වරක් නෑවොත් සියලු පව් සේදෙන
ගංගානම් නදියකි මේ සමාජය
උඩහින් නාන පව් කාරයන්ගේ පව් සේදී
පහලින් වතුර බොන උන්ගේ බඩවල් වලට යයි
පොඩි පුතා කෙළසූ කෝවිලේ මෝලා
උදේම ගංගානම් ගඟේ නාලා
ගඟේ වතුරෙන් හදපු කොකා කෝලා
පොඩි පුතා බොයි රුපියල් 30ක් දීලාඑතිලා සුදු රෙද්දක
පාවේ කල පව් පින්
The river is holy
yet the water rots of SIN
අනේද කියන්නේ ඔය නාන තරමට පවු හේදෙනවනම් මොනා කරන්න බැරිද..
ReplyDeleteඅපේ හේදෙන පවු කොහොමහරි කැරකිලා වෙන එකෙක් ගේ බඩට තමයි යන්නේ
Deleteකොහොම එනවද මන්ද මෙහෙම හිතිවිලි ..කවිය නම් නියමයි ...රතුවුණ ඇස් වලින් ඇයි කළු සුදුම දකින්නෙ ..පාට ලෝකෙ පේන්නෙම නැද්ද ?
ReplyDeleteආයුබෝං හංසි , බොහොම ඉස්තුති මේ පැත්තට ආවට සහ දිරිමත් කිරීම ගැන . පාට ලෝකේ බලන්න ගිහින් තමයි ඇස් රතු වුනේ . දැන් පේන්නේ ඔක්කොම කළු සුදු වෙලා :P
Delete