Monday, March 7, 2016

ඇමතිතුමාගේ invisible ජංගිය

සුපර් මෑන් යනු ඔබ අප කව්රුත් හොඳින් අඳුරන සුපිරි වීරයෙකි. සුපර් මෑන් ලොව පුරා ජනප්‍රිය වූයේ සමාජ සම්මතයට විරුද්ධව ජොකා සිය කලිසම උඩින් ඇඳි පුද්ගලයෙකු ලෙසයි. මේ නයින් ගත් කල සුපර් මෑන් ද පට්ට රැඩිකල් පොරකි. මක්නිසාද යත් ඔහු ප්‍රධාන ධාරාවට හසුව රැල්ලට ගසාගෙන නොගිය පොරක් වූ නිසාය.



සීතාම්බර සළුවේ කතාවද ඔබ අප සැම පොඩි කාලේ අසා ඇති කතාවකි. එය වනාහි සැබෑවට නැති මුත් conceptual  රෙද්දකි. එය සුරංගනී ගේ අම්මගේ රෙද්ද වැනි සැම කෙනාටම පෙණෙන රෙද්දක් නොවේ. එය පෙන්නේ මොලේ ඇති උන්ට පමණි.

මට සුපර් මෑන් සහ සීතාම්බර සළුව එක පාරට මතක් වීමට හේතුව නම් , සීතාම්බර සළුවෙන් ජොකෙක් මසා ගත් සුපර් මෑන් කෙනෙක් ඊයේ ශ්‍රී ලංකා පොළෝ තලයට සම්ප්‍රාප්ත වීමයි. ඒ වෙන කව්රුත් නොවෙයි අපේ හර්ෂ මහත්තයා ය.

තාමත් සුද්දන් විසින් පැළ කල රූස්ස ගස් වල මැසි හදාගෙන රෑ තිස්සේ මදුරුවෝ තල තලා උන් ම හිටෝපු හේන් මුර කරන ගොන් හුකන්නලා ඉන්න රටක් වන අපේ රටේ නමට හරි "නිදහස්" චතුරශ්‍රයක් කියා එකක් තිබේ. චතුරශ්‍රය යනු කොටුවයි. ඉතින් නමේම "කොටුව" කියා තිබ්බත් , මෙම නිදහස් කොටුවේ නිදහසේ කොට්ටක් පැනීමට රජයෙන් ඉඩක් නැති වීම නම් මහ චප්ප චෝරු සීන් එකකි. ඉතින් ජාතියේ මේ දැවෙන අවශ්‍යතාවය හඳුනා ගත් අපේ රැඩිකල් තරුණ පරපුර මෙව්වා බල බල නිකන් හිටියේ නැත. ඔවුහු විරෝධත්වය පෑහ.

ඉතින් මේ අසරණ කොල්ලන් කෙල්ලන් ගැන දුක සිතී හර්ෂ සුපර් මෑන් මහතා එතනට සැණින් පියඹා ආවේ , සිය සුපිරි බලයෙන් මේ අසරණයන්ට පිහිට වීමටයි.

බැලූ බැල්මට නොපෙනුණත් , අතිගරු හර්ෂ සුපර් මෑන් තුමා සීතාම්බර සළු material එකෙන් මසා ගත් සිය නිල සුපර් මෑන් ජංගිය කලිසමට උඩින් ඇඳ සිටියේය. එය පෙන්නේ මොලේ ඇති උන්ට පමණි.එම ජංගියේ බලයෙන් සික්කන් ගේ ඔද තෙද සහ පඩ පරදවා , නරඹන්නන්ගේ ඔල්වරසන් මැද්දේ , එතුමා සියලුම ආදරවන්තයන් වෙනුවෙන් මහා වීර පරාක්‍රමයක් පෑ සේක. 
( සාදු කියන්න පින්වතුනි ).



