Sunday, November 3, 2019

විචාර සරලව : Thug Notes

සාහිත්‍ය , දර්ශනය , ඉතිහාසය , දේශපාලන විද්‍යාව ගැන ලංකාවේ මිනිස්සු හොයනවා මදි කියල ලොකු විවේචන කරනවා අපේ රටේ "විකල්ප" සීන් එකේ ඉන්න බුද්ධිමතුන්. හැබැයි එයාලා ලියන ඒවා කියෙව්වම අපිට මේ ලෝකේ හු යන්නක් තේරෙන්නේ නෑ. ( මං මේ කියන්නේ මම වගේ අමු ගොන් ලෙවල් එකේ ඉන්න සාමාන්‍ය මනුස්සයෙක් ගේ කෝණයෙන් බැලුවම ). 

මට හිතෙන විදියට මේ දැනුම මිනිස්සු අතරට නොයන්න ලොකුම හේතුවක් තමයි ඕක. 

මම කියන්නේ මේ බර වචන දාල ලියන්න එපා කියල නෙමෙයි , අඩු ගානේ බර වචන වල තේරුම තියෙන සූචියක් ඔබේ ලිපිය අගට දාන්න ( අර ඉස්සර පොත් වල තිබ්බා වගේ ) , නැත්නම් වරහන් ඇතුලේ ඉංග්‍රීසි වචනේ හරි දාන්න ගූගල් කරලා හරි තේරුම හොයාගන්න. ඒක පොදු මහජනතාවට ඔබව තේරුම් ගන්න පහසුවක් වෙයි.

උදාහරණයක් විදියට මේ යූටියුබ් චැනලය බලන්න. සාහිත්‍ය ගැන වැඩි කියවීමක් හෝ දැනුමක් නැති මා වැනි කෙනෙකුට මෙම චැනලය රත්තරන් වැනිය. මූ කියන සමහර ඒවා නම් වැරදි වෙන්න පුළුවන් , නමුත් සාහිත්‍ය නිර්මාණයක් ගැන කාටත් තේරෙන මට්ටමේ විචාරයක් කරන්න මොවුන් උත්සහ කරනවා. ලංකාවටත් මෙවැනි වැඩසටහනක් අවශ්‍යයි.


ගැබා ගේ ඉංග්රීසි පාඩම

4/12/18 දින ලියුවකි


මේ දවස් වල ෆේස්බුක් එකේ හැමතැනම ෂෙයාර් වෙන පොස්ට් දෙකක් දැකල තමයි මට මේක කියන්න හිතුනේ.

පලවෙනි පෝස්ට් එක තමයි ඩෙක්ස්ටර් කාටුන් එකේ සීන් එකකට හදන I love your accent ආකාරයේ පොස්ට්. ඒකෙ තියෙන්නේ ශ්රීලාංකික අපි සාමාන්‍යයෙන් වරද්දලා උච්චාරණය කරන සමහරක් වචන වලට පොඩි බයිට් එකක් දෙන එක .ඒක හුදෙක් ජෝක් පරමාර්ථයෙන් කරන එකක් ඒක මට තේරෙනවා.




අනික ඊට වඩා ටිකක් සීරියස් ( ඒත් ගොන් ) නමුත් වෙළඳ පරමාර්ථයකින් හදපු බ්රිටිෂ් ඉන්ග්ලිෂ් ඇකඩේමි එකේ ඇඩ් එකක්. ( ඇඩ් එක මේ වන විට remove කර ඇත).

Image may contain: 2 people, text

 මේ ඇඩ් එකේ සාරාංශය ගත්තොත් පවුලක් යනවා පන්සලක් බලන්න , ඒකට බහිනවා සුද්දෝ දෙන්නෙක්. සුද්දෝ දෙන්නා පවුලේ අම්මගෙනුයි තාත්තගෙනුයි කඩ්ඩෙන් ප්‍රශ්නයක් අහනවා පන්සලේ චිත්‍ර ගැන. අම්මයි තාත්තයි ඉංගිරිසි නොදන්නා නිසා එතන පච වෙනවා. හැබැයි පවුලේ දුව බ්‍රිටිෂ් ඉංගිරිස් ඇල්කෙමියට ගිය නිසා එතනට පැනලා කඩ්ඩෙන් කොටනවා කෙටිල්ලක් කොච්චරද කියනවනම් සුද්දත් කියනවා “හානේ ඔයාගේ කඩ්ඩ නිකන් බ්‍රිටිෂ් එකෙක් ගේ වගේ මයේ අම්මා..” කියලා.. දුව කඩ්ඩෙන් කොටන හැටි බලන් ඉන්න අම්මගේ දෑසින් සතුටු කඳුළු වැටෙනවා.

හරි දැන් මම කියන්නේ මේකයි , මම මේ ගැන අදහස් දක්වන්න මෝස්ට් කොලිෆයිඩ් පුද්ගලයා නෙවෙයි මොකෝ මම ඉංගිරිස් බාසාව හෝ අධ්යාපනවේදය හෝ ඉගෙන ගෙන නෑ. මම කියන්න යන්නේ ඉංගිරිස් බාසාව ගැන අපිට තියෙන බය ගැන මගේ අදහස සහ ඒක අපිට ජයගන්න පුළුවන් ක්‍රමය මට හිතෙන විදියට.

