නිකන් ඉන්න එකේ මගේ එදිනෙදා ජීවිතයේ වෙන දේවල් මේකට ලියන්න හිතුනා, බිකෝස් අයිම් ඇන් ඇටෙන්ෂන් හෝර්. මේ ඊයේ වුනු දෙයක්.
මේ දවස් වල මම දවල්ට කන්නේ සැලඩ් ( ඔව් උඹලට ඇහුන දේ හරි ) . ඉස්සර ආලවකයා වගේ ගම් නියම් ගම් පිටින් ගිල දාපු මම මේ වගේ වෙනසකට යොමු වුණේ මගේ බර කිලෝ 105කුත් වෙන්න ආපු නිසාත් , බස් එකට පන්නිපිටියෙන් දුවල නැග්ගම කොටුව වෙනකන්ම හති නිසාත් , හස්ත කරුමාන්තය හැරුණු කොට ඇඟට වෙන වියායාමයක් නැති නිසාත් තමයි.
මම සැලඩ් එක ගන්නේ හයිඩ් පාර්ක් ආර්පිකෝ එකෙන් , ඒක තමයි මම හිතන විදියට මුළු කොළඹම අඩු මිලකට සැලඩ් එකක් තියෙන එකම තැන. රුපියල් දෙසීයයි. අනිත් තැන් වල 500 600 1000 ත් වෙනවා. ( කව්රු හරි ඉන්නවනම් සහන මිලට healthy කෑම බිස්නස් එකක් කරන්න පුළුවන් ඔන්න හොඳ අවස්තාවක් තියෙනවා ).
හරි මම කිය කිය හිටියා වගේ මම ඊයෙත් සුපුරුදු පරිදි ආර්පිකෝ එකට ගියා , ඊයේ ටිකක් පරක්කු වෙලා ගියේ වැඩ වගයක් තිබුණු නිසා. යනකොට එතන කැරි සෙනග. මමත් ඉතින් පෝලිම පනින්නේ නැතුව මගේ වාරය එනකන් හෙන වෙලාවක් බලාගෙන ඉඳලා මගේ සැලඩ් එක දාගත්තා. ආර්පිකෝ එකේ සැලඩ් දාලා දෙන්නේ පොඩි ප්ලාස්ටික් කෝප්පයකට. කට පිරෙන්නම සැලඩ් දාලා මූඩිය ලෝක අමාරුවෙන් තද කරන සැලඩ් බාර් එකේ මල්ලි , වැඩි හොඳට ඒ ප්ලාස්ටික් කෝප්පේ ෂොපින් බෑග් එකකටත් දාලා තමයි සාමාන්‍යයෙන් අපේ අතට දෙන්නේ. මමත් සාමාන්‍යයෙන් ෂොපින් බෑග් එකත් එක්කම තමයි සැලඩ් එක ගන්නේ , හැබැයි මේ කියන දවසේ මට හිතුනා හොඳ පුරවැසියෙක් වශයෙන් පරිසරය සුරැකීම මගේ වගකීමක් නිසා මේ ෂොපින් බෑග් එක එපා කියන්න. මොකෝ අපි පාවිච්චි කරන එක පුංචි ෂොපින් බෑග් එකක් වුණත් මේ රට තවත් මීතොටමුල්ලක් කරන්න දායක වෙන නිසා.
ඒක නිසා සැලඩ් බාර් එකේ මල්ලි ෂොපින් බෑග් රෝලෙන් බෑග් එකක් කඩලා ගන්න හදනකොටම මම රජිනිකාන්ත් වගේ අත දික් කරලා
"මල්ලි!!!"
කියලා
ගාමිණී ෆොන්සේකා වගේ
"එපා..." කිව්වා...
මල්ලිත් "අයියා ඔයා.. මයි හීරෝ....." කියන්න වගේ මගේ දිහන් බලන් හිටියා..
මම කෝප්පේ උගේ අතින් අරගෙන කව්බෝයි කෙනෙක් වගේ උට පොඩි නොඩ් එකකුත් දීලා තමයි එතනින් ආවේ..
ෂොපින් බෑග් එක එපා කියපු කුසල කර්මයෙන් ප්‍රීති සිත් පහල කරගෙන මම ආර්පිකෝ එකේ ඉඳන් ආපහු ඔෆිස් එක පැත්තට ඇවිදගෙන ආවේ හෙන චූන් එකේ . හරියට නිකන් අර රතු හැට්ටකාරී ආච්චිට කෑම බාස්කට් එක අරගෙන කැලේ මැදින් උඩ පැන පැන දෙපැත්තට වැනි වැනි ගියා වගේ මමත් සැලඩ් කෝප්පේ වන වන ඔන්න දැන් එනවා. වෙනදට මම මේ ටික ඇවිදින්නේ ඒ වෙලාවට ගිණි බෝලයක් වගේ රත්වෙලා අපිව පුච්චන ඉරේ අම්මවත් මතක් කර කර. ඒත් පරිසරේ බේරගන්න මම කරපු පුංචි වුණත් ඒ උතුම් දායකත්වේ නිසා මට අද කිසිම අව්වක් දැනුනේ නෑ.
