Monday, July 2, 2018

මිරිස් කෑම

මිරිස් කියන්නේ ලංකාවේ අපේ රස නහර පිනවන දිව්‍යමය රස වලින් එකක්. සුද්දෝ හෑස් සූස් ගගා ගම්මිරිස් ඇට කනකොට අපි මිරිස් තලි තලි ගිල දාන්නේ හරිම ආඩම්බරෙන්. හැබැයි මිරිස් වලට තියෙන මේ ආසාවත් අපේ මිරිස් කෑමේ හැකියාව ගැන අපිට තියෙන අධි තක්සේරුවත් නිසා කෙල වෙච්ච අවස්තාවක් තමයි මේ කියන්න යන්නේ.

මම රස්සාව කරන්නේ කෝඩ් බාස් කෙනෙක් විදියට ( ඒ කිව්වේ සොෆ්ට්වෙයාර් එන්ජිනියර් කෙනෙක් , හැබැයි අපි කරන එන්ජිනියර් ලබ්බක් නෑ , කෝඩ් බාසුන්නැහේ වැඩේ තමයි කරන්නේ ). මම වැඩ කරන වැඩ පොලේ මව් සමාගම ස්වීඩිෂ්. ඉතින් වැඩපලේ ප්‍රොජෙක්ට් එකකට මටත් ස්වීඩන් යන්න ලැබුණා, මම උපන්තේකට ප්ලේන් එකක ගියේ එදා තමයි. මාත් එක්ක අපේ ටීම් එකේම වැඩ කරන ශනිලත් ආවා , ඌ තමයි ගමන පුරාවටම මාව ඇහැක් විදියට බලාගත්තේ ( ඌ රට රට වල කරක් ගහපු පිට්බුල් වගේ මිස්ටර් ඉන්ටර්නැෂනල් පොරක් ). මෙන්න කෝඩුකාර මාව බලාගත්තට ශනිලට උම්මා එකක් :* .

දන්නවනේ අපි ඉතින් දඹුලු ගියොත් තලගොයි මරාගෙන තලගොයි ජාඩි , අච්චාරු ඒ විතරක් නෙමෙයි තලගොයි ජෑමුත් දාගෙන එන උන් කියලා. මේ වගේ රට රාජ්ජෙක ආයේ කවදා යන්නද කියලා හිතිච්ච තුන් වන ලෝකේ මානසිකත්වේ නිසාම රටට ගොඩ බහින්නත් කලින් අපි හොයලා බැලුවේ මොනාද එහෙ ඉන්න ටිකේ අපිට කරන්න , බලන්න පුළුවන් දේවල් කියලා. ලොකු කාලෙකට ඉන්නෙත් නෑ සති දෙකයි අපි රටේ හිටියේ , අපිට ෆ්‍රී තිබ්බේ එක වීක්එන්ඩ් එකයි. ඒ කාලෙ ඉඳලම මගේ ලොකු ආසාවක් තිබ්බ ඇම්ස්ටර්ඩෑම් යන්න. වෙන මොකටවත් නෙමෙයි මම කොහොමත් ට්‍රැවල් කරන්න පොඩ්ඩක් වත් ආස කොල්ලෙක් නෙමෙයි, මට ඇම්ස්ටර්ඩෑම් යන්න ආසාව ඇති වුනේ එහෙ ගිහිල්ලා ආපු උන් කියපු විස්තර අහලා ! නානා ප්‍රකාර ගංජා ඉස්ටැම්ප් පිල් බඩු මේ ඔක්කොම ගහන්න තමයි මට ඕනේ කම තිබ්බේ :D ( ආයේ තව බොළඳ ආසාවක් තිබ්බා ඇම්ස්ටර්ඩෑම් වල පාරක ඇවිදන් යද්දී ආර්මින් වෑන් බියුරන් වත් හම්බුනොත් කියලා , අනේ අම්මප අපි වගේ බොළඳ ගෙරියෝ). ඔය නිසා අපි මුලින්ම බැලුවේ අපිට ස්වීඩන් ඉඳන් ලාබෙට ඇම්ස්ටර්ඩෑම් යන්න පුලුවන්ද කියලා. නමුත් අපි ගියේ සමර් එකේ නිසා ටිකට් පට්ට ගණන් ! ඒක නිසා ඒ අදහස අත ඇරියා. ඇම්ස්ටර්ඩෑම් යාමේ සිහිනය බොඳ වුණා..ඊට පස්සේ ශනිලට ගණදෙවි නුවණ පහල වෙලා ගූගල් කරලා බැලුවා සමර් ෆෙස්ටිවල් මොනාද ලඟපාත තියෙන්නේ කියලා..


