Tuesday, September 1, 2015

Long Distance

Skype එකේ රටා මවන්න
පිට රට විස්තර කියන්න
කටාර් රටේ මම හිටියා
වෙනද වගේ උඹ එනකන්

"hi" කියල ඊයේ දාපු

චැට වැටෙනවා 'seen' කියල
ඒත් උඹේ reply නෑ
data ඉවර වෙලා වත් ද?

උඩහ ගෙදර කැලුමා එක්ක

උඹ හොඳටම 'scene' කියල 
ආරංචිය ආවේ මට
අපේ මලයගෙ viber එකෙන්

මූණු පොතේ උඹේ මූණ

කටුගාලා දැම්මත් මම
රටා මැවෙන්නේ කොහොමද
"tata" නොකිය උඹ ගියාම..




"ඔය Long Distance රෙද්දවල් හරියන්නේ නෑ බන්" - කැලුමා

6 comments:

  1. අමූලික ඇත්ත ඈ..

    ReplyDelete
    Replies
    1. තිත්ත වුනත් ඇත්ත ඒකයි බන් , love through a wire is not going to work :D

      Delete
  2. ලෝන්ග් ඩිස්ටන්ස් ඒවා හරිගිය මිනිස්සුත් ඉන්නවා ගැබෝ..................

    ReplyDelete
    Replies
    1. බණ්ඩයියා පර්සනල් එක්ස්පීරියන්ස් එකෙන්ද කතා කරන්නේ ? ;) :P

      Delete