Tuesday, September 22, 2015

Do we need regular mental checkups ? Alternatives to execution

පහු ගිය ටිකේ ලංකාවේ හා ලෝකේ වෙච්ච සිද්දි දිහා බලනවිට , නොයෙක් ආකාරයේ මානසික ව්‍යාධි සහ මානසික ගැටළු ඇති පුද්ගලයන් එම අසහන පිට කරගැනීමට කල ක්‍රියාවන් ගොඩක් අපිට දකින්නට ලැබුණි.උදාහරණ ලෙස මල් කැකුළු වැනි පොඩි දරුවන් කෙළසීම් , සිය දිවි නසාගැනීම් , වෙඩි තැබීම් ආදිය දැක්විය හැක.

මට හිතෙනා ලෙස අපි අතර සිටින බොහෝ දෙනා යම්කිසි මානසික ගැටලුවකින් පසුවේ. Depression වැනි මානසික තත්ව ඇත්තම කියනවානම් මට පවා සමහර විට ඇතිවී ඇත. බොහෝ දෙනා මේවා කාගෙන විඳදරාගන්න නමුත් , සමහර අය මානසික ලෙඩ වලට අසුවී තමන්ගේ හෝ / හා අනුන්ගේ ජීවිත වලට හානිදායක ආකාරයෙන් හැසිරීම පෙළඹේ. පසුගිය සතියෙදීද මාගේ එක් මිතුරෙක්ගේ ඥාතියෙක් , ගෙල වලදාගෙන මියගියේය , ඔහුද බැලූ බැල්මට normal කොල්ලෙකි.

පහු ගිය දින වල පැතිරී ගිය ළමා අපචාර රැල්ල අප කව්රුත් සසල කල සිදුවීම් දාමයකි. මෙයට විසඳුමක් ලෙස බොහෝ දෙනා විසින් එල්ලුම් ගහ නැවතත් කරලියට බැස්සවීමට යෝජනා කර ඇත. නමුත් මෙය සිරාවටම හරියන විසඳුමක් ද යන එක නම් මටද ලොවෙත් sure නැත. එල්ලුම් ගහට පක්ෂව හා විපක්ෂව බොහෝ දෙනා කරුණු දක්වා ඇති බැවින් , ඒ ගැන talk දීමෙන් වලකිමි.

මට නිකමට වගේ සිතුනු විසඳුමක් නම් , මේ වැනි ක්‍රියා වලට හේතුව එවැනි ක්‍රියා වල නිරත වන පුද්ගලයන් ගේ මානසික චරියා රටාවන් සහ ප්‍රශ්නයි. අපරාධකාරයන්ට සුදු හුණු ගානවා නොවෙයි , නමුත් මේ ලෝකේ කිසිවෙක් කැරියෙක් ලෙස මෙලොවට උපත ලබන්නේ නැත . අපි හැමෝම හැදෙන්නේ වැඩෙන්නේ අප වටා ඇති පරිසරය සහ දකින කියන දේවල් වල ප්‍රතිපලයක් විදියටයි.

ඉතින් සෑම කෙනාවම , නිතිපතා මානසික checkup එකකට පරීක්ෂා කලොත් , අපිට මේ වැනි දේවල් යම් තරමකට හෝ කලින් detect කරගැනීමට බැරි වෙයිද?


After all , prevention is better than cure , besides once you do something horrible , we CAN NOT roll it back. එල්ලුම් ගහට වතුර ( හෝ ලේ ) දැම්මා කියා , එල්ලෙන එකා විසින් පර කර දමන ලද මල් වලට පණ එන්නේ නැත.

