Wednesday, August 26, 2015

The Lost Shoe

උදේ සිට සට සට
සද්දයට කරකැවෙන
ජුකී මැෂිමෙන් ගොතපු
සීතාම්බර සළුව,
පොරොවගෙන සීරුවට..

කොහේ හෝ නැති වෙච්ච
කලක් ඈ රසවින්ඳ
විල්ලූද ඇල්ලූ
සපත්තුව යලි රැගෙන
කුමාරයා එනකන්

නපුරු සුපවයිසර්
කුඩම්මා ගෙන් මිදී
වරක් රෑ රස වින්ද 
මාලිගාවට යන්න
කුමාරයා එනකන්...

බස් හෝල්ට් එකෙ බලන්..
සින්ඩරෙල්ලා සිටී
තනි සපත්තුව දමන්..




**********************************************************************


සුපුරුදු පරිදි අදත් වැඩ ඇරිලා ගෙදර ආවේ school van එකේ , ඒ කිව්වේ staff service එකේ. උපරිමටම කාර්යක්ෂමතාව optimize කරපු capitalist කොල්ලෙක් නේ මම , ඒක නිසා van එකේ එන ටිකට වත් මගේ ඇස් දෙක නිරපරාදේ නාස්ති නොකර , පාරේ යන ලස්සන නංගිලා දිහා බල බල යන එක මාගේ සිරිතයි.

මහරගම වැව ආසන්නයේ තියෙන mini garment පුරය හරියටම වාහනේ ආවා සොබා සිරි නරඹ නරඹ ( mini garment පුරේ කිව්වේ ඒ හරියේ garment කීපයක්ම තියෙන නිසා ).


අපේ වාහනේ මහරගම වැව ආසන්නයට ලඟා වෙන වෙලාව වෙනකොට ගොඩක් garment වල වැඩ ඇරෙන වෙලාව. කුවේණි ගේ කාලේ ඉඳන් පැවත එන සන්නාලි පරපුරේ වත්මන් ප්‍රජාව වැල නොකැඩී එලියට එනවා , තමාගේ නවාතැන් වලට යන්න.


කුවේණි ගෙයි අපේ වර්තමාන සන්නාලි නංගිලාගෙයි තියෙන ලොකු වෙනසක් තමයි, එදා කුවේණි කපු කටින්න ඇත්තේ විනෝදාංශයක් විදියට නැත්තම් තේරෙන සිංහලෙන් කිව්වොත් ආතල් එකට.මම එහෙම කියන්නේ ඈ කුමාරිකාවක් නිසා , ඇයට ඕනේ නම් ඔය අපේ රජතුමාලගේ ළමයි කරන්නා වගේ Nissan GTR එකක් කාරිය පැදගෙන ආතල් එකේ ඉන්න තිබ්බනේ,නැද්ද මම කියන්නේ? නමුත් අපේ නංගිලා හිත් පිත් නැති මහන මැෂින් එක්ක ඔට්ටු වෙන්නේ ජීවිතේ රැකගන්න.ගමේ ඉන්න අම්මට මාසේ අන්තිමට සල්ලි කීයක් හරි යවන්න. 
(මුහුදෙන් එහා ඉන්න සුද්දොයි , උන්ට වහල්ලු සපයන අපේ හු*තොයි පෝසත් කරන ගමන්) **


කුවේණිට නම් මහල ඉවරවෙලා ගිහින් chill එකේ ඉන්න මාලිගාවක් තියෙන්න ඇති , තිබ්බද නැද්ද කියල මං දන්නේ නෑ, හැබැයි අපේ නංගිලාට නම් වැඩ ඉවර වෙලා ගිහින් ඉන්න තියෙන්නේ කුකුල් කූඩු වගේ හිර කූඩු වල, මේවට "බෝඩිම්" කියලත් කියනව සමහර ප්‍රාන්ත වල.


කොහොමෙන් කොහොමහරි , අදත් සුපුරුදු පරිදි වාහනේ ඔන්න garment බල ප්‍රදේශය වෙත ලඟා වුනා. වැව අයිනේ පාර දිගේ හනි හනිකට අඩිය තියල එන නංගිලා set එකක් මගේ ඇස ගැටුනා.ඒ අතරේ තමයි ඈ හිටියේ , සින්ඩරෙල්ලා!

බැලුව ගමන් කැපිලා පේන ලස්සන සපත්තු දෙකක් ඈ පය ලාගෙන හිටියා. ඒ සපත්තු දෙක නිසා ඇගේ මිතුරන්ට වඩා වැඩි පෙනුමක් ඈ වෙත ගෙන දුන්නා...ඉතින් ඊට පස්සේ ගැබා ??