කියන්න සතුටුයි මිත්‍රවරුනි අපි ස්වීඩන් වල හිටපු ටවුම ළඟපාතම සුපිරි ෆෙස්ටිවල් එකක් තියෙනවා කියලා ගූගල් දෙයියා පෙන්නුවා! ආයේ සුපිරි බෑන්ඩ් , dj ල ටිකක් ගහන එකක්. ෆෙස්ටිවල් එකක් කියන්නේ ඔය ටුමොරෝලෑන්ඩ් , වාකන් වගේ දවස් දෙක තුනක් එක දිගට තියෙන සංගීත ප්‍රසංග. මහ විසාල පිට්ටනි යායක තමයි වැඩේ තියෙන්නේ. සුදු කෙල්ලෝ කොල්ලෝ සාමාන්‍යයෙන් ඕවට ඇවිත් පොඩි කෑම්ප් එකක් අටෝ ගන්නවා. ඒ අටෝගන්න කූඩාරම් වල තමයි උන් ෆෙස්ටිවල් එක ඉවරවෙනකන් ඉන්නේ. ඒවා ඇතුලේ වෙන ඒවා ඉතින් කියන්න ඕනේ නෑ නේ , දිස්කේඅම්මටදික්කසාදේ තමයි !


මම කොලු කාලෙ ඉඳන්ම ආදරේ කරපු සහ ලයිව් බලන්න හීන මවපු ලැම්බ් ඔෆ් ගෝඩ් , ආර්ච් එනමි වගේ මෙටල් බෑන්ඩ්.. ලොකුවට ආසා නොකලත් නම් ගම් අහලා තිබ්බ ඩේඩ් මවුස් , ස්ටීව් ඈයෝකි , රොබින් ෂුල්ස් , මටෝමා වගේ dj ලා.. මේ ඔක්කොම ඔය කියන ෆෙස්ටිවල් සංගීතෙට බහිනවා කියලා දාලා තිබ්බ නිසා අපි දෙවරක් හිතන්නේ නැතුව දවස් දෙකකටම ෆෙස්ටිවල් ටිකට් ගත්තා.. ඒ දවස් වලම ස්වීඩන් ඇවිල්ලා හිටපු ලංකාවේ අපේ ඔෆිස් එකේ ආතල් බුවෙක් වන කසුන් මානවඩුවත් අපේ ගමනට සෙට් වුණා.. ඔන්න දැන් තුන් දෙනා එක්ක ෆෙස්ටිවල් යන්න ලෑස්තිය.. මමයි ශනිලයි මානවඩුවයි!


