Tuesday, August 25, 2015

නිරුවත

මට පෙන්නන්න බැරි ඉස්සරහ ගෙදර එකා එක්ක මම හැමදාම උදේට දාන බොරු good morning එක,
ලොක්කටයි එකට වැඩ කරන උන්ටයි පේන්න දාන බොරු කඩ්ඩ,
කාර් එකේ අලවන් ඉන්න ඉංජිනේරු සංගමේ ස්ටිකර් එක,
වටේ එකාලව සතුටු කරන්න ගත්ත කාර් එක,
කාර් එකක් ගන්න ඕනේ හින්ද පුක දීල පුක දීල ගත්ත job එක,
job එකක් හොයාගන්න ඕනේ හින්ද මැරිල මැරිල ගත්ත ඩිග්‍රිය,
කාපු කටු ඔක්කොම අමතක වෙන්න බීල ගන්න ආතල්,
සමාජ තත්වය,
ප්‍රතිරූපය,
නම්බුව,
මේ ඔක්කොම බම්බු සළු පිලි ගලවලා...
ආසයි මට ටිකක්
හෙළුවෙන් ඉන්න
.
.
.
.
මුන් මට හූ කියයිද??



10 comments:

  1. අනිවා ගැබා..... උඩ පැන පැන හූ කියයි...
    ඒත් පුලුවන්නම් පිළිමයක් වගේ ඉන්න

    ReplyDelete
    Replies
    1. අනිවා බන් නොසැලී ඉන්න ඕනේ :) සීන් එක කියන්නේ ඔය කෑල්ලක් කාරිය දැකල නැග්ගොත් හෙම ? :p

      Delete
  2. නිරුවත කියල හෙඩිම දාල තිබ්බම මම හිතුවා සමන්මලී සකලසූරිය දැරිවි ගැනවත්ද ලියල තියෙන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් නිශාන් , මගේ blog එක පැත්තේ ආපු එක ගැන සතුටුයි :) හෙහෙ චිකේ බන් වල් හිත :p

      Delete
  3. අකුරු වලින් වචන එකතු කරලා ගැබාම නිරුවත් කරගත්තා නේ....

    ReplyDelete
    Replies
    1. ආලෝ ආකි , කලකට පස්සේ :) ඔව් බන් ස්වයන් නිරුවත් වුනා ;)

      Delete
  4. මේකනම් පට්ට, හරි තැනට හරියටම ලියලා තියනවා

    ReplyDelete
    Replies
    1. ආයුබෝවන් බණ්ඩා , ඉස්තුති මේ පැත්තේ ආවට සහ comment එකට :)

      Delete
  5. Replies
    1. හුක්කි හුක්කි හූ :D

      Delete