ඉතින් ඊට පස්සේ බන් මුකුත් වුනේ නෑ , සින්ඩරෙල්ල අපිව pass කරන් ගියා , අපේ වාහනේ සින්ඩරෙල්ලව pass කරන් ගියා!


ඊට පස්සේ මම කල්පනා කරන්න පටන් ගත්තා... සන්නාලි නංගිලාත් එක්තරා විදියකට සින්ඩරෙල්ල වගේ,ලස්සන සුරංගනා කතාවක අඳුරු මුල් බාගේ හිර වෙලා ඉන්නවා. නපුරු කුඩම්මලා , step sisters ලා වෙනුවට වැඩ පොලේ supervisor ලා , බෝඩිමේ ඇන්ටිලා , මේ ඔක්කොටොම වඩා උන්ට "ගාමන්ට් කෑලි" කියල ලේබල් ගහපු අපි ! මේ හැමෝම අසරණ සින්ඩරෙල්ලව තලනවා. 


( පිලිගනිල්ල කොල්ලනේ , "ගාමන්ට් කෑල්ලක් නේ බන් , ලේසියෙන් talk වෙනවා ඕවා" කියල උඹ ,මම අපි හැමෝම හිතල ඇති අඩු ගානේ වාටි කසන teenage කාලේ හරි )

කොහෙදී හරි නැති වෙච්ච ලස්සන සපත්තුවක් අපේ සින්ඩරෙල්ලටත් තියෙන්න ඇති , කලකට ඉස්සර. ඒ සපත්තුවත් අරන් එයාව මේ අපායෙන් ගලවගන්න prince charming එනකන් සින්ඩරෙල්ල මග බලන් ඇති. ඒ අතරේ , තමන්ගේ සන්නාලි පරපුරේ මුතුන්මිත්තා කුවේණිට වුනා වගේ , තමන්ව රවට්ටලා වැඩේ කරගෙන තමන්ව පන්නල දාන විජේ වගේ පාදඩයොත් සින්ඩරෙල්ලට හම්බ වෙනවා ඇති.ඒ අතින් බැලුවම මම මුලින් කියපු එක වැරදි නේද ? , වර්තමාන සන්නාලි නංගිලාගෙයි කුවේණිගෙයි වැඩි වෙනසක් නෑ එහෙම බැලුවම.

සින්ඩරෙල්ලා , හෙටත් වැව ගාව බස් හෝල්ට් එකේ බලන් ඇති , happy ending එක ඈ සොයන් එනකන්.

** garment ක්ෂේස්තරේ ඉන්න දයාබර පාඨකයෝ අපේ අම්මාව මතක් කරන්න එපා ඔන්න , මම මේ කතා කරන්නේ ඔබලා ගැන නොවේ , "හු" label එක අදාළ වෙන වහල් මුදලාලිලා ගැන.

6 comments:

  1. කවියනම් පට්ට..

    ReplyDelete
    Replies
    1. Yo Yo mr Dinesh , කලකට පස්සේ :) Thank you wewa macho !

      Delete
  2. /කොහෙදී හරි නැති වෙච්ච ලස්සන සපත්තුවක් අපේ සින්ඩරෙල්ලටත් තියෙන්න ඇති , කලකට ඉස්සර../ ..තමන්ගෙ සපත්තුව නැති කරගත්ත සින්ඩරෙල්ලලා උපදවන ආදායමෙන් මේ රටේ ගොඩක් දෙනෙක්ට සපත්තු දාන් ලොකු ලොකු තැන් වල ඇවිදින්න ලැබෙනවා.ඒ ඇවිදින ගමන් හම්බෙන සින්ඩරෙල්ලටට කියල තමන්ගේ සපත්තුව ඔප දාගෙන සින්ඩරෙල්ලට කෙල ගහන් යන සමාජයක නම්බුකාර කොටස් කාරයො තම්යි අපි.....Good one boss

    ReplyDelete
    Replies
    1. ඉස්තුති නයියා :) උඹ මගේ එකක් උපුටලා comment එක පටන් ගත්තට , උඹේ comment එකෙන් කෑල්ලක් උපුටන්න කැමති.

      //තමන්ගෙ සපත්තුව නැති කරගත්ත සින්ඩරෙල්ලලා උපදවන ආදායමෙන් මේ රටේ ගොඩක් දෙනෙක්ට සපත්තු දාන් ලොකු ලොකු තැන් වල ඇවිදින්න ලැබෙනවා//

      ලොවෙත් කතාව ඒක නම් !

      Delete