Saturday, June 20, 2015

ආදරණීය වස්සානේ නොදුටු පැත්ත


යන්තම් ඇති කර වෙලා කර වෙලා හිටපු අපට 
ටිකක් cool වෙන්න වහිනවා මල් වැස්සක්

තව්වේ අමාරුවට apply කල ණය-වර පත
ආදරයෙන් ගෙදරටම ගෙනල්ල දෙනකන්
වැහි බර සැන්දෑවක ගෙදර පිළිකන්නට වෙලා
හිටියා මග බලා rider එන තුරා

"පට්ට වැස්සක් නේ තියෙන්නේ මහත්තයා"
කියාගෙනම රෝද දෙකේ අස්පයා පිට 
නැගුණු කලියුගේ delivery නයිටුවා
මෙන්න ඇවිත් මගේ buying power වැඩි කරන්..

"හොඳයි නේද අයියා මේ වහින එක?
එහෙන් කනින් දාන දාඩිය යන්නත් එක්ක
මට නම් එපා වෙලා හිටියේ පායන කාලේ
දැන් නම් බුදියත හැකි එකෙන්ම ආයේ.."

"වැස්ස හොඳයි ???

..දවස් හතරකින් මට දැන් වැඩක් නෑ..
මේ වැස්සක් නිසා මට card බෙදන්නත් නෑ
ගෙවන්නේ මට බෙදන card ගණනටයි,
දවස් හතරකින් මට දැන් පඩිත් නෑ!"

කැරි වැස්ස!


4 comments:

  1. නරි වැස්ස! :)

    +++++++++++

    ReplyDelete
    Replies
    1. හෙහෙ ආයුබෝවන් බස්සා , සතුටුයි හඳුනාගැනීම ගැන :D

      Delete
  2. ම්ම්..කැරි වැස්ස නම් ඉවරයි ඇදුම් හෝදගන්න ආයිත් ඉතිං හුතු වැස්සක් එනකල් වත් ඉන්න වෙයි..

    ReplyDelete
    Replies
    1. අනිවා අනිවා මචෝ ;)

      Delete