අපි ඇත්ත කතා කරමු , අපි ගොඩක් දෙනා ඉංගිරිසියට බයයි. ඒකට ප්‍රධානම හේතුව මට හිතෙන්නේ වෙන මොකවත් නෙමෙයි , මම උඩින් සඳහන් කරපු පෝස්ට් දෙකේ පෙන්නන විදියට අපි හැම තිස්සෙම “සුද්දෙක් වගේ ඉංගිරිසි කතා කරන්න යාම”, ඒක තමයි අපේ කෙලවීමට හේතුව.

( මගේ හැම පොස්ට් එකේම සාරය වන සංගක්කාර පොන්නයා කියන කාරණයත් මම මෙහිලා මතක් කරන්න කැමති මොකෝ ඌත් වග කියන්න ඕනේ බොරු ඇක්සන්ට් එකකින් කඩ්ඩ කතා කරලා මේ වැරදි ආදර්ශ මිනිස්සුන්ට දෙනවට).

මට හිතෙන විදියට නම් ඉංගිරිසි බාසාව අපිට අපේම දෙයක් කරගන්න නම් අපි අපේම ඉංගිරිසියක් කතා කරන්න ඕනේ. කොටින්ම ඉංගිරිසි “ලෝකලයිස්” කරන්න ඕනේ. දැනටමත් ශ්‍රීලාංකික ඉංගිරිසිය සැහෙන්න දුරකට ලෝකලයිස් වෙලා තියෙනවා තමයි , නමුත් මේ ලෝකලයිස් ඉංගිරිස් ප්‍රභේදය මම කතා වෙනවා දකින්නේ බහුතරයක් ඉහල පැලැන්තියේ අය හෝ පොඩි කාලේ ඉඳලම ඉංගිරිසියෙන් කතා කරපු අය අතර පමණයි. ජීවිතේ දෙවෙනි බාශාවක් විදියට ඉංගිරිස් කතා කරන්න ඉගෙන ගන්න බහුතරයක් දෙනා තමන්ගේ ශ්‍රීලාංකික කම ප්‍රදර්ශනය වීම අඩුවක් විදියට සලකන බවක් දකින්නට ලැබෙනවා. ඒක නිසා සුද්දෝ වගේ ඉංගිරිස් කතා කරන්න ගිහිල්ලා තවත් අමාරුවේ වැටෙනවා. මේක පොඩි හීනමානයක් එක්ක එන දෙයක්. අපේ සමාජයේ බහුතරයක් අය හිතන්නේ කඩ්ඩ පුළුවන් වීම කියන්නේ මාර දෙයක් කියලා , අර ඇඩ් එකේ අම්මා සතුටු කඳුළු හලන එකෙන්ම ඒක පිළිබිඹු වෙනවනේ. ඒත් මම නම් කියන්නේ අපි ලංකාවේ උන් විදියට එක බින්දුවක් වත් ලැජ්ජා වෙන්න ඕනේ නෑ බාසාවක් බැරි වීම ගැන.

මොකෝ මට නම් බාසාවක් කියන්නේ සන්නිවේදන මෙවලමක්. ( ඊට අමතර බාසාවේ තව අර්ථකතන මට තියෙනවා ඒවා මෙතන දාන්නේ නෑ මාතෘකාවට අදාල නැති නිසා ).

අපි කියන දේ එහා පැත්තේ ඉන්න මනුස්සයට තේරෙනවා නම් එච්චරයි.

මගේ පෞද්ගලික ජීවිතෙන්ම මේ ගැන උදාහරණයක් කියන්නම්. මම ඉපදුනේ සාමාන්‍ය මධ්‍යම ප්‍රාන්තික පවුලක. අපේ ගෙදර කවදාවත් කඩ්ඩෙන් කතා කලේ නෑ. මම ඇවිත් සීයට සීයක් අමු ගොඩේ සිංහල කොල්ලෙක්. නමුත් මට සාමාන්‍ය තරමට ඉංගිරිස් කතා කරන්න කියවන්න පුළුවන්කම තිබ්බා පොඩි කාලේ ඉඳලම මම කියවන්න , ෆිල්ම්, සින්දු වලට ඇබ්බැහි වෙලා හිටපු නිසා. ඒ ඇරෙන්න මට බාසාවේ නීති රීති ගැන ලොකු දැනුමක් නෑ. මටත් පොඩි චකිතයක් තිබ්බා ඉංගිරිසි බාසාවෙන් මිනිස්සු අමතන්න. මට ජීවිතේ පලවෙනි වතාවට එක දිගට මිනිස්සු එක්ක ඉංගිරිසියෙන් කතා කරන්න සිද්ධ වුනේ 2015 වසරේ , ඒ මට ACBT ආයතනයේ පරිගණක විද්‍යාව උගන්වන්න අවස්ථාව ලැබීමත් සමග. ඉතින් මම පන්ති කරන්න පටන් ගත්තු මුල්ම දවස් වල මම ගොඩක් සැලකිලිමත් වුනා මගේ ඇක්සන්ට් එක ගැන , මම පාවිච්චි කරන වචන ගැන , කොටින්ම හැම වචනෙම මම කටින් පිට කලේ හරියට සින්දුවක් කියනවා වගේ සැලකිල්ලෙන්. ඒත් කාලයක් ගියාම මට තේරුණා මේ ඇප්රෝච් එක මට දිගටම පවත්වාගන්න අමාරුයි කියලා. මොකද මගේ කටින් බාසාව පිටවෙන හැටි ගැන ෆෝකස් කරන්න මගේ මොලේ යෙදෙව්වම අනිත් විෂය කරුණු මගේ මොලයෙන් ප්‍රොසෙස් කරන්න යොදවන බලය අඩු වෙනවා , ඒක අපරාදයක්. ඊට පස්සේ තමයි මම පුරුදු වුණේ “ගොඩේ විදියට” ඉංගිරිසි කතා කරන්න , මගේ විදියට ඉංගිරිසි කතා කරන්න. ප්‍රශ්නයක් නෑ ළමයින්ටත් මම කියන එක තේරෙනවා, මගේ ඔලුවට බරකුත් නෑ. (ඒ වගේම මෙතැනදී කියන්න ඕනේ ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන්න මට ලොකු ඉන්ෆ්ලුවන්ස් එකක් වුණේ මොරටුව සරසවියේ අශෝක කරුනන්ද සර්. )

