මේ ලඟදී අපේ මිත්‍රයා ලොකු අයියා කසුන් හේමන්ත සර් ගේ කතාවක් ඇහුවා. ඒකෙ ඔහු කිව්වා මරු කතාවක්. ඒ තමයි "කවියා කියන්නේ පපුවේ ඇනිච්ච ලොකු උලක් එක්ක ජීවත් වෙන මිනිහෙක්" කියලා. කවියෝ විතරක් නෙමෙයි මම හිතන්නේ ගොඩක් 'කලාකරුවෝ' ( air quotes ) කියලා කියන අය යම්තාක් දුරකට existential crisis එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්නයක. ඒ ප්‍රශ්නේ නිසා ඇතිවෙන හිස්කම , මූසලකම මකාගන්න තමයි උන් නිර්මාණ කරන්නේ මට හිතෙන විදියට.
එතකොට දැන් මේ existential crisis එක තියෙන්නේ කලාකරුවන්ට විතරද ? අපෝ නෑ. මම දවසක් බොද්දි අපිත් එක්ක බිබී හිටපු කොල්ලෙක් කිව්වා මරු කතාවක්. මට ඒ වෙලාවේ වැදිලා හිටියේ ඒක නිසා කියපු එකා කව්ද කියලා මීටර් නෑ. හැබැයි ඌ කියපු කතාව මතකයි. ඌ කිව්වේ "හැම මිනිහටම තියෙන්නේ එක ප්‍රශ්නයයි" කියලා. ඒ ප්‍රශ්නේ තමයි තමන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නේ.
දැන් උඹලා කියයි "ඕවත් ප්‍රශ්නද බන් , මේ තුන්වේල කන්න සල්ලි නැතුව මිනිස්සු මැරෙන රටේ උඹලා මේ සීනිබෝල ප්‍රශ්න ගැන කතා කරනවා ගොන් ගැබා" කියලා. ඇත්තටම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද මිනිහෙක් මේ ඩේලි ජීවිතේ දුෂ්කරතාවයන් එක්ක සටන් කරනකන් ඔය වගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්න එන්නේ නෑ. මොකද එතකොට උන්ගේ මනස ඒ ඩේලි සටනට occupy වෙලා තියෙන්නේ. නමුත් ටික ටික නිදහස් වෙලාවක් එනකොට තමයි ඔය පැවැත්ම පිලිබඳ ප්‍රශ්න එන්නේ.
මගේ පෞද්ගලික ජීවිතේ ගැන කිව්වොත් මට නම් ඔය existential crisis එක දරුණුවටම තිබ්බා පොඩි කාලේ ඉඳන්ම. මට ජීවිතේ කවදාවත් එහෙම නිශ්චිත අරමුණක් තිබිලා නෑ. කැම්පස් යන කාලේ අවසාන වසරේ ඉන්නකොට මගේ ලොකුම ආසාව වුණේ ලොකු කොම්පැනි එකක වැඩට යන්න , ඊට පස්සේ මම ජෝන් කීල්ස් එකේ වැඩට ගියා ඒ අමාරුව හොඳ වුනා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම ආසාව වුණේ කාර් එකක් ගන්න , ek3 එකක් ගත්තා ඒ අමාරුවත් හොඳ වුනා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම ආසාව වුණේ Msc එකක් කරන්න , ඒකත් පටන් අරන් මගදී කම්මැලි හිතලා අත ඇරලා දැම්මා. ඊට පස්සේ තමයි මට හිතුනේ "යකෝ දැන් මම මොන හුත්තක් කරන්නද??" කියලා. ඇයි ඉතින් මගේ ජීවිතේ තිබ්බ ඔක්කොම අරමුණු ටික මම කරගෙන ඉවරයි නේ. ඊට පස්සේ මම පිස්සු හැදිලා වගේ රැ තිස්සේ ජොයින්ට් ගගහා සත්‍ය ගවේෂණ චාරිකාවක් පටන් ගත්තා . බණ අහන්න ගත්තා. බටහිර දර්ශනේ ඉගෙන ගන්න ට්‍රයි කළා. ඔය වගේ එක එක රෙද්දවල් කර කර මේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නෙට උත්තර හොයන්න හැදුවා.
ඉතින් මට ඒකට උත්තරයක් හම්බවුනාද ?
ඇත්තටම කිව්වොත් එහෙම නිශ්චිත උත්තරයක් මට අදටත් හම්බවෙලා නෑ. හැබැයි මම මේ සටහන පටන් ගන්නකොට කියපු "පපුවේ තියෙන උල" මම යම් තාක් දුරකට ගලෝගෙන ඉන්නවා කියලා මම හිතනවා. මම දැන් හිතන්නේ ජීවිතේ ගැන අපි ලොකුවට කල්පනා කලාට වැඩක් නෑ. මොකෝ මොන හුත්තක් හරි වෙලා අපි දැන් මේ ලෝකෙට ඇවිත් ඉවරයි නේ. දැන් ඉතින් තියෙන්නේ ඔප්ෂන් දෙකයි. එක්කෝ ජීවත් වෙන්න ඕනේ , ජීවත් වෙන්න ආස නැත්තම් "සීසයිඩ්" කරගන්න ඕනේ. අර සාර්ට් කියන බටහිර දාර්ශනිකයා කිව්වා වගේ "මිනිසාට ලැබුණු නිදහස යනු ඔහුට තියෙන කැරීම කරුමයයි". ඉතින් ඒක නිසා ඒ නිදහස පාවිච්චි කරලා තමන්ට සතුටක් ලැබෙන ජීවිතයක් නිර්මාණය කරගන්න එක තමයි අපි කරන්න ඕනේ මම දැන් හිතන විදියට. ( මේ කතාවම ඇල්බෙයා කැමූ කියලා පිස්සු හුත්තෙකුත් කියලා තියෙනවා. ඒක ඒ කාලේ කියෙව්වට දැන් තමයි මට ටික ටික ඒක අවබෝධ වෙන්නේ. Myth of sisyphus කියලා ගූගල් කරලා බලන්නකෝ ඉන්ටරස්ටඩ් නම් ). කොටින්ම මම දැන් ඔය existential crisis ගැන තියෙන පොත් , ෆිල්ම් වුණත් බලන්න වැඩිය කැමති නෑ. ඒ ඕවා ගැන හිතුවා කියලා ලැබෙන හුත්තක් නැති නිසා.
කතෝලික ආගම ගැන මට මෙලෝ දැනුමක් නෑ , ජෝර්ඩන් පීටර්සන් කියන්නේ පොල් බූරුවෙක් , හැබැයි ඌ දවසක් මරු කතාවක් කිව්වා. ඒ තමයි "හැම මිනිහටම තමන්ගේ කුරුසයක් කරේ තියාගෙන යන්න වෙනවා" කියන එක. ඉතින් ඒ කුරුසේ කරේ තියාගෙන විදෝනවද . ඒක කරේ තියාගෙන ස්කොට් ගහලා ඇඟ හදාගන්නවද කියන එක තමන්ගේ චොයිස් එක!
මගේ ධර්ම දේශනාව මෙතනින් ඉවර කරනවා එහෙනම් , දැන් මම උල ගලොගත්තා කියලා කිව්වනේ. හැබැයි මම ඇත්තටම ඕක ගලෝගත්තනම් ඇයි මම මේ සටහන ලියන්නේ ? උඹල හැමෝටම පේන්න ඇයි මම මේ ලියන්නේ , ලෝකෙටම පේන්න , ඇයි.....? :p . අන්න ඒකයි. අපි ගියා ටටා!
No comments:
Post a Comment