අපි දවස් දෙකකට ටිකට් ගත්ත නේ , හැබැයි පලවෙනි දවසේ ගියේ මායි ශනිලයි විතරයි , මානවඩුවට එදා මොකක් හරි වැඩක්. ෆෙස්ටිවල් එකට යන එන ගමන් සහ ගිහිල්ලත් මරු මරු සීන් වුණා ඉතින් , ඒවා පසුවට කියන්නම්.. කොහොමහරි පලවෙනි දවසේ සංගීතෙට ගිහින් අපි ඉගෙන ගත්ත පාඩම තමයි ෆෙස්ටිවල් එක ඇතුලේ අරක්කු පට්ට ගණන් කියන එක ! ලංකාවේ ගල් පොල් බ්ලැක් ඔපල් ඩබල් ඩිස්ටිල් ඕල්ඩ් රිවස් ගහපු අපිට සුද්දන්ගේ සීයට හතරේ හුජ්ජ බියරුයි , රෙඩ් බුල් කෑන් එකක්ම සැන්ඩි කොරලා දෙන වොඩ්කා විසිපහේ ෂොට් එකයි ගෑවෙන්නවත් මදි ! ඒක නිසා දෙවෙනි දවසේ අපි තීරණේ කොලා ගෙදරින් අරක්කු අරං යන්න කියලා.. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ ෆෙස්ටිවල් එකට පිටින් අරක්කු ගෙන ඒම සපුරා තහනම් ! ගේට්ටුවලින් ඇතුලට ගන්නකොට චෙක් කොරලා තමයි ගන්නේ.. හැබැයි එහෙම කියලා අපි සැලුනද නෑ පින්වතුනි ! මහබැංකුවත් කොල්ල කාපු ඉතාලියට බෝට්ටුවෙන් ගියපු සව්දි අරාබියෙත් කසිප්පු පෙරපු ඉස්කෝලෙන් හොරෙන් පැනපු අභිමානවත් ජාතියකින් පැවත එන මිනිස්සු නේ බොලව් අපි ! ඒක නිසා අපි තීරණේ කළා දෙවැනි දවසේ ෆෙස්ටිවල් එක ඇතුලට හොරෙන් අරක්කු අරං යන්න !


ඔන්න ෆෙස්ටිවල් එකට යන දෙවෙනි දවස උදා වුණා.. මායි ශනිලයි හිටියේ එක ගෙදර ඒක නිසා අපි දෙන්නා හිමිදිරි පාන්දරම ඇහැරුණා.. ඇහැරිලා කෑම ටිකක් ඉව්වා.. ටික වෙලාවකින් අපේ ගෙදරට නුදුරින් හෝටලේක නැවතිලා හිටපු මානවඩුවත් කුලියට ගත්ත පුස් බයිසිකලේක නැගලා අපේ ගෙදරට සැපත් වුණා.. මේ උදේ 9ට 10ට විතර ඇති වෙලාව.. තුන් දෙනා එක්ක උදේට කාලා.. වාඩි වුණා පොඩි මේසෙකට.. ගත්තා ජැක් ඩැනියෙල්ස් බෝතල් දෙකක්.. ගුඩු ගුඩු ගාලා පුළුවන් තරම ගහ ගත්තා ගෙදර ඉඳන්ම ! අම්මපා ඒ ලෙවල් වලට පාඩම් කරන්නවත් තිබ්බේ නෑ මෙච්චර උනන්දුවක්..


ඊට පස්සේ ඉතුරු අරක්කු ටික පොඩි පොඩි කෝක් බෝතල් වලට දාලා සකස් කරගත්තා.. ඒ ටික හැංගුවේ අපි අතරින් හොර වැඩ වලට වැඩිම එක්ස්පීරියන්ස් එකක් තිබ්බ මගේ බෑග් එකේ ! එක බෝතලයක් ඉනෙත් ගහගත්තා ශේප් එකේ.. කොහොමහරි අපි තුන් දෙනා ගෙදරින් එලියට බැස්සේ ඇමරිකාවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දෙන්න යන අයි-එස්-අයි-එස් කාරයෝ තුන් දෙනෙක් වගේ ඇඟ වටේම පොඩි පොඩි බෝතල් වල අරක්කු හංගගෙන !