ඔය අපේ විදියට ඉංගිරිස් කතා කරන එක හැම තැනකදීම හරියන්නේ නෑ කියන එක මමත් පිලිගනන්වා. උදාහරනෙකට ගොබ්බ ඇමරිකන් කාරයෝ එක්ක කතා කරද්දී එහෙම , එතකොට අපිට සිද්ධ වෙනවා අපේ ඇක්සන්ට් එක ටිකක් වෙනස් කරගන්න. ඒත් ලංකාවේ ඇතුලේ කතා කරන බහුතරයක් සභා වලට මේ “ගොඩේ ඉංගිරිසි” ගොඩ යනවා කියන එක තමයි මගේ මතය.

හරි , පෝස්ට් එක දිගයි. මම තව මුකුත් කියන්නේ නෑ. අවසාන වශයෙන් මතක් කරන්න කැමතියි ඉන්දියානු , කැරීබියානු , මැලේසියානු වගේ ජාතීන් ගොඩක් කතා කරන්නේ තමන්ගේ ඉංගිරිසියක් බව. ඒකට උදාහරණ ටිකක් මම පහලින් දාන්නම්.

කැරිබියානු 

Image may contain: 1 person, standing


මැලේසියානු



ඉන්දියානු


මෙච්චර දිග පොස්ට් එකක් පුක ඉරාගෙන ගැහුවේ හේතු දෙකකට.

1. මගේ පොරත්වය පෙන්නන්න
2. ඉංගිරිසියට මිනිස්සුන්ගේ තියෙන බය නැති වේවා යන බලාපොරොත්තුව ඇතුව!

දෙකෙන් එකක් හරි වුනා නම් මට සතුටුයි , ගොඩේ කම ගැන ලැජ්ජා වෙන්න එපා , Embrace the gode-ness !

විරාගය

විරාගය මම පළමු වරට කියෙව්වේ මීට අවුරුදු හතකට පමණ පෙරය. අද එය දෙවෙනි වරට කියෙව්වෙමි. මම වැඩිය පොත් කියවලා නැති මිනිහෙක් කියන එක නැවතත් මතක් කරමින් මේ ගැන මගේ සත දෙක කියන්න කැමතියි. 

විරාගය ගැන තියෙන විචාර ගොඩක් බැලුවම වැඩිමනක් ඒවායේ තියෙන්නේ අරවින්ද රාගය අත හැර වෙනස් විදියකට ආදරය ගැන බැලු පොරක් ලෙස හඳුන්වමින්. ඒත් මට දැනිච්ච විදියට නම් අරවින්ද කියන්නේ තමන්ගේ රාගය විරාගයක් විදියට එලියට දාපු මිනිහෙක්. එහෙම බැලුවම මේ පොතට සුදුසුම නම විරාගය නෙමෙයි "විරාග රාගය" , ඒ වචනය අරවින්දම කියනවා බතී ගැන කතා කරද්දී. 

අරවින්දගේ චරිතය බැලුවොත් ඔහු සියලු රාග කෙලෙස් ආශාවන් තොර කල තවුසෙක් නෙමෙයි. ඔහු ආතල් පස්සේ නොදිව්වත් ආතල් ගත්ත එකෙක්. ඔහු තරුණ කාලේ විවිධ දේවල් අවිධිමත් ලෙස ඉගෙන ගෙන ආතල් ගත්තා.ඉන් පසුව තරුණියන් දෙදෙනෙකු කෙරෙහි හැගීම් ඇති කරගෙන ආතල් ගත්තා. නමුත් තමන්ට ඇතිවුණු ඒ හැගීම හරියටම මොකද්ද කියලා decode කරගන්න බැරුව ඔහු දුක් විඳපු ස්වභාවයක් තමයි මට දැනුනේ. 

ඔහුගේ අවසාන කාලයේ ඇඳට වැටිලා ඉන්නකොට සරෝජිනී ඔහුට කියනවා වගේ ඔහු ලව් කලේ බොක්කෙන් නෙමෙයි ඔලුවෙන් . ඔහු තමන්ගේ හැගීම් දැනීම් ගැන විදර්ශනාවක නියැලුනා. මේ කතාව පුරාවටම මට නම් දකින්නට ලැබුනේ ඔහුට ඇති වෙන මේ ආශාවන් හැගීම් සහ ඔහු ඒවා analyse කිරීම අතර සිදු වෙන ගැටුම. කොටින්ම ඔහුගේ මුළු ජීවිතයම ගැටුමක් වගේ , දොස්තර හොඳ හිතගේ notes from the underground මතක් වුනා මේක කියවද්දී. 

