"මේ ඇහුනද.. වෙලාව උදේ අටයි.. නැගිටින්නකෝ අනේ අව්ව වැටෙන්න කලින් අර පැල වලට වතුර දාන්නත් තියෙනවානේ.."
"මොන බම්බුවක්ද බබා , මට තව පොඩ්ඩක් නිදාගන්න දෙන්නකෝ.."
"එහෙම කොහොමද.. මතකනේ අපේ ඇග්රිමන්ට් එක , ඔයා උදේට වතුර දානවා මම හවසට වතුර දානවා.. හා දැන් යන්න , මම එනකොට තේ එකක් හදලා තියන්නම්.."
පෙරේරා නෝනා මහත්තයව ඇහැරෙව්වේ එසේය. කොරෝනා ඇඳිරි නීතිය සමග ගෙවල් වලට කොටුවූ අඹු සැමියන් රැල්ලට පැල වවමින් ෆේස්බුක් දැමීමට පටන් ගැනීම නිසා පෙරේරා යුවළද වගා සංග්‍රාමය පටන් ගත්තේ කාටවත් ෆේස්බුක් එකේ පදිරි වීමට අකමැති බැවිනි. ( යුවල කිව්වට පෙරේරා නෝනාගේ උවමනාවට තමයි ).
"යන්නකෝ අනේ ඉතින්.. තවත් මොනවද ගුලි වෙන්නේ..."
"හරි හරි යනෝ.. හෑව්.." සද්දෙට ඈනුමක් අරිමින් පෙරේරා මහතා වතුර දැමීමට පිටත් විය.
වෙලාව පසුදා 0500
"ටිලින් ටිලින්... ටිලින් ටිලින්..."
"බබා.. මේ ඇහුනද.. මොකද්ද ඒ සද්දේ??" උදේ පාන්දරම ඇසුණු ෆෝන් සද්දයට ඇහැරුණු පෙරේරා නෝනා නිදිමතේම ප්‍රශ්න කළාය..
"ආ ඒ මගේ එලාර්ම් එක නේ බබා.. මම අද ඉඳන් උදේ පහට නැගිටින්න තීරණය කළා.. උදේම ඇහැරෙන එක හොඳ පුරුද්දක් නේ.."
"කොච්චර එකක්ද.. හොඳ පැටියා.." පෙරේරා මහතාට නිදිමතේම උම්මා එකක් දුන් නෝනා එහෙම්ම නින්දට වැටුණාය.
වෙලාව දවල් 1200
"මේ ඇහුනද.. එන්නකෝ මේ පොල් ගෙඩිය ගාලා දෙන්න.. මේ ටික ඉවර වෙලා අපි දෙන්න එකතු වෙලා බාත්රූම් ටිකත් හෝදමු.. ඊට පස්සේ වෙලාව තිබ්බොත් කර්ටන් ටිකත් හෝදන්න දාමු..."
"මොකද්ද මැණික.. මට පොඩ්ඩක් ඉන්න දෙන්නකෝ.. මම උදේම නැගිටලා වතුරත් දැම්ම නේ පැල වලට.. මට දැන් මහන්සි.."
"ආ මේ බලාපල්ලකෝ හරි වැඩේ.. ඔය වතුර බාල්දියක් හැලුවා කියලා මහා වැඩක් කළා වගේ කතාව ! දැන් තේරෙනවද අපි හැමදාම කරන වැඩ තොගය? මොකෝ දැන් ඔයා ඔෆිස් යන්න කියලද මේ ඇඳිරි නීතිය වෙලාවේ , මෙන්න මේ පොල් ටික ගාලා දෙන්න..."
"හ්ම්ම්.. හා කෝ.. රෙද්ද බියර් එකක්වත් නෑ නේ ගෙදර හරියේ බොන්න.."
"මොකද්ද කිව්වේ??"
"මුකුත් නැතෝ... ජින්ජි බරස් බරස් බරස්.. ජින්ජි බරස්.."
වෙලාව හවස 1600
"මේ ඇහුනද.. මම පැල වලට වතුර දාලා එන්නම්..."
