Wednesday, September 16, 2015

ගංගානම් ගඟ : Sinner`s paradise

වරක් නෑවොත් සියලු පව් සේදෙන
ගංගානම් නදියකි මේ සමාජය
උඩහින් නාන පව් කාරයන්ගේ පව් සේදී
පහලින් වතුර බොන උන්ගේ බඩවල් වලට යයි

පොඩි පුතා කෙළසූ කෝවිලේ මෝලා
උදේම ගංගානම් ගඟේ නාලා
ගඟේ වතුරෙන් හදපු කොකා කෝලා
පොඩි පුතා බොයි රුපියල් 30ක් දීලා

එතිලා සුදු රෙද්දක
පාවේ කල පව් පින්
The river is holy
yet the water rots of SIN


4 comments:

  1. අනේද කියන්නේ ඔය නාන තරමට පවු හේදෙනවනම් මොනා කරන්න බැරිද..

    ReplyDelete
    Replies
    1. අපේ හේදෙන පවු කොහොමහරි කැරකිලා වෙන එකෙක් ගේ බඩට තමයි යන්නේ

      Delete
  2. කොහොම එනවද මන්ද මෙහෙම හිතිවිලි ..කවිය නම් නියමයි ...රතුවුණ ඇස් වලින් ඇයි කළු සුදුම දකින්නෙ ..පාට ලෝකෙ පේන්නෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ආයුබෝං හංසි , බොහොම ඉස්තුති මේ පැත්තට ආවට සහ දිරිමත් කිරීම ගැන . පාට ලෝකේ බලන්න ගිහින් තමයි ඇස් රතු වුනේ . දැන් පේන්නේ ඔක්කොම කළු සුදු වෙලා :P

      Delete