Wednesday, August 26, 2015

The Lost Shoe

උදේ සිට සට සට
සද්දයට කරකැවෙන
ජුකී මැෂිමෙන් ගොතපු
සීතාම්බර සළුව,
පොරොවගෙන සීරුවට..

කොහේ හෝ නැති වෙච්ච
කලක් ඈ රසවින්ඳ
විල්ලූද ඇල්ලූ
සපත්තුව යලි රැගෙන
කුමාරයා එනකන්

නපුරු සුපවයිසර්
කුඩම්මා ගෙන් මිදී
වරක් රෑ රස වින්ද 
මාලිගාවට යන්න
කුමාරයා එනකන්...

බස් හෝල්ට් එකෙ බලන්..
සින්ඩරෙල්ලා සිටී
තනි සපත්තුව දමන්..




**********************************************************************


සුපුරුදු පරිදි අදත් වැඩ ඇරිලා ගෙදර ආවේ school van එකේ , ඒ කිව්වේ staff service එකේ. උපරිමටම කාර්යක්ෂමතාව optimize කරපු capitalist කොල්ලෙක් නේ මම , ඒක නිසා van එකේ එන ටිකට වත් මගේ ඇස් දෙක නිරපරාදේ නාස්ති නොකර , පාරේ යන ලස්සන නංගිලා දිහා බල බල යන එක මාගේ සිරිතයි.

Tuesday, August 25, 2015

නිරුවත

මට පෙන්නන්න බැරි ඉස්සරහ ගෙදර එකා එක්ක මම හැමදාම උදේට දාන බොරු good morning එක,
ලොක්කටයි එකට වැඩ කරන උන්ටයි පේන්න දාන බොරු කඩ්ඩ,
කාර් එකේ අලවන් ඉන්න ඉංජිනේරු සංගමේ ස්ටිකර් එක,
වටේ එකාලව සතුටු කරන්න ගත්ත කාර් එක,
කාර් එකක් ගන්න ඕනේ හින්ද පුක දීල පුක දීල ගත්ත job එක,
job එකක් හොයාගන්න ඕනේ හින්ද මැරිල මැරිල ගත්ත ඩිග්‍රිය,
කාපු කටු ඔක්කොම අමතක වෙන්න බීල ගන්න ආතල්,
සමාජ තත්වය,
ප්‍රතිරූපය,
නම්බුව,
මේ ඔක්කොම බම්බු සළු පිලි ගලවලා...
ආසයි මට ටිකක්
හෙළුවෙන් ඉන්න
.
.
.
.
මුන් මට හූ කියයිද??



Sunday, August 23, 2015

ගල්

පලක් ඇති රුකට ගහන්නෙත් ගල්
පලක් නැතත් දුකට ගහන්නෙත් ගල්



Sunday, August 16, 2015

Cabbage Happens

If there is one thing I hate more than Iggy Azalea in this world, that would be CABBAGES.the mere smell of it fills me with so much rage that it makes me want to learn nuclear science, make a nuclear bomb and blast off the whole world.

Only me and my mom were at home that day so I decided to bring some food from outside to give her a break as well. As we lower middle class people often do, I went to  the local Chinese to get some authentic Chinese food made by Bruce Lee him self ( who's not even Chinese yeah).

Sunday, August 9, 2015

Learn To Fly

I am a huge rock fan but not a big fan of the band "Foo Fighters" ( In fact i think they are quite shitty :P ). But when i saw this video i felt like saying something about this and thought that it`s worth sharing.



A group of Italian fans wanted to get Foo Fighters to perform in Italy. So in order to impress Dave Grohl , the leader and vocalist of Foo Fighters , they decided to gather 1000 musicians , YES , ONE THOUSAND FUCKING PEOPLE to play the same song together! 

Now , like i said , even i`m not the biggest Foo Fighters fan in the world but you have to admit that this is truly beautiful!

Friday, August 7, 2015

වන්දනාව

දඹදිව වන්දනාවේ ගිය රාණි නැන්දා...
Duty Free එකෙන්..
පුතාට Whiskey බෝතල් 
තුනක්ම ගෙනල්ලා..


Thursday, August 6, 2015

Smoking Kills

නවත්තන්නට 
හිතන්න හිතන්න
තව තවත්
ඕනේ වෙන

දුම් වැටියක්
සිතේ පිච්චෙන...




Wednesday, August 5, 2015

Tuesday, August 4, 2015

මදුරු කොයිල්

හුරුබුහුටියට 
උසට උසේ
දැල්වුනත් දස අත සුවඳ දිදී
මල් සුවඳ හමන හඳුන්කූරු

පන්නලා මැසි මදුරුවෝ
අපිව නිදිකරවන්නේ සැපට
කැතට කැතේ කැරකුනු
කර්කෂව පිච්චෙන
ගඳ ගහන
මදුරු කොයිල්..