Sunday, November 3, 2019

ගැබා ගේ ඉංග්රීසි පාඩම

4/12/18 දින ලියුවකි


මේ දවස් වල ෆේස්බුක් එකේ හැමතැනම ෂෙයාර් වෙන පොස්ට් දෙකක් දැකල තමයි මට මේක කියන්න හිතුනේ.

පලවෙනි පෝස්ට් එක තමයි ඩෙක්ස්ටර් කාටුන් එකේ සීන් එකකට හදන I love your accent ආකාරයේ පොස්ට්. ඒකෙ තියෙන්නේ ශ්රීලාංකික අපි සාමාන්‍යයෙන් වරද්දලා උච්චාරණය කරන සමහරක් වචන වලට පොඩි බයිට් එකක් දෙන එක .ඒක හුදෙක් ජෝක් පරමාර්ථයෙන් කරන එකක් ඒක මට තේරෙනවා.


No photo description available.


අනික ඊට වඩා ටිකක් සීරියස් ( ඒත් ගොන් ) නමුත් වෙළඳ පරමාර්ථයකින් හදපු බ්රිටිෂ් ඉන්ග්ලිෂ් ඇකඩේමි එකේ ඇඩ් එකක්. ( ඇඩ් එක මේ වන විට remove කර ඇත).

Image may contain: 2 people, text

 මේ ඇඩ් එකේ සාරාංශය ගත්තොත් පවුලක් යනවා පන්සලක් බලන්න , ඒකට බහිනවා සුද්දෝ දෙන්නෙක්. සුද්දෝ දෙන්නා පවුලේ අම්මගෙනුයි තාත්තගෙනුයි කඩ්ඩෙන් ප්‍රශ්නයක් අහනවා පන්සලේ චිත්‍ර ගැන. අම්මයි තාත්තයි ඉංගිරිසි නොදන්නා නිසා එතන පච වෙනවා. හැබැයි පවුලේ දුව බ්‍රිටිෂ් ඉංගිරිස් ඇල්කෙමියට ගිය නිසා එතනට පැනලා කඩ්ඩෙන් කොටනවා කෙටිල්ලක් කොච්චරද කියනවනම් සුද්දත් කියනවා “හානේ ඔයාගේ කඩ්ඩ නිකන් බ්‍රිටිෂ් එකෙක් ගේ වගේ මයේ අම්මා..” කියලා.. දුව කඩ්ඩෙන් කොටන හැටි බලන් ඉන්න අම්මගේ දෑසින් සතුටු කඳුළු වැටෙනවා.

හරි දැන් මම කියන්නේ මේකයි , මම මේ ගැන අදහස් දක්වන්න මෝස්ට් කොලිෆයිඩ් පුද්ගලයා නෙවෙයි මොකෝ මම ඉංගිරිස් බාසාව හෝ අධ්යාපනවේදය හෝ ඉගෙන ගෙන නෑ. මම කියන්න යන්නේ ඉංගිරිස් බාසාව ගැන අපිට තියෙන බය ගැන මගේ අදහස සහ ඒක අපිට ජයගන්න පුළුවන් ක්‍රමය මට හිතෙන විදියට.

අපි ඇත්ත කතා කරමු , අපි ගොඩක් දෙනා ඉංගිරිසියට බයයි. ඒකට ප්‍රධානම හේතුව මට හිතෙන්නේ වෙන මොකවත් නෙමෙයි , මම උඩින් සඳහන් කරපු පෝස්ට් දෙකේ පෙන්නන විදියට අපි හැම තිස්සෙම “සුද්දෙක් වගේ ඉංගිරිසි කතා කරන්න යාම”, ඒක තමයි අපේ කෙලවීමට හේතුව.

( මගේ හැම පොස්ට් එකේම සාරය වන සංගක්කාර පොන්නයා කියන කාරණයත් මම මෙහිලා මතක් කරන්න කැමති මොකෝ ඌත් වග කියන්න ඕනේ බොරු ඇක්සන්ට් එකකින් කඩ්ඩ කතා කරලා මේ වැරදි ආදර්ශ මිනිස්සුන්ට දෙනවට).

මට හිතෙන විදියට නම් ඉංගිරිසි බාසාව අපිට අපේම දෙයක් කරගන්න නම් අපි අපේම ඉංගිරිසියක් කතා කරන්න ඕනේ. කොටින්ම ඉංගිරිසි “ලෝකලයිස්” කරන්න ඕනේ. දැනටමත් ශ්‍රීලාංකික ඉංගිරිසිය සැහෙන්න දුරකට ලෝකලයිස් වෙලා තියෙනවා තමයි , නමුත් මේ ලෝකලයිස් ඉංගිරිස් ප්‍රභේදය මම කතා වෙනවා දකින්නේ බහුතරයක් ඉහල පැලැන්තියේ අය හෝ පොඩි කාලේ ඉඳලම ඉංගිරිසියෙන් කතා කරපු අය අතර පමණයි. ජීවිතේ දෙවෙනි බාශාවක් විදියට ඉංගිරිස් කතා කරන්න ඉගෙන ගන්න බහුතරයක් දෙනා තමන්ගේ ශ්‍රීලාංකික කම ප්‍රදර්ශනය වීම අඩුවක් විදියට සලකන බවක් දකින්නට ලැබෙනවා. ඒක නිසා සුද්දෝ වගේ ඉංගිරිස් කතා කරන්න ගිහිල්ලා තවත් අමාරුවේ වැටෙනවා. මේක පොඩි හීනමානයක් එක්ක එන දෙයක්. අපේ සමාජයේ බහුතරයක් අය හිතන්නේ කඩ්ඩ පුළුවන් වීම කියන්නේ මාර දෙයක් කියලා , අර ඇඩ් එකේ අම්මා සතුටු කඳුළු හලන එකෙන්ම ඒක පිළිබිඹු වෙනවනේ. ඒත් මම නම් කියන්නේ අපි ලංකාවේ උන් විදියට එක බින්දුවක් වත් ලැජ්ජා වෙන්න ඕනේ නෑ බාසාවක් බැරි වීම ගැන.