අන්තිමට ඔහු මැරෙන්නේ සියල්ල තේරුම් ගත් පඬිවරයෙක් ලෙස නෙමෙයි , මේ මොන රෙද්දක් ද කියලා ජීවිතය ගැන ප්‍රශ්නයක් තවමත් ඉතුරු කරමින්.


Sunday, October 27, 2019

බස් වත - සංගීතේ

අද මම ඔෆිස් ආවේ අකුරැස්ස සුපොභබෝගී බස් එකක. පිස්සු කොර ඇතුලේ ප්ලේන් එකක් වගේ. ඉස්සරහ පතරංග ටීවී එකක්. ඒකෙ සංගීතෙක වීඩියෝ එකක් යනවා. මම සාමාන්‍යයෙන් බස් එකේ යන්නේ ෆිල්ම් එකක් බලාගෙන හෝ සින්දුවක් අහගෙන වුණත් අද කෙරී වැස්සට අහු වෙලා මම නිකන් ප්‍රාග් අයිතිහාසික යුගයේ මුහුදෙන් ගොඩට ආපු පලවෙනි මාළුවා වගේ තෙමිලා හිටියේ , ඒක නිසා හෙඩ්සෙට් එක එලියට අදින්න කම්මැලිකමට ඔන්න ඔහේ සංගීතේ බලාගෙන ආවා.
අප්පට හුඩු ඉඳුනිල් අන්දරමාන්න ආවා සින්දුවක් කියන්න , මම හරි ආසයි මිනිහගේ අර "මගේ චූටි දු බලන්න මං ගියදා" කියන සින්දුවට, ඔන්න දැන් පොර ඒ සින්දුව කියනවා.
"මගේ චූටි දූ බලන්න මා ගියදා.." අනේ ලස්සනට කියනවා
"මහ වැස්සක් ඇද වටුනා ඇයි මංදා.." හරිනේ එලියේත් වහිනවා , මම දැන් ෆුල් මූඩ් එකට ඇවිත් සින්දුව අහනවා..
"වටපිට බැලුවත් කවුරුත් නැති හංදා..."
ඔන්න සින්දුවේ උච්චම අවස්තාව ආව ..
"මගේ ආදරේ කීවා.."
"කෑගහලා!!!!!!!!!!!!!!!!" කියනකොටම සංගීතේ සවුන්ඩ් බැලන්ස් කරන හුත්තිගේ කොල්ලා echo , reverb අරවා මෙව්වා ඔක්කොම එක පාරට කැරකෙව්වා කියහන්කෝ උපරිම ! දුවට නෙමෙයි උදේ පාන්දර චූන් පාන් කාරයා පස්සෙන් එලවන එකෙක් කුණුහරුපෙන් කෑගහනවා වගේ ඒක මාව උඩ ගිහිං බිම වැටුනේ !
ඒකට තක්කු මුක්කු වෙච්ච ෂෝක් එක යන්තම් හරි තුනී වුණේ ඊළඟ සින්දුව කියන්න ආපු සුප්‍රියා පද්දපු පැද්දිල්ල බලන් ඉඳලා තමයි.. අනේ දෙයියන්ගේ පිහිටෙන් මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න ඕනේ සුප්‍රියා අක්කි ( සෙවල හිනාව ). ඔන්න ඔහොමයි අද බස් විත්තිය.

ඕමි

10
ඕමි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මගේ ජීවිතේට ගොඩක් ලඟින්ම සමීප වෙච්ච ක්‍රීඩාවක්. පොඩි කාලේ ඉඳන්ම අලසයෙක් සහ ක්‍රීඩාවට අදක්‍ෂයෙක් වුනු මම ටිකක් හරි ආස කරපු "ක්‍රීඩාවක්" තියෙනව නම් ඒ කාර්ඩ් ක්‍රීඩා විතරයි. මට කාර්ඩ් කුට්ටමේ අග මුල කියලා දුන්නේ දක්ෂ කාර්ඩ් ක්‍රීඩකයෙක් වෙච්ච මගේ තාත්තා. කාර්ඩ් ගහද්දි හොර කරන්න මට කියලා දුන්නෙත් අපේ තාත්තම තමයි. අපේ තාත්තා එහෙමයි , පොත් වල ඉන්න තාත්තලා වගේ සුභාශිතයයි ජාතක කතා පොතයි විතරක් නෙමෙයි අපිට කියලා දුන්නේ. අනූ ගණන් වල මතකද දිගටම තිබ්බ පවර්කට් සමයක් තිබ්බා ? ඒ දවස් වල කරන්ට් එක ගියාම මමයි අම්මයි තාත්තයි නංගියි හතර දෙනාම සෙට් වෙලා ඕමි ගහලා ලොකු සතුටක් ලැබුවා. තාත්තා මට කියලා දීපු හොර ට්‍රික්ස් පාවිච්චි කරලා මමයි අපේ පහල ගෙදර මලින්ද්‍රයයි සෙට් වෙලා වටේ පිටේ පොඩි උන් පරද්දලා ඊටත් වඩා සතුටක් ලැබුවා. ඔය කියන කාලේ මගේ වයස 10 ක් විතර ඇති.

