Sunday, May 24, 2015
Tuesday, May 19, 2015
Icarus
නිදහස සහ උමතුව
අතර ඇති පටු සිතිජයේ
ආසයි ඇවිදින්න මට...
ඉරට වැඩියෙන් ලං වුනොත්
පිච්චිලා මුහුදට වැටෙයි..
බයයි මම පිච්චෙන්න
හැබැයි මෙලෝ රහක් නැති ගොඩබිමට වෙලා ඉන්නවට වඩා...
ඒකත් හොඳයි..
එක අතකට
ඊනියා රස්තෆාරි
පාසල් යන කාලේ බහුතරයක් බ්රයිටන් කන්නාඩි දැමූහ.ඒ නිසා හුදෙක් බ්රයිට් පෙනුමක් ආරූඩ කරගැනීමට සමහර ළමුන් කන්නාඩි දැමූහ.
අපේ රටේ පහල වුනු බොහෝ ශ්රේෂ්ඨ කලාකරුවෝ මත්පැන් භාවිතයට ලොල් වූ බව නොරහසකි. ( ඒ ඇයි කියා මම නොදනිමි ). එමෙන්ම කොණ්ඩා රැවුල් වැවීම typical රැඩිකල් පොරකගේ ලක්ෂණයක් ලෙස සමාජයේ සැලකේ. ( සමහර විට චේ ෆිදෙල් නිසා වෙන්න ඇති , දන්නේ නෑ හරියට).
කෙසේ වෙතත් , කණ්ණාඩි දැමූ පමණින් බ්රයිටෙක් නොවේ. රැවුල් කොණ්ඩා වවාගෙන ගංජා ගැසූ පමණින් රැඩිකල් කළාකරුවෙක් නොවේ.
Not every dread is a Rasta and not every Rasta is a dread
ප.ලි - මම reggae අසමි , රස්තා නොවෙමි. Snoop Dogg ඊනියා රස්තෙකි.
ප.ලි II - මේ post එකේ target එක Snoop Dogg උත් නෙමෙයි ඔන්න.
Tuesday, May 12, 2015
විලංගු අවලංගු වී ඇත
සැමන් ටින් එකක් මෙන් පට්ටෙට pack වූ බස් රථයක් තුල ඔබට පඩයක් යයි,බස් එකේ කොන්දොස්තර ළමයා "ආ.. අහුවුණා අහුවුණා , මේ ඉන්නේ ! මෙයා තමයි පඩේ ඇරියේ , බහිනවා බස් එකෙන් එලියට" කියා ඔබව බස් එකෙන් එලියට ඇද දමයි. ( මේ සිද්ධිය සිදුවන්නේ පොදු ප්රවාහන සේවා තුල පඩ ඇරීම බරපතල වරදක් වන parallel universe එකක බව සලකන්න ).
ඉතින් මෙලෙස පඩයක් ඇරීමේ වරදට සමාජයෙන් පිටුවහල් වන ඔබ , බස් එකේ ඉන්න අනිත් සියලුම මගීන්ට පේන පරිදි , දෑත ඔසවාගෙන , "ඔව් මම තමයි පඩේ ඇරියේ" කියා සිංහ ලීලාවෙන් බසයෙන් බැසයනවාද ? නැතිනම් බල්ලා වාගේ shape එකේ බස් එකෙන් බහිනවාද ?
බල්ලන් ගැන කතාකරනවානම් , පාරේ සිටින දඩාවතේ යන බල්ලෙක් වුවද , තමාට අවසර නැති තැනක රෙන්නට ගොස් මිනිසෙකුට හසූවී ගුටි කෑ විට , "මම අල්ලපු වත්තේ හොරෙන් රෙන්න ගිහින් අහුවුනෝ" කියමින් අනිත් බල්ලන්ට පෙනෙන්නට ලොකුවට අත පය ඔසවාගෙන දඟලන්නේ නැත.
කරුණු කාරණා මෙසේ වෙද්දී , ලොවෙත් සුජාත නොවන ලක්මෑණියන්ගේ පජාත පුත්රයන් වන මෙවැනි පුන්ඩේ ලා , ජනතා මුදල් ගෙඩි පිටින් කොල්ල කා , මෙලෝ ලැජ්ජාවක් නැතුව හෙන ලොකු වැඩක් කළා මෙන් අත් උඩට ඔසවාගෙන photo වලට pose දෙති.
කිසියම පවුල් සංවිධාන සමිතියක් විසින් මින් වසර 40 කට 50 කට පමණ පෙර , මුන්නැහෙලාගේ ගම් පළාත් වලට නොමිලේ condom බෙදාදීමට ක්රියා නොකළේ මන්දැයි කල්පනා කරමි.
ලාඩි ඩාඩි ඩා
අස්ථිර ලෝකයේ ගසාගෙන වාඩි
මාළු නෙමෙයි අපි පණ ඇති ජාඩි
ටින් එකේ පීනමු වැටෙනකන් නාඩි
පලක් නෑ ගසපියව් තිත්ත නෑ බකාඩි
සැ.යු - මෙය bacardi වෙළඳ දැන්වීමක් නොවේ,ඔබේ හය හතර නොදත් පුංචි දරුවාට ඒ බව කියාදෙන්න.
මාළු නෙමෙයි අපි පණ ඇති ජාඩි
ටින් එකේ පීනමු වැටෙනකන් නාඩි
පලක් නෑ ගසපියව් තිත්ත නෑ බකාඩි
සැ.යු - මෙය bacardi වෙළඳ දැන්වීමක් නොවේ,ඔබේ හය හතර නොදත් පුංචි දරුවාට ඒ බව කියාදෙන්න.
Wednesday, May 6, 2015
Friday, May 1, 2015
මතකයන්
උදේ ඉඳන් ඔබ සිහිවන හැම වාරේ
කැටයක් අරන් දැම්මොත් සතයක් ගානේ
චූන් පාන් අල්ලන් හවසට පාරේ
ඔක්කොම ජාති කත හැක දෙක දෙක ගානේ
- ගැබා
Subscribe to:
Posts (Atom)