"හරි මැණික.." පෙරේරා මහතා පිළිතුරු දුන්නේය.
"මේ... පොඩ්ඩක් එන්නකෝ..." එක්වරම නෝනා මහ හඬින් බෙරිහන් දෙන හඬත් සමගම පෙරේරා මහතා ඒ දෙසට දිව ගියේය..
"ඇයි ඇයි බබා මොකෝ ? නයෙක්වත් ආවද වත්තට?"
"නයෙක් නෙමෙයි අනේ.. බලන්නකෝ අපේ මේ කරවිල පැල ටික.. ඊයේ වෙනකන් පැල හයක් තිබ්බා හොඳට හැදිලා.. දැන් බලන්නකෝ එයින් දෙකක්ම පොඩි කරලා දාලා නේ කව්ද මන්දා!!"
"කව්ද මේ පැල පොඩි කලේ !!!" පෙරේරා නෝනා වියරු වැටී අසන්නට විය.
"මේ ඇඳිරි නීතිය අස්සේ කව්රු එන්නද බබා.." පෙරේරා මහතා ඇය අස්වස්සමින් කියන්නට විය. එවිටම පැල තවාන අසලින් ලැසි ගමනින් පැද්දෙමින් කෙනෙක් ඇවිදගෙන එන්නට විය. ඒ පෙරේරා ගෙදර සුරතල් පූසා කිටියාය.. පෙරේරා මහතා එක්වරම යමක් මතක් වී මෙන් පැල තවානේ පස් දෙස බැලුවේය.
පස් ගොඩේ තිබුනේ පූස් අඩි සලකුණු කීපයකි ! පෙරේරා මහතා නෝනාට අතින් ඇන ඇයටද ඒ අඩි සලකුණු පෙන්නුවේය.. පෙන්වා අසලට ආ කිටියා ඔසවා ගත්තේය.
"මේ ඉන්නේ අපරාධකාරයා.. මෙයා තමයි මේ පැල ටික තලලා කඩන්න ඇත්තේ..මෙහෙ එනවා මෝඩ කිටියා.." පෙරේරා මහතා සුරතල් පහරක් උගේ ඔලුවට ගැසුවේය..
"ඔන්න බබා හොරා අතටම අහු වුනා.." පෙරේරා මහතා සිනාසෙමින් පැවසීය.. "කිටී.. ඔයා නේද මේ පැල ටික කැඩුවේ??"
"ඥාව්..." කිටියා වරදකාරී ස්වරයෙන් පිළිතුරු දුන්නේය..
"හිකි හිකි.." පෙරේරා නෝනා ද තරහව සහ දුක අමතක කරමින් සිය සැමියාට තුරුල්ව සිනා සෙමින් කිටියාගේ ඔලුව අත ගැවාය.
"ඔන්න ඒ අභිරහසත් විසඳුනා නෝනේ.." පෙරේරා මහතාද සිය බිරිඳ තුරුළු කරගනිමින් පැවසුවේය..
වෙලාව දින දෙකකට පසු දවල් 1300
ඒ අභිරහස එසේ විසඳුනද පෙරේරා නෝනාගේ සිත තුල තවමත් මේ සිදුවන දේවල් ගැන පැවතුනේ සිතේ සැකයකි. ඒ මේ දැන් මහත්තයාට පොල් ගෑමට බාරදී පැල තවාන දෙසට ආ විට ඈ දුටු දෙයිනි. තවානේ යෙහෙන් සරුවට හැදෙමින් තිබුණු සීනි කැකිරි පැල දෙකක්ම අකාලයේ පොඩිවී තිබුණි ! මේ පැල දෙකම ඊයේ හවසත් හොඳින් තිබුණු වග ඇයට හොඳටම විශ්වාසය.
පෙරදා පරිද්දෙන්ම මෙවරත් පැල අසල කිටියාගේ අඩි සලකුණු පෙනෙන්නට තිබුණි. පෙරේරා නෝනාට මේ ගැන ඇතිවුනේ එතරම් හොඳ හැගීමක් නොවේ.