J
කාර්ඩ් කුට්ටමක් නිසා මම ජීවිතේ බූරුවෙක් වුණේ මම කැම්පස් ගියාට පස්සේ. ඒ ඕමි ගහන්න ගිහිං කෙල්ලෝ දෙන්නෙකුටත් පැරදිලා ! මම ඒ වෙනකොට හිතාගෙන හිටියේ මට හොඳට ඕමි ගහන්න පුළුවන් කියලා , ඒත් අපේ බැච් එකේ කෙල්ලෝ දෙන්නෙක් වන ජබ්බි සහ ගෝරි ඉදිරියේ ඒ වෙනකොට කාර්ඩ් පුළුවන් කියලා රගාගෙන හිටපු මමයි තව කොල්ලෙකුයි හැමෝම ඉස්සරහ පරාද වුණේ හූ හඬ සහ කින්ඩි බෝල මැද්දේ. එදා තමයි මට තේරුනේ මට හරියට ඕමි ගහන්න තේරෙන්නේ නෑ කියලා.

Q
ඕමි ඊළඟට මගේ ජීවිතේට සම්බන්ධ වුණේ මම අපේ බැච් එකේම කෙල්ලෙක් පස්සෙන් ගිහිං කැමතිද කියලා අහලා ඒකි බෑ කියලා , මම දේව්දාස් මෝඩ් එක ගහලා ඉන්න කාලේ. ඒ කාලේ හිතේ දුක නිවාගන්න මම කලේ රෑ එලි වෙනකන් ඕමි ගහපු එක. හැබැයි වෙන මිනිස්සු එක්ක නෙමෙයි , පරිඝනක ක්‍රීඩාවක් හම්බවුනා ලංකාවේ හදපු, ඒක. ඕමි ගහන ගමන් සින්දු අහන එක තමයි කලේ , මගේ එකල කබල් කොම්පියුටරයේ. ඒකෙ තිබ්බේ සින්දු හයයි. මට ඒ කාලේ ඉන්ටර්නෙට් තිබ්බෙත් නෑ. ඉතින් ඔය සින්දු හය තමයි හැමදාම , ඔන් රිපීට් , එළිවෙනකන් මම අහන්නේ ඕමි ගහ ගහ. ඒ සින්දු හයෙන් මතක ටිකක් තමයි The bleeding  - 5FDP , Shawna - getting some head ( sadly i wasn't at that time ) , සඳ මිතුරි සහ සඳ ඕනා - කසුන් කල්හාර සහ චන්ද්‍රයන් පිදු. අනිත් එක මතක නෑ. ඔය සින්දු සෙට් එකෙන් The bleeding එක විතරයි ටිකක් බූට් ලයින් එකේ යන සිංදුවකට තිබ්බේ. ඒක ඇහුවේ සමිත සිරිමාන්න වගේ හොටු පෙර පෙර . කොච්චරද කියනවනම් මම අදටත් ඕක අහන්නේ නෑ ඒ කාලේ අහලා අහලා එපා වෙච්ච එපා විල්ලට. හැබැයි කොහොමවෙතත් හැම අඳුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා , හැම මාළු බනිසකම නැනෝමීටරයක හරි මාළු කෑල්ලකුත් ඇති.  ඒ වගේම මගේ මේ අඳුරු කාලෙත් එක හොඳ දෙයක් මට සිද්ධ වුනා. ඒ තමයි මම ඒ කාලේ ඇත්තටම හොඳට ඕමි ගහන්න ඉගෙන ගත්තා.

K
ඔය අඳුරු කාලයෙන් පස්සේ මම ඕමි ක්‍රීඩාවේ කෙල පැමිණියා. ඊට පස්සේ මම වැඩිය ඕමි ක්‍රීඩාවෙන් පැරදුනේ නෑ. හැබැයි ආදරෙන් නම් ආයේ ආයෙත් අම්බානට පැරදුනා. කෙල්ලෝ සීයකගෙන් විතර ඇහුවා උන් ඔක්කොම බෑ කිව්වනේ. 

ඔන්න ඔහොම තමයි 10න් පටන් අරන් බූරුවා , පොරව , හේරා දක්වා මගේ ඕමි ජීවිතේ විකාශය වුණේ. ආසියා තාම ගහලා නෑ. ගහපු දාට ඒකත් කියන්නම් , දැනට අත අකුලන්නම් :).

Image result for omi card game

Thursday, October 24, 2019

ගැබාගේ ඩයරිය 1

මේ ලඟදී අපේ මිත්‍රයා ලොකු අයියා කසුන් හේමන්ත සර් ගේ කතාවක් ඇහුවා. ඒකෙ ඔහු කිව්වා මරු කතාවක්. ඒ තමයි "කවියා කියන්නේ පපුවේ ඇනිච්ච ලොකු උලක් එක්ක ජීවත් වෙන මිනිහෙක්" කියලා. කවියෝ විතරක් නෙමෙයි මම හිතන්නේ ගොඩක්  'කලාකරුවෝ' ( air quotes ) කියලා කියන අය යම්තාක් දුරකට existential crisis එකක තමයි ඉන්නේ. ඒ කියන්නේ තමන්ගේ පැවැත්ම ගැන ප්‍රශ්නයක.  ඒ ප්‍රශ්නේ නිසා ඇතිවෙන හිස්කම , මූසලකම මකාගන්න තමයි උන් නිර්මාණ කරන්නේ මට හිතෙන විදියට.

