Friday, November 15, 2019

මායා බන්ධන

වැඩ ඇරිලා එන ගමන් ගෙවල් ළඟ හෝල්ට් එකෙන් බැහැලා නෝනට කෝල් එකක් ගත්තා.. හෙඩ් සෙට් එකත් ගහගෙන..

"මොකද කරන්නේ..?"

"මම දැන් බැස්සේ.. දැන් මේ කඩේ පැත්තට යන ගමන් රෑට කන්න මොනවා හරි ගන්න.."

"අයියේ මට පරාටා හතරක් දෙන්න.. හොදි එපා.. අපි ගියා ඈ.. ගුඩ් නයිට්!"

"අම්මේ මෙයා පොෂ් වෙලා තියෙන තරම.. මුදලාලිට ගුඩ් නයිට් ලු.."

"ගුඩ් නයිට් කියන්නේ නැතුව උට උම්මා දෙන්නද ගෑණියේ.. තට්ටයෙක් ඉන්නේ කඩේ.. උගේ තට්ටේ ඉඹලා අර Venom වගේ දිව දාගෙන යන්න ඕනේ එහෙනම්.."

"චිකේ.. කොහෙන් එනවද මන්දා මෙව්වා.."

නෝනා හිනාවෙනවා..

"ඇත්තටම තට්ටේ තියෙන මිනිස්සු ඇවිත් මාර වාසනාවන්තයෝ.. කොන්ඩේ තියෙන මිනිස්සුන්ට නැති වාසි ගොඩක් එයාලට ලැබෙනවනේ.." නෝනා කිව්වා

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."  ඒ මම 

"නෑ ඉතින් එයාලට කොන්ඩේ පීරන්න ඕනේ නෑ.. "

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"ඕනේ වෙලාවක නාන්න පුළුවන් .."

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"කොන්ඩේ වේලන්න ඕනේ නෑ.."

"හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"රහත් වෙනවා වගේ වෙන්නේ කොහොමද මිනිහෝ ???" 

"ඇයි ඉතින් ඕනේම කොන්ඩේ තියෙන මිනිහෙකුට කොන්ඩේ නැති මිනිහෙක් වෙන්න පුළුවන් නේ.. ඒක කිරීම නොකිරීම තමන්ගේ චොයිස් එක.. හරියට නිකන් රහත් වෙනවා වගේ.."

"එතකොට අකලට කොන්ඩේ ගියපු උන්?? උන් ඇවිත් බලෙන් රහත් කරපු අයද?? තමන්ගේ කැමැත්ත නැතුවම??" නෝනා හිනාවෙනවා..


මම මුකුත් කිව්වේ නෑ.. හැබැයි මට මේ පහල ඉන්න එකාව මතක් වුණා..







2 comments:

  1. උඹටත් මරු එව්ව මතක් වෙන්නෙ... මට පේන්ඩ බෑ ඕකව, ඒකාලෙ...

    ReplyDelete
    Replies
    1. hhee ado mama num asama character eka moo bun :D

      Delete