Wednesday, July 17, 2019

ගල් ෂෝර්ට

ඔන්න කොල්ලෝ සෙට් එකක් බාර් එකක බොනවලු. ඔය අතරින් එක කොල්ලෙක් එදා ඇඳන් ඇවිල්ලා තියන්නේ කොටම කොට ගල් ෂෝර්ටක්.. මේ ගල් ෂෝර්ට ඇඳගෙන මූ නිකන් ඉන්නෙත් නෑ. මේස උඩ වාඩි වෙනවා , වටේම ඇවිදිනවා , ගල් දෙක වටේටම අතුල්ලනවා , වටේම ඉන්න උන්ට බලන් ඉන්න හිරිකිතයි ලු.. මූ ගල් ෂෝර්ට පිටින් මේසයක් උඩ වාඩි වෙලා ඉන්නවා මුගේ අහවල් දෙක කලිසම යටින් තාලම්පට ගහන්න එලියට පනින්න හදනවා , එච්චරට කොටයි !

"මේ අපි තව බයිට් එකක් දාමුද ?" ඔන්න ගල් ෂෝර්ටා ආයෙත් ගල් දෙක එළියේ දාගෙන මේසයක් උඩ වාඩි වෙලා ඇහුවල


ඔය වෙලාවේ තමයි ගල් වන්නම බලන් ඉඳල බලන් ඉඳල ඇති වෙච්ච එකෙක් ගේ රතු කට්ට පැන්නේ ...


"හරි ගේමු, ඒ අයියේ පොඩ්ඩක් එන්නකෝ " රතු කට්ට පැනපු එකා දත්මිටි කාගෙන වේටර් අයියට කතා කළා..

"සර්..."

"අයියේ අපිට ගේන්නකෝ ඔම්ලට් එකකුයි බෙඩ් ශීට් එකකුයි.."

"බෙඩ් ශීට් එකක් ????? හෑ .... ඒ මොකටද සර් ඒ ???" වේටර් විතරක් නෙමෙයි වටේ හිටපු කොල්ලෝ ඔක්කොම තක්කු මුක්කු වෙලා බැලුවලු ..

"ඔම්ලට් එක බයිට් එකට..බෙඩ් ශීට් එක මෙන්න මුගේ ගල් දෙක වහන්න !!!"

( සත්‍ය කතාවකි , නම්බුව රැකීම උදෙසා ගල් ෂෝර්ටා ගේ නම සඳහන් නොකරමි)



No comments:

Post a Comment