"යකෝ කඩනවා කියලත් මෙච්චර පැල කඩන්න කිටියා සීරියල් පැල කිලර් කෙනෙක් ද?? ඇරත් මේ තැන් දෙකක තියෙන පැල??" පෙරේරා නෝනා නිකටේ අත තබාගෙන එසේ කල්පනා කළාය..
"බබා.. මොකද කරන්නේ??" සිය සැමියාගේ අඬගෑමෙන් ඇගේ සිතුවිලි ප්‍රවාහය බිඳුණි.
"මේ එනවෝ.." නෝනා හනි හනිකට ගෙදර දෙස පිය නැගුවාය. කෝකටත් පෙරේරා මහතාට මේ ගැන නොකියා සිටීමට ඇය තීරණය කළාය.
මහත්තයා දවල් කෑමෙන් පසු "පොඩ්ඩක් ඇල වෙන්න යනවා" කියා ඇඳට ගිය පසු පෙරේරා නෝනා වත්ත පහල අව්ව තපමින් සිටි කිටියා සොයාගෙන ඌව ලයන් කින් එකේ මෙන් ඉහලට ඔසවා උගේ ඇස් දෙක දෙස කෙලින්ම බැලුවාය.
"කිටී.. උඹද මේ පැල ඔක්කොම පොඩි කලේ ? ඇත්ත කියපන්.."
"ඥාව්..." කිටියා තොල කට ලෙව කෑවේය.
වෙලාව පසුදා උදෑසන 0500
"ටිලින් ටිලින්... ටිලින් ටිලින්..." පෙරේරා මහතාගේ එලාර්මය සුපුරුදු පරිදි නාද විය. ඈනුම් අරිමින් අවදි වූ පෙරේරා මහතා ඇඟ මැලි කඩමින් කාමරයෙන් එලියට ගියේය. නමුත් වෙනදා තව ටිකක් නින්දේ පසු වෙන්නේ නැතුව , හොරෙන්ම අවදි වී ඔහු පසු පසින් ආ පෙරේරා නෝනා ඔහු නොදුටුවේය , පෙළක් විට නිදිමත නිසා වෙන්න ඇති.
නිදිමතේම කුස්සිය වෙත ගිය පෙරේරා මහතා කේතලය ලිපේ තබනවා පෙරේරා නෝනා සැඟවී බලාගෙන සිටියාය. ගෑස් ලිපේ නොබ් එක කරකවා එය දැල්වූ පෙරේරා මහතා සුපුරුදු පරිදි කුස්සියේ පුටුවක් උඩ නිදාගෙන සිටි කිටියාව ඔසවාගෙන ඌ කිහිලි ගහගන්නවා ඇය දුටුවාය..
"කිටී..." පෙරේරා නෝනා තමන්ටම කියා ගත්තාය.
කිටියා කිහිලි ගසාගත් පෙරේරා මහතා ඉන්පසු කලේ දොර ඇරගෙන එලියට යාමයි. පෙරේරා නෝනාද ඔහු පසුපසින්ම නින්ජා ගමනින් ගියාය.
එලියට ගිය පෙරේරා මහතා පැල තවාන දෙසට ඇවිදගෙන ගියේය. ඉන්පසු ඔහු කලේ හිමිදිරි උදයේ නිදමින් සිටි අහිංසක නමුත් සරුවට වැඩී තිබුණු පැල කීපයක් උඩින් කිටියාව දඩස් ගා අත හැරීමයි!
"අන්න හරි කිටී.. අන්න හරි.. ඔක්කොම පාගපන්.. ඔක්කොම පාගපන් හිකවිලා යන්නම!! අහ අහ.. අහ අහ අහ.. අහඅහඅහඅහඅහඅහඅහඅහ.. බුහෝහහහා... කුඩු කරපන් යකෝ ඔක්කොම!!!" කිසිත් නොතේරන අහිංසක කිටියා පැල උඩින් එහෙ මෙහෙ යන අතර පෙරේරා මහතා වියරු සිනා පාමින් කෑගසන්නට විය..