අපි ෆෙස්ටිවල් එකට ගියේ කෝච්චියක.. ඒ යන ගමනුත් කෝක් බෝතලයක් විතර හිස් කළා.. ඊට පස්සේ ෆෙස්ටිවල් බූමියට ලඟා වෙලා ගේට්ටුව පෙනෙන නොපෙනෙන මානෙට ඇවිත් තව බෝතලයක් ගැසුවා.. දැන් අපේ ළඟ ඉතුරු වෙලා තිබ්බේ තව අරක්කු පොඩ්ඩයි.. හැබැයි උදේ ඉඳන්ම බීගෙන ආපු නිසා අපිට නාග සලන් වෙන්න වැදිලා තිබ්බේ ! අරක්කු වලින් අපිට ලැබිලා තිබ්බ ආත්ම විශ්වාසෙ හින්දමද මන්දා සිකුරිටි එකේ හිටපු මහත සුදු අක්කගේ ඇහැට වැලි ගහලා වැඩි අමාරුවක් නැතුව අපි හංගගෙන ආපු අරක්කු බෝතල් ටික ඇතුලට පන්නගන්න අපිට පුළුවන් වුණා... ඇතුලට ගියාට පස්සේ ඉතින් ආතල් විමානේ තමයි! අරක්කු වලින් ගහපු පවර් ප්ලේ එක නිසා ඇඟට ලැබිච්ච කරන්ට් එක ඇතුලේ තිබ්බ සීයට හතරේ හුජ්ජ බියර් වලින් වුණත් ගානකට තියන් යන්න පුළුවන් වුණා.. ඒ අතරේ රොබින් ෂුල්ස් සිරා සෙට් එකක් ගැහුවා.. ඉටිකිරිස් සුදු නම්කිලාගේ ඇඟේ ගෑවී ගෑවී, බියර් සිගරට් සහ අපි හංගගෙන ආපු අරක්කු බිබී, රොබින් ෂුල්ස් ගේ බොක්කට වදින සංගීතෙට නටලා අපේ වෙරි මත උපරිමේටම ගියා !

රොබින් ෂුල්ස් ගේ සෙට් එක නිමා වුණා.. ඊළඟ සංගීතේ පටන් ගන්න තව වෙලා තිබ්බ නිසා අපි ගියා ෆෙස්ටිවල් භූමියේ තිබ්බ කඩපිල් දිහාට.. අර ඉස්කෝලේ කාර්නිවල් එකේ වගේ විවිධ කෑම ජාති බීම ජාති තියෙන පොඩි පොඩි ස්ටෝල්ස් පෝලිමට තියෙනවා.. කොහොමහරි මේ වෙලාව වෙනකොට මට හොඳටම වැදිලා තිබ්බේ.. ඒ ටිකේ මම පුදුම සිගරට් බීමක් බිව්වේ ( කොච්චරද කියනවනම් ස්වීඩන් වල හිටපු දවස් 10ට මම සිගරට් 200 කාර්ටන් එකකින් සිගරට් 180ක්ම ඉවර කරලා ) , මා එක්ක ආපු අනිත් උන් දෙන්න දුම් නොබොන අය ඒ නිසාද කොහෙද උන්ට මට තරම් වැදිලා නෑ.. හැබැයි මට නම් පුක් වෙන්න වැදිලා හීනෙන් පා වෙලා වගේ තමයි ඇවිදගෙන ගියේ..

අපි තුන්දෙනා කඩපිල් දිහා බල බල යනවා මතකයි ලාවට වගේ.. ඒ අතරින් එක කඩයක් ළඟ අපි නැවතුනා.. ඒ කඩේ හිටපු මුදලාලි එක්ක අපේ මානවඩුවා කතා කරනවා මට දැන් වෙරිමරගාතේ පේනවා.. මෙන්න ටික වෙලාවකින් මූ එනවා දඩ මිරිස් කරලක් උස්සගෙන මගේ ලඟට..


“අඩෝ.. මේක කෑවොත්.. ෆ්‍රී බර්ගර් දෙකක් හම්බවෙනවා.. උඹට කන්න පුළුවන් ද ?” මානවඩුවා මට මිරිස් කරල දික් කරලා කියනවා මට හීනෙන් වගේ ඇහුණා. අම්මට හුඩු මිරිස් කන්න බැරි මොකෝ ඩෝ අපිට ! අපි මිරිස් ගල් පිටින් කාපු ලංකාවේ වීර පුරුසයෝ ! “අයියන්ඩී බිය නොවන්න , මිරිස් කන හැටි මම පෙන්වන්නම්!” කියලා වීර මාලිංග බණ්ඩාර වගේ මම ගත්තා මිරිස් කරල අතට..