මේ සියලු හුට පට මැද්දේ මම කල්පනා කලේ රටේ දැවෙන ප්‍රශ්ණ වලට බලධාරීන්ගේ අවධානය ලබා ගන්නේ කෙසේද කියාය. විද්‍යා විෂය ඕ ලෙවල් වෙනකන් හැදෑරු කොල්ලෙක් වශයෙන්, නිරීක්ෂණ ඇසුරෙන් නිගමනකට ඒමට මට දැන් දැන් හැකියාව ලැබී ඇත.කලකට පෙර එන්රිකේ දැක උදම් වී නංගි කෙනෙක් විසි කල බ්‍රෙසියර් එකක් නිසා අපේ හිටන් තුමාගේ පඬුපුල් ආසනේ රත්වීමද මාගේ නිරීක්ෂණයට බඳුන් විය. ඉතින් දැනට ලැබුණු දත්ත දෙක අනුව,එනම්..

1.ලවු කේස් එකක් වීම.
2.යට ඇඳුමක් ගැලවීම.

යන කරුණු දෙකෙන් යටත් පිරිසයෙන් එකක් සත්‍ය වුවහොත් , අපේ බලධාරි ඇත්තන්ගේ පුකවල් රත් වන බව , ගැබා වන මා විසින් අද දින සොයාගන්නා ලදී.

ඉතින් මෙම තියරිය අනුව , අහිංසක මට ද පොඩි දැවෙන ප්‍රශ්ණයකට රජයෙන් උදව් අවශ්‍ය වී ඇත. එනම් ඊයේ දිවි හිමියෙන් සටන් කොට දිනා ගත් නිදහස් කොටුවේ නිදහසේ පෙම් කෙලීමේ අයිතිය භුක්ති විඳීමට, අසරණ මා හට කෑල්ලක් නොමැති වීමයි. එම නිසා ජාතියේ නාමයෙන් ජොකා ගලවා වහලට විසි කිරීමට තීරණය කලෙමි. හිටන් තුමාට අර කොහෙවත් යන සක්කර වට්ටමක් විසි කරපු බ්‍රෙසියර් එකක් දැකල අච්චර නැග්ග නම් , මං වගේ පට්ට සෙක්සි කොල්ලෙක් ජොකා ගලවලා වහලේටම විසි කලාම බලන්න බැරිද හහ් !
( නැග්ග කිව්වේ මේ තරහ යන එකට ඕන් , තොපි වලත්ත විදියට හෙම හිතනවා නෙමෙයි ) 
අනික මං වගේ අසරණ කොල්ලෙක් තනිකඩ වෙලා ප්‍රේම විරහිත වෙලා ඉන්නකොට , ආදර කටයුතු පිලිබඳ ගරු අමාත්‍ය නූතන වැලන්ටයින් පියතුමා හෙවත් සුපර් මෑන් ඇමතිතුමාගේ හඳුන් පොත කී ගාන්නේ නැද්ද දෙයියෝ!

ඔන්න මම ජොකා ගැලෙව්වා ..

බලධාරීනි , මේ ඔබේ අවධානය පිණිසයි.
( සිරස TV news ඉස්ටයිල් !).

p.s - ලංකාවේ නිදහසේ පෙම් කිරීමට කිසිම ඉඩක් නැති බව ලොවෙත් පිලිගනිමි. විරෝධතාවයේ අරමුණ සමඟද එකඟ වෙමි. නමුත් ඊට වැඩ ප්‍රශ්ණ වලට මෙම ජවය යොදවන්නේ නැත්තේ ඇයි කියා මට ප්‍රශ්ණයක් ඇත. සහ ඇමැතිතුමාගේ ලකුණු දා ගැනීමේ ගොන් පාර්ට් එකට පුකෙනුත් සිනා පහල විය. මේ සටහන කාටවත් අපහාස කිරීමට නොවේ. මා පෞද්ගලිකව අඳුරන සහ සයිබරයේ අඳුරන මිතුරන් රාශියක්ම මීට සහභාගී වී තිබුණු අතර , ඊට සමාන පිරිසක් මීට විරුද්දවද අදහස් දක්වා තිබුණි. ඔන්න තොපි රෙද්ද උස්සන් එන්න එපා දැන් මාත් එක්ක ඇරගන්න :P අදහස් දැක්වීමක් මිස අපහාසයක් නොවේ. ජය!