Sunday, September 6, 2015

සුරා වරුණ

සමනය කර දමා සැම දුක් හිතේ                  ඇති
මතුකර සමහරුන්ගේ ඇති අමන                  ගති
වැනුවත් කෙතෙක් නුඹේ ගුණ නම් නිමක්   නැති
හැකි පමණකින් වනනෙමි මා සිතින්            බැති

********************************

පොත් මිටියකුත් අරගෙන යන කල   පාසල්
සල්ලි නැති නිසා ගන්නට ලොකු      දේවල්
ගන්ධය නැති නිසා රවටා             මුරකාවල්
ඇස් රවටලා ගැසුවා අපි               සුදු ලේබල්


            ***************************
සිරි ලංකා ශ්‍රී නාමේ පවතින             කල්
මෙහි නාමයෙන් බේබද්දන් පුද දේ   මල්
උක් දඬු වලින් ඉමිහිරි කරලා ගෙන   පල්
පෙරලි පෙරලි අපි ගැසුවා බෝතලෙ ගල්



***************************
සුනිමල් පියල් සිරියාවති සහ      බ්‍රෙන්ඩා
මෙහි රස දනී පාගල් පල්සර්     හොන්ඩා
අපෙත් ආයු ගෙන සැමදා     වැජබෙන්ඩා
old arrack නාමය රජ කල        මෙන්ඩා



***************************

අඩියෙන් අඩියට වෙනකොට    මහතුරු
අමතක කරලා ගල වෙත    ගරු      සරු
කලවම් කරලා යුශයක්              පලතුරු
ස්වීඩිෂ් වොඩ්කා ගසනෙමු         සුමිතුරු

***************************

රතු කළු ඇතුලු දේදුන්නේ පාට               අරන්
Walker මොහුයි මත් පැන් ලොව කිරුළු පලන්
යාමට බැරිය දහසක් මගෙ වටින             පයින්
ජොනියා ගැසුවා වෙනකන් අපි       නාග සලන්


***************************
කෙතරම් සුරා තිබුනත් මගෙ මත්    බඳුනේ
පෙර සිට ආපු ආදරයක් මට           හැඟුනේ
සුපුරුදු රසකි ඔබ ළඟ සැමදා           රැඳුනේ
JD වෙතයි මාගේ නම් සිත             බැඳුනේ


***************************

බීමෙන් බීම හොඳ බීමලු කැඳ                    බීම
කරනට හොඳයි මේවායින්                  වැළකීම
ආතල් එකට කෙරුවේ මෙහි              ගුණ කීම
කිසිදින promote නොකරමි මත් පැන්        බීම

16 comments:

  1. As usual another great post!!! Keep it up :D

    ReplyDelete
  2. මේක කොරන්න බෑ බං. උදේ ඉදන් බීගත්තු ගමන්නෙ අද...

    ReplyDelete
    Replies
    1. heehe අද විතරයි බන් හෙට නෑ බොන්නේ :P

      Delete
  3. තිබුනත් ගල් ජේ.ඩි සහ ඔල්ඩි අරක්
    ලැබුනම අතට අලුත්ම රා පොල් කටිටක්
    කවුරැ උනත් සෙටි වෙනවා නැ වෙනසක්
    කොහොම උනත් මත්පැන් නමි විනාශයක්

    ReplyDelete
    Replies
    1. අනිවා මචෝ , අපි මේවට දෙයියා status දුන්නට අනිවා සාපයක් තමයි :) , ඉස්තුති මේ පැත්තේ ආවට සහෝ!

      Delete
  4. අනේ අපොයි කාලයක් කැමා අයිය රා පෙරුව දැන් ගැබා වයින් ස්ටෝස් එකක් දාලා

    ReplyDelete
    Replies
    1. හෙහෙ හැමදාම නෑ සබරේ , අද හෙටම වහන්න ඉන්නේ මේක ;)

      Delete
  5. දන මන පිනන සැම සිත් නිති තුටු කරන
    mind එක off වූ විටදී එය හට පන දුන්න
    සුදු අම දියර රත් පැහැ ලේබලයෙන් එතුන
    යාළුවා ඔබයි මාගේ මේ පද තෝරා දුන්න

    ReplyDelete
    Replies
    1. අරෙ වා භායි වා , ඔයත් මාර වැඩකරුවෙක් නේ , ජාති !!

      Delete
    2. http://liquor.s3.amazonaws.com/wp-content/uploads/2014/05/Smirnoff-Cherry.png

      Delete