බස් නැවතුමේ බසයක් එනතුරු බලාසිටින ගැහැණු - පිරිමි පට්ටියෙන් ඈතට ගිය මගියා දුම්වැටිය මුවේ රුවාගෙන ගිනි පෙට්ටිය අතට ගත්තේය. ගිණි කූර ගිනිපෙට්ටියේ පටිය දිගේ ඔහු ඇතිල්ලුවේ බොහෝ අය කරනා පරිදි ඉස්සරහ අතට නොවේ , පිටුපසටයි. ඕනෑම සැඩ සුලඟක පවා ගිණිකූර නිවා ගන්නේ නැතුව දුම්වැටියක් පත්තු කිරීමට උපකාරී වන මේ විධික්‍රමය ඔහු පුරුදු වූයේ අත්දැකීමෙන්මයි.
දුම්වැටිය කෙමෙන් ඇවිලෙත්ම ඔහු උගුරක් ඇද දුම් රොදක් එලියට පිට කරයි. සිගරැට් ගඳ දැනුණු ගැහැණුන් කීප දෙනෙක් නාසා අකුලවා ගනිති. උපේක්ෂාවෙන් වට පිට සිරි නරඹන මගියා ගැඹුරු දුම් උගුරු කීපයක් සිය පපුවට පුරවා ගනී. දුම් රළ එලියට පිට කරන්නේ තනි කෙලින් දුම් කදම්බයක් යන ආකාරයටයි. පිටවන දුම් රටා වෙත නෙත යොමු කරමින් ඔහු මදකට කල්පනාවක සිරවේ.
"කොට්ටාව කොට්ටාව කොට්ටාව ඔට්ටාව නගින්න නගින්න නගින්න!!"
කඩාගෙන බිඳගෙන පැමිණි බස් රථය ඔහුගේ දැහැන බිඳ දැම්මේය.
"කෝ නගින්න නගින්න ඉක්මන් කරන්න " කොන්දොස්තර ගේ අවසන් නිවේදනය සමගම මගියාගේ හිත කලබලයකින් පිරී යයි. පුළුවන් උපරිම වෙර යොදා අවසාන දුම් උගුරක් අදින ඔහු දුම්වැටිය මහපට ඇඟිල්ල සහ දබර ඇඟිල්ලෙන් අල්ලා , දබර ඇඟිල්ලෙන් පහරක් දී එය වීසි කිරීමට සැරසේ. මේ ආකාරයට දුම්වැටි වීසි කිරීමට ඔහු හුරුවූයේ එය "cool" යයි ඔහු සිතූ බැවිනි! දුම්වැටිය වීසි කිරීමට පෙර මොහොතක් කල්පනා කල ඔහු අදහස වෙනස් කරගත්තාක් මෙන් ඔලුව වනා බාගයක් වත් බී නැති දුම්වැටියේ තවමත් දැල්වෙන ගිනි ගත් කොණ විගහට තම රබර් සෙරප්පුවේ අඩියේ අතුල්ලා එය නිවා දැමුවේය. මේ වනවිටත් ඔහු ගැන බලාපොරොත්තු අතහැර බස් නැවතුමෙන් අද්දමින් තිබූ බස් රථයේ දිව ගොස් එල්ලෙන ගමන් ඔහු නිවුණු දුම්වැටිය සිය කලිසමේ පිටුපස සාක්කුවට දමා ගනී . අකාලයේ නිවුණු දුම්වැටියෙන් නැගෙන කාලකන්ණි දුම් ගඳක් මගියාගේ නැහැයට ද ලාවට දැනේ.
සෑම දෙයක්ම සිදුවූයේ ඉතා කලබලයට ය.
"මහත්තයා කොහෙට ද ??" කොන්දොස්තරවරයා මගියා දෙසට අත පාගෙන සිටී..
'පොඩ්ඩක් ඉන්න' යයි ඔලුවෙන් සන් කල මගියා කලිසමේ ඉදිරිපස සාක්කුව අත පත ගා සල්ලි නෝට්ටු සෙව්වේය. "ආ මල්ලි, පන්නිපිටිය එකයි" ඔහු කොන්දොස්තර වෙතට අත දිගු කරමින් පැවසුවේය. "රුපියල් විස්සයි " කියමින් කොන්දොස්තර මගියා විසින් ලබා දුන් දේ සිය අතට ගෙන ටිකට් මැෂිමට පාරක් දෙකක් කෙටුවේය. ඉන්පසුව එක වරම සිහි එලවා ගත්තාක් මෙන් ඇස් ගෙඩි ලොකු කර ඔහු මගියා දෙස බැලුවේය , මගියා විසින් තම අත මත තැබූ මුදල දෙස බැලුවේය.
"මේ මොකද්ද අයියේ මේ දීල තියෙන්නේ???" හහා , මගියා කොන්දොස්තර මහතාට මුදල් යයි සිතාගෙන දී ඇත්තේ ඔහු සිල්ලර කඩයෙන් මිලට ගත් ගිනි පෙට්ටියයි!
මගියා ගේ මුවගට සිනාවක් නැගුණි. බස් එකේ තෙරපෙමින් සිරවී සිටි මිනිසුන් ද මදකට සිය දුක්බර ගමන අමතක කර "හැක හැක" ගාමින් සිනාවීමට පටන් ගත්හ! මුළු බසයම සිනා හඬින් පිරී ගියේය. අයෙක් මගියාගේ පිටට තට්ටුවක් ද දමා සිනාසෙයි!! හහා !
"කෝ දෙන්න මල්ලි , සොරි " සිනා මුහුණෙන් යුතුව පැවසූ මගියා කොන්දොස්තරවරයාගෙන් නැවතත් ගිනි පෙට්ටිය ඉල්ලගෙන සිය කලිසම් සාක්කුවට දමාගත්තේය.
"මේක පාවිච්චි කරපු එකක් නේ මල්ලි , එක ගිනිකූරක් අඩුයි , මල්ලිට පාඩුයි. රුපියල් විස්සයි නේ ගාණ ? ආ මෙන්න මේ ගිනිපෙට්ටි හතර තියාගන්නකෝ අලුත්ම ඒවා.." මගියා සිය කලිසම් සාක්කුවෙන් අලුත්ම ගිනිපෙට්ටි හතරක් ගෙන කොන්දොස්තරවරයාට දුන්නේය!
මුළු බස් රථයම ව්‍යාකූල බැල්මවල් වලින් පිරී ගියේය. සිනා හඬ කෙමෙන් මැකී ගියේය. මේ සිදුවන්නේ කුමක් ද යයි සිතා ගැනීමට නොහැකිව සැවොම අන්ද මන්ද වූවා වැනියි.
ගිනිපෙට්ටි හතර අතට ගත කොන්දොස්තරවරයා ගිනි පෙට්ටි හතරම සාක්කුවට දමාගෙන අනෙක් අතට හැරී , තවමත් පුදුමයෙන් මේ සිදුවීම දෙස බලා සිටිනා බස් මගී කුට්ටිය අතරින් රිංගා අතුරුදහන් විය. නමුත් ඔහු මගීන් අතරින් ගිය අඩිපාර වත් මැකීයාමට පෙර ඔහු නැවතත් ගිය පාර දිගේම මගියා වෙත කලබලයෙන් ආපසු පැමිණියේ යමක් අමතක වූවා මෙනි..
"මහත්තයා.." ඔහු මගියා ඇමතුවේය..
"ඉතුරු දෙන්න අමතක වුණා නේ.." කොන්දොස්තොරවරයා මගියාට ගිණිකූරු තිහක් දික් කළේය !
බස් රථය නිහඩ විය.