එතකොට දැන් මේ existential crisis එක තියෙන්නේ කලාකරුවන්ට විතරද ? අපෝ නෑ. මම දවසක් බොද්දි අපිත් එක්ක බිබී හිටපු කොල්ලෙක් කිව්වා මරු කතාවක්. මට ඒ වෙලාවේ වැදිලා හිටියේ ඒක නිසා කියපු එකා කව්ද කියලා මීටර් නෑ. හැබැයි ඌ කියපු කතාව මතකයි. ඌ කිව්වේ "හැම මිනිහටම තියෙන්නේ එක ප්‍රශ්නයයි" කියලා. ඒ ප්‍රශ්නේ තමයි තමන්ගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නේ.

දැන් උඹලා කියයි "ඕවත් ප්‍රශ්නද බන් , මේ තුන්වේල කන්න සල්ලි නැතුව මිනිස්සු මැරෙන රටේ උඹලා මේ සීනිබෝල ප්‍රශ්න ගැන කතා කරනවා ගොන් ගැබා" කියලා. ඇත්තටම ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා. මොකද මිනිහෙක් මේ ඩේලි ජීවිතේ දුෂ්කරතාවයන් එක්ක සටන් කරනකන් ඔය වගේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්න එන්නේ නෑ. මොකද එතකොට උන්ගේ මනස ඒ ඩේලි සටනට occupy වෙලා තියෙන්නේ. නමුත් ටික ටික නිදහස් වෙලාවක් එනකොට තමයි ඔය පැවැත්ම පිලිබඳ ප්‍රශ්න එන්නේ.

මගේ පෞද්ගලික ජීවිතේ ගැන කිව්වොත් මට නම් ඔය existential crisis එක දරුණුවටම තිබ්බා පොඩි කාලේ ඉඳන්ම. මට ජීවිතේ කවදාවත් එහෙම නිශ්චිත අරමුණක් තිබිලා නෑ.  කැම්පස් යන කාලේ අවසාන වසරේ ඉන්නකොට මගේ ලොකුම ආසාව වුණේ ලොකු කොම්පැනි එකක වැඩට යන්න , ඊට පස්සේ මම ජෝන් කීල්ස් එකේ වැඩට ගියා ඒ අමාරුව හොඳ වුනා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම ආසාව වුණේ කාර් එකක් ගන්න , ek3 එකක් ගත්තා ඒ අමාරුවත් හොඳ වුනා. ඊට පස්සේ මට තිබ්බ ලොකුම ආසාව වුණේ Msc එකක් කරන්න , ඒකත් පටන් අරන් මගදී කම්මැලි හිතලා අත ඇරලා දැම්මා. ඊට පස්සේ තමයි මට හිතුනේ "යකෝ දැන් මම මොන හුත්තක් කරන්නද??" කියලා. ඇයි ඉතින් මගේ ජීවිතේ තිබ්බ ඔක්කොම අරමුණු ටික මම කරගෙන ඉවරයි නේ. ඊට පස්සේ මම පිස්සු හැදිලා වගේ රැ තිස්සේ ජොයින්ට් ගගහා සත්‍ය ගවේෂණ චාරිකාවක් පටන් ගත්තා . බණ අහන්න ගත්තා. බටහිර දර්ශනේ ඉගෙන ගන්න ට්‍රයි කළා. ඔය වගේ එක එක රෙද්දවල් කර කර මේ පැවැත්ම පිලිබඳ ප්‍රශ්නෙට උත්තර හොයන්න හැදුවා.

ඉතින් මට ඒකට උත්තරයක් හම්බවුනාද ?

ඇත්තටම කිව්වොත් එහෙම නිශ්චිත උත්තරයක් මට අදටත් හම්බවෙලා නෑ. හැබැයි මම මේ සටහන පටන් ගන්නකොට කියපු "පපුවේ තියෙන උල" මම යම් තාක් දුරකට ගලෝගෙන ඉන්නවා කියලා මම හිතනවා. මම දැන් හිතන්නේ ජීවිතේ ගැන අපි ලොකුවට කල්පනා කලාට වැඩක් නෑ. මොකෝ මොන හුත්තක් හරි වෙලා අපි දැන් මේ ලෝකෙට ඇවිත් ඉවරයි නේ. දැන් ඉතින් තියෙන්නේ ඔප්ෂන් දෙකයි. එක්කෝ ජීවත් වෙන්න ඕනේ , ජීවත් වෙන්න ආස නැත්තම් "සීසයිඩ්" කරගන්න ඕනේ.  අර සාර්ට් කියන බටහිර දාර්ශනිකයා කිව්වා වගේ "මිනිසාට ලැබුණු නිදහස යනු ඔහුට තියෙන කැරීම කරුමයයි". ඉතින් ඒක නිසා ඒ නිදහස පාවිච්චි කරලා තමන්ට සතුටක් ලැබෙන ජීවිතයක් නිර්මාණය කරගන්න එක තමයි අපි කරන්න ඕනේ මම දැන් හිතන විදියට. ( මේ කතාවම ඇල්බෙයා කැමූ කියලා පිස්සු හුත්තෙකුත් කියලා තියෙනවා. ඒක ඒ කාලේ කියෙව්වට දැන් තමයි මට ටික ටික ඒක අවබෝධ වෙන්නේ. Myth of sisyphus කියලා ගූගල් කරලා බලන්නකෝ ඉන්ටරස්ටඩ් නම් ). කොටින්ම මම දැන් ඔය existential crisis ගැන තියෙන පොත් , ෆිල්ම් වුණත් බලන්න වැඩිය කැමති නෑ. ඒ ඕවා ගැන හිතුවා කියලා ලැබෙන හුත්තක් නැති නිසා.

