Tuesday, April 7, 2015

Mission Impossible : Nuwaraeliya

අද කතාව කියන්න යන්නේ campus එකේ මාගේ බොක්කේ fit එකක් වන මයිලා ගැනයි .
 ( සැ . යු - මයිලා යනු කතාවේ කතා නායකයා හැඳින්වීමට භාවිත කරන අනවර්ථ නාමයක් මිස , සැබෑ නාමයක් නොවන බව කරුණාවෙන් සලකන්න ).


campus එකේ එකට සිටි කොල්ලන්ගෙන් , මා හා වැඩියෙන්ම ඇරගන්නා , එනමුත් වැඩියෙන්ම fit පොරක් ලෙස මයිලා හැඳින්විය හැක.පාශ්වාත් භාගයේ රෝම කූප ඇත්තා යන අර්ථය දෙන මයිලා යන නම ලද මයිලාගේ , සැබවින්ම පුකේ මයිල් තිබේදැයි කියා මම බලන්නට නොගියත් , උගේ හිතේ නම් කිසිම කහටක් නැති බව මම හොඳාකාරව දනිමි.



කුඩා කල සිටම ප්‍රගුණ කල කොරියන් සටන් කලාවත් , මුල සිට අගට සිය වතාවක් පමණ නැරබූ Bruce Lee ගේ film පහත් නිසා දැඩි moral එකෙන් සිටි මයිලා , යකෙකුටවත් බය නැත. හොස්ස ලඟින් මැස්සෙක් වත් යාම නොරුස්සන හේ , තමාට පොඩි හෝ බයිටක් දැමූවෙකු සමග සටනට එළඹීමට කිසි විටෙකත් පසුබට නොවීය (මේ මාද ඇතුළුව ).මුහුණ පුරා වැවුණු රැවුලත් , හුස්ම හිර වෙන තරමට කිටි කිටියේ ඇඳි body fit ටී ෂර්ටයත් නිසා , මයිලා වෙතින් නිතැතින්ම දිස්වූයේ රෞද්‍ර පෙනුමකි. අයුක්තිය අසාධාරණය නොඉවසන මයිලා , කොයි වෙලාවෙත් dramatic වැඩ කරන නිසාත් , සැම විටම දමන නළු ad නිසාත් කොල්ලන් ඔහුට ආදරේට කියන්නේ "ගාමිණී ෆොන්සේකා" කියා ය. කොල්ලන් ආදරේට එසේ කීවත් , මයිලාට නම් මේ නම ඇසෙන විට මල පනී.



කෙසේ වෙතත් , කෙතරම් මරුසි තිබ්බත් , "මයිලා හෙන හදවතයා" යැයි කව්රුත් පිළිගත් කරුණකි. කොයි කාටත් කරදරයක් වූ විට , මුලින්ම සහයට එන්නේ ඔහුය.කොල්ලෙකුට අමාරුකමක් වූ විටක , තමා හැඳි body fit ටී ෂර්ටය වුවද  තෙල් ගා හෝ ගලවා දෙන තරමට හේ ත්‍යාගශීලීය. මිතුරන් සමග අපායට හෝ යාමට එක පයින් එන , නියම මිතුරෙකි මයිලා. මා පානාගේ මල ගෙදර ගොස් අසනීප වූ විට , පොඩි එකෙක් බලාගන්නා සේ මයිලා මා බලාගත් සැටි මට ලොවෙත් අමතක නොවේ.



මයිලා ගැන මෙම කතාව , මගේ බ්ලොගයේ දාන්නද යැයි මම ඔහුගෙන් විමසු විට , "උඹට පිස්සුද, පුතා? " යැයි හේ ආදරයෙන් මගෙන් විමසීය ( පුතා කියන එක මුලට, හුරු පුරුදු "හු" යන්නෙන් පටන් ගන්නා ස්ත්‍රී ලිංග විශේෂණ පදයක් දැමීමට ද ඔහු අමතක නොකළේය ).නමුත් මගේ බ්ලොගයටයි කියා ඇවිටිලි කල පසු , "ආහ උඹේ වැඩක් නේ , ඕනේ ***ක් කරගනින්" යැයි අවසර දුන්නේය. ( තරු ලකුණු යෙදුණු තැනට , හුරු පුරුදු "හු" යන්නෙන් පටන් ගන්නා නාම පදයක් දැමීමට ද ඔහු අමතක නොකළේය ). ඉතින් මයිලාගේ හිත හොඳ කම ගැන තව කවර කතාද ?