"බබා!" පෙරේරා මහතාගේ වියරු සතුට නිමවුණේ පෙරේරා නෝනා සැඟවී සිටි තැනින් එලියට පැන එක්වරම එතනට ප්‍රාදූර්භූත වීමත් සමගය !
"මැ... මැණික.." පෙරේරා මහතා වෙව්ලමින් ගොතගසන්නට විය..
"අ..හා!" පෙරේරා නෝනා ඔහු දෙසට ඇඟිල්ල දිගු කරමින් කෑගැසුවාය! "අල්ලගත්තා අපරාධකාරයා අද අතටම ! ඔයා තමයි එහෙනම් මෙච්චර කල් කිටියා ලව්වා මේ පැල ටික පොඩි කරලා විනාස කෙරෙව්වේ ! ඒ මදිවට ඒ අසරණ කිටියාවත් ෆ්‍රේම් කළා නේ මේ අපරාධෙට ! මොන හිතින්ද බබා ඔයා මේ හිත්පිත් නැති අපරාදේ කලේ?? කියන්න... මට කියන්න... ඇයි ඔයා මේක කලේ???"
නෝනා මහත්තයාගෙන් ප්‍රශ්න කල සිටියාය..
පෙරේරා මහතා අසරණ සේයාවෙන් බිම බලාගෙන සිටියේය. නෝනා දුටු කිටියාද සිදුවුණු බල හුවමාරුව දැක නෝනා ලඟට කිට්ටු කර ඇගේ කකුල් දෙකේ දැවටෙන්නට විය..
"බබා.." පෙරේරා මහතා කතාව පටන් ගත්තේය.. "මේ කොරෝනා ඇඳිරි නීතිය එන්න කලින් මම හැමදාම වැඩට ගියා.. ගෙදරින් එලියට.. ගිහිල්ලා ඉඳල හිටලා යාලුවෝ එක්ක සෙට් වෙලා, පොඩ්ඩක් ආතල් එකේ හිටියා.. ඒත් දැන් මේ ගෙදර ඉන්න පටන් ගත්තා විතරයි ඔයා මට හැමදාම වද දෙනවා මේ පැල වලට වතුර දාන්න කියලා.. ඒ මදිවාට දවස තිස්සෙම පොල් ගාන්න , ගෙවල් සුද්ධ කරන්න කිය කියත් මට වද දෙනවා.. ඉතින් ඒ වදේ ඉවසගන්න බැරුව තමයි මම මේ දේ කරන්න තීරණය කලේ.. අඩු ගානේ පැල ටික විනාස වුනාම ඒ වැඩේ වත් මට අඩුවෙයි නේ කියලා..."
පෙරේරා මහතා පාපොච්චාරණය කළේය. දිගු සුසුමක් හෙලු ඔහු නැවතත් කතාව පටන් ගත්තේය..
"කසාද ජීවිතේ කියන්නේ එක්කෙනෙක්ට ඕනේ විදියට විතරක් ජීවත් වීම නෙමෙයි නේ බබා.. ඔයාගේ කැමැත්ත වගේම මගේ කැමැත්තටත් ඉඩ දෙන්න ඕනේ.. මම කැමති නෑ බබා පැල වලට වතුර දාන්න.."
"හ්ම්ම්.." සියල්ල සාවධානව අසා සිටි නෝනා සුසුමක් පිට කළාය.. "මේ ඇහුනද.. පොඩ්ඩක් එන්නකෝ.."
පෙරේරා නෝනා මහත්තයාව ලඟට කැදෙව්වාය..
"මට සමාවෙන්න සුදු මහත්තයෝ.. මමත් ඔයාට වද දුන්න නේ.. අද ඉඳන් ඔයා ගෙදර වැඩ මුකුත් කරන්න එපා.. මම වෙනදා වගේම ඔක්කොම වැඩ ටික තනියම කරන්නම්.. ඔයා නෙට්ෆ්ලික්ස් එකේ ටීවී සීරිස් බල බල ඉන්නකෝ.. ම්ම්..." පෙරේරා නෝනා මහත්තයාගේ ඔලුව ආදරයෙන් අත ගාමින් පැවසුවාය..
