විරාගය ගැන තියෙන විචාර ගොඩක් බැලුවම වැඩිමනක් ඒවායේ තියෙන්නේ අරවින්ද රාගය අත හැර වෙනස් විදියකට ආදරය ගැන බැලු පොරක් ලෙස හඳුන්වමින්. ඒත් මට දැනිච්ච විදියට නම් අරවින්ද කියන්නේ තමන්ගේ රාගය විරාගයක් විදියට එලියට දාපු මිනිහෙක්. එහෙම බැලුවම මේ පොතට සුදුසුම නම විරාගය නෙමෙයි "විරාග රාගය" , ඒ වචනය අරවින්දම කියනවා බතී ගැන කතා කරද්දී.
අරවින්දගේ චරිතය බැලුවොත් ඔහු සියලු රාග කෙලෙස් ආශාවන් තොර කල තවුසෙක් නෙමෙයි. ඔහු ආතල් පස්සේ නොදිව්වත් ආතල් ගත්ත එකෙක්. ඔහු තරුණ කාලේ විවිධ දේවල් අවිධිමත් ලෙස ඉගෙන ගෙන ආතල් ගත්තා.ඉන් පසුව තරුණියන් දෙදෙනෙකු කෙරෙහි හැගීම් ඇති කරගෙන ආතල් ගත්තා. නමුත් තමන්ට ඇතිවුණු ඒ හැගීම හරියටම මොකද්ද කියලා decode කරගන්න බැරුව ඔහු දුක් විඳපු ස්වභාවයක් තමයි මට දැනුනේ.
ඔහුගේ අවසාන කාලයේ ඇඳට වැටිලා ඉන්නකොට සරෝජිනී ඔහුට කියනවා වගේ ඔහු ලව් කලේ බොක්කෙන් නෙමෙයි ඔලුවෙන් . ඔහු තමන්ගේ හැගීම් දැනීම් ගැන විදර්ශනාවක නියැලුනා. මේ කතාව පුරාවටම මට නම් දකින්නට ලැබුනේ ඔහුට ඇති වෙන මේ ආශාවන් හැගීම් සහ ඔහු ඒවා analyse කිරීම අතර සිදු වෙන ගැටුම. කොටින්ම ඔහුගේ මුළු ජීවිතයම ගැටුමක් වගේ , දොස්තර හොඳ හිතගේ notes from the underground මතක් වුනා මේක කියවද්දී.
අන්තිමට ඔහු මැරෙන්නේ සියල්ල තේරුම් ගත් පඬිවරයෙක් ලෙස නෙමෙයි , මේ මොන රෙද්දක් ද කියලා ජීවිතය ගැන ප්‍රශ්නයක් තවමත් ඉතුරු කරමින්.
ඔව්...
ReplyDeleteමම ඕක කියෙව්වෙ අවුරුදු එකොළහේදි විතර. එතකොට මට ආපු හැඟීම, "මොන මලඉලව්වක්ද මේ වැඩිහිටියො මාර හොඳයි කියන සාහිත්‍යවල තියෙන්නෙ?" කියන ප්‍රශ්නෙ. මේ මෑතක ඕකෙ ෆිල්ම් එක හොයාගෙන බැලුවා. ඒත් ඔය තරම් ජීවිත අත්දැකීමක් ලැබුණෙ නෑ. ආපහු කියවන්න ඕනෙ...
සිරාවටම මටත් ඕක මුලින්ම කියවපුවම එච්චර ලොකු ලාල් එකක් දැනුනේ නෑ ඒත් දැන් කියෙව්වම ඊට වඩා දෙයක් දැනුනා. අඩේ ෆිල්ම් එක මමත් බලන්න ඕනේ. උඹ බැලුවේ ඩවුන්ලෝඩ් කරලද?
Deleteනෑ පිටකොටුවෙ කඩේකං වීසීඩී එක ගත්තා. ඒ කාලෙ...
Delete