බැලු බැල්මට මාළු මිරිස් කරලක් වගේ මට වෙරි මරගාතේ පෙනුනේ.. මම මිරිස් කරල කඩේ හිටපු සුද්දටත් උස්සලා පෙන්නලා “මේක මට ගේමක් නෑ ඩෝ” වගේ හෙන පඩ ඇඩ් එකකුත් උට දාලා “චරාස්: ගාලා කෑවා මිරිස් කරලෙන් විතර බාගයක් විතර එක කටටම ! අපේ කොල්ලෝ දෙන්නයි බර්ගර් කඩේ සුද්දයි උඩ පැනගෙන දැන් මට හුරේ දානවා.. අප්පුඩි ගහනවා.. මටත් ඉතින් ඒකට පට්ට මොරාල්..අර එකොළහ වසරේ ලිට්‍රිචර් පොතේ කවියකුත් තිබ්බේ valour එක නිසා නයිට් කෙනෙක් කෙලෝ ගත්ත සීන් එකක් ! මටත් ඉතින් ඒකම වුණා ! අරුන්ගේ හුරේ දැමිල්ලට ෆෝර්ම් වෙලා මම මිරිස් කෑල්ලේ ඉතුරු බාගෙත් “චරස් චරස්” ගාලා හපලා ගිලලා දැම්මා ! ඉතුරු වුනේ නැට්ට විතරයි.. ඒකත් සුද්දට පෙන්නලා හෙන පඩ ඇඩ් එකක් දැම්මා.. දැන් මම අභියෝගේ දිනුම්! මිරිස් කරල කාපු නිසා අපිට ෆ්‍රී බර්ගර් හම්බුනා.. හැබැයි මගේ ජයග්‍රහණයේ සතුට මට විඳින්න හම්බ වුනේ නෑ..


මගේ බඩ සීග්‍රයෙන් රත්වීගෙන එනවා දැනුනා.. මුළු ඇඟම ගිනිගන්නවා වගේ හැගීමක් ආවා.. එක පාරටම...පොල්ලෙන් ගැහුවා වගේ බඩ පතුලෙන්ම මහ පොලොව ගුගුරවාගෙන ආවා කියහන්කෝ අපායේ ගිණි දැල් වගේ කැරි මිරිස් සැරක් ! උදේ ඉඳන් බීපු ලීටර් ගානක අරක්කු බියර් වල මත කොහෙන් ගියාද නෑ ! මගේ ඔලුවත් එක්ක තක්කු මුක්කු වෙලා යන පට්ට සැරක් ආවා ! සැර ඉවසගන්න බැරුව මම ළඟ තිබ්බ කුණු බක්කියක් ගාවට ගිහින් “බුවෑක්” ගලා වමනේ කළා රතුම රතු පාටට ලුණු මිරිස් වගේ තලියක් ගියා කබරයා ! ශනිලයි මානවඩුවයි මාව අල්ලාගෙන “ඒ මොකද වුනේ බං” අහනවා.. මගේ දිව ගිනිගන්නවා මිරිස් සැරට.. ඔන්න ඔය වෙලාවේ තමයි පින්වතුනි සුද්දන්ගේ දේශය දෙදරවාගෙන හෙළ සිංහයාගේ කටහඬ අවදි වුණේ..




“අම්මට හු*කන්ඩ......”

“සැරයි හු*.......තෝ..”

“මොනාද පකෝ මට කැව්වේ??????”

මම මකරෙක් වගේ කටෙන් මිරිස් සැර ගිනිදැල් විද විද කුනුහම්බ පලනවා ! සුද්දොත් එකා දෙන්නා හැරී හැරී බලනවා...

“ඒ උඹට වතුර ටිකක් දෙන්න ද ..?”

“වතුර නෙමෙයි හු*තෝ..... මට අයිස් ක්‍රීම් එකක් ඕනේ...
“මට අයිස් ක්‍රීම් ඕනේ හුත්තෝ!!!!!!!!”
“මට අයිස් ක්‍රීම් එකක් අරං දීපිය අම්මට හු*න්නේ නැතුව......”

“මට ඉන්න බෑ යකෝ දැවිල්ලයි !!!”

ස්වීඩිෂ් සමර් එකේ ශ්‍රී ලංකන් කුණුහරුප වරුසාවයි !

