Wednesday, December 2, 2015

Blind Faith

තඩි බඩ සුදු සරමට හැකිලෙන
කඩුව semi automatic ද ?

සල්ලි මිටි කටින් ඩැහැගෙන
කළු කෝට් කපුටන් පියාඹයි
සුදු පාට බෙටි තලි
උඹේ ඔලුවට දාගෙන

පට්ට වයිරෙන් අඹරන්න
දෙවියොත් බලන්නැති දෙවොලට ගිහින්
කිරා දීපන් මට හොඳවයින්
ඇස් පොට්ට උඹේ තරාදියෙන්
රත්තරන් වටින
අමු මිරිස් කිලෝ එකක්


6 comments:

  1. මරු අදහස.. අමුමිරිස් කිලෝ එකත් හරියට කිරයිද කියලා හොදට බලපං..

    ReplyDelete
    Replies
    1. හහා ටන්කු සහෝ . ඔව් බන් ෂුවර් නෑ ඕකුන් සත පහකට

      Delete
  2. දෙකක් නෑ තරාදිය හොර එකක්.

    ‍ජේසුනී
    රැගෙන ගොස් උන්
    නීතියේ තුලාවත්
    මනින්නට බදු කාසී
    එහෙයින්
    උට්ඨාන වනු මැනවි පියානනි
    කුරුසිපත් වන්ට පළමුව
    කලියුගයේ අවසාන
    දුගියාත්

    ReplyDelete
    Replies
    1. නියම වදන සබරේ . මෙහෙම එකකුත් තියෙනවා නේද

      Father, into your hands I commend my spirit
      Father, into your hands
      Why have you forsaken me?
      In your eyes forsaken me
      In your thoughts forsaken me
      In your heart forsaken me

      මේ සින්දුවෙන් අහුලගත්තේ

      http://www.azlyrics.com/lyrics/systemofadown/chopsuey.html

      Delete
  3. හික්ස් දැන් අමුමිරිස් හරි ජනප්‍රිය වෙලානෙ.මොනව උනත් නියම කවිය

    ReplyDelete