මෙවැනි දෙයක් ප්‍රයෝගිකව implement කිරීම ලොවෙත් අමාරු කාරියක් බව අනිවා පිලිගනිමි. වැඩියමක් තියා , මා විසින් ජීවිතේට dentist කෙනෙක් ගාවට නිරතුරු checkup වලට ගොස් නැත.පාසල් යන කාලේ නම් පාසලෙන්ම වසරට කීප වරක් dental එක්කන් ගියමුත් , ඉන් පසුව නම් කට පරීක්ෂා කරගැනීමට ගොස් නැත. දැනට almost වයස 30ක් වන අතර මා තවමත් medical checkup එකක් කරගෙන නැත  ( ලෙඩක් දුකක් හැදුනම ඇරෙන්න ).

ඊට හේතුව නම් , අපගේ සංස්කෘතියේ එවැනි පුරුද්දක් නැති නිසාය. අපේ ශරීර අපි නඩත්තු කරන්නේ කුලියට ගත් මරුටි කාර් වගේය. ලෙඩක් ආ විට පමණක් check කරවාගැනීම අපේ සිරිතයි.

මනස නම් එහෙමවත් නඩත්තු කරන්නේ නැත , කාගෙන ඉඳීම අපේ සිරිතයි. නමුත් මේ "කාගෙන" ඉඳීම නිසා , බොහෝ විට අපිටත් අන් අයටත් , "හු" යන්නක් ඉස්සරහට දමා කාගැනීමට සිදුවන අවස්ථා එමටයි.( No pun intended ).

Should we do regular mental health checkups to avoid things like this ? Just a thought...


10 comments:

  1. මෙඩිකල් චෙකප් කරන්න ගියොත් මේ රටේ වෙන දෙයක් කරන්න වෙලාවක් නැති වෙනවා... ඒ තරමටම මානසික පිස්සො ඉන්න රටක් මේක.. මිනීමරුවෝ වැහි වැහලා.. ඒවා ටී වී වල දාගෙන මාර ස්වයං වින්දනයක් ගන්නේ මාද්දිය කාරයෝ...

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත , මාධ්‍යකාරයෝ අහිංසක මිනිස්සුන්ගේ දුක් විකුණන් උන්ගේ audience එක වැඩි කරගන්න හදන්නේ

      Delete
  2. ලෙඩකටවත් මෙඩිකල් චෙකප් එකක් කර ගන්න සල්ලි නැතුව එදාටත් වැඩට යන මිනිස්සු ඉන්න රටක් ගැබා මේක.

    ReplyDelete
    Replies
    1. ඔව් බන් , සල්ලි වලටත් වඩා මම නම් හිතන්නේ අපිට එකට උවමනාවක් නැති කම , අපේ වැඩපොළේ ඉන්ෂුරන්ස් එකෙන් medical checkup එකක් කරගන්න සල්ලි දෙනවා , ඒත් මම නම් තාම කරගෙන නෑ උපන් තේකට

      Delete
  3. එක හරියයි කියල මමනම් හිතන්නෙ නෑ බන්.. මටනම් පේන විදියට මේක අපේ රටේ රෙද්ද අස්සෙ ගහන් ඉන්න සංස්කෘතියයි ජීවන රටාවෙයි gap එකේ අවුලක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එක ටිකක් තේරුනේ නෑ බන්

      Delete
  4. හොද අදහසක්. හැබැයි ඕක ලංකාවේ කරන්න පුලුවන් දෙයක් නම් නෙවෙයි.......

    ReplyDelete
    Replies
    1. අයුබෝන් ආර්යන් , මේ පැත්තට සාදරයෙන් පිලිගන්නවා . ඔව් මේක ප්‍රයෝගිකව කරන්න නම් සැහෙන්න අමාරුයි , nearly impossible

      Delete
  5. ඔන්න ඕක නොමිලේම කරලා දෙනවනම් තවත් හොදයි.. නැත්නම් මෙලෝ එකෙක් අනිවා යන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. නොමිලේ කලත් යන එකක් නෑ බන් අපි නම් , අපි prevention ගැන හිතන්නේ නෑ නේ ලොවෙත්

      Delete