"ඔය ඇත්තටමද මැණික??" පෙරේරා මහතා විමතියෙන් විමසුවේය...
"පිස්සුද මිනිහෝ! උඹ හිතුවද මම උඹේ වැඩකාරී කියලා උඹ කියන කියන විදියට ඉන්න?? උඹ මේ කරපු ජඩ වැඩේට දඬුවමක් වශයෙන් උඹ අද ඉඳන් මාසයක් යනකල්, මාසයක් යනකල් උදේට විතරක් නෙමෙයි.. හවසටත් වතුර දාන්න ඕනේ ! තේරුනාද උඹට? ආයේ සති දෙකක් යනකල් රෙදි හෝදන්නත් ඕනේ තමුසේ! ආව මෙතන පැල කඩන්න.. හ්ම්ම් දැන් යනවා.. අන්න වතුර නටනවා කුස්සියේ.. මටත් එක්ක තේ එකක් හදන් එනවා !"
"දුවනවා ඉතින්!"
පෙරේරා නෝනාගේ ගිගිරීමත් සමගම මිස්ටර් පෙරේරා පමණක් නොව කිටියාද බියට පත්ව කුස්සිය දෙසට ගියේ අඩියට දෙකටය !
පැල කැඩීමේ අභිරහස නිමාවුනේ එසේය.
- දී එන්ඩ් -
*****************************
-දෙවෙනි ලේයර් එක-
ඉහත සඳහන් කතාව ගැබා ෆේස්බුක් දැමීමත් සමගම එයට ලයික් කොමෙන්ට් හහා රියක්ට් ගොඩක් ලැබුණි. බැලූ බැල්මට හිනායන කතාවක් වූ එය කාහටත් විනෝදයක් ගෙන දුන්නේය. නමුත් ගැබාව ලගින් ආශ්‍රය කල ඔහු සමග පූර්ව කොරෝනා සමයේ නිතර දෙවේලේ මත්පැන් පානය කල මිතුරන්ට මේ කතාවේ ඊට එහා දෙයක් පෙනුනි. ගැබාගේ පාප මිත්‍රයන් කීපයක් මේ ගැන කතා කිරීමට ස්කයිප් මීටිමක් ගත්තේ මේ ගැන යමක් ඉව වැටීමත් සමගය.
"මචං.. ගැබා ආවට ගියාට දෙයක් දාන කොල්ලෙක් නෙමෙයි.. මේ කතාවෙන් මූ අපිට මොනවා හරි කියන්න හදනවා.."
"ඔව් මචන්.. මට හිතෙන්නේ මේකේ මොකක් හරි පණිවිඩයක් ඇති කියලා.. නිකන් කෝඩ් එකක් වගේ.. සැගවිච්ච පණිවිඩයක්.."
මිතුරන් අතර මද වෙලාවක නිශ්ශබ්දතාවයක් පැවතුනි..
"හරි යුරේකා මදෆකාස්!" එක මිතුරෙක් ප්‍රීතියෙන් කෑගැසුවේ නිහඬ බව බිඳ දමමිනි!
"මම හොයා ගත්තා මචන් ගැබා ගේ කෝඩ් එක.."
"බලහන් මේ කතාවේ හැම කොටසේම මූ එක සිදුවෙච්ච වෙලාව දාලා තියෙනවා.. ඒ දාලා තියෙන්නේ අකුරු නෙමෙයි , පැය 24 ඔරලෝසුවේ ඉලක්කම් වලින්... බලහන්.."
ඔහුගේ සොයාගැනීමත් සමගම හැමෝම කතාවේ ඇති වෙලාවල් දෙස බලන්නට වූහ..