ඉතින් මම ඔහොම රතු හැට්ටකාරී සීන් එකේ උඩ පැන පැන සැලඩ් එකත් අරන් යනකොට මගේ ඉස්සරහින් පාරේ කෙල්ලෙක් එනවා වන වන දෙපැත්තට. මම ඉතින් ඒකි දිහා වැඩිය බලන්න ගියේ නෑ මොකෝ මගේ හිත පරිසරය ආරක්ෂා කරපු සතුටින් පිරිලා ඉතිරිලා ගිහිං තිබුණු නිසා නැතුව මගේ වලත්තකමේ අඩුවක් වෙලා හෙම නෙමෙයි හාහ්. මම ඒ ගෑණි දිහා වැඩිය ෆෝකස් කරන්නේ නැතුව අනිත් පැත්ත බලාගෙන ගියේ මට නුදුරින්ම පාර පනින්න තිබ්බ නිසා.. ඒක තමයි මම කරපු ලොකුම වැරැද්ද..
මේ ගෑණි බුල්ඩෝසරේ වගේ ඇවිත් මගේ ඇගේ හැපුණා කියහන්කෝ "දොහ්" ගාලා ! "හුක්.." කියලා මගේ කටින් සුපුරුදු වචනේ පැන්නා.. ඒත් එක්කම මගේ අතේ තිබ්බ සැලඩ් එක මගේ අතින් ගිලිහිලා "රූං...." ගාලා අවකාශය හරහා විසික් වෙලා ගිහිං බිම වැටුණා! මේ ඔක්කොම මට පෙන්නේ දැන් ස්ලෝව් මෝෂන් වලින්.. ස්ලෝව් මෝෂන් වලින් බිමට වැටිච්ච සැලඩ් කෝප්පේ මූඩිය බිම වැටිච්ච පාරට ගැලවිලා විසික් වුණා.. හෙමී...ට කට වෙනකන්ම තද වෙලා තිබ්බ චිකන් සැලඩ් එකෙන් බාගයක්ම මල ජරා පේමන්ට් එක උඩට හැලුණා...
"ඇ...ස්...පේ...න්...නේ...නැ...ද්...ද..හුත්..." "..තියේ.." කියලා මම ස්ලෝව් මෝෂන් වලින් කැගැහුවත් ඒ වෙනකොට මාව හප්පපු නපුරු වෘක ගෑණි මීටර් ගානක්ම එහාට ගිහිං ඉවරයි ! අම්මපා ඒ වෙලාවේ මම සැලඩ් එකේ සිහියෙන් හිටියේ නැත්තම් ඔකිගේ බෙල්ල මිරිකනවා මම ! ඇයි යකෝ මම කැරි අව්වේ කිලෝමීටරයක් විතර පයින් ගිහිං , හැට පැයක් පෝලිමේ ඉඳලා , කොත්තු රයිස් කන්න තිබ්බ සල්ලි වලින් මේ රෙද්දේ සැලඩ් එකක් දාගෙන , ඒ ඔක්කොටොම වඩා පරිසරේ සුරකින්න හිතාගෙන ෂොපින් බෑග් එකකුත් එපා කියලා ආයෙත් අව්වෙම එනකොට මේ හුත්ති ඇවිත් මාව ටයිටැනික් එක වගේ හප්පන් ගියාම හරියනවද ! මගේ සැලඩ් එක වට්ටපු පාපයෙන් ඕකි ලබන ආත්මේ කැරි බතලියක් වෙලා ඉපදෙන්න ඕනේ කියලා මම සාප කළා ඒ වෙලාවේම ! ඔකිගේ ස්කන්ධය වැඩි වෙලා වැඩි වෙලා නියුට්‍රෝන් ස්ටාර් එකක් හරි කළු කුහරයක් හරි වෙලා යන්න ඕනේ ලබන ආත්මේ ! පරිසරේටත් හිකවිලා ගියා දෙන් අම්මට හුකන පරිසරේ ! ආයේ නම් මීතොටමුල්ල නෙමෙයි එවරස්ට් කන්ද උසට කුණු කඳු මේ රටේ හැදුනත් මම නෙමෙයි ෂොපින් බෑග් එපා කියන්නේ !
"ඊළඟ පාර ගෙදරින් පෝර උරයක් ගේනවා මම සැලඩ් කෝප්පේ දාගෙන යන්න" කියල හිතමින් මම ආපහු ඔෆිස් එකට ආවා කඳුළු පිහිදාගෙන.. හුත්තේ පරිසරේ සුරකින්න ගියාට මට හොඳ වැඩේ.
No comments:
Post a Comment