කතෝලික ආගම ගැන මට මෙලෝ දැනුමක් නෑ , ජෝර්ඩන් පීටර්සන් කියන්නේ පොල් බූරුවෙක් , හැබැයි ඌ දවසක් මරු කතාවක් කිව්වා. ඒ තමයි "හැම මිනිහටම තමන්ගේ කුරුසයක් කරේ තියාගෙන යන්න වෙනවා" කියන එක. ඉතින් ඒ කුරුසේ කරේ තියාගෙන විදෝනවද . ඒක කරේ තියාගෙන ස්කොට් ගහලා ඇඟ හදාගන්නවද කියන එක තමන්ගේ චොයිස් එක!

මගේ ධර්ම දේශනාව මෙතනින් ඉවර කරනවා එහෙනම් , දැන් මම උල ගලොගත්තා කියලා කිව්වනේ. හැබැයි මම ඇත්තටම ඕක ගලෝගත්තනම් ඇයි මම මේ සටහන ලියන්නේ ? උඹල හැමෝටම පේන්න ඇයි  මම මේ ලියන්නේ , ලෝකෙටම පේන්න , ඇයි.....? :p . අන්න ඒකයි. අපි ගියා ටටා!

Friday, October 4, 2019

Pereras decide to sell their Car

ප්‍රියාන් පෙරේරා සහ ඔහුගේ බිරිඳ අංජලී පෙරේරා සීරියල් කිලර් යුවලක් වූහ.

ඔවුන් ගොදුරු දඩයම් කලේ එක්ව ටීම් එකක් ලෙසයි. හැමවිටම ඔවුන්ගේ ඉලක්කය වූයේ රෑ ජාමේ ගෙදර යාමට බස් එකක් නැතුව හන්දි ගානේ බලාගෙන සිටින රැකියාවක් කරන වැඩිහිටි දරුපවුල්කාර පිරිමින්ය. කාරයක පැමිණෙන වැදගත් යුවලක් ලෙස පෙනී සිටින පෙරේරා යුවල ගොදුරක් දුටු විට ලඟට විත් ලිෆ්ට් එකක් දෙන මුවාවෙන් කාරයට නංවා ගනිති. ඉන් පසුව මද වෙලාවක් රටේ දේශපාලන තත්වය , අව්ව , වැස්ස වැනි වැදගැම්මකට නැති වල්පල් දොඩවන ඔවුහු සිය ගොදුර රැකියාවක් කරන්නේද සහ දරුපවුල්කාරයෙක් ද යන්න ශේප් එකේ විමසති. මක්නිසාද යත් රැකියාවක් කිරීමත් දරු පවුල්කාරයෙක් වීමත් ඔවුන්ගේ ගොදුරක් ලෙස සුදුසකම් ලැබීමට අනිවාර්ය සුදුසුකමක් වීමයි ! කෙතරම් පහසු ගොදුරක් වූවත් රැකියාවක් නොකරන හෝ දරුපවුල්කාරයෙක් නොවන එකෙක් වුවහොත් පෙරේරා යුවල ගොදුර ගෙදරටම ඇරලුවේ ඔහුට ගුඩ් නයිට් එකක්ද පතමිනි.

මෙලෙස අවුරුදු කීපයක්ම සාර්ථක ලෙස දඩයමේ යෙදුනු පෙරේරා ජෝඩුව සිය විශ්වාසවන්ත කාර් එක විකිණීමට තීරණය කලේ අලුත් මොඩලයේ හයිබ්‍රිඩ් වාහනයක් ගැනීමේ අවශ්‍යතාවය කාලයාගේ ඇවෑමෙන් පැන නැගුනු නිසයි. එකම වාහනය දිගටම පදිනකොට එපා වේ. දැනට පාවිච්චි කරන වාහනයේ එයාර් බෑග් , ABS , කෘස් කන්ට්‍රෝල් වැනි පහසුකම් කිසිවක් නොතිබුණු අතර ඒසී එකද මදි ය.

පත්තරේ දැමූ දැන්වීමට ඇමතුමක් දුන් ගැනුම්කරුවෙක් ඉරිදා දිනයක පෙරේරා නිවසට සම්ප්‍රාප්ත වුණේ වාහනය බැලීමටයි. ඒ වන විට පෙරේරා යුවල සිටියේ වත්ත පිටියේ වැඩ කරමින්.

"මේ.. පෙරේරා මහත්තයලගේ..?? මම මේ වාහනේ බලන්න..."

"ආහ් එන්න එන්න මහත්තයා ඇතුලට..  මැණික ඔයා මේ වැඩේ පොඩ්ඩක් කරන්න මම මේ මහත්තයට වාහනේ පෙන්නලා එන්නම්.. එන්න මහත්තයා.."

"එන්න මහත්තයා. මේ තියෙන්නේ.."

"මේක මහත්තයා වන් වන් සීරෝ ෆුල් ඔප්ෂන් එක.. අකුලන සයිඩ් මිරර්ස් ආර් පී එම් කට්ට ඔක්කොම තියෙනවා බලන්න.."

"හ්ම්ම්.. වාහනේ කන්ඩිෂන් එක නම් හොඳට තියෙනවා.."

"ඔව් ඔව්.. මහත්තයාගේ නම මොකද්ද ?"

"මම සිරිවර්ධන.. මම පොඩ්ඩක් දොරවල් එහෙම ඇරලා බලන්නද?"

"බලන්න බලන්න ලොක් කරලා නෑ.. ප්ලීස්.."