මොකෝ මට නම් බාසාවක් කියන්නේ සන්නිවේදන මෙවලමක්. ( ඊට අමතර බාසාවේ තව අර්ථකතන මට තියෙනවා ඒවා මෙතන දාන්නේ නෑ මාතෘකාවට අදාල නැති නිසා ).

අපි කියන දේ එහා පැත්තේ ඉන්න මනුස්සයට තේරෙනවා නම් එච්චරයි.

මගේ පෞද්ගලික ජීවිතෙන්ම මේ ගැන උදාහරණයක් කියන්නම්. මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික පවුලක. අපේ ගෙදර කවදාවත් කඩ්ඩෙන් කතා කලේ නෑ. මම ඇවිත් සීයට සීයක් අමු ගොඩේ සිංහල කොල්ලෙක්. නමුත් මට සාමාන්‍ය තරමට ඉංගිරිස් කතා කරන්න කියවන්න පුළුවන්කම තිබ්බා පොඩි කාලේ ඉඳලම මම කියවන්න , ෆිල්ම්, සින්දු වලට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ඒ ඇරෙන්න මට බාසාවේ නීති රීති ගැන ලොකු දැනුමක් නෑ. මටත් පොඩි චකිතයක් තිබ්බා ඉංගිරිසි බාසාවෙන් මිනිස්සු අමතන්න. මට ජීවිතේ පලවෙනි වතාවට එක දිගට මිනිස්සු එක්ක ඉංගිරිසියෙන් කතා කරන්න සිද්ධ වුනේ 2015 වසරේ , ඒ මට ACBT ආයතනයේ පරිගණක විද්‍යාව උගන්වන්න අවස්ථාව ලැබීමත් සමග. ඉතින් මම පන්ති කරන්න පටන් ගත්තු මුල්ම දවස් වල මම ගොඩක් සැලකිලිමත් වුනා මගේ ඇක්සන්ට් එක ගැන , මම පාවිච්චි කරන වචන ගැන , කොටින්ම හැම වචනෙම මම කටින් පිට කලේ හරියට සින්දුවක් කියනවා වගේ සැලකිල්ලෙන්. ඒත් කාලයක් ගියාම මට තේරුණා මේ ඇප්රෝච් එක මට දිගටම පවත්වාගන්න අමාරුයි කියලා. මොකද මගේ කටින් බාසාව පිටවෙන හැටි ගැන ෆෝකස් කරන්න මගේ මොලේ යෙදෙව්වම අනිත් විෂය කරුණු මගේ මොලයෙන් ප්‍රොසෙස් කරන්න යොදවන බලය අඩු වෙනවා , ඒක අපරාදයක්. ඊට පස්සේ තමයි මම පුරුදු වුණේ “ගොඩේ විදියට” ඉංගිරිසි කතා කරන්න , මගේ විදියට ඉංගිරිසි කතා කරන්න. ප්‍රශ්නයක් නෑ ළමයින්ටත් මම කියන එක තේරෙනවා, මගේ ඔලුවට බරකුත් නෑ. (ඒ වගේම මෙතැනදී කියන්න ඕනේ ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන්න මට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වුණේ මොරටුව සරසවියේ අශෝක කරුනන්ද සර්. )

ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන එක හැම තැනකදීම හරියන්නේ නෑ කියන එක මමත් පිලිගනන්වා. උදාහරනෙකට ගොබ්බ ඇමරිකන් කාරයෝ එක්ක කතා කරද්දී එහෙම , එතකොට අපිට සිද්ධ වෙනවා අපේ ඇක්සන්ට් එක ටිකක් වෙනස් කරගන්න. ඒත් ලංකාවේ ඇතුලේ කතා කරන බහුතරයක් සභා වලට මේ “ගොඩේ ඉංගිරිසි” ගොඩ යනවා කියන එක තමයි මගේ මතය.

හරි , පෝස්ට් එක දිගයි. මම තව මුකුත් කියන්නේ නෑ. අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි ඉන්දියානු , කැරීබියානු , මැලේසියානු වගේ ජාතීන් ගොඩක් කතා කරන්නේ තමන්ගේ ඉංගිරිසියක් බව. ඒකට උදාහරණ ටිකක් මම පහලින් දාන්නම්.

කැරිබියානු 

Image may contain: 1 person, standing


මැලේසියානු



ඉන්දියානු


මෙච්චර දිග පොස්ට් එකක් පුක ඉරාගෙන ගැහුවේ හේතු දෙකකට.

1. මගේ පොරත්වය පෙන්නන්න
2. ඉංගිරිසියට මිනිස්සුන්ගේ තියෙන බය නැති වේවා යන බලාපොරොත්තුව ඇතුව!

දෙකෙන් එකක් හරි වුනා නම් මට සතුටුයි , ගොඩේ කම ගැන ලැජ්ජා වෙන්න එපා , Embrace the gode-ness !

No comments:

Post a Comment