මයිලා ගැන පොතක් ලිවීමට තරම් කීමට කරුණු ඇතත් , අපේ කතාව කීමට ඇති නිසාත් , ඌ ගැන වැඩිය එක එක එව්වා කියා මට දෙක තලාගන්න බැරි නිසාත් , මයිලා ගැන වරුණ මින් pause කොට , කතාවට යොමු වෙමු.



මේ සිදුවීම සිදුවූයේ, campus එකේ අපි එකට සිටි කොල්ලන් set එක , එසේ නැත්තම් campus වහරින් කිවහොත් "ගැට්ට" , අපේ ප්‍රථම වාර්ෂික trip එක ගිය අවස්තාවේදීය.campus එකේ සිටි ගැටි අතරින් , ප්‍රමාණයෙන් විශාලම ගැට්ට වූයේ අපේ set එකය.කොල්ලන් 30කින් පමණකිනුත් , කෙල්ලන් 0 කින් පමණකිනුත් අපේ set එක සමන්විත විය. ( හිටපු උන්ගේ කැ* කම් සැවොම දන්නා නිසා , කෙල්ලන් අපේ සුසුම් පොදක් ගෑවෙන මානයට වත් ලං නොවූහ ). මාගේ set එකේ photo සහ ගෙදර යන එන set දකින අපේ තාත්තා , "ඇයි පුතා , උඹලාගේ set එකේ කෙල්ලෝ නැද්ද?" යයි කියා සැම විටම මගෙන් විමසයි. එවිට , "නෑ තාත්තේ ඉන්නවා,උන්ව ගෙවල් වලින් එවන්නේ නෑ නේ" කියා shape වීම මගේ සිරිතයි. නැත්තම් අසරණ තාත්තා දුක්වේවි පුතා කොලු subject එකේද කියා..



අපගේ ප්‍රථම trip එකට , ගමනාන්තය වශයෙන් අප තෝරාගත්තේ , සකල බෙබාලාගේ මහගෙදර වැනි නුවරඑලිය යයි. රාත්‍රී දෙකක් නුවරඑළියේ guest house එකක බීමෙන් ගත කිරීම අපේ සැලැස්ම විය.Trip එක යන අතරමග නොසැහෙන්න ආතල් සිදුවීම් වුනත් , ඒවා පැවසීම පසුවට කල් තබමි.කොහොමහරි බරියාගේ ( තවත් campus කොල්ලෙක් ) මාමාගේ ලදරම් බස් එකේ , ඇවිදිනා ගානට ගොසින් , යාන්තම් නුවරඑලියට ළඟාවූ අපි , එක රැයක් බීමෙන් ගත කොට , දෙවන සහ අවසාන රාත්‍රියද සර්ව රාත්‍රික බීමෙන් ගත කිරීමට සූදානම් වුනෙමු. 



"cheers" කියා වීදුරු හප්පා රාත්‍රී සාදය ආරම්භ විය.සුද්දන් සේ බීම ඇරඹුවත් , දෙක තුනක් නවාගත් පසු අපේ battalion එක , සතර මහ පෙරනිමිති සහ නලඟනන්ගේ විකාර යන දෙකේම සම්ප්‍රයුක්තය පෙන්නුම් කරන ජෝගි ගුහාවක වෙස් ගත්තේය.කොනක එකෙක් තව එකෙක්ට තෙල් ගසයි , එකෙක් කබර විලේ පිහිනයි , තව එකෙක් කඳුළු සලයි , තවත් එකෙක් වයින් කල හාවෙක් මෙන් වටේම පැන පැන යයි.බීගත් කල වැඩි කලබල නැති මම , පැත්තක ඇන තියාගෙන මේ සියලු විකාර බලාගෙන full මෝල් එකේ සිටියෙමි.



රාත්‍රිය ගතවිය.හෙමින් සීරුවේ එකා දෙන්නා down විය.හොඳ සිහියෙන් හිටි කීප දෙනාද එකා දෙන්නා බැගින් යහන් වලට ඇදෙති. නන්නා පෝල් වෙන්න වැදිලා සිටි මමද හෙමින් සීරුවේ යහන් ගබඩාව වෙත බඩගෑවෙමි.



අපගේ කතා නායක මයිලා නැවතත් කරලියට එන්නේ මේ අවස්ථාවේදීය.තරමක shot එකක් දාගෙන සිටි මයිලා , බඹර පදමින් මත්වී , තමාට උපතින්ම ආ adventure රසය සොයනු පිණිස mission එකක යාමට සැරසෙයි.මේ අවේලාවේ මූ තනියෙන් එලියට ගොස් කුමක් හෝ ජල්තරයක් පටලාගෙන ගම්වාසීන්ගෙන් මන්න පාරක් කාවි යයි බිය වූ අප , ඔහුට ඇතුලට වී සිටිනා ලෙසට දැඩි ලෙස ඇවිටිලි කළෙමු . ( අර විශේෂණ පද දාලා , "පුතේ" කියා ඇමතුවෙමු ).