ගැණුම්කරු ගොස් පිටිපස්සේ දොර අරිත්ම "දොහ්" ගා දොරට හේත්තු වී සිටි ම්නිහෙක් වාහනයෙන් එලියට වැටුණි !

"මේ..මේ කව්ද මේ????"

"ආහ් මේ.. මේ.."

"මේ මිනිහා.. මේ මිනිහා මැරිලා නේද...."

"තමුසෙ.. තමුසේ ක..කව්ද..?????"

"ෂිට් මට අංජලී කිව්වා මේකව වල දාන්න කියලා.. කොහෙද ඊයේ රෑ මැච් එක තිබ්බ නිසා ඒක අමතක වුනා නේ.." ඔලුව කසමින් ප්‍රියාන් පෙරේරා තමාටම කියාගති.

"මෙන්න මිනී මරනෝ.. බේරගනියෝ.." මේ අතර ගැණුම්කරු ගේට්ටුව දෙසට කෑගසමින් දිව යන්නට පටන් ගත්තේය..

"මිස්ටර් සිරිවර්ධන.. මිස්ටර් සිරිවර්ධන.. පොඩ්ඩක් ඉන්නකෝ.." ප්‍රියාන් ඔහු පසුපස දිවයයි.

එක්වරම කොහෙන්ද මන්දා කඩාපාත්වූ අංජලී සවලක් උස්සාගෙන විත් "ටොo!" හඬින්  ඔලුවට පහරක් දී පැනයන ගැණුම්කරු බිම හෙලුවාය!

"අම්මේ වෙලාවට.. හපනෙක් නේ මෙයා ආහ්.." අංජලී ලඟට ආදර ගමනින් පියමැන ආ ප්‍රියාන් ඇගේ පස්ස මිරිකුවේය..

"ඒ නිකන් ඉන්න අනේ..." ඈ ලැජ්ජාශීලීව හිනැහුණාය..

"දැන් මේ බොඩි දෙකට මොකද කරන්නේ.."

ප්‍රියාන් මද වෙලාවක් අහස දෙස බලාගෙන සිටියේය.


*********************************


හයිවේ exit එකෙන් ගාල්ලට පිටවන වාහනයකි.

වාහනය පොලිසියෙන් නැවැත්වූයේ රටේ පැවතුනු ආරක්ෂක තත්වයේ යටතේ සෑම වාහනයක්ම පරීක්ෂා කල නිසාය.

"පොඩ්ඩක් ඩිකිය අරින්න බලන්න.." එක් පොලිස් නිලධාරියෙකු ඩිකිය දෙසට ඇවිදගෙන යමින් පැවසීය..

වාහනයේ රියදුරු කාන්තාවකි.

"නෝනලා කොහෙද යන්නේ...?" අනිත් පොලිස් නිලධාරියා රියදුරු පසින් එබිකම් කරමින් විමසීය.

"අපි මේ පාර්ටියක් ඉවර වෙලා ගෙදර යනවා.." ප්‍රසන්න සිනාවකින් මුව සරසාගත් කාන්තාව පවසයි.

"මෙයා නිදි ද.. කව්ද මේ නෝනගේ ?" ඉදිරිපස අසුනේ වාඩිවී සිටින්නා හිසෙන් පෙන්නමින් පොලිස් නිලධාරියා විමසීය.

"මේ හස්බන්ඩ්.. එයාට පොඩ්ඩක් වැඩියි.." ප්‍රසන්න සිනාවකින් මුව සරසාගත් කාන්තාව පවසයි

 ඉදිරිපස අසුනේ තොප්පියක් දාගත් මිනිසෙක් නින්දේ පසු වෙයි.


"ඔව් ඔව් සා..ර්.. මුට වැඩි... හැක හැක.. නේද බං.."  පිටිපස අසුනේ නින්දේ පසුවෙන එකෙකුගේ කර වටා අතක් දමාගත් බීමත් මිනිසෙක් වෙරිමත් හඬින් පිළිතුරු දුන්නේය !


"ඩිකියේ මුකුත් නෑ සර්.."

"හරි. නෝනලා පරිස්සමෙන් යන්න.." පොලිස් නිලධාරියා වහලයට තට්ටුවක් දමමින් පැවසුවේය.


*********************************

පාලු බීච් එකක නවතා ඇති කොරොල්ලා රථයක බොනට් එක උඩ වාඩි වී ,  මුහුදේ ගිලී යන සැන්දෑ හිරු එළියේ නෑවෙමින් , ප්‍රියාන් සහ අංජලී උණුසුම් හාදුවක තොල් පටලාගෙන සිටියහ.. බිම දිගේ යමක් ඇද ගෙන ගිය පාරක් මුහුද තෙක් වැල්ලේ බිම සටහන් වී ඇත.

ප්‍රියාන්ගේ බොත්තම් දෙක තුනක් ඇරුණු පපුවට හේත්තු වුනු අංජලී ඔහුගේ සිරුර සිය ඇඟිලි වලින් මුදුව පිරිමදිමින් බර කල්පනාවක් සිරව සිටියාය.

"ප්‍රියාන්..."

"හ්ම්ම්.."

"අර මනුස්සය.. ගෙදරට ආපු.."

"ඔව්.."

 "ඒ මනුස්සයා දරුපවුල් කාරයෙක්ද කියලා අපිට අහන්න බැරි වුණා නේ!"


- නිමි -

රකිත ධර්මසේන


serial killer couples