දෙයකි.කොල්ලන් සමග තොසේ කඩේ ඉට්ලි කෑවත් , කෙල්ලන් අප අරන් යන්නේ subway , mcdonalds , kfc වැනි සුද්දන්ගේ දේශයේ තොසේ කඩ හා සමාන පොට් වලටයි. ලොකු සමාජය හා පැහිමට ආසාවෙන් හතර වටේ ණය වෙලා ලොකු car ගනිති. ( පස්සේ ගෙවාගන්න බැරුව පුක ඉරාගනිති ),  *අල්ලපු ගෙදර එකා cat scan machine එකක් ගත්තත් , ඌත් එක්ක ගේමට ඒකත් ගනිති.

*Note : From the movie "The Ten" , watch it if you haven't , highly recommended on a high.

මෙවන් ගැඹුරු මනුෂ්‍ය ගති ගප්පියා ගැඹුරින් ස්පර්ෂ කරයි.විශිෂ්ටයි උතුමනි ! *salute*

ජවනිකා 4 , ගප්පියා නැවතත් පන්සලේ , අදත් හංසිකා බලන්න ආ හැඩයි , හංසිකා නැති හැඩයි , පොල්ල තියනා හැඩයි , මුවින් ඔහු නොහැඩුවත් , නෙතින් ගප්පිය හඬයි. සිනා සුසුමක් සලයි , අව්ලක්ම නෑ කියයි , දිනක් වූවත් බලන් , ඉන්න බව ඔහු කියයි.

අනේ පවු , ඒකි එන්නේ නැ බන් !

ජවනිකා 5 , ගප්පියා නැවතත් පැදුරේ , අන්තිමට කාටත් හූල්ලන්න තියෙන තැන ඒකනේ. ඔබ පැදුරක බුදියගත්තත් තෙල් බෙහෙත් සුවඳ එන අම්මගේ පරණ කොට්ටයක් හිස තියාගෙන, spring mattress එකක සැතපුනත් anti-bacterial ආතල් සැප කොට්ටයක් බදාගෙන , සිහිතියාගෙන ඇවිත් වැටුනත් සෝ සුසුම් හිරකරන් , හතරගාතෙන් ඇවිත් වැටුනත් 200ක් අමුවෙන් දමන් , ඔබේ සෝ සුසුම් ඔය කාටත් වඩා හොඳට ඔබේ කොට්ටය අසාගෙන ඇති  ( එච්චර දැනගෙනත් කටවහං ඉන්නවානේ **කපා දමන ලද කුණුහරපයක්** ).

Also note . හංසිකාගේ නමින් ලියවුනු නූතන සිගිරි ගීයේ , ඒ කිව්වේ ගප්පියගේ බිත්තියේ ලියවුනු "හංසිකා" යන නම ,එම නම කටුගා ඊට යටින් මයිකල් යන තවත් rice-raft කෙනෙක් ගේ , එනම් හාල් පාරුවෙක් ගේ , නමක් ලියා ඇත.මොකද්ද වෙලා තියෙන්නේ ගප්පියා ..?, දුමියා කිව්වා හංසිකා මයිකල් අයියා එක්ක ඉන්නවා දැක්ක කියල ? ඔව් ඔව් මම දන්නවා උඹට ඒක අව්ලක් නෑ කියලා , උඹ හංසිකාට lau නේ!

ජවනිකා 6 , ගප්පියා Enrique ගේ  Hero සින්දුවේ කොල්ලා මෙන් , නාග සලන් වෙන්න ගුටිකාලාය.
( හරි හරි මම metal scene එකේ ඉන්නවා වගේ තමයි ඉන්නේ , ඒ වුනාට මේවත් අහනවා බන් ඉඳහිට ! And for heaven`s sake people , its pronounced En-ree-kay not En-reek  )

පීටර් අයියගේ මදාවි set එක , ගප්පියට හොඳටම ගහල. ඔහොම තමයි බන් සාධාරණේ ලංකාවේ , ඇඟේ අමාරුවට joint එකක් ගහන්න ගිය සියදෝරිස් අයියා , පොලිසිය අතින් බඩු දාලා ඇතුලේ.ලංකාවට කුඩු ගේන අර ලොකු මහත්තයා ? දන්නවනේ ? , අන්න මම දැක්ක ඊයෙත් අසරණ ළමයින්ට පොත් ටිකක් බෙදල.අනේ වාසනාවන් !

