Friday, April 10, 2015

මලට කියන කවි

නිමිත්ත : අවුරුදු කටේ Msc assignment එකක් , පැවරුමක් , කිරීමට සිදුවීම නිසා , අවුරුදු party miss වීමේ මල අරබයා ගැබා විසින් ලියන්නට යෙදෙන ලදී..

වුරුදු අලුත් නුදුරෙන් සිට වනන අත
වුනු කරුමෙ නම් කියලා මට වැඩක් නැත
රුදාවක් නැතේ දැන් වෙහෙසන්න සිත
දුන් එක පැවරුමක් නම් හෙන වැඩේ කැත


රන එකත් අව්ලක් නෑ දමල මුසා
ටේක් home ජාතියෙ පැවරුමක් නිසා
පැන්නේ මල ඒ හින්දම නෙමෙයි බොසා
මනේ යයි පැවරුම් වැඩි වෙලා නිසා

රුදාවක් නිසා ඉපදුනු අපර කොනේ
(ම්ම්.. ඔව් , පුකේ අමාරුව නැත්තම් සල්ලි දීලා මෙහෙම කටු කයිද?)
දුක් විඳිනවා Msc කරල අනේ
n වර කියන්නම් අහපන් මගේ පනේ
නෙවර් happen this දුක to a සතුර වනේ

විලුණු ගිණි සිතේ කවියෙන් නිවාලනු
යින් යැන්ග් වගේ හොඳ නරකයි දෙකම ගනු
ද දාහතක් ඇත වරහන් පද ද ගනු
කෝකටත් කියා මුලකුරු ගලපගනු


ප.ලි : අන්තිම කවිය තේරුනේ නැති පින්වතුන් , සෑම කවියකම මුල කුරු කියවා , සැඟවුණු වචනය මතු කරගෙන වටිනා කුඩයක් දිනාගන්න :p




2 comments:

  1. කවි විචාරය නම් මම නොදනී සහෝ. හැබැයි මුල් අකුරු ටික පිලිවෙලට කියව ගත්ත ගමන් බකස් ගාලා හිනාවක් පැන්නා. නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති ප්‍රගීත් සහෝ :) ලොකු හයියක් ඔබතුමන්ලාගේ feedback , තාම මම L board නේ :)

      Delete