( තොපිත් බලහල්ලා ඉතින් පොඩ්ඩක් )
0800
0500
1200
1600
1300
0500
"මේ තියෙන්නේ මචං වෙලාවල් ටික.." මිතුරෙක් තම තිරය ෂෙයාර් කර ඉලක්කම් ටික එක පෙලට ලියාගෙන පෙන්වීය.
"හරි මචන්" කෝඩ් එක සොයාගත් මිතුරා මයික් එක අතට ගත්තේය.. "දැන් බලහන් මේ ඉලක්කම් හැම එකම පෙන්නුම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරක්.."
"ඒ කිව්වේ මචන්??" වැඩේ මීටර් නැති මිතුරෙක් ඇසුවේය.
"ඒ කිවේ මචන් 1 කියන්නේ A , 2 කියන්නේ B , 3 කියන්නේ C.. ඒ වගේ..."
"දැන් ඔය විදියට මේ නම්බර් ටිකට දාලා බලහන්කො මොකද්ද එන්නේ කියලා.."
0800 - H
0500 - E
1200 - L
1600 - P
1300 - M
0500 - E
"හැලප...මේ..."
"හලපමේ නෙමෙයි හුත්තෝ HELP ME!" හැලප මිතුරා හැර අනිත් හැමෝම එකවරම පැවසූහ!
"ගැබාට අපේ උදව් ඕනේ මචන්... ඒකයි ඌ මේ කියන්න හදන්නේ.." සෙට් එකේ පෙරමුණ ගන්නා ජාතියේ මිතුරෙක් තීරණාත්මක ලෙස පැවසුවේය..
..............................................
ඊට දවස් දෙකකට පසු ධර්මසේන නිවස වෙත ලඟා වූයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් සහ පොලිස් නිලධාරියෙක් රැගත් ආණ්ඩුවේ වාහනයකි. හැමෝම "සෞඛ්‍යාරක්ෂාව පතා මුහුණු මාස්ක් වලින් වසාගෙන සිටියහ".
"මිසිස් ධර්මසේන.. මිසිස් ධර්මසේන.. දොර අරින්න අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්.."
"අනේ මිස්ටර්.. මේ මොකද??"
"කලබල වෙන්න එපා මිසිස් ධර්මසේන.. ඔයාගේ මහත්තයා ඉතාලියේ ඉඳන් ආපු කෙනෙක් එක්ක පාටියක ඉඳලා තියෙනවා.. ඉතින් අපිට සිද්ධ වෙනවා එයාව නිරෝධායනයට පුනානි වලට අරගෙන යන්න.. බය වෙන්න එපා, ඔයාට ගෙදරම ඉන්න පුළුවන්.. අපිට මහත්තයව විතරක් ගෙනියන්න තිබ්බනම් ඇති.."
"මම යන්නම් මැණික.. ෂිට් මාර වැඩේ නේ.."
"අනේ බබා.."
"බය වෙන්න එපා මැණික.. මම කෝල් එකක් දෙන්නම්..."
"හා හා යමු යමු..."
"අපි එන්නම් මිසිස් ධර්මසේන.. බුදු සරණයි.."
"හා.."
"බ්රූම්" ගැබා සහ පිරිස රැගත් වාහනය දුම් දමමින් පිටත් විය.
"අඩෝ...... බ්‍රදර්ස්!!!!!!"
"අඩෝ... මොකෝ වෙන්නේ හුත්තෝ.... අපි උඹේ කෝඩ් එක කැඩුවා යකෝ..."
"අඩෝ තැන්ක්ස් ඔයි , පිස්සු හැදිලා හිටියේ.."
"දැන් ඔක්කොම හරිනේ බ්‍රෝ... ඉඳා... කළු මාමාගෙන් ගත්තේ 3000ක් දීලා.."
"හම්මට ගලක්!"
"චියර්ස්!"
"චියර්ස්!"
වීදුරු ගැටෙන හඬ සමගම පසුබිමින් මිෂන් ඉම්පොසිබල් සංගීතය වාදනය වේ..
- දෙවනි කතාවේ දී එන්ඩ් එක -
- ඉවරටෙම ඉවරයි -