Sunday, February 28, 2016

බ්‍රෙෂියර් විසිකරන අක්කලා අතර කැෂියර් නංගිලා

මාළුයි කිරිපිටියි අඩුවට 'ඔෆර්' ඇති නිසා  
පොෂ් මදි වුනත් 'සුපිරි' මාර්කට් එකට ගියා
ලොකු ලොකු නෝනලා මහතැන් කරත්ත පුරවන් 
උන් අතරේ ගඳගහන මාළු අරන් මම පෝලිමේ 

AC දාල සුපිරියටම දාඩියත් නැතේ ,
හීනියට ඇහෙයි කඩ්ඩ සිංදුවකුත් 
"රුපියල් පහක් ඉතුරුයි සර් මාළු ටිකට"
මේක් අප් තට්ටු වලට යටවූ කැෂියර් නංගි 

ඉතුරු සල්ලි දෙන්නට සොයන්න මාරු කාසි 
යෙහෙන් වැජබෙන මහ බලගතු කෑෂ් රෙජිස්ටරේ 
පහලම තට්ටුව එලියට ඇද්ද විට 
සුසුමක් පිට වුණා කැෂියර් නංගි වෙතින් 
සීතල AC හුළඟට කලවම් වී 

ඉරිදා පත්තරේ මංගල දැන්වීම් පිටුවෙන් 
පිළිවෙලකට ඔතලා ආදරයෙන් 
"දවල්" කියා පොල් ගෙඩි අකුරෙන් ලියූ 
අම්ම දීපු බත් ගෙඩිය තාමත් එතන..

සුපිරි සීතල AC දාඩියත් නෑ අපිට නම් 
මේක් අප් දිය වෙනවා දුටිමි කැෂියර් නංගිගේ දෑස් අග

6 comments:

  1. හුඟක් දෙනෙක් ඕය දේ දකින්නේ තකන්නේ නෑ මචං.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් , ගොඩක් උන් මේ කෙල්ලන්ට කතා කරන්නේ නිකන් උන් අපෙන් පඩි අරන් වැඩ කරනවා වගේ , ඒ කරන රැකියාවට ගරු කරන්නේ නෑ කවුරුත් :(

      Delete
  2. දිග හුස්මක් පිටවුනා...

    ටැංකිව් ගැබෝ මේ ලියවිල්ලට. ආපහු කාගිල්ස් ගියොත් මං කැෂීයර් නංගිලා දිහා වෙනස් විදියට බලන්න හිතාගත්ත.

    ReplyDelete
    Replies
    1. ඉස්තුති ඩ්‍රැකී කොමෙන්ටුවට. අනිවාර් අපේ තියෙන මල වලට උන්ට කඩා පැනල වැඩක් නෑ නේ බන්.

      Delete
  3. එක දිගට පැය 8-12ක් හිටගන ඉන්න ඔය කෙල්ලෝ හරි පවු බං.වැඩ අඩු වෙලාවක හරි ඉඳගනින් කියලා පුටුවක් තියෙන්නේ ආර්පිකෝ එකේ කෙල්ලන්ට විතරයිද කොහේද.අනික තමයි ෆෙස්ටිවල් සීසන් වලදී මේ කෙල්ලන්ට සැන්ටා තොප්පි, රෙද්ද හැට්ටේ අන්දලා නටවන එක.මටනම් ඒක මහා කාළකන්ණි දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් ෆෙස්ටිව් සීසන් එකේ නම් උන්ට පට්ට කට්ටක් දෙන්නේ. මගේ යාලුවෙක් වැඩ කළා සුපර් මාර්කට් එකක ඌ කියනවා උන්ට redbull අරව මෙව්වා පොවලා මුළු දවසම වැඩ ගන්නවා ලු ඒ කාලෙට. :(

      Delete