හිත මිතුරු මරු කතර මැද
සුල්තාන්ගේ නපුරු මැදුරේ,
"බිම පිහදාපන්,කන්නාඩිය වගේ"
බුරපු සුල්තාන් සැප පුටුවේ..
දා බින්දු වක් කරන්..
පොලොව පිහි දැම්ම මම
ලොකුම ලොකු දාඩිය බින්දුවක්
වැටුනා රළු පොලොව උඩ
වැටුණු ඒ දාඩිය..
බින්දුවේ පතුලෙන්ම
දැක්කා මම උඹේ මූණ,
ගම් මැද්දේ දුක් විඳින
පොඩි උනුත් වට කරන්..
"මාලිෂ් ලුලු"
කෑගැහුවා සුල්තාන්!
"පිහිදපන් ඔය ඉලව් දාඩිය බින්දු..
කැත කරන මගෙ පොලොව"
දාඩියත් එක්කම
උඹලවත් පිහිදැමුනා
ඇඳන් හිටි රෙද්දෙන්ම..
ඇස් වලින් කඳුළු කැට
වැටුනත් උඹල ගැන
කලවමේ දාඩියට
සැඟවුනා මගේ කඳුළු..
දිලිසෙනව බිම දැන්
කන්නාඩියක් වගේ..
කන්නාඩියෙන් හෙව්වා මම
හුරුපුරුදු මගේ මූණ..
දැක්කේ නෑ මම මාව,
කොහේ නැතිවෙලාද මම?
දැක්කේ ඒ වෙනුවට
සුල්තාන්ගේ කොටි දෑස,
බඩගින්නේ තලු මරන..
**********************
කඳුළු බිඳු එක්කම
උඹලවත් පිහිදැමුනා
කැඩුණු මගේ රෙද්දෙන්ම....
හිතට දැනුන කවි ටිකක්.. ඇත්තටම ලස්සනයි..
ReplyDeleteස්තුති දිනේෂ් මචෝ , හඳුනාගන්න ලැබීම සතුටක් :)
Deleteඅපූරු නිර්මාණයක්.. රහයි.. සංවේදියි...
ReplyDeleteබොහොම ස්තුති මාතලන් සහෝ :)
Deleteනියමයි මචං. මේක තමයි දැනට මං උඹේ නිර්මාණවලින් කැමතිම එක
ReplyDeleteඅඩේ බොහොම ස්තුති ප්‍රගියා :)
Deleteලස්සනයි ගැබා
ReplyDeleteස්තුතී මචෝ :)
Deleteකවිය අපූරුයි.
ReplyDeleteමටත් මැද පෙරදිග ගොඩාක් අත් දැකීම් තියෙනවා... ඉඩ ලැබෙන විදියට ඒවා මගේ බ්ලොග් එකේ ලියන්න හිතාගෙන ඉන්නේ.
මේ මගේ බ්ලොග් එක - http://suriyagedinapotha.blogspot.com/
ඉස්තුති සූරියා , හඳුනා ගැනීම සතුටක් :) අනිවා ලියන්න අපි බලන් ඉන්නවා කියවන්න !
Delete