කෙසේවෙතත් , දැන් කියා කියා හිටපු ඒකත් අමතක වෙනවා , ආහ ඔව්..ehem.. අසරණ ගප්පි පුතා , හංසිකා දුව සමග සර්ව රාත්‍රික මල් කැඩීම් වලට reload දමාගැනීම සඳහා ගමේ මරුසි පීටර් අයියගෙන් ණයට ගත් rs. 1000 ගෙවා ගැනීමට බැරි වීමයි මේ mafia සැලකිල්ලට හේතුව.

හතර වටේ ණය වෙලා ගත් ලොකු වාහන , හන්දිය මැද්දේ ගමේ මිනිස්සුත් බලන් ඉද්දී සීසර් ලා ඇවිත් උදුරාගෙන යති , ඇඟට නම් අතවත් තිබ්බේ නැ , හැබැයි මින්සුත් බලන් හිට්යා ශිහ් ! වස ලැජ්ජාවයි ! "මහත්තයා මොකෝ වුනේ , අරුන් මහත්තයාගේ වාහනේ ඉස්සුවා නේද? " , කොච්චර case දාගත්තත් , ඕනෑම හන්දියක ඕනෑම කරදරයකදී ඕනෙම කෙනෙකුගේ සහයට එන , අමරසිරි පිරීස් මහත්තයගේ ළඳුනේ සින්දුවේ කියනවා වගේ , පොත්ත විතරක් පිටට පෙනෙන , බොක්ක නොපෙනන , ගින්දර වගේ බොක්කට ඉන්න ත්‍රීවීල් මල්ලිලා මහත්තයාගේ සහයට එති,"මහත්තයා , මොකෝ scene එක ? අපි දෙන්නද follow පාරක් ? ගෙදට්ට ගිහින් දාන්නද? " , රුපියල් සත bitcoins වලින් බැහැරව ත්‍රීවීල් මල්ලිලා බොක්කෙන්ම අසති ,"නෑ ඕනේ නෑ අයිසේ , මේ ඔෆිස් එකේ යාලුවෝ වගයක් වාහනේ ඉල්ලන් ගියා , දන්නේ නැද්ද ඉතින් හෙහ් හෙහ් , ඕනේ නෑ මට cab එකක් ගන්න පුළුවන් , හරි හරි.. ". පෙනේද මෙච්චර කෙලවෙලත් මුගේ තියෙන උද්දච්ච කම ? ගප්පියා ගුටි කා , ලේ පෙරාගෙන , ගිලන් ඇඳේ වැටී සිටිද්දීත් , සියලුම දුක් ඉවසාගෙන "ඕක මොකද්ද . මම හංසිකාට *Lau* නේ" යයි කියයි, with a smile on his face :) !


ජවනිකා 7 , අන්තිම ජවනිකාව , මේකේ නම් වැඩි දෙයක් නැත , හංසිකා මයිකල් අයියා සමග ඊයේ රෑ පැනලා ගොසින්ය.( surprise surprise ! ) , සිත් තැවුලට පත් වත්මන් පරපුරේ go-to ක්‍රියාමාර්ගය වන Violence වෙත ගප්පියා නිතැතින්ම යොමු වෙයි.පිටිපස්සේ ඇති AC machine එකේ "පුක" කියා ලියා ඇත. ඔව් ඉතින් බලන් ගියාම පුකත් එක්තරා ආකාරයක Air Conditioner එකක් තමයි හික් හික්.

එතනින් කතාව ඉවරයි , as in credits roll in and the catchy song plays , gappiya always does a good job with songs by the way.

හැබැයි ඉවරයි කිව්වට ඉවර නෑ , තව තියෙනවා , මම හිතන්නේ මේ කෑල්ලට කියන්නේ epilogue , ද ? දන්න එකෙන් ඉන්නවාම් පොඩ්ඩක් දාපන්කෝ comments section එකේ මටත් යමක් කමක් ඉගෙන ගන්න.

ජවනිකා 8 , පාශ්වාත් සිත් තැවුල් period එකේ ගප්පියා. මේක තමයි මගේ favorite ම වගේ ජවනිකාව , සහ මේක විහිලු කතාවක් කියන කෝණෙන් බලපු වෙලාවේ මට වැඩියෙන්ම හිනා ගිය scene එක , හරි විනෝදයි!

මෙන්න යකෝ මෙච්චර වෙලා පන්සල් ගිය ගප්පියා , දැන් පල්ලි ගිහින් හැමෝටම "god bless you" කියනවා! මේ කවර mumbo jumbo එකක් ද ?

ආහ , බැලින්නම් මූ Jenifer කියල ආගමේ කෙල්ලෙක්ට line *Lau* ! Jenifer ආගමේනේ , ඉතින් මාත් ආගමේ !

