අද මම ඔෆිස් ආවේ අකුරැස්ස සුපොභබෝගී බස් එකක. පිස්සු කොර ඇතුලේ ප්ලේන් එකක් වගේ. ඉස්සරහ පතරංග ටීවී එකක්. ඒකෙ සංගීතෙක වීඩියෝ එකක් යනවා. මම සාමාන්‍යයෙන් බස් එකේ යන්නේ ෆිල්ම් එකක් බලාගෙන හෝ සින්දුවක් අහගෙන වුණත් අද කෙරී වැස්සට අහු වෙලා මම නිකන් ප්‍රාග් අයිතිහාසික යුගයේ මුහුදෙන් ගොඩට ආපු පලවෙනි මාළුවා වගේ තෙමිලා හිටියේ , ඒක නිසා හෙඩ්සෙට් එක එලියට අදින්න කම්මැලිකමට ඔන්න ඔහේ සංගීතේ බලාගෙන ආවා.
අප්පට හුඩු ඉඳුනිල් අන්දරමාන්න ආවා සින්දුවක් කියන්න , මම හරි ආසයි මිනිහගේ අර "මගේ චූටි දු බලන්න මං ගියදා" කියන සින්දුවට, ඔන්න දැන් පොර ඒ සින්දුව කියනවා.
"මගේ චූටි දූ බලන්න මා ගියදා.." අනේ ලස්සනට කියනවා
"මහ වැස්සක් ඇද වටුනා ඇයි මංදා.." හරිනේ එලියේත් වහිනවා , මම දැන් ෆුල් මූඩ් එකට ඇවිත් සින්දුව අහනවා..
"වටපිට බැලුවත් කවුරුත් නැති හංදා..."
ඔන්න සින්දුවේ උච්චම අවස්තාව ආව ..
"මගේ ආදරේ කීවා.."
"කෑගහලා!!!!!!!!!!!!!!!!" කියනකොටම සංගීතේ සවුන්ඩ් බැලන්ස් කරන හුත්තිගේ කොල්ලා echo , reverb අරවා මෙව්වා ඔක්කොම එක පාරට කැරකෙව්වා කියහන්කෝ උපරිම ! දුවට නෙමෙයි උදේ පාන්දර චූන් පාන් කාරයා පස්සෙන් එලවන එකෙක් කුණුහරුපෙන් කෑගහනවා වගේ ඒක මාව උඩ ගිහිං බිම වැටුනේ !
ඒකට තක්කු මුක්කු වෙච්ච ෂෝක් එක යන්තම් හරි තුනී වුණේ ඊළඟ සින්දුව කියන්න ආපු සුප්‍රියා පද්දපු පැද්දිල්ල බලන් ඉඳලා තමයි.. අනේ දෙයියන්ගේ පිහිටෙන් මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ සුප්‍රියා අක්කි ( සෙවල හිනාව ). ඔන්න ඔහොමයි අද බස් විත්තිය.