“හරි හරි බං පොඩ්ඩක් හිටහන්” මගේ දුක දැකපු මානවඩුවා දුවලා ගියා අයිස්ක්‍රීම් කඩයක් පැත්තට.. ඌ එතනට ගියාම එතන දඩ පෝලිමක් ලු ! දන්නවනේ සුද්දෝ , උන්ට පෝලිම පනිනවා කියන්නේ මාරාන්තික ලෙස මල පනින වැඩක්.. කොහොමහරි මානවඩුවා පෝලිමේ ඉස්සරහම හිටපු සුද්දා ලඟට ගිහින් උට කියලා “සර් මගේ යාලුවට හොඳටම අමාරුයි.. මම පෝලිම පැන්නට කමක් නැද්ද..” කියලා.. සුද්දගෙත් හිත උණු වෙලා මුට අයිස් ක්‍රීම් ගන්න චාන්ස් එක දීල.. අයිස් ක්‍රීම් කිව්වට අයිස් ක්‍රීම් නෙමෙයි මොකද්ද මන්දා අයිස් කැට වලට පැණි රස දාපු හුත්තක්.. කොහොමහරි ඒක කාලා මගේ කට දැවිල්ල සුව වුණා.. හැබැයි ඉතින් උදේ ඉඳන්ම සැහෙන්න මහන්සියක් දරල බීපු අරක්කු ඔක්කොගෙම වෙරි බැස්සා අර පොඩි මිරිස් කරලක් නිසා.. මානවඩුවත් හෙන අවුල මට මිරිස් කරල කැව්වට.. අවුලක් නෑ මම පණපිටින් නේ..


අපි තුන් දෙනාම වෙච්ච වැඩේට හිනා වෙවී බර්ගර් කඩේ පැත්තට ගියා කඩේ බුවා එක්ක කතා කරන්න.. කොහොමහරි අන්තිමට අපිට ෆ්‍රී හම්බවෙච්ච බර්ගර් වල වටිනාකමට වඩා වැඩි ගානක් වියදම් වුණා අර අයිස් පලන් ටික ගන්න.. ෆ්‍රී බර්ගර් වලට පෙරේත කමට මිරිස් කෑවට වැඩේ ඕවරෝල් අපිට පාඩුයි :D..

ඒ ඔක්ක්කොමත් හරි.. බර්ගර් කඩේ සුද්දට කතා කරන්න ගියාම ඌ මට පහක් දාලා පපුව දීලා කියපි..

“තමුසේ වගේ මිනිහෙක් නම් මම කවදාවත් දැකලා නෑ ඕයි..” කියලා

ඒ ඇයි ඇහුවම ඌ කියපු එකට තමයි මගේ පපුව දෙවෙනි පාරටත් හෝස් ගාලා පිච්චිලා ගියේ..

“නෑ මේ චැලේන්ජ් එක දිනන්න කන්න ඕනේ මිරිස් කෑල්ලෙන් එක කටක් විතරයි.. තමුසේ මුළු මිරිස් කරලම කෑවා නේ ඕයි !!!”

පහල තියෙන්නේ පොරත් එක්ක ගහපු ෆොටෝ එකක් :D.


9 comments:

  1. Ela ela kiyawanakota hina gihilla huggath giya huththo

    ReplyDelete
  2. අම්බො කැ* ආතල්

    ReplyDelete
  3. Replies
    1. Haha kohomada meter wune?

      Delete
    2. ශනිල් ඉන්නේ IFS බව නොදන්නා කෙනෙක් සිටීද?

      Delete
    3. haha a kiyanne oyath IFS wage ? :)

      Delete
  4. "කොලු කාලෙ ඉඳන්ම ආදරේ කරපු සහ ලයිව් බලන්න හීන මවපු ලැම්බ් ඔෆ් ගෝඩ් , ආර්ච් එනමි වගේ මෙටල් බෑන්ඩ් " <3 <3 " නානා ප්‍රකාර ගංජා ඉස්ටැම්ප් පිල් බඩු මේ ඔක්කොම ගහන්න තමයි මට ඕනේ කම තිබ්බේ :D" <3 <3

    ReplyDelete