කලින් හොඳ සිංහල ක්‍රමයට සිංහලෙන් love කරපු ගප්පියා , දැන් අලුතෙන් set වෙච්ච posh සමාජෙට පෑහෙන්නත් එක්ක කඩ්ඩෙන්ම "god bless" කියනවා , never scene that before heh heh.

ගප්පියා ඇත්තටම ආගම මාරු කලේ ඌට තමන්ගේ ආත්මය පාවා දීලා හරි කොහෙන් හරි කැල්ලක් දාගන්න ඕනේ වුනු හින්දද ? නැත්තම් තමන්ට එක එක කෙල්ලන්ගෙන් වුනු සිත් තැවුල නිසා , ඔහු සැබවින්ම සාධාරණයක් පතා ආගම මාරු කරාද ? ඔය සමහර ක්‍රීඩකයෝ , ජනප්‍රිය පුද්ගලයෝ එහෙම ආගම් ,මාරු කරා කියන්නේ ? එහෙම කලේ ඇත්තටම තමන්ගේ වාසියටද ? නැත්තම් ඇත්තටම යම්කිසි කුල ක්‍රමයක අවාසනාවන්ත victims ලා වෙලාද?  I guess we`ll never know !

Epilogue

  • Another great movie about recovery from heart ache.

  • heartbreak එකෙන් දුක් විඳින ගප්පියාට අපෙන් ගීතමය panadol එකක්.
      (panadol නම් බොන්න පුරුදු වෙන්න එපා , ඒ ගැන කතාව පස්සේ       කියන්නම් )


  • මේකේ මේ දාපු film jargon කෑලි වල තේරුම් මම දන්නෙත් නෑ හරියට , හිතෙන විදියට දැම්මේ , වැරද්දක් තියේ නම් දන්න එකෙක් කියාදියන්.

පීස් අවුට් පීප්ස්!

Sunday, March 29, 2015

තාමත් යන්නේ වැරදි බස් එකේද ?

office එක ලඟින් පිටකොටුව බසයකට ගොඩවුනේ මිතුරන් සමග සෙට් වීමකට යාමටයි.පූජ්‍ය පක්ෂය සඳහා වෙන්වුණු ඉදිරි පෙළ අසුන පැත්තෙන් තරමක ඝෝෂාවකි.අසුනේ සිටි තලෙළු , කෙසඟ ස්වාමීන් වහන්සේ නමක් , උන්වහන්සේගේ එහා පැත්තේ වාඩි වී සිටින තරුණයා හට කුමක් හෝ කාරණයක් ගැන හෙන දේශනයකි.තරුණයාගේ තක්කු මුක්කු වුනු ස්වභාවයෙන් මට පෙනුනේ , ස්වාමීන් වහන්සේ අනාරාධිතවම ඔහුට තෙල ගැසීමට පටන් ගත් සෙයකි.සාමානයෙන් හිමිනමකට ආවේනික නිවුණු,සිත නිවන කට හඬ වෙනුවට , හිමිනමට  තිබුනේ තරමක උච්ච සවරයක කටහඩකි. තරුණයාගේ accent එකෙන් හැඟුනේ ඔහු දමිල තරුණයෙක් බවය.තරුණයා සහ ස්වාමීන් වහන්සේ අතර සංවාදේ  ජයටම නැගලා යයි.( සංවාදේ කියන්නත් බෑ හැබැයි, ඉඳහිට අහන දේකට දෙන කෙටි පිළිතුරක් හැරුනු කොට තරුණයා වැඩිමනක් හිටියේ full හොල්මන් වෙලාය ).

පූජ්‍ය පක්ෂ අසුන් පෙලට ආසන පේලි දෙක තුනක් පිටු පසින් සිටි මගියනුත් , මේ කුමන case එකක් දැයි කුතුහලයෙන් , සමහරුන් “අපෝ අපිටත් set වෙයිද දන්නේ නෑ” වැනි බියමුසු බැල්මෙන් වෙන සිදුවීම දෙස බලා සිටිති.

සාමානයෙන් වෙනදාට බසයකට නැගුනු වහාම , headset ඇබ දෙක කනේ ගසාගෙන , වටේ පිටේ සිදුවුන දේවල් පඩයකට මායිම් නොකර , ඉඳ හිට බසයට ගොඩ වෙන පාට පාට සමනලියන්ගේ කිචි බිචි බස් වලින් පමණක් interupt වන මනෝ ලෝක සාගරේ ජබු ගහන මට , කුමක් හෝ හේතුවක් නිසා මේ oneway සවාදයට සවන්  දෙන්නට සිතුනි.සංවාදය නැගලා යයි...