කෙතරම් කීවත් නාහන මයිලා , තමා කෙසේ හෝ එලියට යන බවත් , තමාගේ පාර වැලකුවොත් එසේ කරන්නාට හිමි වන්නේ මරණය බවත් අවධාරණය කර සිටියේය.මයිලා නාහෙට නාහන ගිණි පුක් කාරයෙක් බව අප දන්නා නිසාත්, දම්වැල් දමාවත් ඔහු නැවතීමට නොහැකි නිසාත් , ඔහු සමග ගහගෙන දිනන්න අප හට ජින්තු නැති නිසාත්, "ඔන්න ඔහේ ගිහින් ඕනේ හු යන්නක් කරගනින්" කියා  අප ඔහුට එලියට යාමට අවසර දුන්නෙමු.


ඔහුගේ ආරක්ෂාවට , නොබොන පින්වතුන් දෙපලක් වන හාවා සහ යාවි , ඔහු සමග යාමට ඉදිරිපත් වුහ. බොන දන අතර ගැවසෙන නොබොන දන ගැන ගුණ කෙතරම් ගැන ගැන කීවත් මදිය. එවන් උතුම් පුරුෂයන් වැනුම පසුවට කල් තබමු. ජාතියේ පිනට පහල වූ නොබොන සත්පුරුෂයන් වූ හාවා සහ යාවි සමඟ , මයිලා ගමනේ පිටත් විය.

එතැන් සිට කතාව මා first person perspective එකක සිට නොදනිමි.කුඩුවෙන්න ගසා සිටි මා , කිරි කිරි බෝලේ සෙල්ලම් කරන්නාක් මෙන් කැරකි කැරකි ගොස් ඇඳට  වැටී නිදාගතිමි.මයිලාගේ වීර වික්‍රමය මා දැනගත්තේ , පසුදා උදේ අවදි වූ පසුවයි.

******************************************************

පෙරදා රාත්‍රියේ adventure එකකට එලියට බට මයිලාගේ master plan එක වී ඇත්තේ , දහවල් ඇවිදින්න ගිය විට දුටු , අප නැවතී සිටි ස්ථානයට නොදුරු ව පිහිටි දොඩම් වත්තකින් දොඩම් සොරකම් කිරීමයි.

මේ සිදුවීම සිදුවන කාලයේ , කරන තරමක් ගොන් වැඩ කරන වයසක පසුවූ අපි , මෙවැනි පොඩි පොඩි සොරකම් වලින් සැහෙන kick එකක් ලැබුවෙමු.දැන් ආපසු හැරී බලද්දී , අපි අන්‍යන්ට සැහෙන්න කරදරයක් වූ බවත් , කරපු වැඩේ පවක් බවත් තේරුනත් , එකල කල පොඩි පොඩි හොරකම් හුදෙක් කොලු කමට මිස කාටවත් අනර්ථයක් පතා කල දෑ නොවේ.


කෙසේ හෝ , පූසෙක් මෙන් agile මයිලා , හාවා සහ යාවි වත්තේ ගේට්ටුව ළඟ මුරට තබා , ගේට්ටුව කෙසේ හෝ විවෘත කරගෙන , "මල්ලිටයි මටයි ගෙඩි දෙකක් ඇති" කියා කියපු එකාට කුද ගහගන්න කියා ,දෝත පුරා දොඩම් නෙලාගෙන ,ඉඩම් හිමියාගේ දෑසට නතු නොවී , සාර්ථක ලෙස නැවතත් වත්තේ ගේට්ටුව ගාවට ජයග්‍රාහී ලෙස පැමිණීය.Mission Accomplished !

කුරුළු පැටවුන්ට කුරුළු අම්මා දොඩම්...sorry... පනුවන් කවන්නා මෙන් ආදරෙන් , තම සගයන්ට ගෙඩි ටික unload කල මයිලා , තම සූක්ෂම දෑතින් ගේට්ටුව නැවතත් තිබු පරිදිම වසා,සගයන් පෙරටු කොටගෙන නැවතත් guest house එකට ඒමට ජයග්‍රාහී ලෙස පිටත් විය.කාටවත් අසු නොවී තමා දුන් සුපිරි ගේම ගැන සතුටු වූ මයිලා , තම robbery හැකියාව ගැන හාවා සහ යාවිට උදම් අනමින් , නූතන Robbin Hood මෙන් අභිමානවත් ලීලාවෙන් ලැගුම් හල වෙත පිය නගයි.