මුලින්ම මට සිතුනේ මේ ස්වාමීන් වහන්සේ යම්කිසි මානසික අව්ලකින් පසු වෙනවා ඇති කියාය, ( කාටවත් අපහාස කරනවා නෙමෙයි, එවන් ලෙඩ රෝග ඇති පැවිදි අය මා දැක ඇති නිසයි එලෙස සිතුනේ) , නැත්තම් ඉතින් මේ අහක යන පොරක් අල්ලන් උට තෙල ගසයිද.කෙසේ නමුත්, ටිකක් වෙලා එතුමාගේ කතා වලට සවන් දුන් මට, tv එකේ පෝයදාට පොෂ් විදියට බණ කියන ලස්සන සුදු පින්පාට media superstar  ස්වාමීන් වහන්සේලාට වඩා , සැහෙන්න වටිනා අදහස් එතුමාට ඇති බව වැටහුනි.ඒ වගේම ගොඩක් දේවල් ගැන හොඳ දැනුමක් එතුමාට ඇති බවත් , නිකන් ආවට ගියාට කියවන කෙනෙක් නොව , ඇත්තටම පිරුණු පුද්ගලයෙක් බව තේරුම් ගැනීමට මට වැඩිවෙලාවක් ගියේ නැත.විවිධ ආගම් , ජන කොටස් අතර සම්බන්දතා වැනි අද කාලේ කතා බහට ලක්වෙන sensitive මාතෘකා රාශියක් ගැන ( මගේ limited vocabulary එකෙන් කියනවනම් ) සිරාම talk ටිකක් හිමියන්ගේ කටින් කියැවුනි.

ටිකක් වෙලා කතා කරමින් යන විට තරුණයා දමිල ජාතිකයෙක් බව හාමුදුරුවන්ට තේරුණු සෙයකි , “පුතා මොන ආගමේද? ආහ හින්දු ද? දැන් පුතා දන්නවද..” හාමුදුරුවෝ හින්දු ආගමෙනුත් උපහැරණ උපුටාගෙන චතුර ලෙස කතා කරති.එතුමා දිගින් දිගටම කියා සිටියේ කිසිම ආගමක් නරකක් කියා නැති බවත් , අපි සැවොම එකට ජීවත් විය යුතු බවත් ය.

“මම සැහෙන්න දුක් වෙනවා පුතා මට දෙමල බැරි එක ගැන , මට දෙමල පුළුවන් වුනා නම් මට තිබ්බා දෙමල මිනිස්සු එක්කත් හොඳට කතා කරන්න” .. ටිකක් වෙලා යන විට තරුණයාගේ සිංහල භාෂාව process කිරීමේ හැකියාව 100% නොවන බව වටහාගත් හිමියන්, තේරෙන සිංහලෙන් කිව්වොත් flawless ලෙසඉංග්‍රීසියට මාරු විය.( කඩ්ඩෙන් කිව්වේ මොනවද කියල මගෙන් අහන්න එපා , මගේ ඉංග්‍රීසි භාෂාව process කිරීමේ හැකියාව 100% නෙමෙයි ).සංවාදය , a lot more one-way than it was to start with , ජයටම නැගලා යයි.
ඔබ මේ ලිපිය මෙතෙක් වෙනකල් කියවූවා නම් , ( ප්‍රථමයෙන් මම ඔබට ස්තුති කරමි , මගේ මෙලෝ රහක් නැති ගොරහැඩි රචනා ශෛලිය අමාරුවෙන් ඉවසන් හිටියාට ) ,  මේ ගැබා දැන් මෙච්චර ගොඩක් දේවල් කියාගෙන ඇවිත් මොකද්ද කියන්න හදන්නේ කියා ඔබ කල්පනා කරනවා ඇති.

අපේ හාමුදුරුවන් තරුණයාට පැවසු එක වදනක් මට සැහෙන්න සිතට වැදුනි , ඒ දෙය ඔබට කීමටයි මෙච්චර වෙලා වුනු සිද්දිය පැහැදිලි කලේ , ගහෙන් ගෙඩි එන්න වගේ කිය හැකිද ඒ වගේ වදන්.

මා කලින් කී පරිදි , language file එක ඉංග්‍රීසියට මාරු කරගත් අපේ හාමුදුරුවෝ , තරුණයාට මෙසේ පැවසීය

“පුතා , do you know what religion is ? Religion is not Buddhism , religion is not Hinduism , religion is not Christianity. TRUTH IS MY RELIGION ! We should try to find the truth through religions”

TRUTH is my religion , that’s the best damn thing I heard all day!

මගේ ගමනාන්තයට මම ලඟා වුනිමි , බසයෙන් බැස්සෙමි , නමුත් තවමත් අපි යන්නේ වැරදි බස් එකේ බව මට වැටහුණි.

P.S - while you`re at it..