ටික දුරක් තිදෙනා මෙලෙස ආහ, "දැන් ඉතින් හෙට උදේ මේකාගෙන් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නෑ , කරපු වැඩේ කියවයි" ඒ හාවා සහ යාවි.ලැගුම් හල දැන් ඇත්තේ පේන තෙක් මානයේය.

මේ මොකෝ ???එක පාරටම ඉද්ද ගැහුවා සේ කෙලින් වූ මයිලා , තමාගේ කෝෂ යුගලය දොඩම් වත්තේ අමතක කර ආවා මෙන් යමක් මතක් වී , එක්වරම වත්ත දෙසට ආපසු වේගයෙන් දුවයන්නට විය.

"ඕයි මයිලා.කොහෙද යන්නේ??"
"එනවා එනවා හාවා පොඩි scene එකක් අමතක වුනා නේ" දුවන ගමන්ම මයිලා පිළිතුරු දෙයි.


Usain Bolt ගේ වුවද nut ගැලවෙන වේගයෙන් දිවයන මයිලා නැවතීමට , අසරණ හාවා සහ යාවිට හැකියාවක් ලැබුනේ නැත , අතේ ඇති දොඩම් පලදාව නිසා හයියෙන් දුවන්නත් නොහැක.එකට ආපු එකා නිසා මයිලා තනි කිරීමටත් නොහැක. "කමක් නෑ , හෙමින් හෙමින් යමන්කෝ වත්ත පැත්තට" යයි කී හාවා , යාවි සමහ හෙමින් සීරුවේ දොඩම් වත්ත දෙසට පියමන් කළේය.

හාවා සහ යාවි දොඩම් වත්තට ලඟා වන විට , රෑ අඳුරෙන් සැඟවුණු මයිලාගේ චායාව, වත්තේ ගේට්ටුව අසල කුමක්දෝ ලොකු වැඩක.සඳ වලාකුලින් සැඟවුණු අඳුර නිසා එක වර හරියට නොපෙනුනත් , ටිකක් ලංවී බලන විට හාවා සහ යාවි දුටු ඒ බිහිසුණු දසුන කුමක්ද ???

තමාගේ කිටි කිටි body fit ටීෂර්ටය ගලවාගත් මයිලා , ෂර්ට් එකෙන් පන දාගෙන ගේට්ටුව පිහිදමයි !!


මයිලා දත් මිටි කාගෙන ගේට්ටුව මදින ස්වභාවයෙන් තැති ගත් හාවාගේ ඔලුවට එක එක විකාර පහල වෙන්නට විය.මහ රෑ ජාමේ එපා කියද්දී එලියට බට මූට , කඳුරට යකෙක් වත් ගැසුවාද ? එවැනි හොල්මන් කතා ඕනෑ තරම් හාවා අසා ඇත!

ප්‍රමාණයෙන් කුඩා වුවද , හාවා weight lifting ක්‍රීඩාවේ කෙල පැමිණි , ශක්තිමත් පුරුෂයෙකි.ඔහුගේ සහයක යාවිද , campus මල්ලව පොර කණ්ඩායමේ පොර අල්ලන පොර කුකුලෙකි.යක්කුත් ගේමක්ද මුන් දෙපලට!

සිතට දිරි උපදවාගත් හාවා , යක්කු කුණු හරුප කියන විට ඉන්නේ නැති නිසා , කෝකටත් කියා "හු** , මොකද්ද ඔය කරන්නේ" කියා මයිලාගෙන් විමසීය!

එක මොහොතකටවත් තම ව්‍යායාමය නතර නොකළ මයිලා , ගේට්ටුව පිහිදාන ගමන්ම මෙසේ කීය.


"යකෝ මම ඉස්සෙල්ලා ගේට්ටුව ඇරන් ඇතුලට යද්දී , මේ ගේට්ටුව අතින් ඇල්ලුවා!"

"ඉතින්??" ඒ හාවා.

" ඉතින් මගේ finger print තියෙනවා යකෝ මේකේ , මුන් ඒකෙන් මාව අල්ලයි , මම මේ finger print මකනවා යකෝ !!!!"


හද්දා පිටිසර නුවරඑළියේ දොඩම් ගොවියෙක් , තම වත්තට කඩා පැන දොඩම් ගෙඩි 10ක් 15ක් කැඩූ හොරා අල්ලන්ට, CSI එකෙන් ගෙන්වා finger print බලවාවී යයි බියවූ මයිලා , ඉන් ගැලවුනේ ඔහොමයි !






trip එකේදී ගත් විරල photo එකක්

8 comments: